Skip to main content

කන්‍යාවන් එපා කි හැරි කුමාරයා




Image result for meghan markle's parents

  ලංකාවේ  අපි  පමණක්  නොව ඉන්දියාවේ   , පකිස්ථානයේ සහ තවත් බොහෝආසියාතික  රටවල  කොල්ලන්  සියයට සියයක් වාගේම  කසාද  බඳින්නට  හොයන්නේ කන්‍යා භාවය තිබෙන  කෙල්ලන්ය .  අරාබි  කරයේ  නම් හොයන්නේ  කන්‍යා  භාවය  පමණක්  නොව කොල්ලෙක්ගේ බැල්මක් වත්  නොවැදුණු  කෙල්ලන්ය . එපමණ ක්  නම් කමක් නැත . කාන්තා අයිතීන් ගැන දේශනා පවත්වන  විප්ලවවාදීන් ට  පවා  කරකාර  බැඳගන්නට  හොයන්නේ  කන්‍යා  කුලකුමරියන්ය .  එය එසේ  වුවත්   රජපවුලේ  කොල්ලෙක් , කන්‍යාවන්  දස දහස්  ගණනක් තමා  හා දීග  යන්නට එක පයින් සුදනම්වී  සිටියදී , ඔවුන් තඹ  පයිසෙකට ගණන් නොගෙන තවත් මිනිහෙකු සමග අවුරුදු දෙකක්  දීග  කෑ ගැහැනියක්ව  මේ මැයි මාසේ 19 වෙනිදා  ලෝකෙටම අඬබෙර  ගසා බෙල්ලේ එල්ලා  ගන්නට තීරණය කර තිබේ .


ඒ වෙන  කවුරුවත්  නොව එංගලන්තයේ රැජිණගේ මුනුබුරෙකු වන,  ඩයනාගේ සහ චාර්ල්ස්  කුමාරයාගේ බාල පුත්‍රයා වන හැරී  කුමාරයාය . ඔහු කරකාර  බැඳගන්නට  යන්නේ  ඇමරිකානු පුරවැසියෙකු වන මෙගාන් මාකල්ය .  ටෙලි නාට්‍ය සහ චිත්‍රපට  නිලියක් වූ ඇය චිත්‍රපට නළුවෙකු සහ  නිෂ්පාදකයෙකු වන ට්‍රෙවර් එංගල්සන් සමග 2011 සිට 2013 දක්වා අවුරුදු දෙකක්  දීග  කා දික්කසාද වුවාය. හැරී කුමාරයට  ඇයව  මුණගැසෙන්නේ ඉන් පසුවය .

හැරී  කුමාරයා මාකල්ව  හමුවීමට  පෙර  ගැහැණු ළමුන් 10 දෙනෙකු සමග වරින් වර රෝන්දේ  ගිය  නමුත්  2016 දී මාකල් ව  හමුවීමෙන් පසු ඇයට වශී විය . ඇයව විවාහ  කරගන්නට  ඔහු  තීරණය  කලේ හමුවී  මාස කිපයකින්ය . ඉන්පසු  ඇය සමග සතියක් අප්‍රිකාවේ වන සතුන් නැරඹු ඔහු ඇය  කසාද  බැඳගන්නට  උවමනා  බව  රජපවුලට දැනුම් දුන්නේය .



                       හැරී  පරණ  පෙම්වතියක් සමග 

      ලංකාවේ ධනවත්  පවුලක  කොල්ලෙක් මාකල් වැනි ගැහැනියක්ව  කසාද  බැඳ ගන්නට  ගියොත් ඔහුගේ  අම්මා සහ  තාත්තා  කනේරු ඇට  කා දිවි නසා  ගන්නවාට සැක නැත . එහෙත් රජ පවුලේ උදවිය මෙම විවාහයට විරුද්ධවූ බවට  කිසිදු වාර්තාවක්  නැති අතර  19 වනදා වින්ඩ්සර් මාලිගාවේ පැවැත්වෙන  මේ ජෝඩුවගේ මංගල්‍යට රජ පවුලේ පුර්ණ ආශීර්වාදය  හිමිවී  තිබේ .


මෙගාන් මාර්කල්  කවුද?


හැරි කුමාරයා ට වඩා  අවුරුදු  තුනකින් වැඩි මහල් මාකල් රංග  කලාව සහ  ජාත්‍යන්තර  කටයුතු  විෂයයන් සඳහා  උපාධියක් ලබා  තිබෙන අතර  ටෙලි නාට්‍ය  ගණනාවක සහ   චිත්‍රපට කීපයක්  රඟ පා තිබේ.  ඇගේ  මව  ඩොරියා රග්ලන්ඩ් සමාජ සේවිකාවක් මෙන්ම යෝග උපදේශිකාවක් ද වන්නීය . ඇය  කළු ජාතික  කාන්තවකි .ඇගේ  මුතුන් මිත්තන් අප්‍රිකාවෙන් ගෙන එන ලද වහල්ලු වෙති . සුදු ඇමරිකානුවෙකු වන ඇගේ පියා  තෝමස්  මාර්කල් චිත්‍රපට සඳහා ආලෝකය සැපයීමේ  වෘත්තියේ  නිරත වූවෙකි ඔහු ලන්දේසි  ,ඉංග්‍රීසි සහ අයර්ලන්ත යන රටවලින් ඇමරිකාවට  පැමිණ  පදිංචිවූ මුතුන් මිත්තන්ගෙන් පැවත එන්නෙකි .


කෙසේ වෙතත්  මාර්කල්ගේ මව සහ පියා, මාකල් කුඩා  කාලයේදී  දික්කසාද වූ අතර  මව  ඇමරිකාවේද පියා  මෙක්සිකෝවේද  ජීවත්වෙති .  විවාහ  උත්සවය සඳහා ඔවුන් දෙපොලටද ආරාධනා  යවා ඇතත් පත්තර  කාරයෙකු විසින් කරන ලද අවුලක් හේතුවෙන් මාකල්ගේ පියාට  හදිසි  හර්දයබාධයක් වැළඳීම නිසා  මංගල්‍යයට සහභාගී වීමට  නොහැකි වෙන  ලකුණු පහල වී තිබේ . එහෙත් ඇගේ  මව  රාජකීය මංගල්‍යට සහභාගී වීම සඳහා  මේ වන විටත් එංගලන්තයට පැමිණ සිටි.


Image result for meghan markle's parents

              මාකල්  සහ ඇගේ මව ඩොරියා

 

Image result for meghan markle  and father

                                    මාකල්  පියා සමග 


 තමන් සුදු කළු  කවලම් දරුවෙකු වීම ගැන   ආඩම්බර වන බව  මාකල්  කියයි. 




The couple released their official engagement photos shortly before Christmas

දේශපාලකයට ආරාධනා  නැහැ 


 මාස  කීපයක සිට කෙන්සිංටන්  මාලිගාව අසල  මන්දිරයක  ජීවත්වන  හැරීගේ සහ මාකල්ගේ    විවාහ  උත්සවයට  බ්‍රිතාන්‍ය අගමැතිනිය, ඇමරිකානු  ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්  ඇතුළු දේශපාලකයන්ට ආරාධනා  නොකිරීමට හැරි කුමරු සහ  මාකල්  තීරණය  කළ බව බ්‍රිතාන්‍යයේ Sun පුවත්පත  කියා  තිබේ .


රාජකීය පවුලකින් විවාහයක්  කරගනු වෙනුවට දික්කසාද වූ  වයසින් වැඩි සුදු කළු ගැහැණියක් විවාහ  කර  ගැනීමටත් මංගල්‍යයට දේශපාලකයනට ආරාධනා  නොකිරීමටත්  හැරි කුමරු තීරණය කිරීම රජගෙදර සිදු කළ  පුංචි පහේ විප්ලවයක්  ලෙස  හැඳින්වීම සාධාරණය .






Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා