Skip to main content

අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල


Image result for croatian president



 පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි  හිතාගැනීමට අමාරුය එහි  ජනාධිපතිවරිය වන  කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද?  කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත්  කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු  බුකියේ  පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය  ලෙස විස්තර  කර තිබීම නිසාද  ?


කොලින්ඩා ක්‍රොයේෂියාවේ  ජනාධිපති වරිය  ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය  2020 පෙබරවාරිය දක්වා ඇය  ජනාධිපති  තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ  බලවත්ම  පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය  ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය  කොට වැඩි බලතල  පාර්ලිමේන්තුවට පැවරීම  නිසාය  .කෙසේ වෙතත් එරට  ජනාධිපතිට දෙවරක් එම ධුරයට  මහජන චන්දයෙන් පත්විය  හැක . 


වෙනත් රටවල  ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය  කළහොත් ඇය  ලබන  මාසික වැටුප අඩුය එනම් ඇමරිකානු  ඩොලර් 5 452කි . සංසන්දනාත්මකව වැටුප් අඩු වුවද එම රට දුප්පත් නැත . ක්‍රොයේෂියාව දියුණු රටක්  බවට පත් වුයේ  ඉතා  කෙටි කලකිනි .


Image result for croatia



 .ක්‍රොයේෂියාව බිහිවුයේ 1991 දිය .එයට පෙර එය සමාජවාදී  යුගෝස්ලාවියාවේ කොටසක් විය . සමාජවාදයේ කඩා වැටීමත් සමග ක්‍රොයේෂියාව වෙනම රාජ්‍යයක් ලෙස උපත් ලැබීමට උත්සහ  කිරීම නිසා සර්බිවරුන් සමග 1990 සිට 1995 දක්වා  යුද්ධයක් කරන්නට සිදුවිය  . මෙම  යුද්ධය නිසා ක්‍රොයේෂියාවේ ආර්ථිකයට සිදුවූ සිදුවූ විනාශය 20%-25% අතර වූ බවට ගණන් බලා තිබේ. වෙනත්  වචනවලින් කියතොත් සිදුවූ විනාශයේ වටිනාකම  ඇමරිකන් ඩොලර් බිලියන 37.1 කි.  යුද්ධයේ  ප්‍රතිඵලයක්  ලෙස  1999 දී එරට ආර්ථික වර්ධනය 0 ටත් පහළ බැස්සේය .


Image result for croatian war destruction

                                    ක්‍රොයේෂියානු  යුද්ධයේ ප්‍රතිඵල 




යුගොස්ලවියාවෙන් වෙන්වීමට  පෙර ක්‍රොයේෂියාවේ තිබුණේ සමාජවාදී අර්ථ ක්‍රමයකි . වෙනම රාජ්‍යයක් බවට  පත්වීමෙන්  පසු වෙළඳ  පොළ ආර්ථිකය සහ පුද්ගලික දේපොළ අයිතිය  එම භුමියේ ස්ථාපිත  කරනු ලැබිය    . ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්  සහ  යුරෝපීය සංවර්ධන බැංකුවෙන්  ලබා ගත්  ණය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා  යොදවනු ලැබිණ . 2002  වසර වන විට ආර්ථික වර්ධනයක් අත් කරගැනීමට එරටට  හැකිවූ බව  .එම වසරේ දල ජාතික  නිෂ්පාදිතයේ  වර්ධනය 5.2% ක් විමෙන් පැහැදිලිය .


නමුත් 2008 වසරේදී  ලෝකයේ ඇතිවූ ආර්ථික අවපාතය  ක්‍රොයේෂියාවටද  තදින් බලපෑ නිසා ආර්ථිකයේ  කඩා වැටීම් සිදුවිය .  2010 දී 2011 දී දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය යලිත් බිංදුව බවට  පත් විය .


 ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒම  සඳහා ක්‍රොයේෂියාව අනුගමනය  කළ  ප්‍රධාන ආර්ථික උපාය  මාර්ගයක් වුයේ පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් මහජනයාට ණය දීමය . සේවා අංශයට දියුණු කිරීමට වැඩි වශයෙන් ආයෝජනය  කරනු ලැබිය .



Related image


ලංකාවට වඩා  කුඩා  රටක් වන  ක්‍රොයේෂියාව ඉතා  සුළු කලකදී  අපට වඩා වේගයෙන් ආර්ථික සමුර්ධියක් අත්කරගෙන තිබේ . 2016 වසරේදී  එහි ඒක  පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර්12090 ක් විය. එම වසරේදී අපේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3835 ක් පමණක් විය . එබැවින් 'සකල සිරින් පිරි සිරි ලංකාව'    තවමත් දුප්පත් රාජ්‍යයක් වීමත් ක්‍රොයේෂියාව පොහොසත් රටක් බවට ඉක්මනින් පත් වීමත් අප විසින් අධ්‍යයනය කිරීම වටි.



Image result for croatia beauty spots

ක්‍රොයේෂියාව  ආර්ථික සංවර්ධනය අත් කර ගැනීමට ගනු ලැබූ ප්‍රධාන  මාවත් තුන මෙසේය .


1  සංචාරක  කර්මාන්තය දියුණු කිරීම

2  යුරෝපා සංගමය සමග ආර්ථික සම්බන්ධකම් ඇති කර ගැනීම

3 පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් ක්‍රොයේෂියානුවන්ට ණය දීම 


මේ වන විට එහි සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු වී  තිබේ .වසරකට සංචාරකයන් මිලියන 11 ක්  පැමිණෙන අතර ඔවුන්ගෙන් එක මිලියනයක්  පැමිණෙන්නේ නිරුවත් කලාප වල විවේකයෙන් පසු වීම සඳහාය .


එහි ආර්ථිකයේ  සේවා අංශය  69%ක් වන අතර කාර්මාන්ත  අංශය 26.7 ක් ද කෘෂිකර්මාන්තය 4.3% ද වේ.


ක්‍රොයේෂියාව සියලු ප්‍රශ්න විසඳා  ගත් රටක් නොවේ .එහිද විරැකියාව තිබේ මේ වසරේ මැයි මාසය වන විට රැකියා නොමැති අයගේ සංඛ්‍යාව 9.2% ක් විය .





අප ක්‍රොයේෂියාව  ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ  පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් එරට දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාය .අප ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වුවද  ලෝකයේ වැඩි දෙනෙකු ප්‍රිය  කරන්නේ  පාපන්දු ක්‍රීඩාවය . ක්‍රොයේෂියාව 1940 සිට ජාත්‍යන්තර  පාපන්දු තරග සඳහා සහභාගී විය .1998 දී  ඔවුහු  ලෝක  පාපන්දු තරගාවලියේදී තුන්වන ස්ථානය  ලබා  ගත් අතර මෙවර  දෙවෙනි ස්ථානය  ලබා  ගනිමින් තව දුරටත්  ඉදිරියට  පැමිණ  තිබේ .2022 වසරේ  පැවැත්වීමට  නියමිත  මී  ළඟ  තරගාවලියේදී ලෝක  කුසලානය දිනාගැනීමට ක්‍රොයේෂියාව දැන් සිටම සුදානම් වෙමින් සිටින  බවට සැකයක් නැත .



Related image

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට