Skip to main content

පොහොට්ටු සහ යක්කු




  Related image


     මේ  පළාත් පාලන චන්දය  ගැන ඊයේ වෙනතුරු   මගේ  කිසි උනන්දුව  තිබුණේ නැත .එහෙත් මහින්ද රාජපක්ෂ  ඊයේ  කළ  ප්‍රකාශයක් ඇසු  විට මොහු  පරණ රාජපක්ෂ  මිස අබ මල් රේණුවක් වත් වෙනස් වී  නොමැති බව  පෙණුනේය. මොහු නියෝජනය  කරන අන්ත  ප්‍රතිගාමී  මතය නැවත වරක්  පරාජය කිරීම ට යලිත් අවස්ථාවක් එළඹ ඇති බැවින්  ඔහු ස්ථිර  ලෙසම විශ්‍රාම  ගැන්වීම  සඳහා ,  හැකි පමණ දායකත්වයක්  දීම කළ යුතුමය  යන අදහස මා සිත තුල බලවත්  ලෙස දැන් මතුවී  තිබේ.


එයින් අදහස් වෙන්නේ  මා  එක්සත්  ජාතික  පක්ෂයට  කඩේ  යන බව   නොවේ. එක්සත් ජාතික  පක්ෂයට  කඩේ  යන්නට  මට මෙතෙක් අදහසක්  ඇතිවී  නැත .රනිල් වික්‍රමසිංහ මහතාද ඇමති ධුරයක් දරු  ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව  1980 දී මා ඇතුළු ජුලි වැඩ වර්ජකයන් 40000 ක්  ගෙදර  යැවූ  බව මට අමතක  වන්නේ  නැත. 1983 දී එක්සත් ජාතික  පක්ෂය කළු ජුලිය දියත් කොට එවකට  100   ටත් අඩු  තුවක්කු කරුවන් සිටි කොටි  සංවිධානය යෝධයෙක් කළ  හැටි  මට අමතක නැත .චන්දය  බලු පොරයක් බවට  පත් කළ  අනුපාත චන්ද  ක්‍රමය  හඳුන්වා දුන්නේ එක්සත් ජාතික  පක්ෂය  බව මට අමතක වන්නේ  නැත . මන්තිරි  කම හම්බු කිරීමේ  ජොබ් එකක්  බවට පත් කළේ එක්සත් ජාතික පක්ෂය බව  මට අමතක වන්නේ  නැත .


එහෙත් මහින්ද රාජපක්ෂ  මහතා  බලයට  පත් වීමෙන් පසු විශේෂයෙන්ම  දෙවන වරට  ජනාධිපති  වීමෙන්   පසු  ඔහු හැසිරුනේ  තවත් ජේ. ආර්. කෙනෙක් ලෙස  නොව  එයිටත් වඩා  භයානක ඒකාධිපතියෙකු ලෙසය . එකාධිපතියන් බිහි කරන ජේ.ආර්.  ව්‍යවස්ථාව  තව දුරටත්  ඔහු ඔප මට්ටම  කළේය. ජනාධිපති තනතුර  පවුලේ බුදලයක් බවට  පත් කිරීම සඳහා අවශ්‍ය පදනම දැමුවේය . ඔහුට  කීකරු නොවූ  ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරිය  රාජපක්ෂගේ  කැකිල්ලේ උසාවියට  කැඳවා චෝදනාවලට  පිළිතුරු දෙන්නටවත්  ඉඩ නොදී  ගෙදර  යැව්වේය . ඉන්පසු   රූකඩයක් අග විනිසුරු ලෙස  පත් කරනු ලැබුවේය .  කොටින්ම  කියතොත් නරක  පාලකයෙක් වූ  ජේ ආර් ජයවර්ධන  මහතා පවා   ජනාධිපතිවරකුට තේරී පත් විය හැක්කේ  දෙවරක් පමණකැයි   1978 ව්‍යවස්ථාවේ ලියා සම්මත  කොට  තිබුන මුත්   මහින්ද  රාජපක්ෂ  මහතා  ඔහුට ඇති  කියා  හිතෙන  තුරුම  ජනාධිපති පුටුවේ  බින්න  බැහිමට හැකිවන  පරිදි  18 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් ඉඩ සලසා  ගත්තේය . ඒ මගින්ම කොමිෂන් සභා අහෝසි කළේය.  ඔහුට කීකරු විසිසුරුවන් පත් කිරීමේ  බලය  ඔහු අතට  ගත්තේය .


එසේ  නම්  ඔහු ජේ. ආර්ටද වඩා  භයානක  පුද්ගලයෙකු  නොවේද?


    2015 ජනවාරි 8 වෙනිදා  බහුතරයක් මිනිස්සු  හොඳින් හිතා  මතා  චන්දය  භාවිතා කළ බැවින්  රොබට් මුගාබේ  කෙනෙක්  ලංකාවේ  බිහිවීම වැලකුනේය.


නව ව්‍යවස්ථාවක්  සම්මත  කර  ගැනීම සඳහා අගනා අවස්ථාවක්  උදා වූවද එය  සම්මත  කර ගැනීමට ආණ්ඩුව  අවුරුදු දෙකකට අධික  කාලයක් තිස්සේ උනන්දු නොවීම    නිසා එය ඉදිරියේදී සම්මත වීමට  තිබෙන  ඉඩකඩ  සැක සහිතය  .   එය සම්මත නොවුනහොත්  ඊළඟ  ජනාධිපතිවරනයේදී සුදු වැන් ලොක්කා  ජනාධිපතිවරණයට  ඉදිරිපත් වීමට  සියයට සීයක්   ඉඩ තිබේ. ඒ සඳහා අවශ්‍ය වට පිටාව ඔහුගේ  ගෝලබාලයන් මේ දිනවල සකස්  කරමින් සිටිති. "නව  නායකයෙක් සොයා  ගැනීමට සිදුවී  තිබෙන  බව "   ඊයේ  ඇල්ලේ  ගුණවංශ   කිවේ  නිකම්ම නොවේ. ඒ අතර  සුදු වැන් ලොක්කගේ  තවත් ගජ මිත්‍රයෙකු වන  ඥානසාර   "මන් හොඳ මුනියා  " චරිතය  රඟ පාන්නට  පටන් ගෙන  තිබෙන්නේ සුදු වැන් ලොක්කා හෙවත් ගෝටාගේ  උපදෙස් අනුව  බව  මට නම් සැකයක් නැත .කෙසේ  හෝ මීලඟ  ජනාධිපති වරණයේදී  ගෝටා  බලයට  පත්වුවහොත් අගමැති කමට මහින්දව  පත් කර ගැනීම ස්ථිරය . රීරි යකාත් ,මහසෝනාත්  රටපාලනය  කරන්නට  පටන් ගත  හොත්  බිලි  පුජා කොපමණ ගනීදැයි අනුමාන කිරීමට ඕනෑ නම් ඔවුන්ගේ පරණ  කැරැට්ටු මතක්  කර ගැනීම  ප්‍රමාණවත්ය .


ඩිංගිත්තක් මතක් කරතොත් ,  ප්‍රගීත් එක්නැලිගොඩ ආපසු ආවේ  නැත .කොළඹින් අල්ලාගෙන  ත්‍රිකුණාමලේ අරන් ගිය ගැටවු 11 දෙනා ආපසු ආවේ  නැත .ත්‍රිකුණාමලේ වෙරළේ වාඩිවී  මුහුදු   සිංදු කියමින්  සිටි දෙමල  ළමුන් 5 දෙනා  ආපසු ගෙදර ආවේ  නැත  රතුපස්වල  තරුණ  ළමුන් 3 දෙනා ආපසු  ගෙදර   ආවේ  නැත . වැලිකඩ හිර ගෙදර  ගිය අය අතුරින් 27 දෙනෙකු ආපසු ආවේ  නැත . තාජුඩින්  ගෙදර ආවේ  නැත .ලසන්ත වික්‍රමතුංග ආපසු ආවේ  නැත .



 ඒ  ඔක්කොම ඇත්ත  උනත්මේ  ආණ්ඩුවේ එවුන්  හොරුන් බැවින්  ඔවුන්ට චන්දය දී  වැඩක් නැතැයි ඔබට  හිතෙනවා විය  හැක. ඇත්තය .ඔක්කොම  හොරු නොවුනත් සමහරුන් හොරු බව  බැඳුම්කර සෙල්ලම සනාථ  කර තිබේ. හොරු රකින්නට අපිට  උවමනාවක් නැත . හොරු  හැකි ඉක්මනින් හිරේ  හෝ එතනින් එහා  තැනක් තිබේ  නම් එතනට  හෝ  යැවිය  යුතුය . ජනවාරි  8 වෙනිදාත්  ඉන්පසුව අගෝස්තු 17 වෙනිදත්   අපි චන්දය  දුන්නේ  අපේ සල්ලි සාක්කුවේ  දාගන්නේ  නැති ආණ්ඩුවක් හදන්නට  මිස සල්ලි හොරකම් කොට තට්ටු නිවාස  ගන්නට නොවේ.


එහෙත්  මුන් හොඳ  නැත  කියා  රාජපක්ෂලා දෙසට  හැරෙන්නට  අපිට බැරිය.  මන්ද  ඔවුන් අවුරුදු  10 ක් තිස්සෙම  හොරකම් කළ බැවිණි  .නැත.  එයිටත්  කලින් සිටය. 2004 සුනාමිය  ආ දවසේ  සිටය .  ඒ  බව  අපි හරියටම දන්නේ    සුනාමි සල්ලි  පිල්ලි ගැසූ බවත් , "හිරේ  යවන්නට  තිබුණු  නමුත්  හැදෙයි  කියා  සිතා  නිදහස්  කළ බව "  හිටපු අග විනිසුරු සරත් එන් සිල්වාම කිව්  නිසාය .


මේ ආණ්ඩුවේ  පංගු  කාරයන්ට  චන්දය දෙන්නට  කියා  මා යෝජනා  කරන්නේ  නැත  . නමුත් මේ ආණ්ඩුව  බලයට ඇවිත් කරන ලද  යහපත් දේ  තිබේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය  මගින් ජනධිපති බලතල සීමා  කිරීම,  කොමිසන් සභා  පිහිටුවීම, සුදු වැන් ගැන  බයක් නැතිව  ලියන්නට,   කතා  කරන්නට  හැකි පරිසරයක්  නිර්මාණය  කිරීම , සුදු වැන් නතර කිරීම , මනාප  පොරය  නවත්වන චන්ද  ක්‍රමයක් හදුන්වා දීම , ගිනි ගණන්  දී  මිලදී  ගන්නට සිදුවූ ඖෂධ මිල විශාල ලෙස අඩු කිරීම , රාජ්‍ය සේවක වැටුප් විශාල ලෙස වැඩි කිරීම   පමණක් නොව විරෝධතා දක්වන්නන්ට  උන්ඩ වලින් පිළිතුරු නොදීම ආදිය  ,  වැඩක් ඇති දේ  නොවේ  යයි  කිව  හැක්කේ    කුඩුකේඩු වන්ට පමණි .



     මේ  මැතිවරණයෙන්  රාජපක්ෂලාට මතුවෙන්නට ඉඩ  හැරියොත්   අනාගතය  අතිශයින් භයංකර බව ඉර  හඳ  සේම  පැහැදිලිය . ගෝටා ජනාධිපති වී  මහින්ද  අගමැති  වූ විට  රටේ  පාලනය  භාර වන්නේ  යක්කුන්ටය . යක්කුන්ට බිලිපුජා  උවමනාය  . බිලිපුජා  ගැනීම සඳහා  පළමුවෙන්ම  බැල්ම  හෙලනු ඇත්තේ අන්තරේ සහ  ජවිපෙ වෙතය. ඉන්පසු යක්කුන්ට විරුද්ධ  ලියන  මාධ්‍යවේදීන්  වෙත හැරෙනු ඇත. ඔවුන් කා  ඉවර වූ පසු ඔබ දෙසට  හැරෙනු  ඇත .


  බර්ටි රණවීරගේ 


  ලිපිය  පිළිබඳව  මට  ගල් මුල්  ගැසීමට  උවමනානම් පහත  තිබෙන  කොමෙන්ටු තීරයේ  එයට  ඉඩ  කඩ තිබේ.




Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා