Tuesday, July 31, 2018

ජූලියේ මළවුන් සමග රාත්‍රියක්



  Related image

     


   පෙරේදා (ජුලි 29  ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග  ගෝරියක් ඇදගෙන දික්කසාද  නඩුවක් දමන බව  කියමින් 13 වෙනි වතාවට   ඇගේ  මහගෙදර  ගිය නිසාය. මා දික්කසාද  කරන  බව කියමින්  දොළොස් වතාවක්  පිටවී ගොස් ඇතත් පසුවදා නැද්දම්මාත් සමග ආපසු  පැමිණේ . "මේ අම්මගේ වදේට මන් ආව  මිසක්  නැත්තම් මන් ආයි එන්න නෙවෙයි ගියේ "  යන්න  ඇය ආපසු පැමිණි  හැම දිනකම  කියන්නීය . එහෙත් ඇත්ත  කතාව එය නොවේ. වටපිට ගෙවල්වල ගෑනුන්ට ගබඩා  කාමරයේ තිබෙන පොල්  ගෙඩියක් හෝ පින් තකා  දෙනු ඇතැයි  යන බිය නිසාය .මා එය සහසුද්දෙන් දන්නේ ඇය ආපසු පැමිණි විගසම ගබඩා  කාමරයට ගොස්  පොල් ගණන් කරන නිසාය .


 පුතුන් දෙදෙනාද  කොළඹට වී රස්සාවල්  කරන නිසා හාමිනේ  ගිය දිනට  ගෙදර සිටින්නේ  මා  පමණය. කෑම උයන්නට  කාලය  නාස්ති  කිරීම තේරුමක්  නැති බැවින්  හැන්දෑ සමයේ නගරයට ගොස්  කෑම පාර්සල් තුනක්  සහ නැටුම් වතුර  බෝතලයක්  මිලදී  ගතිමි .කෑම  පාර්සල් තුනක්   ගත්තේ මන්දැයි ඔබ කුතුහලයට  පත්ව සිටින බව  මා දනිමි .මගේ පාඨකයන් මා  ගැන වරදවා වටහා  ගන්නවාට  මා  කැමති නැත .කෑම  පාර්සල් තුනක් ගත්තේ  බඩ ජහරි කමට  නොවේ  .කිසි දිනක  පඩි ඉල්ලන්නේ නැති  මගේ මුරකාරයන් දෙදෙනා සඳහාය.


නැටුම් වතුර  බෝතලය තනියම  ගැනීම තරමක අසීරු වැඩක් බැවින් අහල  පහල පදිංචි මිතුරන් දෙදෙනෙකුට හවුල්වෙන  ලෙස  දුරකතනයෙන් ආරාධනා  කළෙමි. විවිධ හේතු කියමින් මගේ ආරාධනාව  ඔවුන් කාරුණිකව  ප්‍රතික්ෂේප  කළත් ඇත්ත හේතුව  නම් ඔවුන්ගේ භාර්යාවන්ගේ රැවුම් ගෙරවුම් වලට  බියෙන් බව  මා  ඉතා  හොඳින් දනිමි .


අන්තිමේදී තනියම හෝ නැටුම් වතුර  බෝතලයේ රස බැලීමට තීරණය  කළෙමි. මුර කාරයන් දෙදෙනාට කෑම  පාර්සල බෙදා දී බෝතලයත්  ලං කරගෙන රුපවාහිනිය  පන ගැන්නුවෙමි .


බෝතලය පොළොවේ  ගැසීමට  ගසන්නට තරම් අප්පිරිය රුවක් තිරයේ මතුවිය .ඒ ගායිකාවකගේ ගීතයක්  බැලලියකගේ කෑ ගැසිල්ලට සමාන කරමින්   ගඩොල් බාගයකින් ගසන්නට  කි කයිවාරු කාරයාය. රුපවාහිනිය බැලීම  තිත්ත වූ බැවින් එය නිවා දමා නැටුම් වතුර  බෝතලයට පුර්ණ අවධානය  යොමු කළෙමි.


බෝතලය හුරතල්  කරන්නට මට ඉඩ ලැබුනේ  පැය භාගයක් පමණි .වාහනයක් මිදුලට  පැමිණ නතර  කරනු ඇසුණි.දික්කසාද  නඩුවක් දමන්නට  ගිය  නෝනා ගෙදර ගබඩා කාමරයේ පොල් ගොඩ මතක් වී ආපසු පැමිණියාද? එසේත් නැත්තම් ගෝටාභය මහත්තයා ජනාධිපති  කමට සුදුසු  නැති බව  කියමින්  ෆේස් බුකියේ  මා කීපවරක්  ලිව් නිසා  නන්දිකඩාල්  මහත්තයා මා  උස්සාගෙන යාමට පැමිණියාද ?


කෙසේ වෙතත් දොර නොහැර සිටීම ඇඟට ගුණ බව මගේ සිත මට  අනතුරු අඟවා සිටියේය .


ඊ ළඟ මොහොතේ කිසිවෙකු දොරට  තට්ටු  කල අතර " කවුදැයි " විමසු විට පිළිතුරු දුන්නේ ගැහැණු පරාණයකි.


"මම මේ  රත්නා .දොර අරින්නකෝ විස්තරේ කියන්න . මට හදිසි කරදරයක් උනා "


රත්නා  යනු  මගේ පළමු ගර්ල් ෆ්‍රෙන්ඩ් ය .ඒ කාලයේ  මා වැඩ  කළේ " No Job Company යේ බැවින් ඇගේ දෙමාපියෝ අපේ ලව් එකට ද්‍රෝහී කම් කරමින් වෙනත් අයෙකුට  ඇය සරණ පාවා දුන් බැවින් මගේ පළමු ප්‍රේමය ශෝකාන්තයෙන් කෙලවර විය . ඇය සිය ස්වාමි පුරුෂයා සමග ඕස්ට්‍රේලියාවේ  පදිංචියට  ගිය බව  පසු කලක ආරංචි විය 


මම වහා දොර විවෘත  කළෙමි


Image result for woman ghost



    සුදු   ඇඳුමකින්  සැරසී සිටි ඇය එදා මෙන්ම පියකරුය . සුන්දර සිනහවක් ඇගේ  මුව පුරා පැතිරී තිබිණ  . මා ඇය දුටුවේ අවුරුදු 25 කට  පසුව වුවද ඇය තවමත් වියපත් වී නැත .  මා තුල ඇතිවූ සතුට කොපමණදැයි අමුතුවෙන් කිව යුතුද ?


" එන්න ඇතුළට රත්නා "

 

" අනේ  සොරි .ඇතුළට ඇවිල්ල  කතා  කර  කර  ඉන්න වෙලාවක්  නැහැ .මං  මේ ආපහු  ඕස්ට්‍රේලියාවේ යනගමන්. අපි දැන් වයස නිසා ආයිත් දකින්න ලැබෙයිද දන්නේ නැහැනේ .ඉතින්  ඒකයි චුට්ටකට  හරි ඔයාගේ  මුන බලල යන්න ආවේ  ."


කෝ මහත්තයා වාහනේද?  අඳුන්වල දෙන්නකෝ " මා එසේ  කිවේ බොරුවටය .


" නැහැ මහත්තය ආවේ නැහැ එයා ඕස්ට්‍රේලියාවේ ' කෝ ඔයාගේ නෝනා ?ළමයි?


"නෝනා නම් ගමනක් ගිහිල්ල හෙට තමා එන්නේ ළමයි කොළඹ වැඩ"


"අය්යෝ එහෙම ද ?  එහෙනම් එන්නකෝ යන්න මාත් එක්ක එයාර්පෝට්  .මේ වාහනෙන්ම ඔයාට අපහු එන්න පුළුවන් නේ "


Ok Rathna, give me just five minutes"


හරියටම විනාඩි පහකින්  මා ඇගේ වාහනයට නැග ඇය අසලින් වාඩි වුයෙමි වාහනයේ සිටියේ රියදුරා  පමණි .


රියදුරා අප දෙසවත් නොබලා වේගයෙන් වාහනය පැදවීම නිසා  සිත තුළ ඇති වුයේ මහත් චිත්ත ප්‍රීතියකි . ඇගේ  ඕස්ටේරෙලියාවේ ජීවිතය  ගැන  වග තුග  විමසන අතර තුර මා රත්නාගේ එක අතක් අල්ලා   ගතිමි . ඊළඟ මොහොතේ ඇය මගේ උරහිස මත ඇගේ හිස තැබුවේ දිගු සුසුමක් හෙළමිනි . වචනයක් හෝ  කතා නොකරමින් අපි එලෙස බොහෝ වෙලා  ගත  කළෙමු .


රථය දොඩංගොඩ පිවිසුමෙන් අධි වේගී මාර්ගයට දැම්මේ  කොට්ටාව දෙසට යාමට  නොව  ගාල්ල දෙසට  යාමටය .විශ්මයට  පත්  මා වහා රියදුරා ඇමතුවෙමි .


"ඩ්‍රයිවර් උන්නැහ මේ කොහෙද  යන්නේ ? එයාර්පෝට්  යන්න  නම් අනිත් පැත්තටයි යන්න ඕනේ "


" ඔය නෝනා තමා  කිව්වේ මේ  පැත්තට  යන්න  කියල "රියදුරා මා දෙස නොබලාම  කිවේය  .


" මං  මත්තලින් ෆ්ලයිට් එක ගන්නේ බර්ටි  " රත්නා මගේ දකුණත  පිරිමදිමින් කීවාය .


" ඔයාට පිස්සුද ? දැන් මත්තලට එකම  ප්ලේන් එකක්වත් එන්නේ නැහැ " මා ඇයට  පැහැදිලි කළෙමි.


නැහැ .අද ඉඳල  ඩුබායි ඉඳල ඔස්ට්‍රේලියාවට යන ප්ලේන්  එකක් මත්තල ලෑන්ඩ්  කරනවා " රත්නා  කීවාය 


සමහර විට එය ඇත්ත විය  හැක . අනික  මා ඇය සමග  වාද  කර  හිත අමනාප  කරගන්නේ  කුමකටද ? ඇය සමග  සතුටෙන්  කතා   බහ  කරන්නට ලැබුණු මේ අවස්ථාවෙන් ප්‍රයෝජන  නොගැනීම අමු මෝඩ කමකි .


මා  ඇගේ ඉන වටා අත  දමා ඇයට වඩාත්  තුරුල් වුයෙමි .


 තවත්  පැය භාගයකට  පසු " මොනවා  හරි බොමු නේද?කියමින් රත්නා මල්ලක්  තුලින් කිසිවක් ගෙන මා අත තැබුවාය .එය ටින් එකකි .

"මොනවද මේ " මා විමසීමි .


" ඕක  හොඳ බියර් එකක් .ඔයා බොනවනේ ?"


" Yes " කිව් මා  ටින් එක  කඩා මඳක් කටට හලා ගතිමි .රත්නාද තවත් ටින් එකක් ගෙන  සෙමින් බීමට  පටන්ගත්තාය.


ගෙදරදී නැටුම් වතුර බෝතලයෙන් අඩක් බී සිටි බැවින්  බියර් ටින් එක බී අවසන් වන විට මගේ හිස කරකැවෙන බවක්  දැනින.තව දුරටත් හිස කෙලින් තබා ගැනීමට නොහැකි වූ තැන රත්නගේ ඔඩොක්කුව මත  හිස තබාගෙන මඳක් ඇලවීමි.


රත්නා හිස  පහත්  කර  මගේ හිස සිප  ගන්නවා  මට  මතකය .


මට යලි ඇහැරුණේ රියදුරා  '" මහත්තයා නැගිටින්න"  කියමින් මා සොලවන විටය . 


" මේ  කොහෙද ?" මා රියදුරාගෙන් විමසුවෙමි .


" මේ  මත්තල එයාපෝට් එක " රත්නා සමග  මා  මත්තල  බලා පැමිණි බව මට මතක් වුයේ එවිටය .



Image result for maththala  airport counters



"කෝ නෝනා?"


"නෝනා එයාපෝට් එක ඇතුලට  ගියා .ඇහැරවල ඇතුලට එවන්න  කිව්වා . "


වහා  වාහනයෙන් එලියට  බැස කමිසයද  යට  කර ගනිමින්  ඉක්මන් අඩියෙන් ගුවන් තොටුපොල ඇතුලට ගියෙමි . ගුවන් තොටුපොලේ  කිසිදු මගියෙක් හෝ සේවකයෙක්  පෙනෙන්නට සිටියේ නැත . තුවක්කුවක් අතැතිව හමුදා භටයෙක්  පමණක් ගුවන්  තොටුපල ගොඩ නැගිල්ල තුලට පිවිසෙන තැන  සිටියේය . රත්නාද  පෙනෙන්ට නැත

"නෝනා කෙනෙක් දැන් ගියාද ඇතුලට ?" 


" දොරේ ,යැතුලොටම යන්න නෝනේ යැතුලෙ යැති ."


කැඩිච්ච සිංහලෙන් කතා  කරන මේ  හමුදා භටයා  කෙරෙහි මා තුල ඇති වුවේ කුතුහලයකි .ආපසු හැරී ඔහු දෙස නැවතත් බැලීමි.  ඔහුගේ හිස් වැසුමේ කොටි ලාංචනය දුටු මට හීන් දාඩිය දැම්මේය.


ක්ෂණිකව තුවක්කුව මා  වෙත එල්ල කළ ඔහු ඇතුලට දුව යන ලෙස ගෝරනාඩු කළේය .


ගොඩනැගිල්ල  තුලින් දුව ගිය මා නැවතුනේ ගුවන් පථය අද්දරටම ගොස්ය  . කොටි ලාංචනය සහිත හිස් වැසුම් පැළඳගත් භටයන් බැලු බැලු අත සිටිනු dutu විට  මගේ හදවත 'ඩග්' 'ඩග් ' හඬ නංවමින් දුවන්නට විය . රත්නා සිටිදැයි වට  පිට බැලුමුත් ඇයද  පෙනෙන්නට  නැත .ඇය  මා  මර උගුලකට  පැටලුවේ මන්ද? ඇය  එසේ නොකරනු ඇතයි යලි මගේ සිත  කියන්නට  පටන් ගත්තේය . ඇය සොයමින් ගුවන් තොටුපොලේ අස්සක් මුල්ලක් නෑර සෙවිය යුතුය . ධාවන  පථයේ එකම ග්ෆුවන් යානයක්වත් නැත . ඇය මටත් නොකියා  පැමිණි ගුවන් යානයේ  ඔස්ට්‍රේලියාව  බලා  යන්නට ගියාද ? මහත් අසරණකමකින් සහ ශෝකයෙන් මා සිත වෙවුලන්නට විය .


කිසිවෙකු මගේ උරහිසට  තට්ටු  කළ  බැවින් ක්ෂණයකින්  මා ආපසු හැරි බැලුවෙමි .අඩි 6 ක් පමණ උස පිරිණු කයකින් යුතු අයෙකු සිනාසෙමින්  මා දෙසට  දකුණත  දිගු කළේය .හුරු පුරුදු මුහුණක් බැවින්  මා එම අත අල්ලගෙන සෙලවුවෙමි  .


"දැකල නම් පුරුදුයි එත්  කවුද කියල මතක් කරගන්න අමාරුයි " මා  කීවෙමි .



Image result for pulidevan LTTE leader



"මම  LTTE  සාම ලේකම් කාර්යාලයේ ප්‍රධානියා පුලිදේවන් " 2004 ඔබ තුමා නියෝජිත  පිරිසක් එක්ක අපිව හම්බ වෙන්න ආව කිලිනොච්චියට  .ඒ වෙලාවේ අපි කතා බහ  කළා ." ඔහු කිවේය.


 "මතකයි මතකයි අපි රෑ  නැවතුනාම  ඔබ තුමා අපිට මොනවද තියෙන අඩුපාඩු   කියල හොයන්නත්  ආවනේ .බියර් එකක් ඇත්නම් හොඳයි කිව්වාම බියර් එකකුත් මට එව්ව  බව  මට මතකයි " මා කිමි.

 

" ඔබ තුමාව අපි මෙහාට ගෙන්නගත්තේ  විශේෂ  කාරණාවකට " ඔහු බැරෑරුම් ලෙස කිවේය . මේ පාර  කළු ජුලිය ගැන  මාධ්‍ය වල බොහොම අඩුවෙන් තමා  ලියවුනේ . කවුරු ලිව්වේ නැතත්  ඔබ තුමා  හරි ලියයි කියල අපි හිතුව. නැති පාර  තමා අපි කල්පනා  කරේ  ගෙන්න ගන්න ."


"මාව  මෙහෙට එක්ක ආවේ රත්නා  කියල  මගේ යාලුවෙක් නේ . අනික එයා සිංහල කෙනෙක්  " ආගමක් මුලක් වටහා  ගැනීමට  නොහැකි වූ තැන  මා  පුලිදේවන්ට කීවෙමි .


" අපි කල්පනා  කරා  ඔබව ගෙන්න  ගන්න  නම් යවන්න ඕනේ එයාව  කියල .එයා ඉන්නෙත් මේ අහල පහල "


"මට නම් තේරෙන්නේ නැහැ   ඔබ තුමා මොකක්ද කියන්නේ කියල " තව තවත් අන්ද  මන්දවූ  මා  කීවෙමි .


"චුට්ටක් ඉන්න ' කිව් ඔහු  අසලවූ කාමරයකට ගොස්  කිසියම් පානයක් ගෙනවුත් මා අතට දුන්නේය .ඕක බිල ඉන්න ඊළඟට  මන් විස්තරේ කියන්නම් "


ඔහු දුන්  පානය මා  උගුරට දෙකට  බීවේ මේ වන විට අධික පිපාසයක් ඇතිවී තිබීම නිසාය.එම පානය බිව් විගස   මගේ සිතට ඇතිවුයේ බලවත් එඩිතර  කමකි . මහසෝනාට වුවද එඩිතරව මුහුණ දීමට හැකි ධයිර්යයක් ඇති විය .


මාව එක්කරගෙන අපු ගැහැණු කෙනාව  මට මුනගස්සන්න ' පුලිදේවන්ට  කිමි .


" ඒක සුළුදෙයක්. එයිට  ඉස්සෙල්ල  ඔයාව  ගෙන්න ගත්ත දේ  කරලා හිටිමු " කිව්  ඔහු මගේ අතින් අල්ලාගෙන ගුවන් පථය  දෙසට  රැගෙන  ගියේය. 


"අපි  ඔබතුමාව ගෙන්න ගත්තේ විශේෂ  හේතුවක් ඇතිව . 1983  කළු ජූලියේදී අපේ මිනිස්සු 3000ක් විතර මරල දැම්මා . අද ජුලි 29 . අපි බැලුව සිංහල  මාධ්‍යවල මේ ගැන  ලියාවිද  කියල. මේ අවුරුද්දේ ඒ ගැන  ලියල  නැති තරම් .අපේ  ජාතිය සමුලඝාතනය  කරන අදහසින් දියත් කරපු කළු ජුලිය  ගැන  80 න් පස්සේ  ඉපදුන සිංහල අය දන්නේ  නැහැ .ඔබ තුමා  ලවා ඒ ගැන  ලියවන්න  ඕන නිසා  තමා අද මෙහාට ගෙන්න ගත්තේ .පේනවද අර අතන  ලොකු පිරිසක් වාඩි වෙලා ඉන්නවා . ඒ තමා  කළු ජූලියේදී මරා දාපු අපේ අය. අද  කළු ජුලිය සමරන්නයි ඒ ගොල්ලෝ ඇවිල්ල  තියෙන්නේ . ඒ ගැන වාර්තාවක්  ලියල අන්තර ජාළයට  දාන්න " පුලිදේවන් කීය.



" ඒකටද මාව ගෙන්න ගත්තේ ? මම සිංහල  බව දන ගත්තොත් ඔය  මිනිස්සු  මාව අඟලෙන් අගලට  ඉරල දායි ඔතෙන්ට ගියාම  " 


" නැහැ එහෙම වෙන්න නැහැ.ඒ ගොල්ලන්ට නැගිටින්න  තහනම් රැස්වීම ඉවර වෙනකම් . එක්කෙනෙක් හරි නැගිට්ටොත් සොරිම  තමා .අපේ ගාඩ් එක  එතන ඉන්නවා .


විශාල  පිරිසක් බිම වාඩි වී සිටියහ. ඔවුනතර   ළමුන්ද , දරුවන් වඩා  ගත් මව් වරුන්ද සිටියහ . එම පිරිස  ඉදිරිපස තිබු  සුවපහසු පුටුවල හා පහළොස් දෙනෙකු  වාඩිවී සිටියහ . ඔවුන් කවුදැයි විමසිල්ලෙන් බැලු විට ඔවුහු LTTE සංවිධානයේ ප්‍රමුඛ පෙළේ නායකයන්  බව  පෙනී ගියේය . මුලසනයේ වාදී වී සිටියේ ප්‍රභාකරන්ය .


පුලිදේවන් මගේ අතට  පැනක් සහ  සටහන් පොතක්  දී වාඩි වීමට අසුනක්ද  පෙන්වා ඉදිරිපෙලේ අසුනක වාඩි විය  .


ප්‍රභාකරන් සිය අසුනින්  නැගිට රැස්වීම ඇමතීම ඇරඹුවේය .


" මිත්‍රවරුණි,  1983  කළු ජූලියට මේ වන විට අවුරුදු 35 ක් සම්පුර්ණ වී තිබෙනවා  ලංකා ඉතිහාසයේ සිදුවූ  ඉතාමත්ම තුච්ච  ක්‍රියාව එයයි . එය ජේ. ආර් .ජයවර්ධන ආණ්ඩුවේ ප්‍රධානින්  කලක් තිස්සේ  සැලසුම්  කොට ක්‍රියාත්මක  කරන  ලද ඉතාමත්ම  නිහින ක්‍රියාවක්  බව මා අමුතුවෙන් කිව යුතු නැහැ . ඔබව මරණයෙන් බේරා  ගැනීමට ඔවුන් ක්‍රියා  කරනවා  තබා  අඩු වශයෙන් වචනයක්  වත් කතා  නොකළ බව  ඔබ  සියල්ලෝම  මට වඩා  හොඳින් දන්නවා .1983 ජුලි 24 සිට ජුලි මස අවසානය තෙක්  දින  7 ක් තිස්සේ කොළඹ  ගම්පහ  කළුතර , ගාල්ල  ,මාතර කෑගල්ල මහනුවර බදුල්ල ,නුවර එලිය ත්‍රිකුණාමලය  ඇතුළු බොහෝ දිස්ත්‍රික්ක  ගණනාවක අපගේ මිනිසුන් ගැහැණුන්, කුඩා  ළමුන් ,මහල්ලන්  3000 කට ආසන්න  පිරිසක්  ආණ්ඩුවේ සිංහල  මැරයන්  කපා   කොටා මෙන්ම රථ වාහනවලට   නිවෙස් වලට ,ව්‍යපාරික  ස්ථාවලට දමා දොරවල් වසා   ගිනි තබා  මරා දැම්මා . වැලිකඩ හිරගෙදරදී පමණක් දෙමල  සිරකරුවන් 52  දෙදෙනෙකු සිංහල සිරකරුවන් ලවා කපා  කොටා පහර දී මර දැමුවා. ඔබට  හිමිව තිබු රථවාහන දහස් ගණනක්  ගිනි තබා විනාශ  කරා .ඔබ සතු දේපොළ  මිලමුදල් මංකොල්ල  කෑවා  25000  කට  අධික  පිරිසකට  තුවාල  කරනු ලැබුවා  නිවාස සහ ව්‍යාපාරික ස්ථාන 18000  කට අධික ප්‍රමාණයක් ගිනි තබා විනාශ  කරනු ලැබුවා ."



Related image


"මෙම විනාශය  නැවත්වීම සඳහා  පොලිසිය හෝ හමුදා කිසිදු උනන්දුවක් නොදැක්වූවා පමණක් නොව ඇතැම් ස්ථාවලදී එම විනාශයන් කිරීමට ඔවුන්ද   සහභාගී උනා  .ආර්  ජයවර්ධන  හෝ  ඉන්පසු බලයට  පත්වූ  කිසිදු ආණ්ඩුවක්  මියගිය අය වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට  තඹ  සතයක්වත් වන්දි දීමක්  කලේ නැහැ ඒ වගේම  විනාශ  කර දමන  ලද වෙළඳ සල් නිවාස  කර්මාන්ත ශාලා වෙනුවෙන් හෝ  එක රුපියලකවත්  වන්දියක්  ගෙවනු  ලැබුවේ  නැහැ ."


මේ රටේ දෙමල  ජනතාවට  සිංහල ආණ්ඩු යටතේ කිසිදු ආරක්ෂාවක්  නැති බව  අප දිගින් දිගටම  කි කතාව  1983  ජුලි විනාශය විසින් ඉතා ස්ථිර සා ර  ලෙස අපගේ ජනතවට යලිත් ඒත්තු  ගන්වනු ලැබුවා . ජුලි යේ  දෙමල  ජන සංහාරයෙන්  පන බේරා  ගෙන උතුරට  පැමිණි  තරුණ තරුණියන් දස දහස්  ගණනක් අප  හා එක්ව තුවක්කු අතට  ගත්තේ එම නිසයි.  ඉතා  කුඩා භට පිරිසක් පමණක් සිටි  අපගේ දෙමල  කොටි විමුක්ති ව්‍යාපාරය ඉතා බලවත් සංවිධානයක් බවට  පත් වුයේ  කළු ජූලියෙන්  බැට  කෑ ඔවුන් නිසා  බව  අප  මේ මොහොතේ සිහි කළ යුතුයි ."


" කොළඹ සිංහල ආණ්ඩුව  හෝ  අති බහුතරයක්  සිංහල මිනිසුන් අතීතයෙන්  පාඩම්  ඉගන ගන්නා  පිරිසක් නොවෙයි . 27 අවුරුදු  යුද්ධය නිසා අප ජනයාට  පමණක් නොව  ඔවුන්ටද බලවත් විනාශයක් වූ බව ඔවුන් ඉතා වේගයෙන් අමතක  කරමින් ඉන්නවා.  යුද්ධය ඇතිවීමට හේතු සොයා  යලිත් එවැන්නක් ඇති වීම වැලක්වීමට  කටයුතු  කරනු වෙනුවට  ඔවුන්ට සුපුරුදු  දෙමල  ජනයා මර්ධනය  කොට  සාමය ඇති කළ හැකි යයි  ඔවුන් විශ්වාස  කරනවා .1948 සිට සිංහලයා  බලය  ගත  දිනයේ සිට අනුගමනය කළ මර්ධන   කාරී  පිළිවෙතම ඔවුන් නැවතත් අනුගමනය  කරමින් සිටිනවා  .එබැවින් දෙමල  ජනයාට ආරක්ෂාව ලබා  ගත  හැකි එකම  මග වැටි තිබෙන්නේ  දෙමල ඊලමක්  පිහිටුවා  ගැනීමෙන් පමණයි ."



 සිය කතාව අවසන් කළ ප්‍රභාකරන් යලි සිය අසුනේ  වාඩි විය .විනාඩි  පහක් ගතවන තුරු මළවුන්ගේ අත්පොලසන් නාදය නැවතුනේ  නැත .


ඉන්පසු සභාව ඇමතුවේ පොට්ටු අම්මාන්ය 


"මිත්‍රවරුණි,  මීලඟට  තිබෙන්නේ මෙම සැමරුම් රැස්වීමේ අවසාන අංගයයි.  ඔබට පෙනෙනවා ඇති මේ වේදිකාවේ වම් පැත්තට වන්නට බිම සිටුවා  තිබෙන පඹයන්  රංචුවක් .ඒ වෙන කවුරුවත්  නොවෙයි. 1977 ආණ්ඩුවේ  සිටි ඇමතිවරුනුයි. ඔවුන්ට  හොඳින් සැලකීම සඳහා අප විසින් පිරිසකට ආරාධනා  කර තිබෙනවා  ඒ 1980  ජුලි මහා වැඩ වර්ජනයට සහභාගී වීම නිසා රැකියාවෙන් නෙරපූ , පසුව  තම දරු පවුල් නඩත්තු කිරීමට කිසිදු මගක් නොමැතිවීම නිසා දිවි නසා  ගත්  50 දෙනෙකුට අධික  පිරිසයි . ඔවුන් දැන් මෙහි පැමිණ  ජේ.ආර්. ප්‍රමුඛ ඇමති මණ්ඩලයට  හොඳින් සලකනවා  ඇති."


Image result for meeting of ghosts



ධාවන  පථයේ වෙනත් කෙළවරක සිටි 56 දෙනෙකුන් යුත්  පිරිසක් නොයිවසිල්ලෙන්  පඹයන් වෙත     පැමිණියහ . ඔවුහු  තම අත තිබු ගල් කැටවලින් පඹයන් සියල්ලටම  වේගයෙන්  පහර  දුන්හ .විනාඩි දහයක් තිස්සේ  පැවති එම  ගල් ප්‍රහාරය අවසන් වන විට රුකඩ සියල්ලම කුඩා කැබලි වලට කැඩී ගොස් අවට විසිරි තිබිණ . වර්ජකයන්ගේ ගල්  ප්‍රහාරය ආරම්භ වූ තැන සිට අවසන් වන තුරුම  රැස්වීමට පැමිණ සිටි  මළවුන්  ප්‍රීති ඝෝෂා   නංවමින්                අත්පොලසන් දුන්හ .


සැමරුම් රැස්වීම අවසන් වීමෙන් පසු මළවුන් සියල්ලෝම ගුවන් තොටුපල තුලට ඇතුල්ව අතුරුදහන් වුහ   ප්‍රභාකරන් ඇතුළු නායකයන්ද  ක්‍රමයෙන් වාෂ්ප වෙමින් සිටි අතර අවසානයට ඉතිරි වුයේ පුලිදේවන්  පමණය . ඔහු මා වෙත  පැමිණියේය .


" ලබන වසරේ ජුලි මාසයේ සැමරුමටද  ඔබව  කැඳවා  ගෙන ඒමට කිසිවෙකු එවීමට  මා  බලාපොරොත්තු වෙනවා . පැමිණියාට ස්තුතියි .අද රැස්වීම  ගැන  ලිපියක් නොවරදවාම  පලකරන්න .දැන්  ඔබ ගුවන් තොටුපොල  ඉදිරිපසට  යන්න . ඔබ පැමිණි රථය එහි තියෙනවා .ඔබ  කැඳවාගෙන  පැමිණි කාන්තාවද එහි ඇති .නමුත් ඇය  ඔබ සමග ආපසු යන්නේ නැහැ "පුලිදේවන් මගේ අතින් අල්ලාගනිමින්  කිවේය .


" මේක  මට  ලොකු අපබ්‍රංශයක්, එයා  ඕස්ට්‍රේලියාවේ  යනගමන් මාව බලල  යන්න ආවයි  කියලයි මට  කිව්වේ. එත් මේ එයාපෝට් එකේ ප්ලේන් එකක් තියා  බලු බල්ලෙක්වත් නැහැනේ "


ඒක  අපි එයාට   උගන්නපු බොරුවක්  ඔයාව ගෙන්න ගන්න ඕන නිසා  .එයා  ඉන්නේ මෙහෙ දැන් "


" මෙහෙ කිව්වේ ?


"මේ එයාපෝට් එක තමා  ජූලියේ මළවුන්ගේ නවාතැන "


" එයා මැරිලා  නැහැනේ මෙහෙ ඉන්න.  ඔබ තුමා  බොරු  කාරයෙක්  කියල  මම හිතුවේ නැහැ " මා කිවේ  කේන්තියෙනි .


" බොරුවක් නෙවෙයි ගිය අවුරුද්දේ ජුලි මාසේ ඒ ගැහැණු කෙනා ඔස්ට්‍රේලියාවේදී මැරුණා. ජුලි මාසේ මැරුණු ඔක්කොටම වෙන් කරලා තියෙන තැන තමා මත්තල එයාපෝට් එක ."


" හදිසියේම අකුණක්  පහත වූවාසේ දැනිණ.  මගේ මුළු කයම අඩපන වූ බැවින්  මා   එතනම වාඩි වීමි . මගේ  පළමු පෙම්වතියට ආයුබෝවන් කීමට  පුල පුලා සිටි මගේ සිත  බලවත් ලෙස ශෝකයෙන් බර වී වැලපෙන්නට විය .


පුලිදේවන්  කිසිවෙකුට සංඥාවක් කරනු පෙනුණි.   ගුවන් තොටුපොළට මා පළමු වරට  ඇතුළු වන විට සිටි කොටි භටයා  තුවක්කුවත් රැගෙන  මා වෙත දුවගෙන ආවේය .


" මේ මහත්තයව අරන් ගිහිං ඉස්සරහ  තියෙන වැන් එකේ  වාඩි කරවන්න .' පුලිදේවන් එම භටයාට  කිවේය .

ඔහු මා වත්තම් කරගෙන  ගුවන් තොටුපොළ ඉදිරිපසට  යන විට  රත්නා වැන් රථය අසල සිනහ වෙමින් සිටියාය . එහෙත් අප වාහනය අසලට ලංවන්නට ලංවන්නට ඇය මට අත වනමින් ඈතට ඈතට යාමට පටන්න් ගත්තාය . නවතින ලෙස මා අතින් සංඥා  කරමින් කීවද  දිගින් දිගටම  අත වනමින්  පසු පසට ගිය ඇය අන්ධකාරය වෙත  ගොස් අතුරු දහන් වුවාය .


මා වෑන් රථයේ වාඩි වූ විගසම  රියදුරා වාහනය  පණ ගැන්වීය . අධික වෙහෙස  සහ නිදිමත නිසා ආසන මත ඇලවෙනු හැර වෙන කුමක්  කරන්නද?

 මා අවදිවුයේ රියදුරා මගේ උරහිසින් අල්ලා සෙලවූ  විටය . හිරු එලිය වැටි තිබුන බැවින් මා සිටින්නේ අපේ නිවස  ඉදිරිපස  බව  පෙනිණ .නිවසේ ප්‍රධාන දොර අසල දත් මිටි කමින් සිටියේ මගේ බිරිඳය .  මුළු ශරීරයම හීන් දාඩියකින් තෙත් වේගෙන යන  බව මට දැනිණ.


    

Monday, July 16, 2018

අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල


Image result for croatian president



 පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි  හිතාගැනීමට අමාරුය එහි  ජනාධිපතිවරිය වන  කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද?  කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත්  කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු  බුකියේ  පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය  ලෙස විස්තර  කර තිබීම නිසාද  ?


කොලින්ඩා ක්‍රොයේෂියාවේ  ජනාධිපති වරිය  ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය  2020 පෙබරවාරිය දක්වා ඇය  ජනාධිපති  තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ  බලවත්ම  පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය  ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය  කොට වැඩි බලතල  පාර්ලිමේන්තුවට පැවරීම  නිසාය  .කෙසේ වෙතත් එරට  ජනාධිපතිට දෙවරක් එම ධුරයට  මහජන චන්දයෙන් පත්විය  හැක . 


වෙනත් රටවල  ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය  කළහොත් ඇය  ලබන  මාසික වැටුප අඩුය එනම් ඇමරිකානු  ඩොලර් 5 452කි . සංසන්දනාත්මකව වැටුප් අඩු වුවද එම රට දුප්පත් නැත . ක්‍රොයේෂියාව දියුණු රටක්  බවට පත් වුයේ  ඉතා  කෙටි කලකිනි .


Image result for croatia



 .ක්‍රොයේෂියාව බිහිවුයේ 1991 දිය .එයට පෙර එය සමාජවාදී  යුගෝස්ලාවියාවේ කොටසක් විය . සමාජවාදයේ කඩා වැටීමත් සමග ක්‍රොයේෂියාව වෙනම රාජ්‍යයක් ලෙස උපත් ලැබීමට උත්සහ  කිරීම නිසා සර්බිවරුන් සමග 1990 සිට 1995 දක්වා  යුද්ධයක් කරන්නට සිදුවිය  . මෙම  යුද්ධය නිසා ක්‍රොයේෂියාවේ ආර්ථිකයට සිදුවූ සිදුවූ විනාශය 20%-25% අතර වූ බවට ගණන් බලා තිබේ. වෙනත්  වචනවලින් කියතොත් සිදුවූ විනාශයේ වටිනාකම  ඇමරිකන් ඩොලර් බිලියන 37.1 කි.  යුද්ධයේ  ප්‍රතිඵලයක්  ලෙස  1999 දී එරට ආර්ථික වර්ධනය 0 ටත් පහළ බැස්සේය .


Image result for croatian war destruction

                                    ක්‍රොයේෂියානු  යුද්ධයේ ප්‍රතිඵල 




යුගොස්ලවියාවෙන් වෙන්වීමට  පෙර ක්‍රොයේෂියාවේ තිබුණේ සමාජවාදී අර්ථ ක්‍රමයකි . වෙනම රාජ්‍යයක් බවට  පත්වීමෙන්  පසු වෙළඳ  පොළ ආර්ථිකය සහ පුද්ගලික දේපොළ අයිතිය  එම භුමියේ ස්ථාපිත  කරනු ලැබිය    . ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන්  සහ  යුරෝපීය සංවර්ධන බැංකුවෙන්  ලබා ගත්  ණය ආර්ථිකය ශක්තිමත් කරගැනීම සඳහා  යොදවනු ලැබිණ . 2002  වසර වන විට ආර්ථික වර්ධනයක් අත් කරගැනීමට එරටට  හැකිවූ බව  .එම වසරේ දල ජාතික  නිෂ්පාදිතයේ  වර්ධනය 5.2% ක් විමෙන් පැහැදිලිය .


නමුත් 2008 වසරේදී  ලෝකයේ ඇතිවූ ආර්ථික අවපාතය  ක්‍රොයේෂියාවටද  තදින් බලපෑ නිසා ආර්ථිකයේ  කඩා වැටීම් සිදුවිය .  2010 දී 2011 දී දල ජාතික නිෂ්පාදනයේ වර්ධනය යලිත් බිංදුව බවට  පත් විය .


 ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒම  සඳහා ක්‍රොයේෂියාව අනුගමනය  කළ  ප්‍රධාන ආර්ථික උපාය  මාර්ගයක් වුයේ පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් මහජනයාට ණය දීමය . සේවා අංශයට දියුණු කිරීමට වැඩි වශයෙන් ආයෝජනය  කරනු ලැබිය .



Related image


ලංකාවට වඩා  කුඩා  රටක් වන  ක්‍රොයේෂියාව ඉතා  සුළු කලකදී  අපට වඩා වේගයෙන් ආර්ථික සමුර්ධියක් අත්කරගෙන තිබේ . 2016 වසරේදී  එහි ඒක  පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර්12090 ක් විය. එම වසරේදී අපේ ඒකපුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 3835 ක් පමණක් විය . එබැවින් 'සකල සිරින් පිරි සිරි ලංකාව'    තවමත් දුප්පත් රාජ්‍යයක් වීමත් ක්‍රොයේෂියාව පොහොසත් රටක් බවට ඉක්මනින් පත් වීමත් අප විසින් අධ්‍යයනය කිරීම වටි.



Image result for croatia beauty spots

ක්‍රොයේෂියාව  ආර්ථික සංවර්ධනය අත් කර ගැනීමට ගනු ලැබූ ප්‍රධාන  මාවත් තුන මෙසේය .


1  සංචාරක  කර්මාන්තය දියුණු කිරීම

2  යුරෝපා සංගමය සමග ආර්ථික සම්බන්ධකම් ඇති කර ගැනීම

3 පරිභෝජනය සහ ආයෝජනය සඳහා ආණ්ඩුව විසින් ක්‍රොයේෂියානුවන්ට ණය දීම 


මේ වන විට එහි සංචාරක ව්‍යාපාරය විශාල වශයෙන් දියුණු වී  තිබේ .වසරකට සංචාරකයන් මිලියන 11 ක්  පැමිණෙන අතර ඔවුන්ගෙන් එක මිලියනයක්  පැමිණෙන්නේ නිරුවත් කලාප වල විවේකයෙන් පසු වීම සඳහාය .


එහි ආර්ථිකයේ  සේවා අංශය  69%ක් වන අතර කාර්මාන්ත  අංශය 26.7 ක් ද කෘෂිකර්මාන්තය 4.3% ද වේ.


ක්‍රොයේෂියාව සියලු ප්‍රශ්න විසඳා  ගත් රටක් නොවේ .එහිද විරැකියාව තිබේ මේ වසරේ මැයි මාසය වන විට රැකියා නොමැති අයගේ සංඛ්‍යාව 9.2% ක් විය .





අප ක්‍රොයේෂියාව  ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ  පාපන්දු ක්‍රීඩාව සම්බන්ධයෙන් එරට දැක්වූ විශිෂ්ට දක්ෂතා නිසාය .අප ක්‍රිකට් ක්‍රීඩාව ගැන උනන්දු වුවද  ලෝකයේ වැඩි දෙනෙකු ප්‍රිය  කරන්නේ  පාපන්දු ක්‍රීඩාවය . ක්‍රොයේෂියාව 1940 සිට ජාත්‍යන්තර  පාපන්දු තරග සඳහා සහභාගී විය .1998 දී  ඔවුහු  ලෝක  පාපන්දු තරගාවලියේදී තුන්වන ස්ථානය  ලබා  ගත් අතර මෙවර  දෙවෙනි ස්ථානය  ලබා  ගනිමින් තව දුරටත්  ඉදිරියට  පැමිණ  තිබේ .2022 වසරේ  පැවැත්වීමට  නියමිත  මී  ළඟ  තරගාවලියේදී ලෝක  කුසලානය දිනාගැනීමට ක්‍රොයේෂියාව දැන් සිටම සුදානම් වෙමින් සිටින  බවට සැකයක් නැත .



Related image

Saturday, July 14, 2018

සංඝ පාතාලය



Image result for JVP buddhist priests in 88

   රත්නපුරේ පන්සලකදී  භික්ෂුවක් විසින්  නිරායුධ , පොලිස් නිලධාරියෙකුගේ   බෙල්ල  මිරිකා  මැරීම,  භික්ෂුන්ගේ නොපණත්  කම්  කලක් තිස්සේ නිවට නියාලු ලෙස  ඉවසා  වැදෑරීමේ  ආණ්ඩුවේත්, පොලිසියේත් , අමනෝඥ ප්‍රතිපත්තියේ  ප්‍රතිඵලය මිස වෙන දෙයක් නොවේ . විශේෂයෙන්ම  ඉකුත් වසර  හත අටක  කාලයක සිට ඇතැම් භික්ෂුන්  සිවුර  ඕනෑම  ජඩ වැඩක් කිරීමට  ලැබුණු ලැයිසමක්  ලෙස සළකමින් යකා  නැටුහ.   ඔවුහු රෝහල්වලට,  උසාවි වලට ,ආණ්ඩුවේ කාර්යාලවලට කඩා  පැන  යකා  නැටුහ. ආණ්ඩුව වලිගය දෙකකුල් අතර හංගාගෙන සිටියා විනා නිතිය  ක්‍රියාත්මක  කලේ නැත .

 

සමස්තයක් වශයෙන් ගත්  කළ  දශක  හතරක  සිට බහුතරයක් භික්ෂුහු  සාමය වෙනුවෙන්  පෙනී සිටියේ නැත  ලේ  හැලීමට  යන අයට  සෙත් පතා පිරිත් නුල්  ගැට ගැසීම  ඔවුන්ගේ දිනචරියාවේ අංගයක් විය 


අපි බුදු දහම අගය  කරන කරුණු අතර ප්‍රධාන  කරුණක් වන්නේ එය අහිංසාව  මත  පදනම් වීමය .  මදුරුවෙකුවත් මරන්නට  බුදු දහමෙන් ඉඩක් නැත .එහෙත්  බුද්ධ ධර්මය පසෙකට විසිකොට  යුද්ධ ධර්මය ප්‍රචාරය  කරන්නට  බහුතරයක්  භික්ෂුහු   කටයුතු  කළහ  .



Image result for talduwe somarama


                               තල්දුවේ සෝමාරාම 

ලංකා ඉතිහාසයේ භික්ෂුවක් විසින්    කළ  පළමු මිනිස් ඝාතනය වන්නේ  බණ්ඩාරනායක අගමැතිවරයා මරා  දැමීමය . ඒ 1959 සැප්තැම්බර  මස 25 දිනය . ඔහු මරා දැමීමට  කුමන්ත්‍රණය   කළේ  කැලණිය  පන්සලේ අධිපතියා වූ මාපිටිගම  බුද්ධරක්ඛිතය . ඔහුගේ කුමන්ත්‍රණයට සම්බන්ධවූ තල්දුවේ සෝමාරාම  නම් භික්ෂුව,  තමන්ට හිස  පහත කොට වැන්දාවූ  බණ්ඩාරනායක  මහතාට  සිවුර අස්සේ  සඟවාගෙන  සිටි රිවොල්වරයෙන් පපුවට සහ බඩට  දෙවරක් වෙඩි තැබුවේය  . වෙඩි වැදී වේදනාවෙන්  කෑගසමින්  ගේ තුලට දිව ගිය බණ්ඩාරනායක  මහතා  පසු පස  දිව ගිය  සෝමාරාම  නැවතත්  වෙඩි කීපයක්  තැබිය .එක වෙඩිල්ලක්  ඔහුගේ අතට වැදුණි.  පසු දා  බණ්ඩාරනායක  මහතා රෝහලේදී අභාවප්‍රාප්ත විය .



Image result for buddharakkitha and somarama

                                ඝාතන කුමන්ත්‍රණය මෙහෙයවූ  බුද්ධරක්ඛිත 


ඔහුට විරුද්ධව නිතිය  ක්‍රියාත්මක විය.  සෝමාරාම එල්ලුගස්  ගියේය .බුද්ධරක්ඛිත වසර 20 කට සිර ගෙදරට යැවූ අතර 1967 දී  සිරගෙදරදී ඔහු මියගියේය  . එතැන් සිට එවැනි ඝාතන  කිරීමට  ඇතැම් තරුණ භික්ෂුන් යලි පෙළඹුණේ  ජවිපෙ හමුදාවට එක්වූ  1988 -89 සමයේදීය . එහෙත් එවැනි ඝාතන හෙළි දරව් නොවුනේ එම ඝාතන  රහසිගතව සිදුකළ බැවිණි. කෙසේ වෙතත් ජවිපෙ  භික්ෂුන් රැසක් හමුදා අත්අඩංගුවට පත්වූ අතර යලිත් ඔවුන්ගෙන්  වැඩි දෙනෙකු   පන්සල්වලට ආපසු ආවේ  නැත . 1988 කැරැල්ල  පිලිබඳ ගැඹුරු හැදෑරීමක් කළ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න මහතාට අනුව එම කැරලි සමයේදී භික්ෂුන් විශාල පිරිසක් ජවිපෙ කැරැල්ලට සක්‍රිය දායකත්වයක් දැක්වූ අතර  ආණ්ඩුවේ නිල සහ නිල නොවන සන්නද්ධ  කණ්ඩායම් විසින් භික්ෂුන් 681 ක් මරා දමා  තිබේ .



 ඉන්පසු භික්ෂුහු මිනීමැරීමට ඉදිරිපත් නොවුනද ඇතැම් භික්ෂුහු  විවිධ අපරාධ වලට සම්බන්ධ වුහ .මේ   වන විට  ජම්පරය අන්දවා  තිබෙන භික්ෂුන්ගේ සංඛ්‍යාව 15 ක් බව  පසු ගිය දිනවල හෙළි විය . ඒ ලංකාවේය .


 එංගලන්තයේදී 2012  වසරේදී එහි විසු ලංකාවේ භික්ෂුවකට හත්  අවුරුද්දක සිර දඬුවමක් නියමකරනු ලැබිණ . ඒ  අවුරුදු 9 ක  ගැහැණු ළමයෙකු  ලංඩනයේ පංසලක විහාර ගෙය තුලදී බලහත්කාරයෙන් දුෂණය  කිරීම නිසාය .  පහලගම සෝමරතන  නමැති 65 හැවිරිදි එම භික්ෂුවට  සිරදඬුවම්  නියම වන විට හා බ්‍රිතාන්‍යයේ මහා  නායකද , ශ්‍රී කල්යාණි සමගි ධර්ම මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරිද විය  .එපමණක් නොවේ ගම්පහ පිරිවෙනක පරිවෙනාධිපතිද විය 





Image result for pahalagama somaratana


                                                    පහලගම සෝමරතන 

    සාමය ඇති කිරීමේ නායකත්වය  ගත යුත්තේ භික්ෂුව වුවද මේ රටේ  ජනවර්ග අතර සමගිය ඇති කිරීමේ අරමුණෙන්  ආණ්ඩු විසින්  කරන  ලද උත්සාහයන් වැලක්වීමට භික්ෂුන් විසින් කටයුතු  කර තිබේ  1958 සිට අද දක්වාම ඔවුහු  එම කාර්යයේ නිරතව සිටිති .


   රට එක්සත්ව  තබා  ගැනීම අරමුණෙන්  බණ්ඩාරනායක  මහතා චෙල්වනායගම්  මහතා සමග අත්සන් කළ ගිවිසුම  ඉරා දමන ලෙස ඉල්ලමින් 1958 අප්‍රියෙල් 9 වෙනිදා මිනිසුන් පිරිවරාගෙන  භික්ෂුන් 100 ක් රොස්මිඩ් පෙදෙසට පැමිණියහ .. භික්ෂුන්ගේ ඉල්ලීම ඉවත දැමීමට තරම් හය්යක්  බණ්ඩාරනායකට නොවීය . භික්ෂුන් ඉදිරියේ  එම ගිවිසුම ඉරා දමනු ලැබිණ.

 1965 දී  ඩඩ්ලි චෙල්වනායගම් ගිවිසුම අත්සන්කරනු ලැබුවේද   රට තුල සංහිඳියාවක් ඇති කිරීමේ අරමුණෙන්ය . එහෙත් එය  කඩා  කප්පල් කිරීම සඳහා අවස්ථාවාදී දේශපාලකයන් සමග භික්ෂු පිරිසක් පෙරමුණ  ගත්හ .  ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුව විරෝධයට බියේ එම  ගිවිසුම ක්‍රියාත්මක  කළේ නැත.  


  උතුරේ තරුණයන් අවසානයේ ආයුධ  ගැනීමට  තීරණය  කළේ  දෙමල මිනිසුන්ගේ ප්‍රශ්නවලට විසඳුම් සාමකාමී අරගල  මගින් ලබා ගැනීමට  නොහැකි යයි තීරණය  කළ නිසාය.  27 අවුරුදු යුද්ධයෙන් 150000 කට  අධික මිනිසුන්ට  මරණය අත් කර දීමට  භික්ෂුන් සහ   අවස්ථාවාදී දේශපාලකයන්  දායක වුයේ එපරිද්දෙනි .


1983  කළු ජූලියේදී පිටකොටුවේ දෙමල  කඩ ගිනි තැබීම සඳහා ප්‍රමුඛ  කාර්යයක්  කරනු ලැබුවේ ඇල්ලේ ගුනවංශය . කඩවල් ගිනි තැබීම සඳහා  පෙට්‍රල් බෙදා  හරියේ ඔහුය . ඒ සඳහා ඔහුට එකල එජාප ආණ්ඩුවේ ප්‍රබලයන්ගේ සහය තිබිණ. ඇල්ලේ  ගුණවංශ තමා  ජාතිවාදියෙකු ලෙස ප්‍රසිද්ධියේ  පිළිගෙන තිබෙන අතර  අදත්  ඔහු සිවුර  යොදා ගන්නේ ලේ හැලිමට මිනිසුන් පෙළඹ වීමටය .


 චුලෝධර  මහෝදර යුද්ධය  නැවත්වීමට  බුදුන් වහන්සේ  ලංකාවට වැඩි බව  බෞද්ධ ග්‍රන්ථ වල සඳහන් වී තිබේ .එහෙත් ලංකාවේ  භික්ෂුව කටයුතු කළේ  යුද්ධය වලක්වන්නට නොවේ. වැඩි වැඩියෙන් මරන්නටය . ඒ සඳහා දිය හැකි හැම සහයෝගයක්ම  ලබා දුන්නහ .වරක් බෙල්ලන්විල  නාහිමි නායක හිමිවරුන් පිරිසක් සමග  මහින්ද  රාජපක්ෂ මහතා  හමුවී  යුද්ධය  කරගෙන යාමට  සැලකිය යුතු මුදල්  පරිත්‍යාගයක්ද  කළහ .


පසු ගිය  කාලයේ බලපිටිය ප්‍රදේශයේ භික්ෂුවක්  පාතාල  කල්ලියකට  නායකත්වය දුන්නේය . එය  හෙලිවුයේ  මැණික් වෙළඳ සැලක්  මංකොල්ල  කෑමෙන් පසු  පොලිස් අත් අඩංගුවට  පත්වූ  මංකොල්ලකාරයන් ගෙනි . මංකොල්ල කෑමට  යන අයට අවිආයුධ සැපයීමට  කටයුතු කර තිබුනේ එම භික්ෂුවය .අවි ආයුධ  ගබඩා  කර තිබුණේ ඔහුගේ පන්සලේය .





   2013 ජනවාරි මස බොදු බල සේනාව  බේරුවල සංචාරක  හෝටලයකට කඩා වැදුණු  අවස්ථාව 


Related image


                                            ඥානසාරගේ කළු කමිස මැරකල්ලිය 


 2010 සිට   ඇතැම් භික්ෂුන් හැසිරුණේ  පාතාල  නායකයන් ලෙස නොවේ  යයි කිව හැකිද? බොදු බල සේනාව ඉකුත්  කාළයේ රජයේ සහ පුද්ගලික ආයතනවලට  කඩා  පැන්නේ නිතිය  තමන් අතට ගෙනය . බණ්ඩාරගම රජයේ රෝහලට  ගිය ඥානසාර සහ පිරිස  උපත් පාලන ශල්‍ය ක්‍රම නොකරන  ලෙස වෛද්‍ය වරුන්ට  බලකළහ  වරක් අලුත්ගම ප්‍රදේශයේ හෝටලයට  කඩා  පැන්නේය . මුස්ලිම් වෙළඳ ආයතන වලට භික්ෂුන් සමග  කඩා   පැන තර්ජනය  කළහ . මුස්ලිම් සහ වෙනත් ආගමික ස්ථානවලට  කඩා  පැන  තර්ජනය  කරනු ලැබිය  .දර්ගාටවුමේ  වෙළඳ සල් , ව්‍යාපාරික ස්ථාන  සහ නිවාස ගිනි තබා  මංකොල්ලකෑම  මුළුමනින්ම මෙහෙයවූවේ  බොදු බල සේනාවය .



Image result for buddhist priests attack polis in sri lanka

                 රෝජින්ජා සරණාගත  කාන්තාවන්ට භික්ෂුන් විසින් චන්ඩිකම් පෙන්වීම 


පාතාල නායකයන් ලෙස  හැසිරෙන භික්ෂුන් අතර  ඥානසාර එක අයෙකු  පමණි   2017 සැප්තැම්බර් මාසයේ දිනක  එක්සත්හි ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂාව  යටතේ   රෝහින්ජා අනාථයන් රඳවා සිටි  ගල්කිස්සේ නිවාසයට  කඩා  පැන ගේට්ටු කඩා එහි සිටි  රෝහින්ජා  කාන්තාවනට සහ දරුවනට තර්ජනය  කළේ අක්මීමන  දයාරතන  නමැති පාතාල භික්ෂුවගේ  නායකත්වයෙන්  යුතු ගිහි පැවිදි  පිරිසකි .  පොලිසිය එම ස්ථානයට  පැමිණි නමුත් ඔවුන් අත් අඩංගුවට  ගැනීමට පියවර  ගත්තේ නැත . භික්ෂුන්ගේ නීති විරෝධී  ක්‍රියාවලට පොලිස් නිලධාරීන් අනියමින්  උදව් කිරීම එකල දැකිය හැකි විය . අක්මීමන දයාරතන ඇත අඩංගුවට ගැනීමට ආණ්ඩුව නියම  කරන තුරු පොලිසිය  උඩ බලාගෙන සිටියේය .මෙම නිහින ක්‍රියාවට සම්බන්ධවූ  අඹේපොළ රතනසාර නම්  භික්ෂුවකට අත් අඩංගුවට  ගන්න විට  හැඳිනුම් පත් දෙකක් තිබුණේය. එකක් ගිහි හැඳුනුම් පතකි .


 dayarathana himi 23252


ගලබඩ අත්තේ  ඥාණසාර  අක්මීමන  දයාරතන  ,ඉත්තෑකන්දේ සද්ධාතිස්ස  මාගල්කන්දේ සුදත්ත  යන  සිවුරු පොරොවා  ගත්  පුද්ගලයන්   විවිධ අවස්ථාවලදී  චන්ඩි ලෙස ප්‍රසිද්ධියේම හැසුරුනහ . පොලිසිය  සහ උසාවිය තුට්ටුවකටවත්  ගණන්ගත්තෙ නැත .  ඥානසාර හිමි හෝමාගම මහේස්ත්‍රාත්වරයාට උසාවිය තුළදීම අපහස කළේය .මේ නිසා ඔහු පසුව අත් අඩංගුවට  ගත්  විට අක්මීමන දයාරතන  ඉත්තෑකන්දේ සද්ධාතිස්ස ,මාගල්කන්දේ  සුදත්ත යන නාමමාත්‍රික භික්ෂුහු  තවත් භික්ෂුන් පිරිවරාගෙන   පැමිණ  උසාවියට  කඩා  පැන්නාහ .  ගේට්ටු වසා දැම්ම විට ඇතැම් භික්ෂුහු  තාප්ප උඩින් පැන උසාවිය තුලට යාමට  උත්සහ කළහ.


පසු ගිය සමයේ භික්ෂුත්වයට නොගැලපෙන ලෙස  හැසිරුණේ  ඔවුන් පමණක් නොවේ  අල්ලස් කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කිරීම උසාවිය තහනම් කොට තිබියදී  උසාවියේ නියෝගය  පඩික්කමට දැමීමට මුරුත්තෙට්ටුවේ ආනන්ද , මැදගොඩ අභයතිස්ස , බෙන්ගමුවේ නාලක , විතාරන්දෙණියේ නන්ද ,බියගම සුසිල , වටිනාපහ සෝමානන්ද ඇතුළු  භික්ෂු පිරිසක් කටයුතු  කළහ 



Image result for buddhist monks raid a court in sri lanka


මඩකලපුව මංගලාරාමයේ අධිපතියාවන අම්පිටියේ සුමන  නමැති භික්ෂුවද දිගින් දිගටම හැසිරෙන්නේ පාතාල නායකයෙකු පරිදිය  වරක් ඔහු ප්‍රදේශයේ  දෙමල ග්‍රාමසේවා නිලධාරියාට   "තෝ   දෙමල බල්ලා .මන් තෝව මරනවා " යයි කිවේ  පොලිස් නිලධාරීන් ඉදිරිපිටදීම මරණිය  තර්ජනය කළේය . . පොලිසියේ සහය ලැබුනේ රජයේ නිලධාරියට නොව අම්පිටියේ සුමනරතනටය . 






  වරක් ඔහු පොලිස් නිලධාරිනියකට පහර දීමට පවා  උත්සාහ  කළේය  එම  හේතුව මත ඔහු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත්  කල හැකි නමුත්  පොලිසිය එසේ  කළ බවට වාර්තා  නැත . පොලිස් නිලධාරීන්ට  පවා තර්ජනය කිරීම නිවට ලෙස  පොලීසිය  ඉවසා සිටීම රත්නපුරේදී  පොලිස් නිලධාරියෙකු මරා දැමීමට එම සිවුරුකාරයට ශක්තිය දුන් බව නිසැකය   


  


                            අම්පිටියේ සුමනේගේ තවත්  පාතාල ක්‍රියාවක් 


  අම්පිටියේ සුමනරතනගේ පාතාල  ක්‍රියා තව දුරටත් ඉදිරියට  ගෙන යමින් මේ  වසරේ  මාර්තු 8 වනදා සිට දින  ගණනක්  තිස්සේ  මහනුවර අවට  මුස්ලිම් දේපොළ  විනාශ කිරීමට මහසෝන්නු ධයිර්යමත්  කළහ . මහනුවර අවට මුස්ලිම් ජනයට අයත් ව්‍යාපාර සහ ගිනි තබා  විනාශ කිරීමට වෙනත් භික්ෂුන්ද සම්බන්ධවුහ .එහෙත් ඔවුන් අත්අඩංගුවට  ගෙන උසාවියට ගෙනයාමට  පොලිසියට හෝ  ආණ්ඩුවට  කොන්දක් තිබුනේ නැත .




Image result for kandy anti muslim riots



  අම්පිටියේ  සුමන  මහසෝන් බලකායේ නායකයා සමග තෙල්දෙණිය ගිනි තැබීමට නායකත්වය දෙමින්


Image result for kandy anti muslim riots



                                 මහනුවර අවට මුස්ලිම් විරෝධී  කෝලාහල මෙහෙයවීම 



Image result for kandy anti muslim riots


               මහනුවර අවට ගිනිතැබීම වලට භික්ෂුන් ඉදිරිපත් වූ ආකාරය 


 භික්ෂුන්ගේ නොපණත් කම් පිළිබඳව මේ ලිපියේ ලියන්නට ගියොත් එය පිටු දුසිම් ගණනක් දික් වෙනු ඇත .  ඇතැම් භික්ෂුන්   හෙරොයින් භාවිතාවට  පවා ඇබ්බැහි වී ඇති   බවට පසු ගියකාලයේ  පුවත් පළවිය.එමෙන්ම  කාන්තාවන්ට බලහත්කාරකම්  කිරීම් පිළිබඳවද  පුවත් පළවිය. කුඩාදරුවන් සහ සාමනේරයන් ලිංගික  ක්‍රියාකාරකම් වලට  යොදාගැනීම පිලිබඳ  වාර්තාද මාධ්‍යවල පලවිය .පිළිකුල් කටයුතු  දුෂ්ට  ක්‍රියාවක් වන එය වෙනුවට කාන්තාවන්  පන්සල්වල තබාගෙන ලිංගික ආශාවන් සන්තර්පනය  කර ගැනීම වඩා හොඳය . එසේ  කරන්නේ නම්  නම් භික්ෂුන් මෙයට වඩා සන්සුන් වන  ඇත . සිවුරු පොරොවා ගෙන  බන පිරිත්  කි පලියට පෝෂ්‍යදායි ආහාර භුක්ති විඳින  ඔවුන්ගේ  ලිංගික ආශාවන් යටපත් කල හැකි වන්නේ නැත . එබැවින්  භික්ෂුන්ට  කාන්තවන් විවාහ  කරගැනීමට ඉඩ සැලසීමට  දැන් කාලය  පැමිණ තිබේ . ඔවුන් රකින ශීලයක් නැති බැවින්  විවාහ එකක් මදි නම් දෙක තුනක් වුවද  කර ගැනීමට ඉඩ දුන්නත්  මා නම් එයට එරෙහිව අකුරක්වත්  ලියන්නේ නැත .


කෙසේ වෙතත්  පාතාල භික්ෂුන්ට එරෙහිව මෙන්ම ජනවර්ග අසමගිය අවුලවා ලේ හැලීමට  මිනිසුන් පොළඹවන පාතාල භික්ෂුන්  හිරගෙවල්වලට  යැවීමට  ආණ්ඩුව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය .එසේ  නොවුනහොත්  ඔවුහු ගල්කටස්  සහ පිස්තෝල  ගන්නා  දවස එතරම් ඈත නොවේ.  පාතාල  භික්ෂුන්ගේ  පමණක් නොව අති බහුතරයක් භික්ෂුන්ගේ ඒකායන අරමුණ  මේ රට සිංහල බෞද්ධ රාජ්‍යයක්  කිරීමය . ජනවර්ග අතර සමගියක් ඇති කොට  රට එක්සත්  කරන්නට  ගන්නා  කවර  උත්සහයක් වුවද  ඔවුන් විසින් කඩ  කප්පල් කිරීමට එක පයින් සුදානම් වී  සිටිති . ඔවුන් මට්ටු කිරීමට පාලකයන්වහා  පියවර නොගත හොත්  බුද්ධරක්ඛිතලා සහ සෝමාරාමලා බලාපොරොත්තු වෙන ලෙස ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් අප අනතරු අඟවමු.  




සිරිසේනගේ ඉංග්‍රීසි ,අපේ ඉංග්‍රීසි සහ රනිල්ගේ ඉංග්‍රීසි

      ජනාධිපති සිරිසේන මහතාට  ලියා දුන් ඉංග්‍රීසි  කතාව පිලිපින ජනධිපති වරයා ඉදිරියේ හරියට  කියවා  ගන්නට බැරිවීම ගැන දැන් විවිධ විවේ...