Skip to main content

එංගලන්තයෙන් ආ ඉංග්‍රීසි ගුරුවරිය




Image result for english teachers in uk

    

     මෙයට වසර දහයකට  පමණ පෙර දිනක එංගලන්තයේ පාසලක ප්‍රාථමික   පංතිවලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් මා  හමුවීමට  පැමිණියාය . අවුරුදු 25 පමණ පෙනුමකින් යුතුවූ ඇයට තිබුණේ  සිහින් කයකී. ඇගේ මුහුණද  සිත් ගන්නා සුළුය . 


මතුගම අධ්යාපන කලාපයේ තරමක් දුෂ්කර පාසලක් දියුණු කරන්නට එංගලන්තයේ ගමක කුඩා සංවිධානයක් ( හෙවත් වීරවංශ සහ ජවිපෙට පෙන්නන බැරි NGO එකක්) අවුරුදු කීපයක සිට කටයුතු කරමින් සිටි අතර ඇය ආවේ එහි නියෝජිත වරියක් ලෙසය.


ඇය මා සමග කතා කරමින් පැයකට ආසන්න කාලයක් ගතකළ අතර එහිදී ආ කී කරුණු දෙකක් සහ එක් සිද්ධියක් තවත් කාලයක් යන තුරු මට අමතක වෙන්නේ නැත .


"ඕගොල්ලන්ට රට රට වල නිතර නිතර ඇවිදිමට ඔය තරම් සල්ලි කොහෙන්ද ? " කලක් තිස්සේ මගේ සිත තුල තිබු ප්රශ්නයක් ඇගෙන් ඇසීමි.

සිනහවෙමින් ඇය දුන්න පිළිතුර මෙසේය .


"පිටරට ඇවිදින්න බැංකු අපිට ණය දෙනවා ,ඉතින් අපි ඒවා ගන්නවා. ඊළඟට ඇවිදිනවා. ඊට පස්සේ අවුරුදු ගානක් යනකම් බැංකුවට ණය ගෙවනවා . ආයි ණය ගන්නවා , ආයිත් ඇවිදිනවා, ආයිත් අවුරුදු ගානක් ණය ගෙවනවා "


ඇය මා හමුවන්නට ආවේ ත්රි රෝද රියෙකිනි එය පදවන ආකාරය ගැන ඇය මහත් අසතුටින් සිටින බව මා සමග කීවාය මාර්ග නීති නොසලකමින් එක වරටම හරවමින් ද සුළු ඉඩක් මැදින් රිංගමින් රියදුරා එය පැදවූ ආකාරය ගැන ඇය බියට පත්ව සිටි ආකාරය ඇගේ එක වාක්යකින් පැහැදිලි විය .


"ත්රි වීලය වේගයෙන් එලවන විට මං යන්නේ ඇස් පියාගෙන"

අමතක නොවන තුන්වන කාරණාව මෙසේය .


"ලංකාවේ ගොඩක් අය ඉංග්රීසි ටිකක් හරි දන්නවා .ඒකට හේතුව මොකක්ද?" ඇය මගෙන් ඇසුවාය .


"ඕගොල්ලන්ගේ රට, අපේ රට අවුරුදු 150 ක් විතර අල්ලාගෙන හිටිය . .එකේ බලපෑම තමා මුලික හේතුව " මම ඇයට කිමි .


" අය්යෝ, ඇත්තද ? කී ඇය
'මට නම් හරි ලැජ්ජයි " කියමින් ඇය ටික වෙලාවක් යනතුරු අතින් මුණ වසාගෙන සිටියාය .


ලංකාව වෙනත් රාජ්යයක් අල්ලාගෙන යටත් විජිතයක් ලෙස තබා ගත්තේ නම් ඒ පිළිබඳව සිංහලුන් ලජ්ජා වෙනු ඇත්ද ?නැතහොත් ලක්ෂ වාරයක් ඒ ගැන කයිවාරු ගසනු ඇද්ද?

Comments

Jagath Pathirana said…
ඇයි ඕකට සිංහල කියන වචනය දැම්මේ.
ඔයා සිංහල ජාතියට අපහාස කිරීමෙන් වියරු සතුටක් ලබනවා.
මම හිතන්නේ ඔබට මානසික රෝගයක් තියෙනවා.
ඕකට කියන්නේ
Zelanofobia කියලා.
Jagath Pathirana said…
මට ඔය සුද්දි හමුවුනානම් මම කියනවා.
ලාංකික දෙමළ ජාතිවාදය ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්ම කෙරුණ දෙයක් එහි අරමුණ සිංහලයන්ට හිමි තැන අහිමි කිරීමයි කියලා.
පුළුවන්නම් බිරිතානි පාලන කාලය තුල ලංකාවේ බින්න බැහැපු දෙමළුන්ගෙන් පැවත එන්නන් බිරිතානියට ගෙන්නගන්න වැඩපිලි වෛලන් කරන්න කියලා. මන්ද ඔවුන් ප්‍රධාන සංස්කෘතිය හැටියට සලකන්නේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය නිසා. මේ කිව්වේ වතු දෙමළු ගැන විතරක් නෙමෙයි.

ඒ වගේම ලංකාවේ මුස්ලිම් මිනිස්සුන්ට ශරියා නීතිය හඳුන්වලා දුන්නෙත් බිරිතානින් බව කියලා දෙනවා.


Jagath Pathirana said…
ලංකාව වෙනත් රාජ්‍යයක් අල්ලාගෙන යටත් විජිතයක් ලෙස තබා ගත්තේ නම් ඒ පිළිබඳව සිංහලුන් ලජ්ජා වෙනු ඇත්ද ?නැතහොත් ලක්ෂ වාරයක් ඒ ගැන කයිවාරු ගසනු ඇද්ද?

ප්‍රේමලාල් බර්ටි රණවීර ගැහැණියක් වුනානම් මෙලහට ගණිකා වෘත්තියේ යෙදිලා කෝටි කීයක් උපයලා තියෙයිද?
Anonymous said…
මහත්මයා ඇයි සිංහලයන් හෑල්ලු කොට ලිපි ලියන්නේ? සිංහලයන්, බුද්ධාගම ගැන මහත්මයාට ඇති අරෝව කුමක්ද?

රංග
Anonymous said…
Jagath Pathirana said... 11:45
සිංහල කියන වචනය නැතුව ප්‍රංශ කියල දාන්නද? මොලේ ඇති මිනිහෙක් වගේ ටිකක් කල්පනාවෙන් කියවල බලනවකො.
හොඳ මානසික රෝගයක් තියෙන බව නං පෙනෙනවා. හැම එකක් ම සිංහල සිංහල කියලම පෙනෙන්න.

Jagath Pathirana said... 12:21
මෙතන දෙමළ ජාතිවාද, ක්‍රිස්තියානි සංස්කෘති, ශරියා නීති අරව මේවා කතා කෙරුවේ නැහැ නේ.

Jagath Pathirana said... 6:55
රෑ තිස්සේ ඇහැරගෙන ඉඳලා පාන්දරම ගෑණියෙක් මතක්වෙලා තියෙන්නේ. පව් අප්පා. වෙන මොනවා කියන්නද.

Jagath Pathirana said…
අනියමාර්ත අසම්බාව්‍ය ක්‍රියාවකට හොඳ උදාහරණයක්.
දෙමළුන් සහ මුස්ලිම් ජාතිකයනුත් රටේ අයිතිකාරයෝ ලෙස ඔබ සලකනවාද? සින්හලුන්ගෙන් 75%ක්ම හිතන් ඉන්නේ මේ රට සිංහලුන්ට විතරක් අයිති කියල නේද? 90% ක් හාමුදුරුවරුන්ට අනුව නම් මේ රට අයිති සිංහල බෞද්ධයන්ට විතරයි
සිංහල ජාතියේ ඔලු නරක් කර තිබෙන්නේ ඊනියා සිංහල වීරයෝ සහ සිංහල බෞද්ධ වීරයෝයි ඔලු නරක වූ විට අන්‍ය රටක් අල්ලා ගැනීම මහත් වීරකමක් ලෙස සලකනවා
මා ලිපියේ සිංහල යන වචනය ලිව්වේ ඒ නිසයි
කෙසේ වෙතත් ඔබේ විවේචනයට මෙහි ඉඩකඩ ඉදිරියටත් විවෘත කර තබනවා
විවේචන වලට ස්තුතියි .

Shirley Andrews said…
Lovely blog you havve here

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා