Skip to main content

ලංකාවේ ISIS ව්‍යාපාරය ඉක්මනින් පරලොවට ?


Image result for LANKA THOWHEED JAMATH TERRORISTS ARRESTED BY POLICE



LTTE සංවිධානයේ සහ දේශප්රේමී ජනතා ව්යාපාරයේ (ජවිපෙ )සංවිධාන රටාව සහ සටන් ක්රම පිළිබඳව මෙන්ම ඒවා මැඩලීමට ආණ්ඩුවේ හමුදා ගනු ලැබූ ක්රියාමාර්ග පිළිබඳව නිරීක්ෂකයන් ලෙස අපට අවබෝධයක් තිබේ .


ලංකාවේ ISIS ව්යාපාරය දෙස බැලු විට ඔවුන්ගේ සටන් ක්රම ඉහත සංවිධාන දෙකේ සටන් ක්රම වලට වඩා වෙනස්ය එමෙන්ම මෙය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුවේ හමුදා සහ පොලීසය ගන්නා ක්රියා මාරගද වෙනස්ය



LTTE සංවිධානය අවුරුදු 30 කට ආසන්න කාලයක් සටන් කල අතර දේශප්රේමී ජනතා ව්යාපාරය අවුරුදු 3 ක් පමණ සටන් කළේය . එතරම් කාලයක් ඔවුන්ට සටන් කල හැකි වුයේ එම සංවිධානවලට එක්තරා ප්රමාණයකට සමාජයේ යම් යම් ස්ථරවල සහයෝගයක් තිබුණු නිසාය

එහෙත් තවුහීඩ් ජමාත් ඇතුළු අල්පයක් මුස්ලිම් ත්රත්යනට මුස්ලිම් සමාජයෙන් ලැබෙන සහය ඉතා අල්ප බව පෙනේ. එයට හේතුව වන්නේ බහුතරයක් මුස්ලිම් ජනයාගේ ආගමික විශ්වාසයන්ට එම අන්තවාදීන් විරුද්ධ වීම නිසාය. 


එමෙන්ම ඔවුන්ගේ සටන් ක්රමද ඉතා දුර්වල බව පෙනේ ප්රභාකරන් ඇතුළු lTTE නායකත්වය මෙන්ම ජවිපෙ නායකත්වය විනාශ වුයේ අවසන් අවස්ථාවේය . එහෙත් තවුහීඩ් ජමාත් සංවිධානයේ නායකයා පළමු අවස්ථාවේදීම අන් අය මරමින් දිවිනසා ගත්තේය ඔහුගේ සහෝදරයන් දෙදෙනා සහ පියා දින 6 ක් තුළ බෝම්බ පුපුරවාගෙන මිය ගියහ ඔවුන්ගේ ප්රධාන තිප්පොලවල කීපයක්ද අවි ආයුධ සැලකිය යුතු ප්රමාණයක්ද සාමාජිකයන් සැලකිය යුතු සංඛ්යාවක්ද දින හතක තුළ අසුවී තිබේ.



ආගමික උමතුවෙන් පෙළෙන්නට වැඩි සිහි බුද්ධියක්ද නැත ව්යාපාරයේ සාර්ථකත්වයට අල්ලා දෙවියන්ගේ සහයද අනිවාර්යයෙන්ම ලැබෙන බැවින් ඔවුන්ගේ අරමුණු ඉටුවනු ඇතැයි ඔවුහු නොඅනුමානවම විශ්වාස කරන්නට ඇත. 


සතියක් තුළ ආරක්ෂක හමුදා මේ තරම් සාර්ථකත්වයක් ලැබීමට හේතුවූ තවත් කරුණු 3 ක් තිබේ . 1 ජාතිවාදී ප්රති ප්රහාරයකට ආණ්ඩුව ඉඩ නොතැබීම. 2 ඒ නිසා සැලකිය යුතු මුස්ලිම් ජනපිරිසකගෙන් ආරක්ෂක හමුදාවනට සහය හිමිවීම .3 ආරක්ෂක හමුදා ත්රස්තවාදීන්ගේ සහ මුස්ලිම් ජනයාගේ වෙනස අවබෝධ කරගනිමින් ප්රවේසමෙන් මර්දන කටයුතු කිරීම එම කරුණු තුනය .


එමෙන්ම මෙම ත්රස්තයන්ගේ කෘරත්වය සමස්ත ලාංක්ක ජනයාගේ පිළිකුලට ලක්ව තිබීමද ත්රස්ත ව්යාපාරයේ අවසන් ගමනට උපකාර කරමින් තිබේ .තමන්ගේම දරුවන් මර දමන්නට මොවුන්ට හැකි නම් මොවුන්ට කල නොහැකි අපරාධයක් නොමැත පාසලකට ඇතුළුවී බෝම්බයක් පිපිරවීම මදුරුවෙක් මරන්නක් මෙන් ඉතා සුළු දෙයක් ලෙස ඔවුන් සලකති ඔවුන්ගේ දර්ශනයට අනුව අන්යාගමිකයන් සියල්ලෝම සතුරෝය


ඉහත හේතු නිසා ලංකාවේ මුස්ලිම් ත්රස්ත ව්යාපාරය ඉක්මනින් අවසන් ගමන් යාමට බොහෝ දුරට ඉඩ තිබේ .


එහෙත් අනාගතයේ දිනක යලිත් ISIS කරුවන් බිහිවීමට ඉඩ තිබේ .ඊට හේතුව  ඊට මග පාදන වහබ් වාදය මෙහි  පවතින නිසාය එබැවින්  මෙරටින් වහබ්වාදය  මුළුමනින්ම අතු ගා දැමීම සඳහා ස්ථිර සහ එඩිතර පියවර ගැනීම මේ මොහොතේ පාලකයන්ගේ ප්රධානතම වගකීමයි .

Comments

Jagath Pathirana said…
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය යටතේ ශ්‍රි ලංකාව ගොඩනැගුනේ සිංහල දෙමල මුස්ලිම් හැමෝම එක සමානයි. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කාතිය ඊට ඉහලයි මතවාදය යටතේයි. නිදහස ලැබිමෙන් පසු සංහල බෞද්ධ සංස්කෘතිය මුල්කරගත් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනැගීමේ වැඩපිලිවෙලට දෙමල ජාතිවාදය නිසා බාධා වුනා.
ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ගොඩනැගී නැතිකම මුස්ලිම් අන්තවාදයට සහයක්. ඒ නිසා වහාබිවාදියාගේ සංස්කෘතියටත් සිංහල, දෙමළ සංස්කෘතීන් හා සමතැනක් ඉල්ලීමේ අයිතියක් ලැබී තිබෙනවා.
භාෂා දෙකක් යනු එක රටක්, එක බාශාවක් යනු රටවල් දෙකක් යන තකතීරු ප්‍රශාශය කල වාමාංශික දේශපාලකයොත් මේකට වගකිව යුතුයි.
Anonymous said…
මුස්ලිම් කාන්තා මුහුණු ආවරණ තහනම හා මුස්ලිම් ISIS විරෝධය-
කලු වළාකුලක දුටු රිදී රේඛාවක්!

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා