Skip to main content

Posts

Showing posts from August, 2019

එංගලන්තයෙන් ආ ඉංග්‍රීසි ගුරුවරිය

          මෙයට වසර දහයකට  පමණ පෙර දිනක එංගලන්තයේ පාසලක ප්‍රාථමික   පංතිවලට ඉංග්‍රීසි උගන්වන ගුරුවරියක් මා  හමුවීමට  පැමිණියාය . අවුරුදු 25 පමණ පෙනුමකින් යුතුවූ ඇයට තිබුණේ  සිහින් කයකී. ඇගේ මුහුණද  සිත් ගන්නා සුළුය .  මතුගම අධ් ‍ යාපන කලාපයේ තරමක් දුෂ්කර පාසලක් දියුණු කරන්නට එංගලන්තයේ ගමක කුඩා සංවිධානයක් ( හෙවත් වීරවංශ සහ ජවිපෙට පෙන්නන බැරි NGO එකක්) අවුරුදු කීපයක සිට කටයුතු කරමින් සිටි අතර ඇය ආවේ එහි නියෝජිත වරියක් ලෙසය. ඇය මා සමග කතා කරමින් පැයකට ආසන්න කාලයක් ගතකළ අතර එහිදී ආ කී කරුණු දෙකක් සහ එක් සිද්ධියක් තවත් කාලයක් යන තුරු මට අමතක වෙන්නේ නැත . "ඕගොල්ලන්ට රට රට වල නිතර නිතර ඇවිදිමට ඔය තරම් සල්ලි කොහෙන්ද ? " කලක් තිස්සේ මගේ සිත තුල තිබු ප් ‍ රශ්නයක් ඇගෙන් ඇසීමි. සිනහවෙමින් ඇය දුන්න පිළිතුර මෙසේය . "පිටරට ඇවිදින්න බැංකු අපිට ණය දෙනවා ,ඉතින් අපි ඒවා ගන්නවා. ඊළඟට ඇවිදිනවා. ඊට පස්සේ අවුරුදු ගානක් යනකම් බැංකුවට ණය ගෙවනවා . ආයි ණය ගන්නවා , ආයිත් ඇවිදිනවා, ආයිත් අවුරුදු ගානක් ණය ගෙවනවා " ඇය මා හමුවන්නට ආවේ ත් ‍ රි රෝද රියෙක

සජිත් පේමදාසගේ සිහින මාලිගාව

              අද උදේ මම අපේ නැන්දා කෙනෙකුට බොහෝ කලකට පසු දුරකථන ඇමතුමක් දුන්නෙමි .අරමුණ වුයේ තොරතුරු දැනගැනීමය නැන්දගේ සහ වැඩිමහල් පුතුගේ විස්තර දැනගැනීමෙන් පසු බාල පුතාගේ විස්තර ඇසීමි. බාල පුතා සංගීතඥයෙකි ඔහුට සංගීත කණ්ඩායමක් තිබෙන අතර ප් ‍ රධාන සංචාරක හෝටල් කීපයක් සමග වාර්ෂික ගිවිසුම් අත්සන් කොට සංගීත සැන්දාවන් හෝටල්වල පවත්වා සංචාරකයන් පිනවීම ඔහු අවුරුදු 30 ක් පමණ කාලයක් ඔහු කළේය. එමගින් දරූ පවුලක් සමග අගනුවර ආසන්නයේ නගරයක ජිවත් වීමට ප් ‍ රමාණවත් ආදායමක් ඔහු ඉපැයීය . "දැන් බාල පුතා ගෘප් එක අරන් හෝටල්වල යන්නේ නැහැ .හෝටල්වලට බෝම්බ ගැහුවට පස්සේ ඒක නැවතුන .වෙලාවට ස්ටුඩියෝවක් දාල තිබුන නිසා ජිවිතේ ගැටගහගෙන යනවා " නැන්දා මා සමග කීවාය . රටේ ආර්ථිකය තිබෙන්නේ කොතනදැයි හිතා ගැනීමට මෙම  පුර්විකාව හොඳ ඉඟියක් සපයයි . එහෙත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නායකයන් ජනාධිපති අපේක්ෂකත්වය ගැනීම සඳහා බලු පොරයක නිරත වී සිටින්නේ යුඑන්පි අපේක්ෂකයාට චන්දය දීමට රටේ බහුතරයක් ජනයා සැදී පැහැදී සිටිනාවක් මෙන්ය .මේ මිනිසුන්ගේ ඔළුවල තියෙන්නේ මොනවාදැයි මට නම් සිතා ග