Skip to main content

Posts

Showing posts from February, 2019

ඉන්දු ලංකා ගිවිසුමෙන් ඊළම හැදුනාද?

         1987 ජුලි 29 ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන සහ ඉන්දීය අගමැති රජිව් ගාන්ධි කොළඹදී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් තැබුවේය .එවැනි ගිවිසුමකට එළඹීමට ලංකාවට සිදුවුයේ උතුරේ සහ නැගෙනහිර දෙමල සංවිධාන රැසක් ආණ්ඩුවට එරෙහිව සන්නද්ධ අරගලයක නිරතව සිටි නිසාය . එය මර්ධනය කිරීම සඳහා ජේ,.ආර් නොකළ දෙයක් නැත එහෙත් එය පාලනය කළ නොහැකි විය ජේ ආර් ඇමරිකාවෙන් උදව් ඉල්ලු විට ඇමරිකාව ඔහුට කිවේ ඉන්දියාව සමග ප්‍රශ්නය විසඳාගන්නා ලෙසය . ඉන්දියාව උතුරේ සංවිධානවලට උදව් කළේ හේතු දෙකක් නිසාය ජේ ආර සහ ආර් ප්‍රේමදාස ඉන්දියාවට විරුද්ධව ඇමරිකාවට පක්ෂ විදේශ ප්‍රතිපත්තියක් ගෙන යාම එක හේතුවකි ඕනෑම රටක් තම අසල්වැසියා සතුරු පිල සමග එකතුවීම ඉවසන්නේ නැත සතුරාට කෙනිත්තිමට මගක් සොයමින් සිටි ඉන්දියාවට කදිම අවස්ථාවක් ආණ්ඩුවේම ජාතිවාදී පිරිස සොයා දුන්නේය . ඒ 1983 කළු ජුලියයි. ඉන්දියානු ආණ්ඩුව වහාම මේ ප්‍රශ්නයට මැදිහත්විය .තමිල් නාඩුවේ කෝටි පහමාරක දෙමල ජනකායක් සිටි බැවින් ඉන්දියානු මධ්‍යම ආණ්ඩුවට නිහඬව සිටිනු ඇතැයි අපේක්ෂා කළ නොහැක . උතුරේ හමුදා ප්‍රහාර නිසාද කළු ජුලිය නිසාද ලක්ෂ දෙකකට ආසන්න දෙමල මිනිසුන් ආරක්ෂාව සඳහා තමිල් නඩුවට පැ

ISIS සංවිධානය ලංකාවේ කුමන්ත්‍රණයක් අරඹලා ?

                 මුස්ලිම් මීහරක් තරුණයෝ කීප දෙනෙක් පසුගිය දවස්වල හිංගල බහුජ්ජයන්ව අවුස්සගන්න විවිධ දේ කරා .එකක් තමා බුදුපිළිම වලට හානි කිරීම .ඊළඟට අම්පාරේ නටබුන් චෛත්යකට නැගල පින්තුර ගත්ත .දැන් ඔන්න තවත් පිංතුරයක් ඇවිල්ල. ඒක මිහින්තලේ චයිත්යක් වගේ පේන ගඩොල් ගොඩක් උඩ කොල්ලෙක් නැගල ඉන්න පිංතුරයක් .ඒක උඩ ඉන්න එකා සිංහලද දෙමළද මුස්ලිම් ද කියල හොයාගන්න විදිහක් නැහැ .හෙළුවෙන් හිටියනම් බලාගන්න තිබුන තොන්ගලේ කපලද කියල  මේ පිංතුරය පලකරලා තිබුණෙත් අපේ ෆේස්බුක් මුස්ලිම් මිතුරෙක් ඔහු මේ ක්‍රියාව හෙලා දැකලයි පලකරලා තිබුණේ. මාවනැල්ලේ බුදුපිලිමවලට හානි කරලා තිබුණු කොල්ලෝ කීප දෙනා පල්ලියෙනුත් දොට්ට දාල කියල තමා කිරිඇල්ල ඇමති නම් කිව්වේ.මම දන්නේ නැහැ ඒක ඇත්තද නැත්තද කියල .කොහොම උනත් මුස්ලිම් අන්තවාදී සංවිධානයක කුමන්ත්‍රණයක් තියෙනවා කියල නම් හිතා ගන්න පුළුවන් . LTTE සංවිධානය අනුගමනය කරපු එක උපක්‍රමයක් තමා දෙමල මිනිස්සුන්ට සිංහල මිනිස්සු ලවා ගස්සවගන්න සිංහල ගම්මානවල මිනිස්සුන්ව කපා කොටා දැමීම .අරංතලාවේ භික්ෂු ඝාතනයත් එහි කොටසක් .නමුත් 83 අහිංසක දෙමල මිනිස්සුන්ට ගහපු සහ ගස්සපු අවජාතක බල