Skip to main content

බෝම්බ තිබ්බේ කවුද?


Image result for bomb explosions sri lanka hotels



  ඊයේ (අප්‍රියෙල් 21 ) හෝටල් තුනකද කතෝලික  පල්ලිවලද , දෙහිවල නවාතන් පොළකද , දෙමටගොඩද යන ස්ථාන අටක තැබූ සහ පිපිරවූ බෝම්බ වලින්  මේ වන විට අහිංසක  මිනිසුන් 290 දෙනෙකු  මියගොස් තිබෙන අතර   400 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා  තිබේ .

මෙය තිරස්චින ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත .


මෙම බෝම්බ තැබුවේ  කවුදැයි ආණ්ඩුව  තවමත් කියා  නැත .


ත්‍රස්තවාදී සංවිධානයක්  ක්‍රියාත්මක වන බව ආරක්ෂක අංශවලට තොරතුරු කලින් ලැබී තිබුනද ඒ පිළිබඳව  තමන්ට හෝ ඇමති මණ්ඩලයට දැනුම් නොදුන්න් බවට අගමැතිවරයා  බරපතල චෝදනාවක්  ඉදිරිපත් කර තිබේ .ඔහු මෙම චෝදනාව එල්ල  කරන්නේ  ජනාධිපතිවරයාට සහ ආරක්ෂක  ප්‍රධානීන්ට  බව  පැහැදිළිය.


ආරක්ෂක මණ්ඩලයේ රැස්වීම් වලට ඉකුත් හයමාසය තුලදී අගමැතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය රුවන් විජේගුණවර්ධන කැඳවා  නැත.

අඩු වශයෙන් පොලිසිය භාර ඇමතිකම පවා ආණ්ඩුවට නොදී ජනාධිපතිවරයා භාරයේ ඉකුත් මාස ගණනවක් තිස්සේ තබා ගෙන සිටි .

එබැවින් ජනාධිපතිවරයාට  තම තනතුරේ තව දුරටත් සිටීමට සදාචාර අයිතියක් නැත .

 මේ ත්‍රස්ත ප්‍රහාරය  පිටිපස  සිටින්නේ ISIS ත්‍රස්තවාදීන් බව දැන් පැහැදිළිය .


ISIS සංවිධානය මේ වන විට ලෝකයේ බොහෝ තැන්වල නන්නත්තාර වෙමින් සිටි. ඉරාකයේ සහ සිරියාවේ ඔවුන් ලැබූ දැවැන්ත පරාජය හමුවේ වියරුවැටී ඔවුහු ලෝකයේ වෙනත් ස්ථානවල සිටින සිය සාමාජිකයන්ගේ ධයිර්යය නොකඩවා තබා  ගැනීම සඳහා තැන තැන බෝම්බ පුපුරවන  බව  පෙනේ .විශේෂයෙන්ම සංචාරක හෝටල්වලට සහ කතෝලික පල්ලිවලට බෝම්බ  ගැසීමෙන් පෙනෙන්නේ  තමනට ප්‍රහාර එල්ල  කරන බටහිර  රටවල් වලින් පලිගැනීමට මෙම ප්‍රහාර  මාලාව දියත් කර තිබේ 


ඔවුන්ගේ අලුත්ම ප්‍රහාර මාලාව ලංකාව තුළ දියත් කළේ ඇයි?


Image result for bomb explosions sri lanka hotels



ජාත්‍යන්තර ISIS ත්‍රස්ත ව්‍යාපාරය  පිලිබඳ ලංකාවේ ආරක්ෂක අංශවල දැනුම දුර්වල වීම නිසා වෙනත් රටවල සිට ISIS ත්‍රස්ත සංවිධානයේ ඒජන්ත වරුන්ට අපේ රටට  පහසුවෙන් ඇතුළු වීමට හැකි බව පෙනේ. ජාත්‍යන්තර ඔත්තු සේවා සමග අපේ රටේ ආරක්ෂක අංශ යහපත් සම්බන්ධීකරණයක් පවත්වාගෙන  ගොස් තිබුනේ නම් ජාත්‍යන්තර ත්‍රස්තවාදීන් මේ රටට ඇතුළු වන විට ගුවන් තොටුපොලේදීම අල්ලාගත  හැකිය .ඔවුන්ට අපේ රටට ඇතුළු වී ඔවුන්ගේ සංවිධානයක් මේ රටේ ඇතිකරගැනීමට හැකිවී තිබෙන්නේ අපේ ආරක්ෂක අංශවල දුර්වල කම නිසා බවට  අනුමාන කිරීම සාධාරණය  . 

අගමැති වරයාගේ ප්‍රකාශය අනුව ආරක්ෂක අංශ මේ පිළිබඳව  කිසියම් අවබෝධයක් ලබා තිබුණද එය මෙතරම් බරපතල  හානියක් කිරීමට තරම් ශක්තිමත් වී  තිබෙන බව  ඔවුන් දැන සිට නැති බව පෙනේ .



කෙසේ වෙතත් මෙම ප්‍රහාර මාලාව ලංකාවේ ආර්ථිකයට එල්ල වුනු මාරක ප්‍රහාරයකි . සංචාරක ව්‍යාපාරය අඩපන වනු ඇත .විදේශ ආයෝජකයන් නොපැමිණෙනු ඇත  රට  පවතින අනාරක්ෂිත භාවය  ආර්ථිකයේ සැම අංශයටම අහිතකර  ලෙස  බලපානු ඇත .


ISIS සංවිධානයට හිතැති පිරිස් මෙහි  සිටින බව දෙමටගොඩ සිද්ධියෙන් අනුමාන කළ හැක . අප ඉදිරියේ දැන් තිබෙන්නේ එය ළදරු අවධියේදීම විනාශ  කර දැමීමේ වගකීමයි . 

Screen-capture of Nisanga's Facebook page, showing a photo posted from the hotel shortly before the attack.

    බෝම්බ පිපිරීමට ටිකකට  පෙර Shangri La හෝටලයේ උදෑසන ආහාර ගත්  පිරිසක් .


මුස්ලිම් ජනයා මෙතෙක් කිසිදු ත්‍රස්තවාදී ව්‍යාපාරයකට සම්බන්ධව සිටියේ නැත .එසේ නම් ඔවුන්ගෙන් කීප දෙනෙකු මෙසේ සම්බන්ධ වුවේ ඇයි ?

2014  බේරුවල -දර්ගා ටවුම -අලුත්ගම ප්‍රහාරයෙන් අරඹා  අම්පාර , ගිංතොට හරහා  මහනුවර දක්වා මුස්ලිම් ජනයාට කරන  ලද සිංහල අන්තවාදීන්ගේ ප්‍රහාර ISIS සංවිධානයට සාමාජිකයන් බඳවා  ගැනීමට හිතකර  පරිසරය  ගොඩ නගා දුන්නා විය හැක .කොටි සංවිධානය හැදුණේ 1956 සිට  1983 දක්වා වරින්වර  දෙමළුන්ට කරන ලද  ප්‍රහාර වල ප්‍රතිපලයක් ලෙසය . වරින් වර මුස්ලිම් ජනයට ප්‍රහාර එල්ල කරන විට ISIS වැනි සංවිධානයකට බැඳී ප්‍රතිප්‍රහාර එල්ල  කිරීමට ඇතැම් මුස්ලිම් තරුණයන්ට සිත් පහල විය හැක ඔවුන් බඳවා ගෙන මරාගෙන මැරෙන ත්‍රස්තයන් බවට  පත්කිරීමට ISIS සංවිධානයට හෝ එවැනි වෙනත් අන්තවාදී සංවිධානයකට පහසුවෙන් පුළුවන .


එබැවින් අපට ගත හැකි පියවර දෙකක් තිබේ.

  එක මුස්ලිම් මිනිසුන්ට ප්‍රහාර එල්ලකොට ඔවුන් අන්තවාදීන් බවට පත් කිරීමය.

 දෙක මුස්ලිම් ජනයාගේ සහය  ලබාගෙන  මුස්ලිම් අන්තවාදය පරාජය කිරීමය.

ලංකාවේ ආරක්ෂක හමුදාවලට මෙම ත්‍රස්ත සංවිධානය පරාජය කිරීමට ශක්තිය තිබෙන බව ඇත්තය .එහෙත් එයට  කියම කාලයක් ගත වේ . ඒ අතරතුර ත්‍රස්තවාදීන්ට කල හැකි විනාශය විශාලය  එක දිනකදී මෙවැනි විනාශයක් කල හැකි වුයේ නම් කලක් එවැනි සංවිධානයක් පැවතුනහොත් කල හැකි විනාශය කුමක්දැයි සිතා ගැනීමට  පුළුවන .

එබැවින් මෙම ත්‍රස්ත සංවිධානය  මුලිනුපුටා දැමීම සඳහා මුස්ලිම් ජනයාගේ සහය අත්‍යවශ්‍යය . ඔවුන්ගේ සහය  ලබාගත  හැකිවන පරිදි  කටයුතු කිරීම සියලුම පුරවැසියන්ගේ වගකීම වෙයි  

Comments

Jagath Pathirana said…
//1956 සිට 1983 දක්වා වරින්වර දෙමළුන්ට කරන ලද ප්‍රහාර වල ප්‍රතිපලයක් ලෙසය .

සම්පූර්ණ ඇත්ත
1956 සිට 1983 දක්වා සිංහල ජාතිවාදීන් දෙමළ ගෑනු විශාල පිරිසක් දූශණය කලා එහි ප්‍රතිඵලයක් හැටිට සිංහල ජාන සහිත දෙමල මිනිස්සු බිහිවුනා. උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිංහල ගම්වලට පැනලා සිංහලයන්ව කපලා කොටලා මැරුවේ ඒහෙම හැදුන අවජාතකයෝ.
නැතුව දෙමළ මිනිස්සුනම් කවදාවත් ඔයවගේ අපරාධ කරන්නේ නෑ. දෙමෙල්ලු තරම් අහිංසක මිනිස්සු ජාතියක් ලෝකෙම නෑ.

මම කියන දේ විශ්වාස නැත්නම් ඔයාම කල්පනා කරලා බලන්න.
ඔයාට එක හොඳ සිංහල ජාතික වාදියෙක් මතක් කරගන්න පුළුවන්ද?
ඔයාට එක නරක දෙමලෙක් මතක්කරගන්න පුළුවන්ද?

ඊයේ වෙච්ච සිද්ධිය නම් පැහැදිලිවම ගෝඨාභය ජනාධිපති කරවන්න. ගෝඨාභයගේ පිරිස බොදුබල සේනාව හවුල් කරගෙන කල වැඩක්. ඕකට මුස්ලිම් අය සම්බන්ධ නෑ.
Anonymous said…
ඔයාලත් සියඹල ග‌ෙනැල්ලම නෑ , its ok

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා