Skip to main content

ඥානසරට සමාව දීම හෙවත් බෙල්ල කපා ගැනීම

Image result for gnasara address people

      එන පෙබරවාරි 4 වෙනිදට යෙදෙන ජාතික නිදහස් දිනයේදී ඥානසාරට නිදහස දෙන්නට  යන  බව ට ආරංචි  පැතිරෙමින් පවතී .මේ වන විට අස්ගිරි මල්වතු ඇතුළු සෑම නිකායකම නායක උන්නාන්සේලා  එවැනි ඉල්ලීමක් කර ඇති බව  කියවේ .එයට අමතරව  ආණ්ඩුවේ බුද්ධ සාසන ඇමති ද එම ඉල්ලීමම කළ බව දැනගන්නට ඇත  .


   ඥානසාර  හිරේ ගියේ අවුරුදු හයකටය. චෝදනා  හතරකට වැරදි කරු කරමින් අවුරුදු 19 ක  බරපතල වැඩ සහිත හිර දඬුවම් නියම කළ අතර එම දඬුවම අවුරුදු හයකින් ගෙවී  යන ලෙස  2018 අගෝස්තුවේදී අභියාචනාධිකරණය ඒකමතික තීන්දුවක් දුන්නේය .


 දඬුවම් කිරීමට හේතු වුයේ  හෝමාගම මහේස්ත්‍රාත්  උසාවියේදී මහේස්ත්‍රාත්වරයාට විරුද්ධව  කෑගසමින් උසාවියට අපහස  කළ බවට අභියාචනාධිකරණය නිගමනය  කළ නිසාය  . ඥානසාර  2016 දිනක විනිසුරුවරයාට විරුද්ධව  උසාවිය තුලදී කෑගැසුවේ  ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කලබවට චෝදනා  ලැබූ හමුදා  නිලධාරීන්ට ඇප දීමට  මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කිරීම නිසාය .


Sandhya and Sanjaya Eknaligoda hold pictures of Prageeth Eknaligoda during a recent demonstration




 ඉහත නඩු  තීන්දුව  දීමට  මාස දෙකකට  පෙර එනම් 2018 ජුනි මාසයේදී  හෝමාගම අධිකරණය  ඥානසාරට  මාස  හයක බරපතල සිරදඬුවමක් නියම කළේය .එයට හේතුව වුයේ ප්‍රගීත් එක්නැලිගොඩ ගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට හෝමාගම අධිකරණ භුමිය තුළදී තර්ජනය  කිරීමය . එම තීන්දුවට එරෙහිව අභියාචයක් ඉදිරිපත්  කළ අතර එය තවමත්  විභාග  කර නැත . 


අවුරුදු හයකට හිරේ ගිය ඥානසාරට නිදහස්  කරන්නට සුදානම් වන්නේ මාස  හයක් වත් හිර දඩුවම විද නැති අවස්ථාවකය  .


ඥානසාරට සමාව දී  නිදහස්  කිරීමේ බලය ඇත්තේ  ජනාධිපතිට  පමණය. එය  ඔහු  කරන්නේ  නම් ඒ දේශපාලන වාසියක් බලාගෙන බව අපට නම් හිතේ  . ඔහු නිදහස්  කළ විට   හාමුදුරුවරු  සහ බෞද්ධයන්  පෝලිමේ ඇවිත් ඔහු යලිත් ජනාධිපති  කරනු ඇතැයි ඔහු සිතාගෙන සිටිනවා විය හැක  .


නමුත් ඥානසාරගේ බොදු බලය දියවී ඇති සංවිධානයකි . හුදු කල්ලියක් පමණක් වන මෙම සංවිධානය උස්සන්නට දගලන්නේ සිවුරු දාගත්  තුන් හතර දෙනෙකු පමණි .


ඥානසාර වීරයෙක් ලෙස  පෙනෙන අයගේ  චන්දය  ලැබෙන්නේ සිරිසේන මහතාට නොව  රාජපක්ෂ පවුලේ අයෙකුටය. සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ විට  මහින්ද ඔහුට සහය දෙන  බවට ආරංචියක් පැතිරීම නිසා දැනටමත් පොහොට්ටුවේ ප්‍රමුඛයන් එයට විරුද්ධත්වය  ප්‍රකාශ  කර තිබෙන අතර පොහොට්ටු අපේක්ෂකයෙකු ජනාධිපතිවරණයට  ඉදිරිපත් කළ යුතු බවට ඔවුන් කියා තිබේ . එවැනි පසුබිමක් තුළ පොහොට්ටුවෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට තිබෙන ඉඩ  කඩ වැඩිය .


2014 ජුනි මාසයේදී අලුත්ගම, බේරුවල සහ දර්ගා   ටවුමේ  ඇතිකළ ගැටුමේදී  මුස්ලිම් මිනිසුන් කීප දෙනෙකු මරා දැමු අතර 80 ක් පමණ තුවාල ලැබුහ .  ඔවුන්ගේ  කඩ සාප්පු සහ නිවෙස් වලට  පහර දුන් අතර  ඔවුන්ගේ දේපොළ  කොල්ල  කනු ලැබිණ . එම භීෂණයෙන් අනාථවූ සංඛ්‍යව 8000 කි .එම  කෝලාහලය ඇරඹුණේ ඥානසාර විසින්  ජුනි 15 වනදා අලුත්ගම  රැස්වීමක් පවත්වා මුස්ලිම් විරෝධී කතාවක් පැවැත්වීමෙන් පසුවය ඉන්පසු බොදුබල සේනාවට සම්බන්ධ පිරිස් දර්ගාටවුම හරහා  මුස්ලිම් විරෝධී සටන් පාඨ  කියමින් පෙළපාලි ගිය අතර  පසුව එය දෙපාර්ශවය  අතර සටනක් ඇතිවිය  කිසියම් පිරිසක් වෙඩි තැබීම නිසා මුස්ලිම් ජාතිකයන් තිදෙනෙකු මිය ගියහ. මංකොල්ල කෑම් කරන  ලද්දේ  විශේෂ  කාර්ය  සාධන  පොලිසිය  බලා සිටියදීය .



Related image



එකළ ආරක්ෂක ලේකම් වූ ගෝටාභය ඥානසාරගේ ගජයෙකු විය .ගින්න ඇවිලිමේ  ප්‍රධානියවූ  ඥානසාර හෝ ඔහුගේ සගයන් කිසිවෙකු රාජපක්ෂ ආණ්ඩුව අත්අඩංගුවට ගත්තේ නැත .රාජපක්ෂ ආණ්ඩුව ජුනි 20 දින  ජිනීවා මානව  අයිතීන් සභාවේදී  කියා සිටියේ එම ගැටුමට වග කිව යුත්තේ මුස්ලිම් ජාතිකයන් බවය .චම්පික රණවක ඇතුළු ජාතික හෙළ උරුමය වරද  පැටවුවේ ඇමරිකාවටය .


එකළ ඥානසාර කියාසිටියේ තමන් මේ රටේ පොලිසිය බවය ඔහුට එම හය්ය දුන්නේ  ගෝටාභය  බවට කිසිදු සැකයක් නැත .



Image result for GNANASARA WITH GOTABAYA


ජුනි 21  වනදා පානදුරේ NO LIMIT රෙදිපිළි වෙළද සලට ගිනි තැබීම නිසා රු මිලියන  400  අලාභයක් එයට සිදුවිය .එම ආයතනය  මුස්ලිම් ජාතිකයනට අයත් විය . එම වෙළද ආයතනයට පෙට්‍රල් බෝම්බ  ගසනු කිහිප දෙනෙකු දැක තිබිණ.  එහෙත් අත් අඩංගුවට  ගත් කෙනෙක් නැත . ඉන් පසුවද  තැන තැන ඥානසාර ත්‍රස්ත  කල්ලිය මුස්ලිම් විරෝධී ක්‍රියා  කළහ .


Image result for No Limit shop fire in Panadura



එහෙත් රාජපක්ෂ ආණ්ඩුව ඔවුන් ආරක්ෂා කරනු ලැබිණ .එයට හේතුව වුයේ ජාතිවාදය ඇවිස්සීම තුලින් සින්හල චන්ද ගෝනි ගණනින්  ලබාගෙන 2015 යලිත් බලයට  පත්වීමටය 


රාජපක්ෂ 2015 දී පරාජය වීමට  මෙම සිද්ධි ප්‍රබල ලෙස  බලපෑවේය මුස්ලිම් ජනයාගේ අතිබහුතරය මේ නිසා රාජපක්ෂට චන්දය දුන්නේ  නැත .


ඉකුත් ඔක්තෝම්බර් 26 වෙනි දින කුමන්ත්‍රණයක් හරහා රාජපක්ෂ අගමැති කළද  ඔහුට සහය දෙන්නට  මුස්ලිම් සහ දෙමල ප්‍රජාවගේ දේශපාලන  පක්ෂ ඉදිරිපත් නොවුයේ මුස්ලිම් සහ දෙමල විරෝධී බලවේග  බොහොමයක් සිටින්නේ රාජපක්ෂවරු සමග බව ඔවුන් දන්නා නිසාය 


සිරිසේන ජනාධිපතිවරයා  ඥානසාර නිදහස්  කරනු ලැබුවහොත් මුස්ලිම් මිනිසුන්ගේ  පිළිකුල  ඔහු වෙත එල්ල වනු ඇත . එමෙන්ම දෙමල ජනයාද එය වැරදි ක්‍රියාවක් ලෙස  දැකීමට බෙහෙවින් ඉඩ තිබේ. මධ්‍යස්ත සිංහල මිනිසුන්ද  එයට  කිසිසේත් එකඟ නොවනු ඇත .


පොහොට්ටු  පාක්ෂිකයන්ගේත් , එක්සත් ජාතික  පාක්ෂිකයන්ගේත්  කිසිදු සහයක්    නොමැති කළ ,  2015 දී  සහය දුන්  ප්‍රබුද්ධ ජනයාගේ සහයද නොමැති කළ සිරිසේනට යලි චන්දයකින් ජනාධිපති වීම දවල් හීනයක් හැර වෙනත් කුමක්ද ?    ඥානසාර නිදහස්  කර සිංහල බෞද්ධ චන්ද ආකර්ෂණය කර ගැනීමට හැකිවේ යයි  සිරිසේන සිතිම  අංක එකේ මෝඩකමක් බව අමුතුවෙන් කිව යුතුද?


සිරිසේන යනු අංක එකේ මෝඩයෙක්ද කියා  පෙබරවාරි 4 අපට බලාගත හැකිවෙනු ඇත .









Comments

Oscarofrp said…
Great readinng your blog

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා