Skip to main content

මුස්ලිම් සමාජයට අභියෝග කළ සවුදි කෙල්ල

                                              රහාෆ් මොහමඩ් අල්ඛනුන් 

    

ඇගේ නම රහෆ් මොහමඩ් අල්ඛනුන්  ය. වයස අවුරුදු 18 කි.ඇයට සහෝදර සහෝදරයන් 9 දෙනෙකි .උපන්නේ සවුදි අරාබියේය. සවුදියේ  කාන්තාවන්ට  නිදහසක් නොමැතිවුයෙන් එයින් මිදී වෙනත් රටකට  පැනගොස් නිදහසේ ජීවත් වීමට ඇයට අවශ්‍ය විය . එහෙත් එසේ  පැනයාමට මෙයට පෙර උත්සහ  කළ තරුණියන්ට සවුදි ගුවන්තොටුපොලකින්  පිටවීමට ඉඩ ලැබුනේ නැත .  එයට හේතුව  සවුදි කාන්තාවන්ට තනියෙන් ගමන් යාමට  එහි ඉඩ නැති නිසාය .


පසු ගිය දිනක  ඔහුගේ  පවුලේ අය ඇයත්  සමග  කුවේටයේ සංචාරය  කළහ. තම සැලැස්ම  ක්‍රියාත්මක කිරීමට තීරණය  කළ ඇය ඔස්ට්‍රේලියාවට  පැනයාමට ගුවන් ටිකට්  පතක් රහසිගතව  මිලදී  ගත අතර  වහාම ගුවන් තොටුපොළට ගිය ඇය බැංකොක්  හරහා ඔස්ට්‍රේලියාවට යාමට  ගුවන්  යානයකට ගොඩ වුවාය  . ජනවාරි 5 ඇය බැංකොක් ගුවන් තොටුපලට  පැමිණි නමුත්  එහි සවුදි තානාපතිවරයා ඇගේ  ගමන් බලපත්‍රය  බලහත්කාරයෙන් ගත් බැවින් ඇයට  ඉන් ඉදිරියට  ගමන් කිරීමට  නොහැකි විය .

  තායි බලධාරීන් ඇය තොටුපොළේ  හෝටල් කාමරයකැ  රැඳවු පසු  ඇතුලෙන් අගුලු දාගත් ඇය දොර  බලෙන්  විවුර්ත   කිරීම වැලක්වීමට  කාමරයේ තිබු ඇදන් සහ අනෙකුත් ගෘහ භාන්ඩ දොරට  හිර කොට , සමාජ මාධ්‍ය  මගින් තමන් ට  පවුලේ අය  කරන හිරිහැර ගැනත්, බලහත්කාරයෙන් ඇය ආපසු යවනු ලැබුවහොත් පවුලේ අය ඇය  මරා දමනු ඇති  බවත්   කියා සිටියාය. එබැවින් ඕස්ට්‍රේලියාවේ  හෝ වෙනත්  බටහිර රටක රැකවරණය  ලබා දෙන   ලෙස ඉල්ලා  සිටියාය.



Image result for rahaf mohammed al qanun

                    කාමරය  තුලට වී twitter  මගින්  ලෝකයේ  පිහිට ඉල්ලන අයුරු 

ඇය ආපසු යැවීමට  බැංකොක් බලධාරීන් සුදානමින් සිටියත් එක්සත් ජාතීන්ගේ සරණාගත සංවිධානයත්, අන්තර්ජාතික මානව හිමිකම් සංවිධානයක් වන  Human Rights Watch  සංවිධානය ඇයට පිහිට වීමට  ඉදිරිපත් වීම නිසා  ඇය ආපසු නොයැවීමට තායිලන්තය  තීරණය  කළේය  .



Image result for rahaf mohammed al qanun

    එක්සත් ජාතීන්ගේ සරණාගත ආයතනයේ නියෝජිතයා සහ තායි බලධාරීන් සමග 

 

ඉන්පසු එක්සත් ජාතීන්ගේ  සරණාගත සංවිධානය ඇයට බැංකොක් නගරයේ තවකාලික නවාතැන් සැපයු අතර ඇය පවුලේ අය අත් හැර  යාමට  හේතු විමසුහ.

 

ඇය තම  කොණ්ඩය  කොටට  කැපීම නිසා  පවුලේ සාමාජිකයන් ඇය  කාමරයකට දමා  මාස  හයක් හිරකර තැබූ බවත් එම  කාලය තුල ඇයට  කායිකව සහ මානසිකව  හිරිහැර  කළ බවත් ඉතා  සුළු දෙයටත්  තමා  මරා  දමන  බවට  තම  පවුලේ අය  තර්ජනය  කරන බවත්  කියා සිටියාය . තම පවුලේ අය සවුදි අරාබියේ  බලවත් පවුලක් බව ඇය  කි නමුත් ඔවුන් කවුදැයි ඇය මාධ්‍යවලට  හෙළි කොට   නැත . ආපසු ගියහොත් නොවරදවාම  ඔවුන් ඇයව  මරා  දමනු ඇතැයි ඇය තව දුරටත්   කියා සිටියාය  .


ඇය  කොහේ ගියත්  ඇයව පැහැරගෙන  ආපසු ගෙනියන බවට සවුදි බලධාරීන් සහ කුවේට් ගුවන් සේවයේ නිලධාරීන් දැනටමත්  තර්ජනය  කර ඇති බව  වැඩි දුරටත් අල් ඛනුන් කියා තිබේ .


මේ අතර ඇය රැගෙන  යාමට  ඇගේ  පියා  බැංකොක් නගරයට  පැමිණියත් ඇය  මුණගැසීමට තායි බලධාරීන් ඔහුට  ඉඩ දුන්නේ  නැත .


 ඇගේ  ඉල්ලීම  අනුව ඔස්ට්‍රේලියාව ඇයට සරණාගත තත්වය  දිය යුතුද නැද්ද  කියා එහි ආණ්ඩුව  සාකච්චා  කරමින් සිටින අතර  තුර  කැනඩාව ඇය  භාරගැනීමට කැමැත්ත  ප්‍රකාශ  කළේය.  එය  භාරගැනීමට අල් ඛනුන්   වහාම කැමැත්ත  ප්‍රකාශ  කළාය .


Image result for rahaf mohammed al qanun

                                                   කැනඩාවට පැමිණ  


ඒ අනුව  ඇය සිකුරාදා   (11 ) රාත්‍රී කැනඩාව  බලා  යාමට ගුවන් යානයකට ගොඩ වුවාය . ඇය ගුවන් තොටුපොල වෙත  කැඳවාගෙන ගියේ  තායිලන්තයේ කැනඩා තානාපතිවරයා විසිනි .  බුර්කාව විසි කොට තායිලන්තයට  පැමිණි ඇය, කොට සායක් හැඳ කැනඩාවේ ටොරොන්ටෝහි පියර්සන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට  ඇය ගොඩ බට  විට  කැනඩාවේ විදේශ ඇමතිනි ක්‍රිස්ටියා ෆ්රීලන්ඩ්  මල්  දී  ඇය සාදරයෙන් පිළිගනු ලැබුවාය 

Image result for costi in caNADA

                                     

                               කැනඩා විදේශ ඇමතිනිය ඇය පිළිගනිමින් 


කැනඩාවේ දී   කරන  පළමු කාර්යය  ඉංග්‍රීසි ඉගැනීම බව  ඇය  කිවාය. ඇයට දැනටමත් සැලකිය යුතු  ඉංග්‍රීසි දැනුමක් තිබේ .

  Image result for costi in caNADA


කැනඩාවේ සරණ ලබා දීමට එහි ආණ්ඩුව  තීරණය  කළ බැවින් වසරක් යනතුරු ඇයට ආණ්ඩුවේ  උදව් උපකාර ලබා ගත  හැක .ඒ අතර COSTI    නැමති රාජ්‍ය නොවන  සංවිධානයක් විසින් ඇයට අවශ්‍ය අනෙකුත් උපකාර  ලබා දීමට ඉදිරිපත්ව සිටි .දැනට ආරක්‍ෂිත ස්ථානයක නවාතැන් ගෙන  සිටින ඇයට ස්ථිර  නවාතැනක් සොයා දීමට ඔවුන් කටයුතු කරන බව  කියා තිබේ.




        

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා