Skip to main content

ඥානසාරලාට බය ආණ්ඩුව




 


       මේ  ආණ්ඩුව  ගැන අප සිටින්නේ  කේන්තියෙනි .ජනවාරි 8 ට  පෙර   මේ ආණ්ඩුවේ  ලොක්කෝ දෙසා  බෑ බේගල්  විශ්වාස කොට . අපි චන්දය දුන්නෙමු . එහෙත් අවුරුදු දෙක හමාරක්  ගත වීත්  වදා තිබෙන්නේ  කෙන්දක් පමණය . ජනවාරි 8 ට  පෙර  නම් ඔවුහු අපට කිවේ පිදුරුතලාගල  කන්දටත් වඩා  ලොකු කන්දක් වදන  බවය 


  දෙවෙනි දර්ගා ටවුමක්  අපි බලාපොරොත්තු උනේ  නැත.  එහෙත් ජනවාරි 8 න් පසු දර්ගා ටවුම  ,ගින්තොටට , අම්පාරට , සහ තෙල්දෙණියට ගියේය . තෙල්දෙණියෙන් එය අවට  ගම්මානවලට  පැතිර  ගියේය . එය හෙට තවත් තැනකට බොහෝ විට  යනු ඇතැයි අනුමාන කරන්නට දැන් අපිට සිදුවී  තිබේ  


එසේ වෙන්නේ ඇයි? 


එසේ වන්නේ මේ ආණ්ඩුව  බියගුලු  ආණ්ඩුවක් නිසාය. ආණ්ඩුව  ලෝක ප්‍රජාවටත් බයය . එක්සත් ජාතීන්ගේ මානව  හිම්කම් සභාවටත්  බයය . අපරාධ  කළ හිටපු හමුදා  නිලධාරීන්ටත්  බයය . ඥානසාරට  නිකායටත්  බයය  . 



Image result for anti muslim riots in kandy


අද  කෙරුම්කාරයෝ වී තිබෙන්නේ ඥානසාරලාය .අම්පිටියෙ සුමනේලාය . බෙන්ගමුවේ නාලකලාය , ඉත්තැකන්දෙලාය. තෙල්දෙණිය  ගිනි තිබ්බේ  ඥානසාර , අම්පිටියේ සුමන  තම සහපිරිවෙර සමග තෙල්දෙණියට ගිය  පසුවය . 


ගින්තොට සිද්ධියෙන්  පසු එවැන්නක් සිදුවීම වැලක්වීමට ආණ්ඩුව  කිසිම සැලැස්මක් සකස්  නොකළ බව ඕනෑවටත් වඩා  පැහැදිලිය . ඉන්පසු  අම්පාර ගැටුම ඇතිවුයෙත් ඉන්පසු   තෙල්දෙණිය සහ අවට  ගම්මානවලට  පැතිරගියේත් ආණ්ඩුවේ සෙවල  කම නිසාය. ආණ්ඩුව ආ විගස අලුත්ගම සිද්ධිය ගැන  නැවත විභාගයක් පවත්වා එයට සම්බන්ධ සියලු දෙනා  කුඩු කළේ නම්,  යලිත් එවැනි  අවාසනාවන්ත සිද්ධීන් ඇතිවීම වැලැක්වීම සඳහා තද නීති පැනවුයේ  නම් ,  ගින්තොට අම්පාර , තෙල්දෙණිය ගිනි තබන්නේ  නැත  . සිංහල අන්තවාදීන්  කොපමණ දුරට සංවිධානය වී  තිබේද  යන්න  හදිසි නීතිය  පැනවීමෙන්  පසුත්  ඊයේ  රාත්‍රී තැන්නකුඹුරේ කුඩා මුස්ලිම් පල්ලියක් ගිනි තැබීමෙන් පෙනේ .



Image result for anti muslim riots in kandy



මුස්ලිම් විරෝධී ගැටුම් උග්‍ර  කිරීම  මගින්   රට අස්ථාවර  කර මේ ආණ්ඩුව  මහජනයාට  තව දුරටත් අප්‍රිය  කර  රාජපක්ෂලා  නැවත  බලයට ගෙන එම සඳහා බලවත්  පිරිසක් පිටුපස  සිටින බව ට සැකයක් නැත . එකතරා  මාධ්‍යයක සඳහන්  වූ ආකාරයට අම්පාරේ සහ  තෙල්දෙණියේ  ගිනිතැබීම්  පිටුපස  සිටින්නේ  මහසෝන්  බලකාය  නමින් හදුන්වන මැර  පිරිසකි. ඔවුන් මෙහෙයවනු ලබන්නේ   හමුදාවේ හිටපු රාජපක්ෂවාදී ලොක්කන් කීප දෙනෙකි .ආණ්ඩුවේ බුද්ධි අංශ මේ පිළිබඳව ආණ්ඩුවට  වාර්තා  කර ඇතුවාට සැකයක් නැත. එහෙත් ඔවුන්ට එරෙහිව  කටයුතු කරන්නට අගමැති හෝ ජනධිපතිවරයා හෝ ඔවුන් දෙදනාම  හෝ සුදානම් නොවීම ඉතා අවාසනාවන්ත තත්වයකි .ආණ්ඩුව මේ  මොහොතේ  ඔවුන් සහ ඔවුන්ගේ සහචරයන් කුඩු කරන්නට ,ඔවුන්ගේ දේපල රාජසන්තක  කරන්නට සහ වෙනත් දැඩි  ක්රියා මාර්ග  ගැනීමට  සුදානම් නොමැති නම් ඉදිරියේදී  ඔවුන් ලංකාවම ගිනි තබන  බවට කිසිදු සැකයක් නැත .



Image result for anti muslim riots in kandy


යලිත් මෙවැනි සිද්ධි ඇතිවුවහොත් ආණ්ඩුව අඩු වයසෙන් කාලක්‍රියා  කරනු ඇත අවමඟුලේදී අඬන්නට වැලපෙන්නට කිසිවෙකු  නොමැතිවනු ඇත . 1948 න් පසු පිහිටුවනු ලැබූ  දුර්වලම ආණ්ඩුව  ලෙස  ඉතිහාසයේ  ලියවෙනු ඇත .






Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා