Skip to main content

මිනිමරන්නේ කන්‍යාවන් ලබාගැනීමටද ?



Image result for ISIS  female terrorists

         

 මුස්ලිම් ත්රස්තයන් අන්ය ආගම් අදහන්නවුන් මරාගෙන මැරෙන්නේ දෙව් ලොව ගොස් කන්යාවියන් තොග පිටින් ලබා ගැනීමේ අධික කාමාශාව නිසා යයි ඇතැමෙකු සිතන බව පෙනේ .


කොළඹදී මරාගෙන මැරුණු කීප දෙනෙකු ධනවත් පවුල්වල අය බැවින් කන්යාවන් ලබා ගැනීමට ඔවුන් දෙව් ලොව යා යුතු නැත මුදල් වියදම් කොට මේ ලෝකයේදීම කන්යාවන් කීප දෙනෙකු හෝ ලබා ගැනීම ඔවුන්ට අසීරු නැත .


දැනට තිබෙන තොරතුරු අනුව බෝම්බ පුපුරවා ගත් ඇතැම් ත්රස්තයන්ට සිට ඇත්තේ එක භාර්යාවක් බැගින් පමණි .නීතියෙන් බිරියන් 4 දෙනෙකු තබා ගැනීමට හැකි වුවත් ඒ සඳහාවත් ඔවුන් උනන්දු වී නැත. එබැවින් ඔවුන් කාමාශාවෙන් උතුරා ගිය මිනිසුන්ලෙස සැලකිය නොහැක.



ඉතා පැහැදිලිවම ඔවුන්ගේ අරමුණ වී තිබෙන්නේ සමස්ත ලෝකයම මුස්ලිම් ආගම අදහන්නවුන්ගේ ලෝකයක් බවට පත් කර ගැනීමය වෙනත් ජාතිකයන් භුමිය හෝ කතා කරන බස අනුව ජාතියක් බවට පත් වන නමුත් මහමදිකයන් එසේ නොවේ ඔවුන් ජාතියක් බවට පත්වී තිබෙන්නේ ඉස්ලාම් ආගම මතය.



නිදහස් ලෙස සිතන මතන මගේ මුස්ලිම් මිත්රයෙකුට අනුව පියා හවසට ගෙදර පැමිණි පසු දරුවන්ගෙන් අසන්නේ " අද ඉස්කෝලේ ගියාද ?" කියා නොව "අද පල්ලි ගියාද ?" කියාය .
මද්රසා පාසල් නමින් හඳුන්වන ඔවුන්ගේ දහම් පාසල් මගින් ඔවුන් තව දුරටත් ආගමික අන්තවාදීන් කරන බව මගේ මුස්ලිම් මිත්රයා කියා සිටියේය .


ISIS ත්රස්තවාදීන් අරාබි කරයේ සිට රුසියාව දක්වා එකම මුස්ලිම් රාජ්යයක් පිහිටුවීම සිය අරමුණ බව කියා සිටියෝය .ලෝකයේ විවිධ රටවලින් තරුණ තරුණියන් සිරියාවට ගොස් ISIS ත්රස්තයන් හෝ ඔවුන්ගේ භාර්යාවන් වුයේ ඒ නිසාය .ඔවුන් සිරියාවේ සහ ඉරාකයේ විශාල ප්රදේශයක් අල්ලාගෙන එහි රාජ්යයක් පිහිටවූ නමුත් ඇමරිකාව රුසියාව සහ තවත් රටවල් එක්ව සිරියාවේ සහ ඉරාකයේ හමුදා සමග එකාබද්ධව ඔවුන්ට එරෙහිව සටන් කිරීම ඔවුන් පාලනයේ පැවතී සිරියාවේ සහ ඉරාකයේ අවසාන ගමත් මසකට පමණ පෙර අහිමි වී ගියේය.



මේ නිසා ලොව පුරා isis ත්රස්ත ව්යාපාරයට බලවත් පසුබැසිමකට මුහුණ දීමට සිදුවී තිබේ එහෙත් විවිධ රටවල තිබෙන ISIS සංවිධාන පසු බැසීමට සුදානම් නැත අනුගාමිකයන්ගේ ධයිරය නැංවීම සඳහා විවිධ රටවල ත්රස්ත ක්රියාවල ඔවුන් නිරත වී සිටිති .
ලංකාවේ ISIS ත්රස්තයන් බෝම්බ පිපිරෙව්වේ එවැනි පසුබිමක් තුලය ඔවුන්ගේ පළමු අරමුණ වී තිබෙන්නේ අන්ය ආගමිකයන් හැකි පමණ මරා දමා ලංකාව මුස්ලිම් රාජ්යයක් බවට පත් කිරීමය. දෙවෙනි අරමුණ වන්නේ ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධ මුස්ලිම් රාජ්යයක් බවට පත් කිරීමය. ලංකාවේ ISIS ත්රාතයන් සහ ඉන්දියාවේ ISIS ත්රතයන් අතර මුණගැසීම් සහ ක්රියාකාරකම් සිදුවී තිබෙන බව ඉන්දියානු ආරක්ෂක අංශ විසින් සොයාගෙන තිබේ .


ලංකාවේ ISIS ත්රස්ත ව්යාපාරය මුළුමනින්ම පරාජය කිරීමට මේ රටේ මුස්ලිම් ජනයාගේ සහය අත්යවශ්යය. හමුදාවකට ත්රස්තයන් මරාදැමිය හැකි නමුත් මිනිසුන් තුළ ඇතිවෙන ත්රස්ත සිතුවිලි නැවැත්විය හැකි නොවේ එය කල හැක්කේ මුස්ලිම් ජනයාගේද සහය ලබාගෙන දියත් කරන ආගමික අනත්වාද්ය තුරන් කිරීමේ පුළුල් ව්යාපාරයක් මගිනි .



එහෙත් ඇතැමුන් ,විශේෂයෙන් ජාතිවාදී මෝඩ භික්ෂුන් විසින් කරන ප්රාකාශ ඉතා හානිකරය උදාහරණයක් ලෙස සිංහල රාවය නමැති ත්රස්ත සංවිධානයක් අටවාගෙන සිටින මාගල්කන්දේ සුදත්ත නමැති මි හරකා කියා සිටයේ භික්ෂුන්ද එකතු කොට ගෙන පාරට බස මුස්ලිම් කාන්තාවන්ගේ බුර්කාව ගලවන බවය .එවැනි ක්රියාවලින් සිදුවන්නේ මුස්ලිම් ප්රජාව වැඩි වැඩියෙන් ISIS ව්යාපාරයේ හිතවතුන් බවට පත්වීම පමණි .


එබැවින් ISIS ත්රස්ත ව්යාපාරය ලංකාවෙන් අතුගා දැමිය හැක්කේ ආරක්ෂක හමුදාවනට මුස්ලිම් ප්රජාවගේ සහය ලබාගැනීමෙන් සහ ත්රස්තවාදී අදහස් මුස්ලිම් ජාතිකයන් තුළ ඇතිවීම වැලැක්වීම සඳහා දේශපාලන මැදිහත්වීමක් දියත් කිරීම මගින් පමණි

Comments

Anonymous said…
මාත කැපුවත් කොල මානසිකත්වයේ සිටි අපිටත් දැන් තේරෙනව ගෝඨාභය ඇර වෙන කෙනෙක් රටේ නායකත්වයට සුදුසු නැතිබව... අනිවාර්යයෙන්ම දැන් අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ගෝඨාභය සමගයි... ඒත් පචවංස බූරුව, වාසූ #කා, එස් එම් චන්ද්‍රසේන, රෝහිත අබේගුණවර්ධන මාල හොරා, අලුත්ගමගේ වගේ කම්බ හොරු නැතිව පිරිසිදු ගමනක් ආවොත් සියලු සිංහල මිනිස්සු ගෝඨාභයව දිනවාවි... ගෝඨාභය ගැන විශාල පැහැදීමක් තිබුනත් ඉහත හොරු හින්ද මධ්‍යස්ථ මතදාරීන්ට පැකීලීමක් තියෙනව... සරත් පොන්සේකාට සුදුසු ස්ථානයක් ලබාදී අපේ රට බේරා දෙන්න සුදුසු එකම විකල්පය වන්නේ ගෝඨාභය පමණක් බව හිතන්න පුළුවන්.
udaya book shop said…
පොසොං එක වෙනකොට,

විදග්ධ, උගත්, බුද්ධිමත් සෙට් එක මේක කපල කොටලා ඇනලයිස් කරල ගානට ඔප්පු කරයි, මේක පැල කලේ සෝම හාමුදුරුවන්ය, මේකට පෝර දැම්මේ මහින්දය, වතුර දැම්මේ සිංහල බෞද්දයින්ය, දැන් පල නෙලන්නේ ගෝධාභය කියල.....

කොලඹ හතේ සෙට් එක සහෝදරත්වයේ නාමයෙන් කාත්තන්කූඩියේ පොසොන් දන්සැලක් දායි....

අර නළුනිලි සෙට් එක බුර්කා ඇඳගෙන කොටුව ස්ටේෂන් එක ඉස්සරහා පිකටි කරයි බුර්කාව කාන්තා අයිතියකි කියලා....

අන්තවාද මැඩලන්න කරපු මෙහෙය වෙනුවෙන් බදුර්දීන්ට, මුජිබර්ට, අසාද් සාලිට දේශප්‍රේමී, ජාතිමාමක සම්මාන ලැබෙයි....

ජෙප්පො පොදු අපේක්ෂකයෙක් හොය හොය පාරවල්ගානේ යයි...
ත්‍රස්තවාදය නිම කල අගමැති සදා සැරදේ කියල රට වටේ පෝස්ටර් ගහලා තියෙයි....

මොරගහකන්දේ වතුර කාත්තන්කූඩියට හරවන්න මම උපදෙස් දුන්නා කියලා ජනාධිපති ප්‍රකාශ කරයි...

******...................

***************..................

................................................................................................................................................
Anonymous said…
සහරාන් හෂීම් ගේ පියා සහ සොහොයුරන් දෙදෙනා මරා දැමේ-BBC සිංහල
මේ ත්‍රස්තවාදී මුස්ලිම් සංවිධානත් බොදුබලේ,සිහල රාවය වගේ තමයි. ගෝටා, චම්පික වගේ අය මේවට උදව්කලා වගේ රිෂාඩ් බදුර්දීන්, හකීම් වගේ අය සහරාන්ලටත් උදව්කලා. ලොකු ලොක්කෝ කාටත් සහරාන්ගෙ තාත්තා ගියගමන යන්න වෙන්නෙ නෑ.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා