Skip to main content

මරු ලිපියක් .කියවපල්ලා



Image may contain: 1 person, beard and closeup


පොඩි ප්රශ්න වගයක් තියෙනව
රයිට්. අහන්න !
_________________________________
🔴අප්රේල් 21 ප්රහාරයට දැන් සතිදෙකයි.
ඔව්.

🔴ඒකට විරුද්ධව මුකුත් ලියන්නෙ නැද්ද ?


ලිව්වා. ඔබට මගහැරෙන්න ඇති.


🔴ඒක ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදයක් කියල පිළිගන්නවද ?


නැතුව ! වඩාත් නිවැරදිව කියනවානම්, තම සැබෑ හාම්පුතුන් කවුදැයි තවමත් හෙළිදරව් නොකළ, තිරිසන් - බියගුළු, ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදයක්.


🔴බෞද්ධ අන්තවාදයට තරම් ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධ නොවෙන්නෙ ඇයි ?
එහෙම පේනවනම් ඒක අඩුවක්. සියලු ආගමික අන්තවාදයන්ට විරුද්ධයි. ඔය එකකවත් ගන්ඩ දෙයක් නෑ.


🔴ඒ කිව්වෙ ?

ඒ කිව්වෙ, සෑම ආගමික අන්තවාදයක්ම සමාජයට පිළිලයක්. ඒ පිළිල තියෙනතුරු සමාජයකට ඉදිරි ගමනක් නැහැ.


🔴ආගම් එපා කියලද කියන්නෙ ?


එපා නෙමෙයි, ආගම්වල ඩියුටිය දැන් ඉවරයි. ඇත්තටම දැන් ආගම් නැහැ. ඒ ඒ ආගම් නමින් වෙළඳ ව්යාපාර කීපයක් තියෙනව. සමහර ව්යාපාර මෙහෙයවන්නෙ දේශපාලනඥයෝ.


🔴පැහැදිලි මදි ?


මෙහෙමයි, ලෝක ඉතිහාසයෙ ඔය ආගම් නිසා වෙච්ච කිසියම් කාර්යභාරයක් නොතිබ්බා නෙමෙයි. බ්රාහ්මණ ක්ෂත්රිය වෛශ්ය ශුද්ර කියල බෙදපු සමාජයක, ``මහරජ ඔබේ වංශය රාජ වංශය වුණාට, මගේ වංශය බුද්ධ වංශය. පිඬු සිඟා වැඩීම මගේ වංශයෙ වැඩක් `` කියල බුදුන් වහන්සේ කිව්වේ තමන්ගෙ තාත්තට. සුද්ධෝදන රජතුමාට. ඒක කොච්චර රැඩිකල් ප්රකාශයක්ද ? ඒවායින් සමාජය ඉස්සරහට යනවා. සඳ කිඳුරු ජාතකය වගේ ප්රේමයේ අනුහස කියැවෙන ජාතක කතාවක් යසෝදරා දේවියගෙ ගෙදරටම ගිහිල්ල දේශනා කරලා, තමන්ගේ ශ්රේෂ්ඨ සෙනෙහස පෙන්නපු විවෘත මිනිහෙක් සිද්ධාර්ථ ගෞතම කියන්නෙ. වහල්ලුයි වහල් හිමියොයි කියල මනුෂ්ය සමාජය හරි මැදින් දෙකට බෙදල තියෙනකොට, මුළු මිනිස් සංහතියම ආදම් සහ ඒව කියන එකම අම්මගෙයි තාත්තගෙයි කියල ජේසු තුමා කියන එක කොච්චර විප්ලවවාදීද ? ජේසුස් ක්රිස්තුස්ව කුරුසියේ ඇණ ගහල මරන්නෙ, එදා පාලකයන්ට ඔහුව හිසරදයක් වෙච්ච හින්දා. ඒ අරගලයන්ගෙන් සමාජය ඉස්සරහට යනවා. එවැනි ශ්රේෂ්ඨ මිනිසුන්ගේ ධර්මයන් මත හදපු ආගමික සංස්ථාවල, පූජකයෝ - පැවිද්දෝ මොකද කරේ සහ කරන්නේ ? ඒ සියලු දර්ශනයන් බිස්නස් බවට පත්කරගෙන. තමන්ගෙ වෙළඳ ව්යාපාරය කරගෙන යනගමන් සමාජය පස්සට අදින ගතානුගතික මතවාද කරපින්නාගෙන ඔට්ටු වෙනවා. මිනිස්සුන්ගෙ ලෞකික ජීවිතේට තහංචි දදා ගුප්ත ජීවිත ගත කරනවා. සියලු ශික්ෂා පද පැවිද්දෙ ඉඳන් කඩන ගමන් ගිහි අපිට බයිලා කියනව. දේශපාලන තක්කඩින්ට කඩේ යනවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරන්නේ ? සියලු ආගමික සංස්ථාවලට ඒ විවේචනය පොදුයි. උඩුගං බලා යන කීපදෙනෙක් ඉන්නවා. ඔවුන්ට හඬක් නෑ. මුළු මහත් ඉතිහාසයේම එහෙමයි.


🔴ඉස්ලාමය ගැනත් ඕකමද කියන්න තියෙන්නෙ ?


නැතුව. අනෙක් සියලු ආගම්වලටත් වඩා, එය අදහන ප්රජාවට ගැටගහපු ආගම තමයි ඉස්ලාමය. මානව ප්රජාව පසුගාමීත්වය එක්ක බැඳලා තියන්න ඉස්ලාමය මාර වැඩකොටසක් කරනවා. ලෝක පරිමාණ වැඩකොටසක් කරනවා. නබි තුමා සිහිනෙන්වත් නොකියූ නොසිතූ දේවල් ඉස්ලාමයේ නාමයෙන් ක්රියාත්මක කරනවා.


🔴ඒ කිව්වෙ ?


මූලික මිනිස් නිදහස ආගමික බහුබූතවලට යටකරලා. උදාහරණයක් හැටියට, ස්ත්රී නිදහස තනි විහිළුවක් කරලා. තමන්ගේ ගෝත්රය හැටියට හිතන සිතීමට පොදු සමාජ සිතීම මූලික වශයෙන් යට කරලා.


🔴මොකද්ද උත්තරේ ?


එකපාර උත්තර හොයන්න බෑ. ඒ පසුගාමීත්වයන්ට විරුද්ධව ඇතුළතින් සටන් උපද්දන්න ඕන. ඉස්ලාමික ප්රතිසංස්කරණවාදී ව්යාපාර හදන්න සමාජ ව්යාපාර මැදිහත් වෙන්න ඕන. එක් හෝ තවත් ප්රජාවක් හුරතල් නොකර, සියලු ආගමික අන්තවාදී බහුබූත පිටුදකින ජාති ආගම් කුල මල නැති සමාජ ව්යාපාරයක් හදන්න ඕන.


🔴ආගම් අදහන්න එපා කියලද කියන්නේ ?


අපොයි නැහැ. කැමති අය අදහන්න. අනෙක් අයට වාතයක් වෙන්න එපා. හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම සුරුවම්. පල්ලිවල පන්සල්වල කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් දාගෙන තමන්ගේ ශාස්තෘවරයාට කන්නලව් කරනවා. මොන විහිලුවක්ද මේ ? පන්සල් පල්ලි කෝවිල් දැන් ඇති මේ රටට. වැඩි වැඩියෙන් හදපල්ලා ඉස්කෝල. හදපල්ලා තොරතුරු තාක්ෂණ මධ්යස්ථාන. හදපල්ලා කාර්මික පාඨශාලා. අන්න ඒ සටන් පාඨය හඬ නගා කියන්න ඕන.


🔴මේ ඔක්කොමත් හරි.. දැන් ඉස්ලාමික අන්තවාදී ත්රස්තවාදයක් මතු වෙලා ?


ඔව්.


🔴ඇයි ඒක කලින් දැක්කෙ නැත්තෙ ?


අපි අනාවැකිකරුවන් නෙමෙයි. හැබැයි දේශපාලන ගණන් බැලීමක් තුළ බරපතල ලෙස හිතන්න තිබුණු තත්ත්වයක්.


🔴මොකද්ද ඒ නොදැකීමට හේතුව ?


ස්වයං විවේචනයක් කරොත්; අපේ සිතීම් ජාත්යන්තර තලයක තියල පෙරට ගන්නට නොහැකි වීමේ අඩුපාඩුව. අපේ ප්රගතිශීලීත්වයන් පවා දූපත්වාදියි යම් තරමකට. ඒක ජයගතයුතු අභියෝගයක් !


🔴ඔය ටික `අහවලා` කලින් කිව්ව කියල සමහරු කියනව ? එයා කිව්ව දේ අහන්නැතුව එයාව හිරේ දැම්ම කියල චෝදනාවක් තියෙනව ?


අහවලා නටපු නාඩගම් අපිට මතකයිනේ. එයා හිරේ ගියේ මේවා කියල නෙමෙයිනේ. සංගීත සර් ළමයෙකුට අපචාර කරලා හිරේ ගියාම, පව් අනේ එයා පිච් එකට සින්දු කිව්ව කියල නිදහස් කරන්නෙ නැහැනේ. ඒ අන්තවාදීන්ටයි මේ අන්තවාදීන්ටයි දෙගොල්ලන්ටම එකම පේ රෝල් එකෙන් වැටුප් ගියා කියලත් ප්රවෘත්ති පළවෙනවා. කොහොම වුණත්, සතුරෙක් හදාගන්න කෑ මොර දෙනකොට, ප්රතිපාර්ශ්වය ගැන නරකම අවදානම මතුකරනවා. ඔව්වා එක පැත්තකින් ඉරහඳ කිව් දෙයක් වැරදිලා නෑ වගේ කතන්දර. හරි ගිය ඒවා විතරයි අනාවැකි. විදුලි පුටු වගේ වැරදුණු ඒවා අමතක වෙනවා. ඒ එක පැත්තක්. අනෙක් අතට, ඒ කාලෙ බලයෙ හිටපු ජාතික ආරක්ෂාව ගැන කප් ගහපු කට්ටිය එහෙනං දුර දැකල වැඩකරන්න එපැයි. මේක අවුරුදු දහයක විතර ව්යාපෘතියක් කියලනේ කියන්නෙ. එහෙම කළේ නැහැනෙ, පර්සනල් පොලිටිකල් න්යාය පත්රවලට බුද්ධි අංශ කඩේ ඇරිය එකනෙ ඒ ගොල්ලොත් කරේ. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් එක ගෝත්රවාදයක් තවත් ගෝත්රවාදයකින් පරද්දන්න බැහැ. අනාවැකි කීමයි මනුෂ්යත්වයේ දේශපාලන මාවතයි කියන්නෙ දෙකක්. ගෝලීය ගැටලුවලට ගෝත්රික විසඳුම් නැහැ. හයිනාවන් එක්ක ඒ ගමන යන්න බැහැ !


🔴එතකොට දැන් ඉන්න කට්ටිය මොනවද කරන්නෙ ?


ඇත්තම කියනවනම් මුකුත්ම කරන්නෙ නැහැ. විලි ලැජ්ජා නැති විදිහට බෝල පාස් කරනවා. වගකීම් විරහිත භාවය රෙද්ද කඩාගෙන පෙන්නනවා. හොරකම් කරන්න තියෙන උනන්දුව සමාජය රකින්න නැති බව නැවත නැවතත් ඔප්පු කරනවා.


🔴ත්රස්තවාදය පරද්දන්න මිලිටරිකරණය දැඩි කළයුතුයි කියල සමහරු කියනව ?


ඕනෑම රාජ්යයක පුරවැසියන් ආරක්ෂා කිරීම ඒ රාජ්යය සතු වගකීමක්. ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. ජාතික ආරක්ෂාව කියන පිහිය අනික් පැත්ත හැරෙව්වම රාජ්ය මර්දනය. අපි කැමති වුනත් නැතත් දැනට තියෙන යාන්ත්රණයක් තියෙනවා. අපි කැමති වුනත් නැතත් ඒවා ක්රියාත්මක වෙනවා. අලුත් මැෂින්වල ස්විච් දාන්න කියල අපි කියන්න හොඳ නැහැ. පාලකයො හදන්නෙත් අපට කියල ඒක කියවගන්න. ඉන්න අය වගේම එන්න හිතන් ඉන්න අයත් ආස ඒකට. අන්තවාදය මඩින්න කියල - ඒකට මුවාවෙලා, අපේ අනුමැතිය අරගෙන අලුත් දැතිරෝද කරකවන්න පටන් ගත්තොත්, අන්තිමට අපි ඔක්කොම අහුකරගෙන තමයි ඒවා ඉස්සරහට යන්නේ. ඕක පරෙස්සමෙන් අඩිය තියන්න ඕන කලාපයක්. මොකද අපට ඕන වෙලාවට ඒ ස්විච් ඒගොල්ලො ඕෆ් කරන්නෙ නැහැ. බදුගෙවන ජනයාගේ ජීවිත සුරකිනු කියන සටන් පාඨය ඉස්සරහට ගමු 

!

🔴මුස්ලිම් කඩ වර්ජනය කරන්න - මුස්ලිම් ප්රජාව සමග කතාබහ ගනුදෙනු නවත්වා ඔවුන්ට බ්රහ්ම දණ්ඩය පනවලා මේ ප්රශ්නය විසඳන්න පුළුවන් කියල සමහරු කියනව ?


ඔන්න ඕවා තමයි අර `අහවලාගෙ` ක්රමවේද. `අහවලාගේ ස්වාමිවරු` කැමති ක්රමවේද. ඒ විතරක් නෙමෙයි `ත්රස්තවාදීන්` බලාපොරොත්තු වෙන ක්රමවේද. භීතිය සමාජගත වෙන තරමට - මුසල්මානුවන් කොන්වෙන තරමට ත්රස්තයන් කැමතියි. ඔවුන්ගේ ඉලක්කයත් ඒකමයි. දෙවැනි පියවරකට යන්න සුජාතභාවය හැදෙන්නේ - තර්කයක් හැදෙන්නේ එතකොටයි. අනෙක් අතට, සමාජය භීතියට පත්කරලා බලය ඩැහැගන්න හදන අයත් ඒකට කැමතියි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ගැලවුම්කාරයෝ වගේ වෙස්වලාගෙන දේශපාලන ගේම් ගහන්න. සියලු අන්තවාදීන්ට උවමනා වී ඇති මේ ගේම්වලට අහුවෙන්න එපා !


🔴ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පාරට බැස්ස කට්ටිය අන්තවාදයට එරෙහිව පාරට බහින්නෙ කවද්ද කියලත් අහනව ?


ප්රජාතන්ත්රවාදය රජ මැදුරුවල දොරගුළු ලා සිරකළ විට අප පාරට බැස්ස බවත්, අන්තවාදය මහපාරට පැමිණ ඇති මේ මොහොතේ අන්තවාදී නොවීම පිළිබඳ යෝජනාව රැගෙන ගෙයක් ගෙයක් ගානේ ගොස් මිනිසුන්ගේ හදවතට තට්ටු කර මනුෂ්යත්වයේ දොරවල් වැඩිවැඩියෙන් විවෘත කරන්නට අපි සූදානම්වන බවත්, ඒ අහන අයට කියන්න.


🔴මොකද්ද එතකොට මේ ප්රශ්නෙට උත්තරේ ?


ජාතිවාදී ආගම්වාදී ගිනි ඇවිළෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් සමාජය සිහිල්ව තියාගන්න ඕන. ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ සමාජ ජීවිතයට වාතයක් වෙන්න එපා කියල සියලු ආගමික බලාධිකරයන්ට බලකරන්න ඕන. ඒ ආගමික සංස්ථා ඇතුලෙ, මිනිස් නිදහස සම්බන්ධ කතිකාව පෙරට ගන්න පුළුවන් නව ප්රතිසංස්කරණ බලවේග උපද්දන්න ඕන. ගෝත්රවාදී නොවන සියලු බලවේග, පොඩි පොඩි වාද භේද අතෑරලා, අන්න ඒ ලොකු වැඩේට එකමුතු වෙලා ඉස්සරහට එන්න ඕන ! තනි තනි මිනිසුන් හැටියට ජාතිවාදී ආගම්වාදී සොම්බි කෙනෙක් නොවී, දේශපාලන නිරෝගීකම රැකගන්න උපරිම කැපකිරීම කරන්න ඕන. එහෙම ඉන්න ගමන් අර මහා ප්රගතිශීලී සමාජ ව්යාපාරය හදන්න සියලු භේද පැත්තකින් තියල සමගි වෙන්න ඕන ! වෙන උත්තරයක් නැහැ !!
_____________________________________
2019 මැයි 05

විමල් කැටිපෙආරච්චි විසින් ලියන ලද ලිපියකි 

Comments

Wijebahu said…
This is mostly true, however Ganasara (BBS) is not the only person said about Muslim radicalisation and money coming from middle-east and suspicious activities in east.

What politicos and media did is, conveniently dismiss all of the above as Ganasara (BBS) nonsense (in order to get support and not to upset Muslims) As a result we have unprecedented number of local/foreign fatalities in a day.

Our economy was equal to Sirima's Samgi peramuna time, tourism was the only thing going for us. Current weak and infighting leadership of MS+RW finished our country for next 10 years.
Anonymous said…
කන්‍යාවියො හැත්තෑ දෙක
සහරාන්ට හම්බවෙලා
මිනිහ හරිම බිසි සුරලොව
දවසේ
විසි හතර පැයෙම

අනේ ඉතින් අපට උනොත්
පින පෑදෙයි මෙන්න මෙහෙම

ජාතික රණ දෙරණ මතේ
හැපී ගැටී මළ මොහොතේ
සුන්දර සුරඹුන්ගෙ අතේ
නැළවෙන බව සිතනු පුතේ
Jagath Pathirana said…
Anonymous May 6, 2019 at 3:40 PM

සුදුකුකුලා තුමා කලින් ලිපියක පැහැදිලි කලා මුස්ලිම් ත්‍රිස්තවාදියෝ බෝම්බ ගැහුවේ කන්‍යාවෝ ගන්න නෙමෙයි කියලා. ඒ නිසා ඔයා පැනලා දෙන්නෙ නැතුව ඉන්න.

අපරාදේ සුදුකුකුලා තුමාට ඒ ලිපිය ලියන්න නලින් එස් මහින්ද හාමුදුරුවන්ගේ කවිය ගැන දැනගන්න ලැබුනේ නැ . නැත්නම් අයිසිස් කාරයොත් එස් හින්ද හාමුදුරුවන්ට සමාක කරන්න තිබුනා. ගිය නුවන ඇතුන් ලවාවත් අද්දගන්න බෑ කියනවනේ.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා