Skip to main content

ආණ්ඩුව පෙරලන්නේ මෛත්රිද ? රනිල්ද? මහින්දද?




    

යහපාලන ආණ්ඩුවට චන්දය  දුන් කවුරුත් පාහේ   මේ දවස්වල  ඉන්නේ  තිගැස්සීමෙනි. කම්මුල් දෙකේ අත් තබාගෙනය .  කුමන වින්නැහියක්  වෙන්නට  යන්නේදැයි  හිතා  ගැනීමටත්  නොහැකිවය .


මෛත්‍රී  +UNP  ආණ්ඩුව වෙනුවට  මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඒවිද? 


නැතහොත්  UNP+ TNA  ආණ්ඩුවක් පැමිණේද? 


ජනවාරි 8  පොරොන්දු  මෛත්‍රී  පොළොවේ  ගසා  කුඩුපට්ටම් කරාවිද ? 


නව ව්‍යවස්ථාව  ඉපදීමටත්  පෙර අවසන් ගමන් යාවිද? 


හොරු ඇල්ලීමේ  පොරොන්දු  අපි පුංචිකාලයේ  සුන්දර  ලෝකයකට  ගෙන  ගිය   සුරංගනා  කතාවක්  බවට  පමණක්  පත්වේද ? 


කොටින්ම  62 ලක්ෂයක්  ජනතාවට  මෛත්‍රී  කොකා  පෙන්නාවිද?




යහපාලනයට  චන්දය  දුන් බහුතරයක්  මිනිස්සුන්ට  මේ දිනවල සිතන්නට බළකොට  තිබෙන්නේ එවැනි ප්‍රශ්න  ගැනය . ජනවාරි  8  දා  හැට දෙලක්ෂයක්  මිනිස්සු මෛත්‍රීට   චන්දය  දුන්නේ  මහත් බලාපොරොත්තු ඇතිව  බව  අමුතුවෙන් කිව  යුතු නොවේ.  එහෙත් දුන් පොරොන්දු වලින්  ආණ්ඩුව  තවමත්  ඉටු කර  ඇත්තේ කීපයක් පමණි. ඇතැම් ඒවා  ඉටු කළේ එතරම්ම  උනන්දුවකින්ද  නොවේ.


මයිත්‍රී +UNP  හවුල හෙල්ලෙන්නට  පටන් ගත්තේ බැඳුම්කර  කොමිසම  ඉදිරියේ  හොරකම එළිවෙන්නට වූ විටය .රවී  කරුණානායක මහා  පරිමාණ  ගැහිල්ලක් කරන්නට  ඉහලින්ම සම්මාදම් වී  තිබෙන  බව කියන්නට ආර්ථික  විශේෂඥ දැනුමක් අවශ්‍ය  නැත.  බැඳුම්කර මිලදී  ගැනීම  සඳහා  අඩු ලන්සු තබන්නට  කියා ආණ්ඩුවේ  බැංකුවලට රවී විසින්  උපදෙස් දී  තිබීම  පමණක් ප්‍රමාණවත්ය  . රනිල්  විසින් තව දුරටත් රවී කරුණානායක  UNP යේ  තබා  ගනිමින්  ඔහුට වගකීම්  පවරා  තිබීම  පැහැදිලි කරන්නේ බැඳුම්කර  ගැහිල්ලට එක්සත් ජාතික  පක්ෂයේ  නොමඳ ආශිර්වාදය  ලැබුණු  බව  මිස  වෙන  කුමක්ද?


එක්සත් ජාතික  පක්ෂයේ  ලොක්කන් අවංක  නම්   කළයුතුව  තිබුණේ  රවී  කරුණානායක සහ  හිටපු මහබැංකු ලොක්කාව  තව දුරටත්  හුරතල් කිරීම නොවේ. රවී  පක්ෂයෙන් දොට්ට  දැමීම සහ රනිල් දුන් උපදේශක   තනතුරෙන්  මහේන්ද්‍රන්ව අස් කර දැමීමය .එය නොකර  මෛත්‍රීට  බැන වැදීමෙන් සිද්ධ වන්නේ   හොරකම  ඔප්පු වීමත්  විරසකය  තව  දුරටත් උග්‍ර වීමය. එහි කෙලවර  කුමක් වේ දැයි  කීම  පහසු නැත .එහෙත් එකක් පැහැදිලිය.  මණ්ඩලේ කචල් කරගෙන  පොරොන්දු ඉටු කරන්නට  හැකි වන්නේ  නැත එවිට  මහජනයා  ඉදිරියේ  වැඩියෙන් පච වන්නේ එක්සත් ජාතික  පක්ෂයය . යලිත් බොහෝ කාලයකට  මැතිවරණයක් දිනා  ගැනීමට එයට  හැකි වන්නේ  නැත .


මෛත්‍රී විසින් වෙනදාට වැඩියෙන්  සද්දය  දාන්නේ  නිකම්ම නිකම්  නොවේ.එය  තේරුම් ගැනීමට එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයන්ට  නොහැකි  වී  තිබේ . ඉදිරියේ  පැවැත්වෙන  පලාත්පාලන  මැතිවරණයේදී තමන්ගේ  ශක්තිය වැඩි කරගැනීම  මෛත්‍රීට අත්‍යවශ්‍යය . මැතිවරණයෙන්  ඔහුගේ අපේක්ෂකයන් විශාල වශයෙන් පරාජයට  පත්වුවහොත් මේ මොහොතේ ඔහුට   සහය  දෙන  ශිලංකා  ඇමතිවරු   ආණ්ඩුවෙන් ඉල්ලා  අස්වී මහින්ද සමග එකතු වීමට  බෙහෙවින් ඉඩ තිබේ.  එබැවින්  එක්සත් ජාතික  පක්ෂයට දිගින්  දිගට  බැන වැදීමෙන් ශ්‍රී ලංකා  කාරයන්  තමන් වෙත  ඇද ගැනීමට   ඔහුට අත්‍යවශ්‍යය .  යුඑන්පි  කාරයන්ට   කනේ ඇඟිලි  ගසා  ගැනීමට  හොඳවායින්  හත  අටක්  කිව්  ශ්‍රීලංකා  කාරයන් චුන් වී  ඔහුගේ  අපේක්ෂයකයන්ට  චන්ද දෙනු ඇතැයි    ඔහු ගණන්  බලා ඇති බවට සැකයක් නැත. මෛත්‍රීට  පක්ෂය තුල ශක්තිමත්  අධිකාරිත්වයක්    තබා  ගැනීමට  නම් එක්කෝ  මහින්ද  පිල සමග  චන්දයේදී  හවුලක් හදා ගෙන  තමන්ට  පක්ෂපාත  මන්ත්‍රීවරු  සෑහෙන  ප්‍රමාණයක්  ජයග්‍රහණය  කරවා  ගත  යුතුය  එය  ඉටු නොවෙන්නේ  නම්  UNP යට පස් පඩංගුවේ   බැන වදිමින් ශ්‍රී ලංකා  චන්ද  තමන්ගේ අපේක්ෂයන්ට  ලබා  ගැනීමට  උත්සාහ  කළ යුතුය . මහින්ද  ඇතුළු  ඔහුගේ  පිලේ  බොහෝ අය  ජනාධිපතිවරයා  වර්ණනා  කිරීමට දැන් සිටම අරඹා  තිබීම  මෛත්රිගේ  උපක්‍රමයේ  සාර්ථකත්වය  පෙන්නීමක්  ලෙස  සැලකිය  හැක 


කෙසේ වෙතත්  මෛත්රිගේ  දේශපාලන   උපක්‍රම  රනිල් තේරුම් ගෙන තිබෙනවාට සැකයක් නැත. එබැවින් ඇතිවී තිබෙන  නොහොඳ  නෝක්කාඩුව  උග්‍ර වීමට  ඔහු ඉඩ  නොදෙනු ඇත. මෛත්රිගේ සහය  නොමැතිව  රනිල්ට ආණ්ඩුවක් පවත්වාගැනීම  පහසු නැත .TNA සහය  ලබාගෙන  ආණ්ඩුවක්  හදන  බවට ඇතැම් UNP  කාරයන්  කරන  ප්‍රකාශ  කරන්නේ  එක්කෝ ගොන් කමටය . එක්කෝ  තමන්ගේ  මිනිසුන් රඳවා  ගැනීමට සහ  පාක්ෂිකයන්ගේ  මොරාල් එක  ඉහලින් තබා  ගැනීමටය. 


 දෙමල  ජාතික සන්ධානය ආණ්ඩුවක  කොටස්  කාරයන් වීමට  මේ අවස්ථාවේ  සුදානම් යයි සිතීමට  කිසිදු කාරනාවක් නොමැත . එය  විවිධ  මත දරන  පක්ෂවල සන්ධානයකි . ඔවුන් අතර විවිධ ආරවුල්  තිබේ.  ආණ්ඩු කරන්නට  ගොස්  ඉගෙනගත්  කටුක  පාඩම්  ඔවුන් අමතක  කර  ඇතැයි සිතිය  නොහැක .  1965 බලයට  පත්  ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවට ෆෙඩරල් පක්ෂය  හවුල් වුයේ   තමන්ගේ  ඉල්ලීම් ලබා දෙන  බවට   ඩඩ්ලි සේනානායක  මහතා  පොරොන්දු වීම නිසාය. එහෙත් ඩඩ්ලි ඒ  පොරොන්දුව  කඩා  දැමීම නිසා ෆෙඩරල් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය . ආණ්ඩුවකට  හවුල් වීමෙන් සිදුවන්නේ  දෙමල  ජනයා අතර  TNA  සංවිධානය අප්‍රසාදයට  පත්වීම  පමණක් නොව සම්බන්ධන්ලාට එරෙහිව උතුරු නැගෙනහිර  රැඩිකල්  බලවේග ශක්තිමත් වීම  බව   අපට වඩා දන්නේ  ඔවුන්ය .


TNA විපක්ෂයේ  සිටිමින් මේ ආණ්ඩුවට සහය දෙන්නේ  ප්‍රධාන වශයෙන්ම  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හරහා දෙමල  ජනයට  බියෙන් සැකෙන්  තොරව  ජීවත්වීමට අවශ්‍ය  පසුබිම  නිර්මාණය  කර  ගැනීමටය . UNP+ TNA ආණ්ඩුවක්  හරහා  නව ව්‍යවස්ථාවක් හදා  ගන්නට  පුළුවන් කමක් නැත. ඒ සඳහා  මෛත්රිගේ  ශ්‍රීලනිපයේ මෙන්ම  මහින්දගේ  කණ්ඩායමේද  සහය අවශ්‍ය වේ. UNP+ TNA ආණ්ඩුවක් හදාගැනීමට දායක වීම තුලින් වෙන්නේ  ඔවුන්ගේ අපේක්ෂා  සුනු විසුනු වීම  පමණි.  එබැවින් ආණ්ඩුවක කොටස්  කාරයන් වීමට TNA   ඉදිරිපත් වේයැයි  සිතීමට  තරම් කාරණා  නැත  .


UNP  කාරයන්  ස්ථිර  ලෙස විරසක  කරගැනීමෙන් සිදුවන්නේ තමන් දේශපාලන  කාන්තාරයක  හුදෙකලා වීම  බව  වටහා  ගැනීමට  නොහැකි  තරමට  මෛත්‍රී මන්ධ  බුද්ධිකයෙකු බව  සිතීමට   හේතු නැත . මෛත්‍රී නොමැතිව  UNP යටද අනාගතයක් නැති බව නොදැනීමට  තරම්ම  රනිල්   දේශපාලන  මෝඩයෙක් නොවේ. එබැවින් රනිල් සහ මෛත්‍රී  යහපාලන ආණ්ඩුව  කඩා වැටීම වැලක්වීමට අවශ්‍ය සියල්ල  කරන  බවට  සැකයක් නැත .


  එහෙත්  පළාත් පාලන චන්දය  අවසන්වන  තුරු   මේ දෙගොල්ලන්  එකිනෙකාට  චීන  පටස්  පමණක් නොව දුම්  බෝම්බද  දමා  ගසනු ඇත 


Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට