Friday, May 24, 2019

ඥානසාර හිමිගේ අලුත් අඩව්ව කුමක්ද?



Image result for gnanasara thero

මම පළමු වරට ඥානසාර හිමියන් දුටුවේ විහාරමහා දෙවි එළිමහන් රංග පීඨයේ පැවතී යුධ විරෝධී රැස්වීමකදීය ඔහු තවත් භික්ෂුන් කීප දෙනෙකු සමග බලහත්කාරයෙන් වේදිකාවට නැග රැස්වීම කඩාකප්පල් කිරීමට උත්සාහ කළේය . පැමිණි සිටි පිරිස ඔහු සහ අනෙකුත් භික්ෂුන් වේදිකාවෙන් බිමට ඇද පන්නා දැම්මෝය . පහර කීපයක්ද ඔවුන්ට වදිනු දුටුවෙමි.


ඉන් කලකට පසු දෙමල විරෝධය ඔහු අතහැර දැම්මේය තමන් වැරදි බව පිළිගත්තේය ඉන්පසු නොර්වේ රටට යාමට ආශාවක් ඥානසාර හිමිට පහලවූ අතර මහින්ද ආණ්ඩුවේද ඇමතිවරයෙක් වූ රාජිත සේනාරත්න මහතාගේ සහයෝගයෙන් නොර්වේ රටට ගොස් කෙටි කාලයක් එහි ගත කළ අතර නොර්වේ අමාත්ය සෝල්හයිම් සමග පින්තුර ගත් බවද ඔහු පිළිගත්තේය නොර්වේ සිට ආපසු පැමිණි ඥානසාර හිමි දෙමල විරෝධය වෙනුවට මුස්ලිම් විරෝධය ආරම්භ කළේය .


එම මුස්ලිම් විරෝධී ව්යාපාරය කෝටි දහස් ගණනක දේපොළ විනාශ කළා පමණක් නොව මුස්ලිම් ජිවිත කීපයක්ද බිලිගත්තේය.

ඒ අතර තුර දේශපාලනයට බැස නාගයා ලකුණෙන් මැතිවරණය තරඟ කළ උන්වහන්සේට ලැබුනේ ඉතා සුළු චන්ද ප්රමාණයකි එයින් මහත් කලකිරීමට පත් ඒ හිමි දේශපාලනයෙන් ඉවත් වෙන බවට ප්රකාශයක් කළේය


අධිකරණයට අපහාස කිරීම නිසා අවුරුදු 19 සිර දඬුවමක් ලැබූ ඥානසාර හිමි මාස නමයක් පමණක් එහි ගත කොට ඊයේ එලියට ආවේය .


ඉදිරි කාලයේදී බණක් භාවනාවක් කරගෙන සිටින බවත් ඉතා වෙහෙස බවත් මාධ්යට කි ඔහු ඊයේ හැන්දාවේම ජනාධිපති හමුවීමට ගියේය . එය ජනාධිපතිවරයාගේ ආරාධනාවක් මත බව පැහදිලිය .


අද දහවල් දානයට තිලංග සුමතිපාල ගේ ආරාධනයෙන් එහි ගියේ හිරගෙදරින් නිදහස් කිරීමට කපු කම කළ නිසා පමණක් යයි සැලකිය නොහැක .අනාගත වැඩසටහනද එහිදී නැවත සාකච්චා කරන්නට ඇත.


කෙසේ වෙතත් අද රාත්රී දෙරණ ප්රවෘත්ති හරහා ඥානසාර හිමි කල ප්රකාශය අනුව ඔහු සුදානම් වන්නේ පැරණි ගමන යාමට නොවෙන බවට අනුමාන කල හැකිය


එහිදී රාජපක්ෂ වරුන්ටද නම නොකියා ටොක්කක් ඇන්නේය.


"අබ්දුල් රසික්ගෙන් අහගෙන තමා වටලන්න යන්නේ අබ්දුල් රසික් දැන් බබා වෙලා . එයා තමා මෙතන මහමොලය . ඒ මිනිහගෙන් අහගෙන වටලන්න ගිහිල්ල හරියනවද?"


යනුවෙන් ඥානසාර හිමි කිය. අබ්දුල් රසික් ට ගෝටා ආරක්ෂක ලේකම් කාලයේ ආරක්ෂක අමාත්යංශයේ රහසිගත ගිණුමකින් වැටුප් ගෙවූ බව දැන් රහසක් නොවේ.


"සල්ලි දීල අපි තොරතුරු ගත්තා ' යයි මහින්ද පසුගිය දිනක ප්රසිද්ධියේ කිවේය.


ඥානසාර හිමි අද කළ ප්රකාශය අනුව එය රාජපක්ෂලාට ඇන්න ටොක්කක් බව එයින් පැහැදිලිය .


කෙසේ වෙතත් ඥානසාර හිමිට නිදහස ලැබුනේ නිකම් නොවේ තිලංග සුමතිපාල සහ අසාද් සාලි හිරගෙදරට රහසිගතව ගියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කොන්දේසි ගැන එකඟ කරගැනීමට විය යුතුය එම කොන්දේසි මොනවාදැයි ඉදිරිකාලයේ ඥානසාර හිමිගේ වචන වලින් සහ හැසිරීමෙන් හෙලිවෙනු ඇත



දෙමල විරෝධය අත් හැරී සේම මුස්ලිම් විරෝධයද අත් හැර මුස්ලිම් මිනිසුන් සමග එක්වී ඉස්ලාම් අන්තවාදයට එරෙහිව ගමනක් ඇරඹීමට ඥානසාර හිමි සුදානම් වෙමින් සිටින්නේද ?


ඥානසාර හිමි අද කළ ප්රකාශයේ එවැනි ඉඟි කීපයක් තිබිණ හෙට අනිද්දා වන විට චිත්රය වඩාත් පැහැදිලිවෙනු ඇත.

Monday, May 13, 2019

ඇමරිකානුවෝ සහ අපේ පොල් බූරුවෝ



Image may contain: house, outdoor and nature

මුස්ලිම් අන්තවාදීන් විසින් කරන ලද ලොකුම ත්‍රස්ත ප්‍රහාරය 2001 /9/11 දින ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කරන ලද ප්‍රහාරයයි එම ප්‍රහාරයෙන් තට්ටු 101 කින් යුතු ගොඩනැගිල්ලක් කඩා වැටුණි අවට ගොඩනැගිලිවලටද බරපතල හානි සිදුවිය මියගිය ගණන 2996 කි තුවාල ලැබුවන්ගේ සංඛ්‍යාව 6000 ඉක්මවයි සිදුවූ දේපොළ හානිය අවම වශයෙන් ඩොලර් බිලියන 10 කි

එම ප්‍රහාරය එල්ල කළේ අල්ඛයිඩා සංවිධානයට අයත් මුස්ලිම් ත්‍රස්ත පිරිසකි මෙම ප්‍රහාරය නිසා ඇමරිකානුවන් තුල ඇතිවූ කම්පනය කොපමණදැයි වටහා ගැනීම ඔබට භාරය

ඒ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ විසු මුස්ලිම් මිනිසුන්ගේ සංඛ්‍යාව 23 ලක්ෂයකට ආසන්න විය .ඔවුන් සොයා ගොස් ඔවුන් මර දැමීමට ඔවුන්ගේ දෙපොල ගිනි තැබීමට , ඔවුන්ගේ ව්‍යාපාර විනාශ කිරීමට, මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කිරීමට ඔවුන් මරා දැමීමට 9/11 ප්‍රහාරය නිසා ඇමරිකානුවන් පෙළඹුනේ නැත.


Image result for 9/11 attack

එසේ වුයේ නම් මුස්ලිම් ත්‍රස්තයන් අඩු වශයෙන් දාහක්වත් ඇමරිකාවේ උප්පත්තිය ලබන්නට ඉඩ තිබිණ.



බෞද්ධ සංස්කෘතිය උපන්දා සිට පානය කරන අපේ පොල්බුරුවෝ ක්‍රිස්තියානි ඇමරිකානුවන් මෙන් නොවේ .ත්‍රස්තයන් හමුවේ ඇඳන් යටට වී සිටින ඔවුහු අවස්ථාවක් ලද විගස අහිංසක මුස්ලිම් මිනිසුන්ගේ දේපොළ මංකොල්ල කති, . ගිනි තබති. මිනි මරති.



ත්‍රස්තවාදීන් දුසින් ගණනින් බිහි කරන්නේ තමන්ගේ එම ක්‍රියා තුලින් බව එම මැට්ටෝ නොදනිති .


මේවා පාලනය කරන්නට 1956 සිට මෙතෙක් බලයට පත් කිසිම ආණ්ඩුවක් කෙලින් වැඩ කලේ නැත. පළමු අවස්ථාවේදීම කළමනා පොඩි පට්ටම් වී යාමට පුකට වෙඩි තිබ්බේ නම් නැවතත් තම්බින්ට හෝ දෙමළුන්ට ගහන්නට යන්නේ නැත උන් අපිට ගහන්නට එන්නෙත් නැත .

.
ජාතිවාදී කලකොලහලවලදී බොහෝ විට ඇසෙන චෝදනාවක් වන්නේ ආරක්ෂක හමුදාවන්හි සහයද මංකොල්ල කරුවනට ලැබෙන බවය පෙරේදාත් එය සිදුවූ බවට චෝදනා එල්ල විය.



හරි හමං ආණ්ඩුවකට නම් මේවාට බෙහෙත් තිබේ එහෙත් 'ආණ්ඩු බලය පළමුව රට දෙවනුව' යන ප්‍රතිපත්තිය අනුගමනය කරන ශත 5 දේශපාලකයන් ආණ්ඩුවේත් විපක්ෂයෙත් අති බහුතරය වන බැවින් අපි ගමන් කරන්නේ සිංගප්පුරුව දෙසට නොව සෝමාලියාව දෙසට බව ඉතා පැහැදිලිය 

Saturday, May 11, 2019

මුස්ලිම් ත්‍රස්තයෝ සහ සිංහල පොල් බූරුවෝ



Image may contain: sky, cloud and outdoor




මෙය අපේ රටට ඉතා දුෂ්කර අවස්ථාවකි . ඉදිරි කාලයේදී විශාල ලේ වැගිරීමක් ඇති කිරීම සඳහා සිංහල ජාතිවාදීන් අතලොස්සක් මේ දිනවල විෂබීජ වපුරමින් සිටිති .බොරු ප්රචාර මෙන්ම අහවල් අහවල් දේ මිලදී නොගන්නා මෙන්ම මුස්ලිම් ව්යාපාර වර්ජනය කරන ලෙසද සිංහල ජාති වාදීන් විසින් දිවා කාලයේ පමණක් නොව නිදිමරමින් රාත්රී කාලයේද සමාජ මාධ්ය හරහා පණිවිඩ දහස් ගණනක් දෙනා වෙත යවමින් සිටිති .


ඉතා අතලොස්සක් දෙනෙකුට රට ගිනි තැබිය හැකි බව 21 දින මුස්ලිම් ත්‍රස්තයන්ගේ බෝම්බ ගැසීමෙන් පැහැදිලිය . රටේ ආර්ථිකයට එයින් වැදුණු හෙන පහරින් ගොඩ යන්නට තවත් වසරක් වත් ගතවනු ඇත. සිංහල දෙමල මුස්ලිම් භේදයකින් තොරව සියල්ලන්ගේම වාගේ සාක්කුවළට බෝම්බ වැදී තිබේ.


කළයුතුව ඇත්තේ මෙය කළමනාකරණය කර ගැනීම වුවත් එය වැලැක්වීම සඳහා ජාතිවාදීන්ගේ සිට සිංහල ව්යාපාරිකයන්ද , දේශපාලකයන් ද තම තමන්ගේ වාසිය සඳහා එය හරවා ගනිමින් සිටිති .


මෙය හිට්ලර්ගේ උමතුවය. බාල ජනප්රියතාවය ලබා ගැනීම සඳහා යුදෙව් ව්යාපාර වර්ජනය කරන මෙන් ඉල්ලමින් හිට්ලර් පටන් ගත් ව්යාපාරය යුදෙව්වන 60 ලක්ෂයකට අධික පිරිසක් ඝාතනය කිරීම දක්වා බිහිසුණු වූ අතර එය අවසන් වුයේ එයට සහය දුන් සහ නොදුන් 43 ලක්ෂයක් ජර්මන් ජනයාට මරණය අත් වීමෙනුත් හිට්ලර්ට දිවි නසා ගැනීමට සිදුවීමෙනුත් පමණක් නොව තමන්ට කියා රටක් නොතිබුණු යුදෙව්වන්ට රටක් ලැබීමෙනුත්ය .ඒ ඊස්රායලයයි. 


අද රට මෙතනට ඇද වැටි තිබෙන්නේ දශකයකට අධික කාලයක සිට මුස්ලිම් පුජකයන් රැසක්ද මුස්ලිම් ජනයාට විෂ පෙවූ නිසාය .


වෙනත් ජනවර්ග සමග යහපත් ලෙස සම්බන්ධකම් පවත්වමින් සිටි මුස්ලිම් ජාතිකයන් ඔවුන්ගෙන් දුරස් කොට තැබීමට මෙන්ම ආගමික උමතුව මුස්ලිම් ජාතිකයන්ගේ ඔලුවලට බැස්සවීමට බොහෝ මුස්ලිම් පල්ලි කලක සිට කටයුතු කර තිබේ .තව්හීඩ් ජමාත් ව්යාපාරයේ විවිධ කල්ලි බිහිවී ඇතත් ඔවුන් සියල්ලන්ගේම අරමුණ මුස්ලිම් අන්තවාදය වෙත මුස්ලිම් ජනයා ගෙන යාමය . මේ වන විට බොහෝ පල්ලිවල පුජකයන් ඔවුන්ගේ බලපෑමට යටත් වී සිටිති .


මිය ගිය අය වෙනුවෙන් දාන මාන දීම පවක් ලෙස බොහෝ පල්ලි දැන් කියන්නට පටන් ගෙන තිබේ . අන්ය ජනවර්ගයන් සමග ආහාර පාන බෙදා හදා ගැනීම පුජකයන් වීසින් අධයිර්ය කර තිබේ . ගැහැණු ළමුන් වැඩිවියට පත්වූ පසු මුස්ලිම් ජාතිකයන් පැවැත්වූ උත්සව තහනම් කොට තිබේ . සංගීතයට සවන්දීම තහනම් කොට තිබේ . ජාතික ගිය කීම පවා අධයිර්ය කර තිබෙන්නේ 'නමෝ නමෝ මාතා' යනුවෙන් කීම මුස්ලිම් දහමට විරුද්ධ බව කියමිනි . විශේෂයෙන්ම මද්රසා පාසල් විසින් මෙම විෂ කැවිම තදින්ම කරමින් සිටි. සාරි සහ සරොම් වෙනුවට අරාබියේ මෙන් ඇඳුම් අඳින ලෙස පල්ලිය විසින් කර ලද බලපෑම කොතරම් දැයි ඇස් පනා පිට දැකිය හැක . නැගෙනහිර පළාතේ අඹ ගස් වෙනුවට රට ඉඳි ගස් වවන තැනට පත් කර තිබේ ෂරියා විශ්ව විද්යාලය නමින් හඳුන්වන පුද්ගලික විශ්ව විද්යාල භුමියේ ලංකාවේ ගස් වෙනුවට වවා ඇත්තේ අරාබියේ රට ඉඳි ගස්ය .සුන්දර අඹ ගස් වවා සෙවණේ සිටිනු වෙනුවට අරාබි ඉඳි ගස් වවාගෙන ගිනි අව්වේ සිටීම ඔවුන්ට සුව දායක වී තිබේ .මුස්ලිම් ජාතිකයන් සිංහල සහ දෙමල මිනිසුන්ගෙන්න් ඈත් කර තැබීමට මුස්ලිම් අන්තවාදය කටයුතු කර ඇත්තේ එසේය .


එය දැන් ISIS ත්රස්තවාදය දක්වා උග්ර වී තිබේ ISIS ත්රස්තයන්ගේ එකම අරමුණ ලංකාව ඉස්ලාම් රාජ්යයක් බවට යම් දීනක පත් කර ගැනීමය . 


එහෙත් එය වැළක්විය හැක්කේ මුස්ලිම් ජාතිකයන්ගේ ව්යාපාර වර්ජනය කිරිමෙන් හෝ ඔවුන්ගේ දේපල විනාශ කිරීමෙන් හෝ ඔවුන්ට පහරදීමෙන් හෝ නොවේ එවැනි මොට්ටමෝල් වැඩ වලින් සිදුවෙන්නේ මුස්ලිම් ජාතිකයන් තව තවත් අන්තවාදය දෙසට තල්ලු කිරීම පමණය .එවිට හැම අස්සක් මුල්ලක් නෑරම මරාගෙන මැරෙන බෝම්බ කරුවන් බිහිවීමේ බිහිසුණු අනතුරක් නිර්මාණය වන බව වැටහා ගැනීමට සිංහල ජාතිවාදී පොල්බුරුවන්ට මොලයක් නැත 


මෙය වැළක්විය හැක්කේ ආණ්ඩුව විසින් සිංහල සහ මුස්ලිම් අන්ත වාදීන් දැඩි ලෙස මර්දනය කිරීමෙන් සහ අන්තවාදී බිහිකරන පල්ලියට සහ මද්රසා පාසල්වලට විරුද්ධව නීති පැනවීමෙන් සහ නීති තදින් ක්රියාත්මක කිරීමෙනි . ඒ සඳහා ආණ්ඩුව වැනෙන්නේ නැතිව සෘජු ලෙස කටයුතු කිරීම අත්යවශ්යය. පන්සලෙත් පල්ලියේත් බලපෑම් වලට කිසිසේත් යටනොවිය යුතුය . දේශපාලන වාසි හෝ අවාසි ගැන නොසිතිය යුතුය මේ මොහොත ඉතිහාසයේ ඉතා තීරනාත්මක බැවින් ප්රමාද වන්නට තවත් එක පැයක්වත් ආණ්ඩුවට නැත.


Friday, May 10, 2019

කඩු සහ බොරු


Image may contain: one or more people and shoes


පල්ලි වල කඩු තොග පිටින් තිබීමට ඇත්ත හේතුව කුමක්දැ දැයි කීමට මුස්ලිම් දේශපාලනඥයන්ට තබා මුස්ලිම් සිවිල් ජන නායකයනටද නොහැකි වී තිබේ . 


ඇතැම් ගෙවල්වල සහ ව්‍යාපාරික ස්ථානවල සිංහල දෙමල , මුස්ලිම් භේදයකින් තොරව කඩු කිණිසි තිබේ. එසේ තබා ගන්නේ මංකොල්ල කාරයන්ගෙන් සහ හොරුන්ගෙන් ආරක්ෂා වීම සඳහා විය හැක
.
එහෙත් පල්ලි වල බ්‍රෑන්ඩ් නිව් කඩු තොග පිටින් තබා ගෙන සිටියේ මන්දැයි මුස්ලිම් නායකයන්ගෙන් ඇසු විට ඔවුන්ට කට උත්තර නැත


කඩු තොග පිටින් අසුවීම මුස්ලිම් ජාතිකයන් කෙරෙහි අන්‍ය ජනවර්ගයන් තුල අවිශ්වාසය වැඩි කිරීමට හේතු වී තිබේ තර්කන බුද්ධිය නැති අය සිතන්නේ ඔවුන්ද ලංකා ISIS කාරයන් ලෙසය . එමෙන්ම කඩු අසුවීම තුලින් සමස්ත මුස්ලිම් සමාජයම අන්ද මන්ද කර තිබෙන අතර බඩුත් සමග හොරුන් අසුවූ විට හොරුන් මුහුණ දෙන බය සහ ලජ්ජාවට මුස්ලිම් සමාජයට මුහුණ දීමට අද සිදුවී තිබේ .


මගේ විශ්වාසය නම් පල්ලි වලට කඩු තිබු පමණින් ඔවුන් ජාතික තව්හීඩ් ජමාත් ත්‍රස්ත සංවිධානයට කිසිදු සම්බන්ධයක් නැත යන්නය. මුස්ලිම් සමාජය තියුණු ආගමික බෙදීම් සහිත සමාජයකි .ලංකාවේද මුස්ලිම් ජාතිකයන් ආගමික බෙදීම් පදනම් කරගෙන අරින වර එකිනෙකාට ගල් මුල් ගසාගෙන තිබේ .ඉරාකයේ මෙන්ම පකිස්ථානයේ සුන්නි සහ ශීට් ගැටුම කොතරම් උග්‍ර ද යත් එකිනෙකාගේ පල්ලි වලට බෝම්බ ගසා බොහෝ අය මරා දැමු අවස්ථා සිය වාරයකට වැඩිය .


පල්ලිවල කඩු තොග ගණනින් රැස් කරගෙන සිටින්නේ සිංහලයන් විසින් මුස්ලිම් ජාතිකයන්ට යලි වතාවක් පහර දුනහොත් ප්‍රතිප්‍රහාර දීමට බව අනුමාන කිරීම සාධාරණය 2014 දර්ගා ටවුමේ අලුත්ගම , බේරුවල මුස්ලිම් ජාතිකයනට පහර දීම සඳහා ඥානසාර කල්ලිය විසින් මිනිසුන් මෙහෙයවීමෙන් කීප දෙනෙකු මිය ගිය අතර මුස්ලිම් මිනිසුන්ගේ කෝටි සියගණනක් වටින දේපොළ ගිනිතබා විනාශ කර දමන ලද අතර තවත් දේපොළ මංකොල්ල කන ලදී .


තවත් අවස්ථාවකදී දෙහිවල විශාල මුස්ලිම් වෙළඳ ආයතනයක් ගිනි තබනු ලැබිය ගින්තොටදී ද මුස්ලිම් සිංහල ගැටුමක් ඇති කරනු ලැබිණ ගිය වසරේ මහනුවට අවට මුස්ලිම් පල්ලි කීපයකටද , මුස්ලිම්දේ ජාතිකයන්ගේ වෙළඳ ව්‍යාපාර සහ නිවාස වලට පහර දීම හෝ ගිනිතැබීම මහසොන්නු විසින් කර ලදී එහිදී සිදුවූ අලාභය අති විශාලය
එවැනි බිය කරු අත්දැකීම් ලැබූ මුස්ලිම් ජනයා යලිත් එවැනි ප්‍රහාරයක්
සිදු වෙනු ඇතැයි අනුමාන කොට ඊට මුහුණ දීම සඳහා කඩු කිණිසි සහ දුටුවිට පවා භීතියක් ඇති කරන තියුණු පිහි වලින් සන්නද්ධ වී තිබේ දැන් අසුවෙන්නේ ඒවාය .


අවි ගත්තෝ අවියෙන් නැසිය හැකි බැවින් ආයුධ රැස්කිරීම ඥානවන්ත පියවරක් නොවේ. එය ආපසු තමන්ටම කරකැවී පැමිණිය හැක
අන්තවාදී සිංහලයන්ගේ මෙහෙයවීමෙන් සිංහල ජනයාගේ ප්‍රහාරයක් මුස්ලිම් ජනයට එල්ල වුවහොත් සහ එයට ප්‍රතිප්‍රහාර දීමට මුස්ලිම් ජාතිකයන් රැස්කර ගත් ආයුධ වලින් පෙරලා පහර දුන්නේ නම් ඇතිවන්නේ සිතා ගැනීමටවත් නොහැකි විනාශයකි 1983 කළු ජුලිය මෙන් දස ගුණයකට වඩා එය බිහිසුණු විය හැක .


මේවාට වග කිව යුත්තේ දේශපාලකයන් පමණක් නොවේ ජාතිවාදී සංවිධාන පමණක් නොවේ ඇතැම් බෞද්ධ භික්ෂුන් මෙන්ම මුස්ලිම් පල්ලිවල පුජකයන්ද වග කිව යුතුය මගේ මුස්ලිම් මිත්‍රයෙකුට අනුව ඇතැම් මුස්ලිම් පුජකයන් විසින් අනෙකුත් ජනවර්ග වලින් මුස්ලිම් ජනයා ඈත් කර තැබීම සඳහා වෛරී සහගත දේශනා සැම සිකුරාදා දිනකම වාගේ පල්ලිවල පවත්වති. එමෙන්ම මද්‍රසා පාසල් විසින්ද එයම කරනු ලැබේ.


මේ දුෂ්ට සහ විනාශකාරී වැඩ පිළිවෙල නැවත්වීමේ ප්‍රධානතම වගකීම ඇත්තේ ආණ්ඩුවටය . පල්ලියේ මෙන්ම පන්සලේ පදයට ආණ්ඩුව නැටීම පළමුවෙන්ම නතර කල යුතුය . එමෙන්ම සියලු ජනකොටස් වලට වෙන වෙනම තිබෙන නීති අහෝසි කොට නිතිය සියල්ලනට සමාන විය යුතු සේම අපක්ෂ පාති ලෙස එය ක්‍රියාත්මක කල යුතුය.


ජනවර්ග අතර තිබෙන අවිශ්වාසය තුරන් කිරීමේ පළමු පියවර වන්නේ එයයි
.

Monday, May 6, 2019

මරු ලිපියක් .කියවපල්ලා



Image may contain: 1 person, beard and closeup


පොඩි ප්රශ්න වගයක් තියෙනව
රයිට්. අහන්න !
_________________________________
🔴අප්රේල් 21 ප්රහාරයට දැන් සතිදෙකයි.
ඔව්.

🔴ඒකට විරුද්ධව මුකුත් ලියන්නෙ නැද්ද ?


ලිව්වා. ඔබට මගහැරෙන්න ඇති.


🔴ඒක ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදයක් කියල පිළිගන්නවද ?


නැතුව ! වඩාත් නිවැරදිව කියනවානම්, තම සැබෑ හාම්පුතුන් කවුදැයි තවමත් හෙළිදරව් නොකළ, තිරිසන් - බියගුළු, ඉස්ලාමීය අන්තවාදී ත්රස්තවාදයක්.


🔴බෞද්ධ අන්තවාදයට තරම් ඉස්ලාමීය අන්තවාදයට විරුද්ධ නොවෙන්නෙ ඇයි ?
එහෙම පේනවනම් ඒක අඩුවක්. සියලු ආගමික අන්තවාදයන්ට විරුද්ධයි. ඔය එකකවත් ගන්ඩ දෙයක් නෑ.


🔴ඒ කිව්වෙ ?

ඒ කිව්වෙ, සෑම ආගමික අන්තවාදයක්ම සමාජයට පිළිලයක්. ඒ පිළිල තියෙනතුරු සමාජයකට ඉදිරි ගමනක් නැහැ.


🔴ආගම් එපා කියලද කියන්නෙ ?


එපා නෙමෙයි, ආගම්වල ඩියුටිය දැන් ඉවරයි. ඇත්තටම දැන් ආගම් නැහැ. ඒ ඒ ආගම් නමින් වෙළඳ ව්යාපාර කීපයක් තියෙනව. සමහර ව්යාපාර මෙහෙයවන්නෙ දේශපාලනඥයෝ.


🔴පැහැදිලි මදි ?


මෙහෙමයි, ලෝක ඉතිහාසයෙ ඔය ආගම් නිසා වෙච්ච කිසියම් කාර්යභාරයක් නොතිබ්බා නෙමෙයි. බ්රාහ්මණ ක්ෂත්රිය වෛශ්ය ශුද්ර කියල බෙදපු සමාජයක, ``මහරජ ඔබේ වංශය රාජ වංශය වුණාට, මගේ වංශය බුද්ධ වංශය. පිඬු සිඟා වැඩීම මගේ වංශයෙ වැඩක් `` කියල බුදුන් වහන්සේ කිව්වේ තමන්ගෙ තාත්තට. සුද්ධෝදන රජතුමාට. ඒක කොච්චර රැඩිකල් ප්රකාශයක්ද ? ඒවායින් සමාජය ඉස්සරහට යනවා. සඳ කිඳුරු ජාතකය වගේ ප්රේමයේ අනුහස කියැවෙන ජාතක කතාවක් යසෝදරා දේවියගෙ ගෙදරටම ගිහිල්ල දේශනා කරලා, තමන්ගේ ශ්රේෂ්ඨ සෙනෙහස පෙන්නපු විවෘත මිනිහෙක් සිද්ධාර්ථ ගෞතම කියන්නෙ. වහල්ලුයි වහල් හිමියොයි කියල මනුෂ්ය සමාජය හරි මැදින් දෙකට බෙදල තියෙනකොට, මුළු මිනිස් සංහතියම ආදම් සහ ඒව කියන එකම අම්මගෙයි තාත්තගෙයි කියල ජේසු තුමා කියන එක කොච්චර විප්ලවවාදීද ? ජේසුස් ක්රිස්තුස්ව කුරුසියේ ඇණ ගහල මරන්නෙ, එදා පාලකයන්ට ඔහුව හිසරදයක් වෙච්ච හින්දා. ඒ අරගලයන්ගෙන් සමාජය ඉස්සරහට යනවා. එවැනි ශ්රේෂ්ඨ මිනිසුන්ගේ ධර්මයන් මත හදපු ආගමික සංස්ථාවල, පූජකයෝ - පැවිද්දෝ මොකද කරේ සහ කරන්නේ ? ඒ සියලු දර්ශනයන් බිස්නස් බවට පත්කරගෙන. තමන්ගෙ වෙළඳ ව්යාපාරය කරගෙන යනගමන් සමාජය පස්සට අදින ගතානුගතික මතවාද කරපින්නාගෙන ඔට්ටු වෙනවා. මිනිස්සුන්ගෙ ලෞකික ජීවිතේට තහංචි දදා ගුප්ත ජීවිත ගත කරනවා. සියලු ශික්ෂා පද පැවිද්දෙ ඉඳන් කඩන ගමන් ගිහි අපිට බයිලා කියනව. දේශපාලන තක්කඩින්ට කඩේ යනවා. ඒ ඇරෙන්න වෙන මොනවද කරන්නේ ? සියලු ආගමික සංස්ථාවලට ඒ විවේචනය පොදුයි. උඩුගං බලා යන කීපදෙනෙක් ඉන්නවා. ඔවුන්ට හඬක් නෑ. මුළු මහත් ඉතිහාසයේම එහෙමයි.


🔴ඉස්ලාමය ගැනත් ඕකමද කියන්න තියෙන්නෙ ?


නැතුව. අනෙක් සියලු ආගම්වලටත් වඩා, එය අදහන ප්රජාවට ගැටගහපු ආගම තමයි ඉස්ලාමය. මානව ප්රජාව පසුගාමීත්වය එක්ක බැඳලා තියන්න ඉස්ලාමය මාර වැඩකොටසක් කරනවා. ලෝක පරිමාණ වැඩකොටසක් කරනවා. නබි තුමා සිහිනෙන්වත් නොකියූ නොසිතූ දේවල් ඉස්ලාමයේ නාමයෙන් ක්රියාත්මක කරනවා.


🔴ඒ කිව්වෙ ?


මූලික මිනිස් නිදහස ආගමික බහුබූතවලට යටකරලා. උදාහරණයක් හැටියට, ස්ත්රී නිදහස තනි විහිළුවක් කරලා. තමන්ගේ ගෝත්රය හැටියට හිතන සිතීමට පොදු සමාජ සිතීම මූලික වශයෙන් යට කරලා.


🔴මොකද්ද උත්තරේ ?


එකපාර උත්තර හොයන්න බෑ. ඒ පසුගාමීත්වයන්ට විරුද්ධව ඇතුළතින් සටන් උපද්දන්න ඕන. ඉස්ලාමික ප්රතිසංස්කරණවාදී ව්යාපාර හදන්න සමාජ ව්යාපාර මැදිහත් වෙන්න ඕන. එක් හෝ තවත් ප්රජාවක් හුරතල් නොකර, සියලු ආගමික අන්තවාදී බහුබූත පිටුදකින ජාති ආගම් කුල මල නැති සමාජ ව්යාපාරයක් හදන්න ඕන.


🔴ආගම් අදහන්න එපා කියලද කියන්නේ ?


අපොයි නැහැ. කැමති අය අදහන්න. අනෙක් අයට වාතයක් වෙන්න එපා. හන්දියක් හන්දියක් ගානෙ බුදු පිළිම සුරුවම්. පල්ලිවල පන්සල්වල කණ පැලෙන්න ලවුඩ්ස්පීකර් දාගෙන තමන්ගේ ශාස්තෘවරයාට කන්නලව් කරනවා. මොන විහිලුවක්ද මේ ? පන්සල් පල්ලි කෝවිල් දැන් ඇති මේ රටට. වැඩි වැඩියෙන් හදපල්ලා ඉස්කෝල. හදපල්ලා තොරතුරු තාක්ෂණ මධ්යස්ථාන. හදපල්ලා කාර්මික පාඨශාලා. අන්න ඒ සටන් පාඨය හඬ නගා කියන්න ඕන.


🔴මේ ඔක්කොමත් හරි.. දැන් ඉස්ලාමික අන්තවාදී ත්රස්තවාදයක් මතු වෙලා ?


ඔව්.


🔴ඇයි ඒක කලින් දැක්කෙ නැත්තෙ ?


අපි අනාවැකිකරුවන් නෙමෙයි. හැබැයි දේශපාලන ගණන් බැලීමක් තුළ බරපතල ලෙස හිතන්න තිබුණු තත්ත්වයක්.


🔴මොකද්ද ඒ නොදැකීමට හේතුව ?


ස්වයං විවේචනයක් කරොත්; අපේ සිතීම් ජාත්යන්තර තලයක තියල පෙරට ගන්නට නොහැකි වීමේ අඩුපාඩුව. අපේ ප්රගතිශීලීත්වයන් පවා දූපත්වාදියි යම් තරමකට. ඒක ජයගතයුතු අභියෝගයක් !


🔴ඔය ටික `අහවලා` කලින් කිව්ව කියල සමහරු කියනව ? එයා කිව්ව දේ අහන්නැතුව එයාව හිරේ දැම්ම කියල චෝදනාවක් තියෙනව ?


අහවලා නටපු නාඩගම් අපිට මතකයිනේ. එයා හිරේ ගියේ මේවා කියල නෙමෙයිනේ. සංගීත සර් ළමයෙකුට අපචාර කරලා හිරේ ගියාම, පව් අනේ එයා පිච් එකට සින්දු කිව්ව කියල නිදහස් කරන්නෙ නැහැනේ. ඒ අන්තවාදීන්ටයි මේ අන්තවාදීන්ටයි දෙගොල්ලන්ටම එකම පේ රෝල් එකෙන් වැටුප් ගියා කියලත් ප්රවෘත්ති පළවෙනවා. කොහොම වුණත්, සතුරෙක් හදාගන්න කෑ මොර දෙනකොට, ප්රතිපාර්ශ්වය ගැන නරකම අවදානම මතුකරනවා. ඔව්වා එක පැත්තකින් ඉරහඳ කිව් දෙයක් වැරදිලා නෑ වගේ කතන්දර. හරි ගිය ඒවා විතරයි අනාවැකි. විදුලි පුටු වගේ වැරදුණු ඒවා අමතක වෙනවා. ඒ එක පැත්තක්. අනෙක් අතට, ඒ කාලෙ බලයෙ හිටපු ජාතික ආරක්ෂාව ගැන කප් ගහපු කට්ටිය එහෙනං දුර දැකල වැඩකරන්න එපැයි. මේක අවුරුදු දහයක විතර ව්යාපෘතියක් කියලනේ කියන්නෙ. එහෙම කළේ නැහැනෙ, පර්සනල් පොලිටිකල් න්යාය පත්රවලට බුද්ධි අංශ කඩේ ඇරිය එකනෙ ඒ ගොල්ලොත් කරේ. ඒක වෙනම කතාවක්. කොහොම වුණත් එක ගෝත්රවාදයක් තවත් ගෝත්රවාදයකින් පරද්දන්න බැහැ. අනාවැකි කීමයි මනුෂ්යත්වයේ දේශපාලන මාවතයි කියන්නෙ දෙකක්. ගෝලීය ගැටලුවලට ගෝත්රික විසඳුම් නැහැ. හයිනාවන් එක්ක ඒ ගමන යන්න බැහැ !


🔴එතකොට දැන් ඉන්න කට්ටිය මොනවද කරන්නෙ ?


ඇත්තම කියනවනම් මුකුත්ම කරන්නෙ නැහැ. විලි ලැජ්ජා නැති විදිහට බෝල පාස් කරනවා. වගකීම් විරහිත භාවය රෙද්ද කඩාගෙන පෙන්නනවා. හොරකම් කරන්න තියෙන උනන්දුව සමාජය රකින්න නැති බව නැවත නැවතත් ඔප්පු කරනවා.


🔴ත්රස්තවාදය පරද්දන්න මිලිටරිකරණය දැඩි කළයුතුයි කියල සමහරු කියනව ?


ඕනෑම රාජ්යයක පුරවැසියන් ආරක්ෂා කිරීම ඒ රාජ්යය සතු වගකීමක්. ඕක දෙපැත්ත කැපෙන පිහියක් වගේ. ජාතික ආරක්ෂාව කියන පිහිය අනික් පැත්ත හැරෙව්වම රාජ්ය මර්දනය. අපි කැමති වුනත් නැතත් දැනට තියෙන යාන්ත්රණයක් තියෙනවා. අපි කැමති වුනත් නැතත් ඒවා ක්රියාත්මක වෙනවා. අලුත් මැෂින්වල ස්විච් දාන්න කියල අපි කියන්න හොඳ නැහැ. පාලකයො හදන්නෙත් අපට කියල ඒක කියවගන්න. ඉන්න අය වගේම එන්න හිතන් ඉන්න අයත් ආස ඒකට. අන්තවාදය මඩින්න කියල - ඒකට මුවාවෙලා, අපේ අනුමැතිය අරගෙන අලුත් දැතිරෝද කරකවන්න පටන් ගත්තොත්, අන්තිමට අපි ඔක්කොම අහුකරගෙන තමයි ඒවා ඉස්සරහට යන්නේ. ඕක පරෙස්සමෙන් අඩිය තියන්න ඕන කලාපයක්. මොකද අපට ඕන වෙලාවට ඒ ස්විච් ඒගොල්ලො ඕෆ් කරන්නෙ නැහැ. බදුගෙවන ජනයාගේ ජීවිත සුරකිනු කියන සටන් පාඨය ඉස්සරහට ගමු 

!

🔴මුස්ලිම් කඩ වර්ජනය කරන්න - මුස්ලිම් ප්රජාව සමග කතාබහ ගනුදෙනු නවත්වා ඔවුන්ට බ්රහ්ම දණ්ඩය පනවලා මේ ප්රශ්නය විසඳන්න පුළුවන් කියල සමහරු කියනව ?


ඔන්න ඕවා තමයි අර `අහවලාගෙ` ක්රමවේද. `අහවලාගේ ස්වාමිවරු` කැමති ක්රමවේද. ඒ විතරක් නෙමෙයි `ත්රස්තවාදීන්` බලාපොරොත්තු වෙන ක්රමවේද. භීතිය සමාජගත වෙන තරමට - මුසල්මානුවන් කොන්වෙන තරමට ත්රස්තයන් කැමතියි. ඔවුන්ගේ ඉලක්කයත් ඒකමයි. දෙවැනි පියවරකට යන්න සුජාතභාවය හැදෙන්නේ - තර්කයක් හැදෙන්නේ එතකොටයි. අනෙක් අතට, සමාජය භීතියට පත්කරලා බලය ඩැහැගන්න හදන අයත් ඒකට කැමතියි. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ගැලවුම්කාරයෝ වගේ වෙස්වලාගෙන දේශපාලන ගේම් ගහන්න. සියලු අන්තවාදීන්ට උවමනා වී ඇති මේ ගේම්වලට අහුවෙන්න එපා !


🔴ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පාරට බැස්ස කට්ටිය අන්තවාදයට එරෙහිව පාරට බහින්නෙ කවද්ද කියලත් අහනව ?


ප්රජාතන්ත්රවාදය රජ මැදුරුවල දොරගුළු ලා සිරකළ විට අප පාරට බැස්ස බවත්, අන්තවාදය මහපාරට පැමිණ ඇති මේ මොහොතේ අන්තවාදී නොවීම පිළිබඳ යෝජනාව රැගෙන ගෙයක් ගෙයක් ගානේ ගොස් මිනිසුන්ගේ හදවතට තට්ටු කර මනුෂ්යත්වයේ දොරවල් වැඩිවැඩියෙන් විවෘත කරන්නට අපි සූදානම්වන බවත්, ඒ අහන අයට කියන්න.


🔴මොකද්ද එතකොට මේ ප්රශ්නෙට උත්තරේ ?


ජාතිවාදී ආගම්වාදී ගිනි ඇවිළෙන්නේ නැති වෙන්න පුළුවන් තරම් සමාජය සිහිල්ව තියාගන්න ඕන. ශිෂ්ඨ සම්පන්න මිනිසුන්ගේ සමාජ ජීවිතයට වාතයක් වෙන්න එපා කියල සියලු ආගමික බලාධිකරයන්ට බලකරන්න ඕන. ඒ ආගමික සංස්ථා ඇතුලෙ, මිනිස් නිදහස සම්බන්ධ කතිකාව පෙරට ගන්න පුළුවන් නව ප්රතිසංස්කරණ බලවේග උපද්දන්න ඕන. ගෝත්රවාදී නොවන සියලු බලවේග, පොඩි පොඩි වාද භේද අතෑරලා, අන්න ඒ ලොකු වැඩේට එකමුතු වෙලා ඉස්සරහට එන්න ඕන ! තනි තනි මිනිසුන් හැටියට ජාතිවාදී ආගම්වාදී සොම්බි කෙනෙක් නොවී, දේශපාලන නිරෝගීකම රැකගන්න උපරිම කැපකිරීම කරන්න ඕන. එහෙම ඉන්න ගමන් අර මහා ප්රගතිශීලී සමාජ ව්යාපාරය හදන්න සියලු භේද පැත්තකින් තියල සමගි වෙන්න ඕන ! වෙන උත්තරයක් නැහැ !!
_____________________________________
2019 මැයි 05

විමල් කැටිපෙආරච්චි විසින් ලියන ලද ලිපියකි 

සිංහල ජාතිය වඳ වෙයිද?

සිංහල භාෂාව අනාගතයේ වඳ වීමට යන බවට යුනෙස්කෝ සංවිධානය කියා ඇති බව කියන ප්‍රකාශ ඔබ ඇතැම් විට දැක තිබීමට පුළුවන . යුනෙස්කෝ සංවිධානය එවැ...