Skip to main content

විදුහල්පතිවරුනට චන්ඩි පාට් දමන දකුණේ ආණ්ඩුකාරයා කියන්නේ ඇත්තද?


Image result for KIRTHI TENNAKON AT SIRASA
 


     දකුණේ පාසල් ආසන්නයේ සිටින ළමුන් 207 ක් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගෙන නැති බවත්, විදුහල්පතිවරු පගාවට ළමුන් ඇතුලත් කරගැනීම එයට හේතුව බවත් දකුණේ ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන් මහතා කියා තිබේ .


ගාල්ලේ අනුලා විද්‍යාලයට ආණ්ඩුකාරයාගේ රියදුරාගේ දරුවෙකු ඇතුලත්  කර ගැනීම  එහි විදුහල්පතිනිය ප්‍රතික්ෂේප  කිරීම හේතුකොටගෙන ගාල්ලේ කලාප අධ්‍යාපන වරිය  තංගල්ල  කලාප අධ්‍යාපන  කාර්යාලයට  තමන් මාරු කළ බව ආණ්ඩුකාරයා  පිළිගෙන තිබේ .එම පාසලේ සෑම පන්තියකම චක්‍ර ලේඛ උල්ලංඝනය  කරමින්  ළමුන් 53 ක් සිටින බවත්   එසේ නම් තමාගේ  රියදුරාගේ ළමයා  ඇතුලත්  කරගත යුතු බවත්  කිර්ති තෙන්නකෝන් ආණ්ඩුකාරයා මාධ්‍ය වලට  කියා  තිබුණි .


වෙනත් වචනවලින් කියතොත් චක්‍ර ලේඛ කුණු කුඩයට දමා ආණ්ඩුකාර උතුමාගේ  රියදුරාගේ දරුවා පාසලට ඇතුලත් කළ යුතුය 


ඉන්පසු ගාල්ලේ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ පළමු ශ්‍රේණියට  ළමුන් 4 දෙනෙකු ඇතුලත්  කරන  ලෙස එහි විදුහල්පතිනියට  තර්ජනය  කර තිබෙන අතර ඇය ඒ සම්බන්ධයෙන් පොලිසියට  පැමිණිල්ලක් කර තිබේ  අලුත්ම වාර්තාවලට අනුව එම පැමිණිල්ල  ගැන විභාග නොකරන ලෙස ඇය පොලිසියෙන් ඉල්ලා තිබේ .ඇය එසේ  කරන්නට ඇත්තේ කවුරුහෝ ඇයවැ බියගැන්වූ නිසාද?


ඊයේ ( මාර්තු 4 ) රැස්වීමකදී  විමල් විරවංශ  භාෂාවෙන් කතා   කළ ආණ්ඩුකාරයා "මේ පුණ්‍ය භුමියේ සිට  මං කියනවා. හාමුදුරුවනේ,  මට මේ සටන කරන්න  බැරිනම්  මමං ආණ්ඩුකාරකමෙන්  ඉල්ලා අස්වෙනවා ."


ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ප්‍රකාශයක් කරමින් දකුණේ ආණ්ඩුකාරයා  විදුහපතිවරුන්ට තර්ජනය  කිරීම  හෙලා දැක තිබේ .


කීර්ති තෙන්නකෝන් මහතා ඉස්සර කැෆේ  (Campaign for Free and Fair Elections )  නැමති මැතිවරණ නිරීක්ෂණ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයාය .මැතිවරණ  නිරීක්ෂණ සංවිධාන මෙහෙයවන්නෝ දේශපාලනය  කරන්නේ  නැත .ඔහු ඉන්පසුව මොකක් හෝ අල්ලාගෙන  රනිල් ට දිනපතාම  බනින මහරාජාගේ  සිරස මාධ්‍යජාලය හා එක්ව කිලි මහාරාජාගේ දේශපාලන ව්‍යාපෘතියේ   කොටස් කරුවෙකු විය .කිලි මහරජාට නීති විරෝධී අන්දමින් ගුවන් විදුලි සංඛ්‍යාත දීමට  සිරිසේන ජනාධිපතිවරයා  කටයුතු  කර තිබෙන බවට චෝදනාවක්ද එල්ල වී තිබේ .


කිලි මහරාජා තම සිරස  මාධ්‍ය  ජාලය මෙහෙයවන්නේ තම දේශපාලන උවමනාවන් වෙනුවෙන් බව දේශපාලනය දන්නා අය දනිති .තමන්ගේ කීම අසන මන්ත්‍රීවරු සහ ඇමතිවරු පත්කරගැනීමට ඔහුට උවමනා  කර තිබේ සජිත් ප්‍රේමදාස  මහතා අනාගත  ජනාධිපතිවරයා  කරගැනීම ඔහුගේ එක අරමුණකි .සිරස ප්‍රවෘත්ති ප්‍රකාශ වල සජිත්ගේ කතාවක් නැති දිනයක් නැති තරම්ය . බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතාද සිරසට පැමිණ  නිතර නිතර  කතා  කරන  අයෙකු වුයේ ඉබේ නොවේ . කිලිමහරජාගේ දේශපාලන ව්‍යාපෘතිය අනුවයයි අනුමාන කිරීම සාධාරණය  . දැන් කිලිමහාරාජාට ආණ්ඩුකාරයන් දෙදෙනෙකුද ,ජනාධිපතිවරයෙකුද ,අනාගත  ජනාධිපති අපේක්ෂකයෙකුද තවත් දේශපාලකයන් කීප දෙනෙකුද සිටින  බව ඇතැමෙකු කියති  .



Image result for KIRTHI TENNAKON CAFFE


 

විදුහල්පතිවරු/වරියන්  අල්ලස්ගෙන ළමුන් පාසල්වලට ඇතුලත් කරගන්නා  බවට  ආණ්ඩුකාරයා  කරන  චෝදනාව ඇත්තක්ද ?


ආණ්ඩුවේ ඇතැම්   ශේෂ්ත්‍රවල අල්ලස් ගැනීම ජයට සිදුවන අතර    විදුහල්පතිවරුන් ගෙන් ඇතැමෙකු  අල්ලස් ගන්නා  බව  ඇත්තය  .අල්ලස්  ගන්නා අවස්ථාවලදී ඇතැම් විදුහල්පතිවරු අල්ලස් නිලධාරීන් විසින් අල්ලාගෙන තිබේ . ජනාධිපති කාර්යාල  ප්‍රධානියාම අල්ලස් ගන්නා විට අසුවූ  කොට තවත් කුමන  කතාද ?   පොලිසිය,  රේගුව, මෝටර් රථ දෙපාර්තමේන්තුව පගා  ගැනීමේ ඉහලම ස්ථාන  දරන  ආයතන  වේ.  අල්ලස් ගන්නා  ප්‍රධාන ආයතනය බවට කලක්  පාසලද   පත්ව තිබුණේය .


පාසලට ආසන්න ඇතැම් දරුවන්  පාසලට ඇතුලත් නොකොට දුර බැහැර ළමුන් පාසලට ඇතුලත්  කරගන්නේ  පගාවටමද ? දකුණේ ආණ්ඩුකාරයාගේ කතාව අනුව නම් මිනිස්සුට  හිතන්නේ එසේය.

එහෙත් එය සියයට සියක් ඇත්ත නොවේ.


Image result for KIRTHI TENNAKON GOVERNOR



දුර බැහැර  ළමුන් පාසලේ පළමු ශ්‍රේණියට ඇතුලත්  කරගන්නේ වාර්ෂිකව නිකුත් කරන  චක්‍ර ලේඛය අනුවය  එම චක්‍ර ලේඛයට අනුව  පදිංචිය පදනම් කරගෙන  පළමු ශ්‍රේණියට බඳවා ගන්නේ  සිසු සංඛ්‍යාවෙන්  50% ක් පමණි .


පදිංචිය මත ළමුන් ඇතුලත් කිරීමේදී දෙමාපියන් යම් තැනක   පදිංචි  කාලය  චන්ද ලේඛන මගින් ඔප්පු කළ යුතු අතර  ඔවුන්ට  පදිංචි ස්ථානයේ ඇති අයිතිය  ඔප්පු තිරප්පු ආදියෙන් ඔප්පු  කළ  යුතුය. එහිදී අවුරුදු පහක් හෝ ඊට වැඩි වීම  මත ප්‍රමුඛත්වය  හිමිවේ .පදිංචිය මෑතකදී සිදුවී නම් පාසලට අල්ලපු වැටේ සිටින දරුවාද එම පාසලට ඇතුලත්  නොකර ගැනීමට  ඉඩ තිබේ.


අල්ලපු වැටේ සිටින දරුවාට ආසන්න පාසලට ඇතුළත්වීමට ඉඩ නොලැබෙන තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ආදී ශිෂ්‍යයන් වන්නි හත්පත්තුවේ  පදිංචිව සිටියත් ,තුත්තුකුඩියේ පදිංචිව සිටියත්  ඔවුන්ට  25% ක්   කෝටාවක් වෙන් කර ඇති නිසාය . ඒ අනුව පියා  කොළඹ නාලන්දා විද්‍යාලයේ  ඉගෙන  ගත්තේ  නම් ඔහුගේ පදිංචිය මහියංගනයේ වුවත් ඔහුගේ දරුවන්ට නාලන්දා විද්‍යාලයේ ඉගනීමට අවස්ථාව බොහෝ දුරට  හිමිවේ . 


මෙය ඉතා අයුක්ති සහගත  බැවින් අධ්‍යාපන අමාත්යංශය වරක් එම කෝටාව අඩු කළ අතර  කොළඹ පාසලක ආදී ශිෂ්‍ය සංගමයක් ඊට එරෙහිව ශේෂ්ඨාධිකරණයට ගියේය  එවක අග විනිසුරුවූ සරත් නන්ද සිල්වා  ආදී ශිෂ්‍ය සංගමයේ ඉල්ලීමට මුළුමනින්ම එකඟ වෙමින් පළමු ශ්‍රේණියට ඇතුලත් කරගන්නා සිසු සංඛ්‍යාවෙන්  25% ක් ආදී ශිෂ්‍යයන්ගේ දරුවන්ට වෙන් කළ යුතු බවට කැකිල්ලේ තීන්දුවක් දුන්නේය .අධ්‍යාපන අමාත්‍යංශයට මේ නිසා එම කෝටාව දිගටම  පවත්වාගෙන  යාමට සිදුවී තිබේ .


15% කෝටාවක් සහෝදර පදනම  මත වන් කර තිබෙන අතර මේ නිසා පාසලේ ඉගෙනගන්නා සිසුන්ගේ සහෝදර සහෝදරියනට  පාසලට වාසි දායක පදනමක් ගොඩ නැගී තිබේ. අල්ලපු වැටේ පොඩි එකාට/එකියට පාසලේ ගේට්ටුව වැසීමට එයද මග  පාදා  තිබේ  .

අධ්‍යාපන ශේෂ්ත්රයේ දෙමපියන්ගේ දරුවන්ටද 5% ක කෝටාවක් චක්‍රලේඛයෙන් වෙන්කර තිබේ. එයද අල්ලපු වැටේ දරුවාට අසාධාරණයක්යයි පාසල් අසල සිටින්නෝ කියනු නිසැකය 


ක්‍රියාන්විත සේවයෙ නියුක්ත හමුදාවල සහ පොලිසියේ සාමාජිකයන්ගේ දරුවන්ටද කෝටාවක් වෙන් කර තිබේ .යුද්ධයක් නැතත් 2019 වසරේදීද  මේ කෝටාව වෙන් කර ඇත  .ඒ අනුව පළමු ශ්‍රේණියේ සෑම සමාන්තර  පංතියකටම නැති ක්‍රියාන්විත සේවාවක නිලධාරීන්ගේ දරුවන්  5 බැගින් ඇතුලත්  කර ගැනීමට විදුහල්පතිවරුන්ට සිදුවී තිබේ  .


පළමු ශ්‍රේණියට ඇතුලත් කරගත  හැකි උපරිම සිසු සංඛ්‍යාව 37 ක් වුවද ඇතැම්  පාසල්වල පළමු ශ්‍රේණියේ සිට  ඉහල ශ්‍රේණිවල සිසුන් 50 ඉක්මවා සිටිති . මෙසේ වී තිබෙන්නේ විදුහල්පතිවරු  පගා  ගැනීම නිසා යයි ඇතැමෙකු සිතිය හැක එහෙත් එයට  ප්‍රධානම  හේතුව වන්නේ  දේශපාලන  බලපෑම් මත අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහල නිලධාරීන් විසින් මෙන්ම ආණ්ඩුකාරයන්ගේ ලිඛිත  නියෝග  මත පාසලට සිමාව  ඉක්මවා ළමුන්  ඇතුලත්  කිරීමට විදුහල්පතිවරුන්ට සිදුවී තිබිමය  .


දකුණු පළාතේ ආණ්ඩුකාරයාට  යකා  නැග්ගේ චක්‍ර ලේඛණ බල්ලට දමා  තමාගේ නියෝග අනුව සිසුන් බඳවා  ගන්න ලෙස  කරන  ලද නියෝග විදුහල්පතිනියන්  දෙදෙනෙකු ප්‍රතික්ෂේප කිරීම නිසාය .කිසියම් පාසලක්  ජාතික  පාසලක් වන විට එයට  නියෝග නිකුත් කිරීමට පළාත් ආණ්ඩු කාරයට  බලයක් නැත.ඔහුට නියෝගයක් නිකුත් කළ හැක්කේ ඔහු යටතේ තිබෙන පළාත් සභාවට අයත්  පාසල්වලට  පමණි .ආණ්ඩුකාර කිර්ති තෙන්නකෝන්  චන්ඩි පාට් දැමු විදුහල්පතිනියන් දෙදෙනා සේවය  කරන ගාල්ලේ අනුලාදේවි පාසල සහ සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලය  යන දෙකම  ජාතික  පාසල් වේ.


කෙසේ වෙතත් කිර්ති තෙන්නකෝන් මහතාගේ අනාගත අභිප්‍රාය වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වීම සාර්ථක වේවායි මේ ලේඛකයා ප්‍රාර්ථනා  කරන අතර  පොහොට්ටු දේශපාලකයන් භාවිතා  කරන වාග්මාලා ඔහුද භාවිතා  කරන්නට  පටන්ගෙන තිබෙන බැවින් ගාල්ලේ චන්දදායකයන් රවටා  ගන්නට  ඔහුට අමාරු  නොවනු ඇත .  ඔහු චන්ද ව්‍යාපාරයේ නියුක්තවන විට එය නිරීක්ෂණය  කරන්නට  ඔහු හැදු කැෆේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයද ගෙන්වා  ගැනීමද නරක නැත .








Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා