Skip to main content

මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?



Image result for maithripala sirisena

  


  මෛත්‍රීට දැන්  දෙපැත්තකින්  බැට  කෑමට සිදුවී තිබේ. එක අතකින්  එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයෝ  පහර  ගසති. අනිත් පැත්තෙන්  රාජපක්ෂලා  පහර  ගසති .


එක්සත් ජාතික  පක්ෂයේ අය ඔහුට  පහර ගසන්නේ  බැඳුම්කර  හොරකම  පිලිබඳ වාර්තාව යට නොගැසීමත්  එයට වග  කිව  යුතු අයට  නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව   යැවීමත්  නිසාය .


රාජපක්ෂ  කඳවුරේ අය ඔහුට  පහර  ගසන්නේ  ඔවුන්ගේ ඇතැමෙකුට  මේ වන විට  නඩු  පවරා තිබීම නිසාත් ඉදිරියේදී  තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට  ඉඩ  තිබෙන නිසාත්ය. ඊට අමතරව  ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ  කොමිෂන් සභා වාර්තා එලියට  දැමීමට  යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන්  සේවය  පිලිබඳ  කොමිසමක් පත් කරන්නට  යන  නිසාත්  බව  මගේ  විශ්වාසයයි .


ජනධිපතිවරයා  මුල සිටම දැඩි  ස්ථාවරයක සිට  කටයුතු  කලේ නම් කවුරු ප්‍රහාර එල්ල  කළත් ශක්තිමත් ලෙස ඒවාට මුහුණ දීමට  ඉඩ තිබුණි. එහෙත්  වැනෙන සුළු  ප්‍රතිපත්තියක සිට  මුල සිටම ඔහු කටයුතු කිරීම නිසා ඔහුට තිබු මහජන  සහය  යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ.


කෙසේ වෙතත්  19 වෙනි ව්‍යවස්ථාව සම්මත  කර  ගැනීම සඳහා  ඔහු දැඩි  උත්සාහයක්  නොගත්තේ  නම එය සම්මත  නොවන්නට  ඉඩ තිබුණි  එබැවින් එහි ගවුරවය  ඔහුට දිය  යුතුය . රාජපක්ෂ  මහතා  මැරෙන තුරු ජනාධිපති වී  පාර්ලිමේන්තුව  ඔහු ගේ අතකොළුවක්  පමණක් බවට  පත්කරන්නට  හැදු නීතිය අවලංගු කොට  ජනාධිපති සතු බලතල අඩු කරන්නට මෛත්‍රී විසින්  කටයුතු කිරීම  නිසා  ප්‍රජාතන්ත්‍රවාදය  ශක්තිමත් වූ බව  නොපිළිගන්නේ කුහකයන් පමණි 


ජනාධිපතිවරයාට  මේ දිනවල  තවත් බරපතල අභියෝගයකට  මුහුණ දීමට සිදුවී  තිබේ.  මේ  පළාත්පාලන  මැතිවරණයෙදී මහින්ද  ගේ  පොහොට්ටුවට වඩා  ශ්‍රීලනිපයට  චන්ද ලබා  ගැනීමේ අභියෝගයයි  . එසේ  නොවුණහොත් තවත් වසරක්  ගතවන විට  ඔහු සමග සිටින ශ්‍රී ලංකා ඇමතිවරුන් සියල්ලෝම වාගේ  ජනාධිපතිවරයා ශ්‍රීලංකා නිදහස්  පක්ෂයෙන් එලවා දමා මහින්ද  යලි ඩාලි පාරට වඩම්මන්නට පාවාඩ  එළනු ස්ථිරය. එය  මෛත්‍රී  වටහාගෙන ඇති බවට සැකයක් නැත .


පොහොට්ටුවට වඩා බුලත්කොලයට  සහ අතට චන්දය  ලබා  ගන්නට නම් එක්සත් ජාතික  පක්ෂය හුරතල් කිරීමෙන් එය ඉටු නොවේ    එක්සත් ජාතික  පක්ෂයට ඕනා  හැටියට නටන්නට තමන් ඉඩ නොදෙන  බව  තම  පාක්ෂිකයන්ට ඒත්තු ගන්නන්නට  මෛත්‍රීට  සිදුවේ. ජනාධිපතිවරයා  රට පුරා රැස්වීම වලට  යමින් ආවේග ශීලී අන්දමින් එක්සත්  ජාතික පක්ෂයේ  බැඳුම්කර හොරුන්ටත්  රාජපක්ෂලාගේ  හොරකම් වලටත් එරෙහිව  කතා  කරන්නේ  ඒ නිසාය . එය එජාපයේ අඳ  බාලයන්ට වටහා  ගන්නට  බැරිවීම පුදුමයක් නොවේ.මෛත්‍රී  වැටුනොත් ඔවුන්ද  වැටෙන  බව  ඔවුන් දන්නේ  නැත .


මේ චන්ද සටනින්  මෛතිර්  දුර්වල වුවහොත් එය  රටේ අභාග්‍යයකි. රනිල්  වික්‍රමසිංහ මහතා  ජනාධිපතිවරනයකින්  ජයගන්නට  තරම්   ශක්තිමත් පෞරුෂත්වයකින්  හෙබි නායකයෙකු නොවන  බැවින් ලබන වසරේ  අග පැවැත්වීමට නියමිත ජනධිපතිවරණයේදී  වැඩි වාසිය  යන්නේ  මහින්ද රාජපක්ෂගේ ආශිර්වාදයෙන් එන අපේක්ෂකයෙකුටය.  ඔහු බොහෝ විට  ගෝඨාභය රාජපක්ෂ විය  හැක. 


Image result for gotabaya rajapaksa


ගෝඨාභය  ජනධිපතිවරයා වුවහොත්  2015 ජනවාරි 8  වෙනිදට  පසු මේ රටේ මිනිසුන් ලැබූ නිදහස අහෝසි  කරන  බවට  කිසිදු සැකයක් නැත .සුදු වැන් යලි  පිටත් කර  එවීම ස්ථිරය .



එබැවින් මෛත්‍රිපාල සිරිසේන  ජනාධිපතිවරයා  ආරක්ෂා  කර  ගැනීම අප කාගේත්  ශරීරාරක්ෂාවට  ගුණ  බව   කවුරු කවුරුත් තේරුම්  ගැනීම ගැනීම වටී.


 පී. බර්ටි රණවීරගේ 



Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට