Skip to main content

සිරිසේන අඩි හයේ වල කපාගනී




       ඇතිවී තිබෙන්නෙ බරපතල දේශපාලන  අර්බූදයකි එය ආර්ථික අර්බූදයක් දෙසට ගමන් කරමින් තිබේ.සෑම පැයකම දේශපාලන  අර්බූදය උග්‍ර අතට හැරෙමින් තිබේ.එය ලේ ගැලීම දක්වා පැතිරෙමින් යයි. තව මිනිස් ජීවිත ගණනාවක් බිලිගනු ඇත.


මේ අර්බූදය ඇරඹුනේ රාත්‍රි කාලයේ රහසිගතව අගමැති ලෙස මහින්ද  රාජපක්ශ  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාය.

එහෙත් මේ මොහොත වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට බහුතර මංත්‍රිවරු  පිරිසක් සහයෝගය ප්‍රකාශ  කර තිබේ ඔවුන් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කථානායකවරයා ට භාරදීමට යනබව වාර්තාවී තිබේ.  ඔහුට සහය දෙන මංත්‍රි සංඛ්‍යාව  125 ඉක්මවා තිබෙනබව පෙනේ.


 එක්සත් ජාතික පක්ශයේ  මංත්‍රිවරු  පිරිසක් ජනාධිපති ට සහය දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ශා කර තිබූ නමුත් එම බලාපොරොත්තු කඩවෙමින් තිබේ. ආනන්ද අලුත්ගමගේ  මංත්‍රිවරයා හැර අන් සියලුම එජාප පෙරමුනේ මංත්‍රිවරු  රනිල් වටා රැස්වී ඔහු ආරක්ශා කිරිමට ඉදිරියට පැමින සිටී.


දැන් සිදුවෙමින් තිබෙන්නේ ජනාධිපති වරයා කිසිසේත්ම අපේක්ශා  නොකල  පෙරලියකි.ඔහුගේ පක්ශයේ  ප්‍රධාන  සංවිධායක  වන දුමින්ද දිසානායකද ඇමතිවරයා ද අරලියගහ මංදිරයට ගොස් රනිල්ට සහය පළකොට තිබේ.   අඩු වශයෙන් තවත් ශ්‍රිලනිප මංත්‍රිවරු පස් දෙනෙකු රනිල්ට සහය දීමට සූදානම් බව පෙනේ   .ඊට හේතුව වී තිබෙන්නේ මහින්ද  අගමැති වනු දැකීමට ඔවුන් අකමැති වීමයි. මේ මෙහෙයුම පිටුපස සිටින්නේ චන්ද්‍රිකා  කුමාරතුංග  බව පෙනේ


මේ අතර පාර්ලිමේන්තුව වහා කැදවන ලෙස පක්ශ ගනනාවක නායකයන් විසින් කථානායකවරයාගෙන් ඉල්ලා තිබේ. ඒ අතර ඇමරිකානු රාජ්‍ය  දෙපාර්තමේන්තුව  ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් වහාම පාර්ලිමේන්තුව කැදවන ලෙස ඉල්ලා ඇත.


එහෙත් එම ඉල්ලීම්වලට සවන් දීමට ජනාධිපති වරයා සූදානම්  බවක් පේන්නේ නැත. ඔහු ඒ වෙනුවට රාජපක්ශ බලවත් කිරීමට කටයුතු කරමින් සිටී.


ජනාධිපතිවරයා ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව  උල්ලඝනය කරමින් මහින්ද අගමැති ලෙස පත් කරනු ලැබුවේ අන් කාරනාවක් නිසා නොව 2024 දක්වා ජනාධිපති ලෙස බලයේ සිටීමට ඔහුට ඇති කෑදරකම නිසාය.


ලබන වසර අග පැවැත්වීමට  නියමිත ජනාධිපතිවරණයේදි  එක්සත් ජාතික පක්ශයේ සහය  තමන්ට ලබා දෙන ලෙස ජනාධිපති වරයා ඉල්ලා සිටි විට එම පක්ෂය  එය ප්‍රතික්ශේප  කිරීම නිසා පොහොට්ටුවෙ  සහයෙන් ජනාධිපති  වීම ඔහුගේ සැලැස්ම විය. හිටිහැටියේම  මහින්ද ට අගමැති කම දුන්නේ ඒ නිසාය.


කුනාටුවක වේගයෙන් දැන් සිදුවෙමින් තිබෙන දේශපාලන  සිදුවීම් පෙල දෙස විචාරාත්මක  ලෙස හදාරන්නෙකුට එලඹිය හැකි නිගමනය නම් සිරිසේන මහතා  කුණාටුවක වේගයෙන්  මහජනයා අතර පිරිහෙමින් තිබීමය. ඔහු බලයට පත් කිරීමට කැපවීමෙන් කටයුතු කළ සියලු බලවේග ඔහු අත් හැරගොස් හමාරය.


ඉදිරි ජනාධිපතිවරණයේදි  පොහොට්ටුවේ සහය දෙන බව ප්‍රකාශ කොට තිබුනද මහින්දගේ අගමැති කම නීතිය සහ පාර්ලිමේන්තුව විසින් නොපිලිගැනිමත් සමග සිරිසේන කෙරෙහි මහින්ද වයිර බැදීම ස්ථිරය. ජනාධිපතිවරයා විසින් දියත් කළ ව්‍යවස්ථා කුමන්ත්‍රණය ට ඔහුද හවුල් වීම නිසා ඊලග මහා මැතිවරණයේදි  අගමැති වීමට තිබූ ඉඩකඩ ද අඩුවී යාම මහින්ද වියරු වට්ටන බව නිසැකය. එවැනි පසුබිමක් තුල පොහොට්ටුව ජනාධිපතිවරණයේදි  සහය දෙනු ඇත්තේ සිරිසේනට  නොව පොහොට්ටුව ඉදිරිපත් කරන අපේක්ශයාටය.


එවැනි දේශපාලන  පසුබිමක් තුල වත්මන් ජනාධිපති  වරයාට සිදුවන්නේ  තරග නොකරම පරාජිතයෙකු ලෙස පොලොන්නරුවට ගොස් කළ ගොංකං ගැන ආවර්ජනය කරමින් හූල්ලන්නටය.


Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා