Skip to main content

කාලෝ ෆොන්සේකා ගැන මතක සටහනක්


 


Happy 86th  birthday to this living legend I am proud to call my darling Aththa ! #carlofonseka #happybirthday #grandfather #onlygraddaughter #livinglegend #proudgranddaughter #86 
Photo credits @amarantelifestyle_studio

   

   ආචාර්ය   ලක්සිරි ප්‍රනාන්දු විසින් අවුරුදු 3 කට පෙර මහාචාර්ය කාලෝ ෆොන්සේකා ගැන ලියන ලද ලිපියකට අනුව 1988-89 කාළයේ  කාලෝ ෆොන්සේකා ජිවත් වුයේ පින්ලන්තයේය .ඊට හේතුවුයේ 'දේශප්‍රේමින්' විසින් ඔහුට කරන  ලද මරණ තර්ජන ය .  කාලෝ මහත් සේ ආදරය  කළ  ඔහුගේ  බෑණාවූ ද විජයකුමාරතුංග ජවිපෙ හෙවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය විසින් 1988 දී  මරා  දැමීම නිසා ඔහු  මහත් කම්පනයකින් යුක්තව පින්ලන්තයේ කාලය ගත කළ  බව ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු Colombo Telegraph  අන්තර් ජාල පුවත්පතට  ලියන ලද  එම ලිපියේ සඳහන්  කර තිබේ .


කාලෝ රටින් පැන නොගියේ නම් ඔහු මියයන්නේ 88-89  වකවානුවේය. අද නොවේ.  LTTE සංවිධානයේ යුධ ශක්තිය හමුවේ  ජේ ආර් ජයවර්ධනට කරකියා ගන්නට දෙයක් නොමැතිවූ කළ  ඉන්දියාව සමග සාකච්චා  කොට අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමට විජය කුමාරතුංග මෙන්ම කාලෝ ෆොන්සේකාද පක්ෂපාත විය . ඉන්දු-ලංකා ගිවිසුමට  පක්ෂ වුවන් විජේවීරගේ  ජවිපෙ විසින් මරා දමමින් සිටි බැවින් කාලෝට මරණයෙන් බේරීමට තිබු එකම මග රටින් පැනයාම පමණක් විය  .


කාලෝ මට තෙවරක් මුණගැසී තිබේ .


පළමු වරට මට ඔහු මුණ ගැසුණේ 1977 දිය .බුලත්සිංහල ආසනයේ සම සමාජ පක්ෂයේ අපේක්ෂකයා වූ සරත් රණවක මහතාගේ මැතිවරණ රැස්වීමක  කථිකයෙකු ලෙස පැමිණෙන ලෙස  ඔහුට ආරාධනා  කිරීමට ගිය කීප දෙනා අතර මමද වීමි .ඔහුගේ නිවසට ගිය විට වෙනත් ගෙවල්වල කිසි දිනක දැක  නැති  සුවිශේෂී දෙයක් එහිදී දැකීමට  හැකි විය. සාලයේ තිබු පුටු මෙන්ම සාලයට යාබද කාමරයක ඇඳ ද සාදා තිබුණේ කොන්ක්‍රීට් වලිනි .ඒවා මත මෙට්ට දමා තිබිණ .



දෙවන වරට මට ඔහු හමු වුයේ රාගම වෛද්‍ය විද්‍යාලයේදීය . ඒ 1991 හෝ 92 විය යුතුය .එකළ මගේ බිරිඳට සන්ධ්යා කාලයේ ශරීරයේ තැන තැන රූ.2 කාසි තරම් විශාල පලු දැමීමක් හටගෙන තිබුණි . විශේෂඥ වෛද්‍යවරු දෙතුන් දෙනෙකු හමුවී ප්‍රතිකාර ලබා ගත්තත් එමගින් ස්ථිර සුවයක් නොලැබුණි .කාලෝ රාගම වෛද්‍ය විද්‍යාලයේ ප්‍රධානයා වූ බැවින් ඔහුට මෙම රෝගය ඉක්මනින් සුවකිරීමට හැකිවෙනු ඇතැයි මම  කල්පනා  කලෙමි.  කාලෝ මුනගස්වා දෙන ලෙස මගේ මිත්‍රයෙකු වූ වජිර පැල්පිට ගෙන් ඉල්ලීමක් කළෙමි . රාගම වෛද්‍ය විද්‍යාලයට  පැමිණ ඔහු හමුවන ලෙස වජිර අත කාලෝ අපට පණිවිඩයක් ඒවා තිබිණ. ඒ අනුව අපි එහි ගොස් ඔහු හමුවීමු .


ඔහු අප සමග සුහද සාකච්චාවක් කොට තමන්ට තිබෙන්නේ  මනෝ විද්‍යාව ගැන විශේෂ දැනුමක් බැවින්  මේ රෝගයට බෙහෙත් නොදන්නා බවත් එබැවින් අහවල් විශේෂඥ වෛද්‍යවරයා  හමුවන  ලෙස අපෙන් ඉල්ලීමක් කළ අතර  ඔහු  වෛද්‍යවරයාට  දුරකථනයෙන් කතා   කොට   එම වෛද්‍යවරයාගේ නිවසේදී ඔහු  හමුවීමට අපට අවස්ථාව සලසා දුන්නේය  .


ඔහු මට හමුවූ තුන්වන අවස්ථාව ලංකා ගුරු සංගමයේ සභාපතිව සිට මියගිය H.N. ප්‍රනාන්දු සහෝදරයාගේ  ගුණ සමරු රැස්වීමකදීය  ඒ  2003 හෝ 2004 වසරේදීය. එකළ මා  ලංකා ගුරූ සංගමයේ  සභාපති වූ අතර H.N. සමරු දේශනය  කිරීමට මම කාලෝට ආරාධනය  කළේ දුරකථනයෙනි . ඔහු හමුවීමට  පැමිණ ආරාධනා   කිරීම සඳහා දිනයක් වෙලාවක් දෙන ලෙස  මා ඉල්ලා සිටි විට එය අවශ්‍ය නොවන බවත් දේශනය සඳහා නොවරදවා  පැමිණෙන බවත් ඔහු දුරකතනයෙන් මට කියා සිටියේය .


එම දේශනය සඳහා කාලෝට ආරාධනා  කරේ කරුණු කීපයක් නිසාය. පළමු කාරණාව කාලෝ මෙන්ම H.N. ද  සමසමාජ පක්ෂයේ සාමාජිකයෝ වීමය . (H,N.පසු කාලයේ ජවිපෙට සම්බන්ධ වූ අතර 1980 වර්ජනයේදී ජවිපෙ ක්‍රියාකළ ආකාරය ගැන කලකිරී ජවිපෙන් ඉවත් විය ) දෙවෙනි කාරණාව වුයේ H.N. බරපතල ලෙස අසනීපවී රෝහලේ සිටියදී ඔහු සුවකරගැනීමේ අරමුණෙන් ලොකු වෙහෙසක් කාලෝ  දැරූ නිසාය. තුන්වන කාරණාව වුයේ H.N ගේ දේශපාලනය ගැන හොඳ අවබෝධයක් කාලෝට තිබීමය .


Image result for Carlo Fonseka

        ජපානය විසින් කාලෝට ගෞරව සම්මානයක් පිළිගැන්වීම 

    කාලෝ සමරු දේශණය කිරීමට පැමිණි අතර දේශනය පටන්ගන්නා  තෙක් මම කාලෝ සමග කතා  කලෙමි .අතීතයේදී කොවුර් සමග එකතුව යතාර්තවාදීන්ගේ සංගමය කළ ගිණි පැගීම්, භූතයන් ඇල්ලීම් ආදිය ගැන   දැන් කාලෝ උනන්දු නැත්තේ මන්දැයි මම ඇසීමි. ඕනෑම දේකට  නිශ්චිත කාලයක් තිබෙනවා වැනි අදහසක් ඔහු කී බව මට මතකය .


මා  ඔහුගෙන් ඇසු තවත් කාරණාවක් වුයේ මෝහනය  මගින් දුම් බිම නතර කරවිය හැකිද යන්නය .ඇතැමෙකුට එය නතර කළ හැකි නමුත් සියල්ලන්ගේම දුම් පානය  එමගින් නතර කළ  නොහැකි බව කාලෝ  කීවේය.


ඔහු සමග  කළ සාකච්චාව මට දැන් මුළුමනින්ම මතක නැත .නමුත් අමතක නොවන තවත් එක කාරණාවක් තිබේ  .


දුම් පානය  කරන සියල්ලන්ටම පිළිකා හැදෙන්නේදැයි මම කාලෝ ගෙන් ඇසීමි. දුම් පානය නිසා සියල්ලන්ටම පිළිකා  හැදුණේ නැති උනත් පෙනහළු පිළිකා සැදී තිබෙන සියල්ලෝම වාගේ  දුම් පානය  කළ අය බව කාලෝ මට දුන් පිලිතුර විය .


කාලෝ  අපේ යුගයේ සුවිශේෂී මිනිසෙකි. එවැන්නන් බොහෝ විරලය ඔහුට අප තුල තිබෙන්නේ ඇති මහත් ගෞරවයකි . එහෙත් ඔහු පසු කාලීනව කළ ඇතැම් දේවල් කාලෝ නොකර සිටිය යුතු දේවල්ය .


පොලිස්  ලොක්කෙකු ලියන ලද පොතක් දොරට වැඩිමේ  උත්සවයක දේශනයකට ගිය කාලෝ යාපනය පුස්තකාලය  ගිණි තැබුවේ කොටි විසින් යයි එම පොලිස් ලොක්කා  විසින් එම පොතේ ලියා තිබීම සත්‍යයක් ලෙස  කාලෝ විසින්  පිලිගැනීම අපට කිසිසේත්ම අදහා ගන්නට නොහැකි විය .

 

2015 දී කාලෝ සිටියේ මේ රටේ ප්‍රගතිශීලි සමග නොව ප්‍රධාන ප්‍රතිගාමී පුද්ගලයා වූ මහින්ද රාජපක්ෂ සමගය .

සයිටම් ප්‍රශ්නයේදී ඔහු පෙනී සිටියේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් නොව අධ්‍යාපනයේ නිදහස අහිමි කරන්නාගේ බලවේගය සමගය .

 තනිකර සුදු මිනිසුන් හෝ  තනිකර  කළු මිනිසුන් ලෝකයේ නැත. සියල්ලෝම සුදු කළු දෙවර්ගයේම මිනිසුන්ය. කාලෝ ෆොන්සේකාද එසේය .එබැවින් කාලෝ ගේ පසු කාලින වැරදි විනිශ්චයන්සහ ක්‍රියාවන්  අපි අමතක කොට  දමන අතර සමාජ ප්‍රගමනයට ඔහු කළ දායකත්වය විශිෂ්ට බව සටහන් කරමු .   ඔහුගේ නික්ම යාමෙන් ඇතිවූ හිස් තැන පිරවීමට සුදුස්සෙක් පෙනෙන තෙක් මානයක නම් නැත .


කාලෝ තමා විප්ලවාදියෙකු ලෙස සනිටුහන් කරමින්  අවසන් ගමන් ගියේ ආගමික චාරිත්‍ර සහිත අවමංගල උත්සවයකින් තොරවය .එහෙත්  කාලෝ මාක්ස්වාදියෙකු නොව ද්‍රෝහියෙකු සලකා මරණ දඩුවම නියම කළ,  මාක්ස්වාදී කප්පිත්තෙකු  ලෙස පෙනී සිටි,  ජවිපෙ  ඉහලම නායක මණ්ඩලයේ සාමාජිකයෙකු වූ  සෝමවංශ අමරසිංහ අවසන් ගමන් ගියේ ආගමික වතාවත් සහිත අවමංගල්‍ය උත්සවයක් සහිතව පමණක් නොව ලංකාවේ සිටින අංක එකේ ජාතිවාදියෙකු වන ඇල්ලේ ගුණවංශ ගේ වර්ණනාවක්  ද මැදය. 

Comments

සිගරැට් බොන අයගෙන් 90%කටම පෙනහළු පිලිකා හැදෙන්නේ නෑ. නමුත් පෙනහළු පිලිකා හැදෙන අයගෙන් 99%ක් සිගරැට් බීපු අය. ෴කාලෝ ෆොන්සේකා

දෙමළුන්ගෙන් 90%ක් එල්.ටී.ටී.ඊ. එකට සම්බන්ධයක් නෑ. නමුත් එල්.ටී.ටී.ඊ. කාරයන්ගෙන් 99.9% ක් දෙමළ.
ස්තුතියි අදහස් දැක්වීම ගැන
Anonymous said…
කාලො අයංතෙ කාලෝ
Jagath Pathirana said…
මචං උඹදන්න ජාතිවාදයට විරුද්ධ පරම අවිහිංසාවාදී දෙමලෙක් හොයලා දියංකෝ ගුරුකන්ද පන්සලේ ප්‍රශ්නේ විසඳගන්න. එහෙම එකෙක් මැදිහත්කරගත්තොත් වැඩේ ලේසියි.
මමනම් එහෙම එවුන් ගැන දන්නේ නෑ. මට මුනගැහිලා තියෙන හැම දෙමළාම දස කැරියෙක්. උන් එකෙක්වත් ජීවත්ටෙවන්න වටින්නේ නෑ.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා