Skip to main content

Posts

Showing posts from July, 2019

විරවංශ ගේ පච දත් දොස්තර

       කුරුණෑගල මහා රෝහලේ අධ්‍යක්ෂ වරයා වන වීරබණ්ඩාර විමල් වීරවංශගේ පක්ෂයේ බව දැන් ප්‍රසිද්ධය  ඔහු ,පැලොපියන් නිකායේ රතන පුජකයා සහ පළාතේ පොලිස් ලොක්කා  දොස්තර සාෆි දඬු කඳේ ගසන්නට  නොකළ දෙයක් නැත        වෛද් ‍ ය සාෆි මව් වරුන් වඳ කර ඇත්දැයි බැලීමට කල යුතු හොඳම පරීක්ෂණය SHG බව රහස් පොලිසිය උසාවියට කිවේය .රහස් පොලිසිය එසේ කිවේ නාරි සහ ප් ‍ රසව විශේෂඥ වෛද් ‍ යවරුන්ගේ කමිටුවක නිර්දේශය අනුවය .      එවිට රතන පාර්ශවයේ නීතිඥයන් කිවේ ඇති භයානක බවය . කැඳවීමක් නොමැතිව දත් දොස්තර වීර බණ්ඩාර එහි පැමිණ සිටියේය . ඔහුගෙන්   ඒ ගැන විමසන ලෙස   නීතිඥයෝ නඩුකාරයාගෙන් ඉල්ලා සිටියහ . නඩුවේ පාර්ශව කරුවෙකු නොවන වීරබණ්ඩාර දත් දොස්තර කිවේ SHG පරීක්ෂණය කලොත් ලෙඩුන් මැරෙන්නට සහ පිළිකා හැදෙන්නට ඉඩ තිබෙන බවය . ඒ වෙනුවට කල යුත්තේ සිසේරියන් සැත්කම් වලට භාජනය වූ කාන්තවන් තිස් හතලිස් දහසකගේ දත්ත විශ්ලේෂණයක් කල යුතු බවය . එසේ කලොත් පරිෂණය අවසන් කරන්නට හත් අට මාසයක් ගතවේ රතනලාට අවශ් ‍ ය වුවේද හැකි තරම් කාලයක් මේ ප් ‍ රශ්නය ඇදගෙන ගොස් දේශපාලන වාසි ගැනීමටය .   මහේස්ත්රත්ද එය ප

අවුරුදු 26 කට පෙර සිදුකළ 'බලු ජුලිය '

   'බලු ජුලිය' මහා පරිමාණයෙන් 1983 ජුලි 24 මා සිටියේ කොළඹය .මා එදින කොළඹ ගියේ නැවත මා සේවයේ පිහිටුවන්නට යන බව ආරංචි වී ඒ වන වැඩි දුර සොයා  බැලීමටය .1980 ජුලී මහා වැඩවර්ජනයට සහභාගිවීම නිසා අවුරුදු තුනකට අධික කාලයක්  ජේ ආර් ගේ ආණ්ඩුව මා ගුරු සේවයෙන් නෙරපා  හැර තිබුණි . එකළ අධ් ‍ යාපන අමාත්යංශය තිබුණේ කොළඹ 2 මැලේ වීදියේය.  මා  සේවයේ පිහිටුවන ලෙස කලුතර ප් ‍ රාදේශීය අධ් ‍ යාපන කාර්යාලයට දැනුම් දී ඇති බව අමාත් ‍ යංශයෙන් දැනගන්නට ලැබිණ . අමාත් ‍ යංශයෙන් පිටතට පැමිණි විට බොහෝ දෙනෙකු කොටුව දෙසින් නගින දුම් රොටු දෙස බලා සිටියහ .දෙමල මිනිසුන්ගේ වෙළඳ ව් ‍ යාපාරවලට ගිනි තබා ඇති බව බලාසිටියවුන්ගේ කතා බහින් මට අවබෝධ විය . මතුගම බලා ඒමට බස් රථයක් අල්ල ගැනීමේ අදහසින් ලේක්හවුසිය පැත්තට පා ගමනින් ගොස් රීගල් සිනමා හල ඉදිරිපිට පාරේ අනිත් පැත්තේ තිබු බස් නැවතුමක් අසලට වී සිටියෙමි. පොලු අතේ තබාගෙන සිටි මැරයෝ කීප දෙනෙක් පුද්ගලික වාහන නවතා ප් ‍ රශ්න කොට දෙමලු සිටියේනම් වාහන වලින්  එලියට ඇද පොලුවලින් පහර දුන්හ .ඇතැමෙකු ගුටි කාගෙන රීගල් සිනමා හලේ පිටිපසට දිවුහ. ඉන්පසු

.හාම්පුතා සොයා කිලෝමීටර් 200 ක් පයින් ගිය බලු පැටියා

බලු පැටියා උපන්නේ රුසියාවේ නොවොසිබිර්ක්ස් නමැති සයිබීරියානු නගරයේ සුනඛ නිවාසයකය . එය පවත්වාගෙන ගිය අල්ලා මොරෝසොවා නමැති කාන්තාව 'මරු' යනුවෙන් බලු පැටියා නම් කළාය. බලු පැටියාට හයමාසයක් ගතවන විට ක්රාන්ස්නොයාර්ස්ක් නමැති කිලෝමීටර් 800 ක් දුරින් පිහිටි නගරයක ජෝඩුවක් පැමිණ 'මරු' මිලදී ගත්හ. ඔවුහු බලු පැටියා තබා ගත්තේ හයමසක් පමණි සතුන් තමනට ඇලර්ජික් වී ඇති බැවින් බලු පැටියා ආපසු භාර ගන්න ලෙස සුනඛ නිවාසයට දන්වා සිටියහ. කෝච්චියේ දමා බල්ලා ආපසු එවන ලෙස බලු නිවස භාර අල්ලා ඔවුන්ට දැනුම් දුන්නාය.   බලු පැටියා කෝච්චියේ දමා එවනු ලැබිය. ඔහ බලාගැනීමට දුම්රිය සේවකයෙකුට භාර දෙනු ලැබිණ. කිලෝමීටර් 200 දුර ආ කෝච්චිය  අචින්ස්ක් නමැති ප්‍රදේශයට ආසන්න  කුඩා දුම්රිය පොලක නවත්වනු ලැබිණ මේ වන විට රෑ බෝවී තිබුණි බලු පැටියා උඩ පැන දුම්රිය මැදිරියේ දොරගුල ගැලවූ විට දොර ඇරින. 'මරු' වහාම දුම්රියෙන් එලියට පැන්නේය . ඔහු බලාගැනීමට සිටි දුම්රිය සේවකයා බලු පැටියාට ආපසු එන ලෙස කතා කළ නමුත් ආපසු ආවේ නැත . දුම්රිය යලි ගමන ඇරඹිය. දුම්රිය සේවකයා

චන්න ජයසුමන සහ ගොබෙල්ස්

චන්න ජයසුමනට ආචාර්ය උපාධියක් ඇත. රජරට විශ්ව විද්‍යාලයේ ඖෂධ විද්‍යාව අංශයේ ප්‍රධානියාය. පර්යේෂණ කර ඇත්තේ වකුගඩු රෝග පිලිබඳවය . පර්යේෂණ ලිපි ලියා ඇත ඒ සියල්ලම වාගේ වකුගඩු රෝගයට අදාලවය . පැලොපියන් නාලය ගැන හෝ සීසේරියන් ශල්‍ය ක්‍රම හෝ වඳ කිරීම් ගැන පර්යේෂණ කර නැත.   දෙවියන් යකුන් භූතයන් සිටින බව කියයි.   බෞද්ධ දෙවිවරුන් සමග කතා බහකොට ඔහුගේ ආධාරයෙන් ඇතැම් වේද මහත්වරු පිලිකා සහ වකුගඩු රෝග මුළුමනින් සුවකරන බව ඔහු කියයි.   නන්දිකඩාල් හිදී දෙමළුන්ට දේශපාලන විසඳුම ලබා දුන් බව ඔහු කියා සිටි . සාෆි 4000 මව් වරුන් වඳ කර ඇති බවට ප්‍රචාරය කරන්නට චන්න උනන්දු විය . ඔහුගේ අලුත් තැටිය වන්නේ කාන්තාවන් 11 දෙනෙකුට සාෆි බලහත්කාරයෙන් LRT සැත්කම් කොට වඳ කොට ඇති බවය.   ලංකා හිට්ලර් ලෙස ඇතැමෙකු හඳුන්වන ගෝඨාභය බලයට පත් කර ගැනීම සඳහා ඔහුගේ සිහිනයයි . අන්ත දක්ෂිනාංශික මධ්‍යස්ථානයක් වන වියත්මගේ ප්‍රධාන කථිකයෙකි . -------------------------------------------------------------- ජෝෂෆ් ගොබෙල්ස්ට ආචාර්ය උපාධියක් තිබුනේය ඔහු ලේඛකයෙකු විය. පොත් 14 ක් ලීවේය . මාක්ස්වාදය යුදෙව් නිශ්පා