Skip to main content

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට



                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු 


                      තවමත්  නවීන  ලෝකයට  පිවිස  නැති සවුදි අරාබියේ   රජපවුලේ  අඬු  කැඩීමේ    ප්‍රහාරයක් එහි ඔටුන්න  හිමි කුමාරයා විසින් අරඹා  තිබේ.


     කලින් සිටි  සවුදි රජු වූ අබ්දුල්ලාට  හිතවත්  රජ කුමාරවරු , සව්දි ආණ්ඩුවේ ඇමතිවරු  සහ  ප්‍රාදේශීය  නායකයන්  සහ ව්‍යාපාරිකයන්  අත්අඩංගුවට   ගෙන තිබේ .ඇතැම් රජ  කුමාරවරුන්ට  අත් අඩංගුවේ  සිටියදී වද  හිංසා  කොට කට  උත්තර  ලබාගෙන  තිබේ . ඔවුන්ට  වද  හිංසා  පමුණුවා ඇත්තේ  ඔවුන්ගේ  බැංකු  ගිණුම් පිලිබඳ  විස්තර  ලබා  ගැනීමටය .


සවුදි  රජපවුලේ බලකණු හතරේ දරුවන්  දුර්වල කිරීමේ අරමුණෙන්  මෙම අත් අඩංගුවට ගැනීම අරඹා ඇතැයි විචාරකයෝ කියති .1964 දී  හිටපු සවුදි රජෙකු  බලයෙන් පහකිරීම සඳහා  ඔහුගේ සහෝදරයෙකු  ආරක්ෂක හමුදා  යෙදවීමේ  සිද්ධියෙන්  පසු  සවුදි  රජපවුලේ  මෙවැනි  ඉහල මට්ටමේ  අත්අඩංගුවට ගැනීම් සිදුවූ  පළමු වතාවය .


 පළමු වටයේදී ලේඛකයන් , පුජකයන්   ආර්ථික විද්‍යාඥයන් සහ  ප්‍රසිද්ධ  පුද්ගලයන් අත් අඩංගුවට  ගනු ලැබිය . 


දිනපතාම  අත් අඩංගුවට  ගැනීම සිදුවන  අතර  මේ වන විට  500  කට අධික  පිරිසක් අත් අඩංගුවට  ගෙන තිබේ. ඇතැමෙකු  නිවාස  අඩස්සියට  පත් කොට  තිබේ.



                     අත්අඩංගුවට  ගත් සවුදි කුමාරවරුන්ට  පුටු උඩ සහ  බිම  නිදාගැනීමට සිදුවිය     


මෙසේ  අත්අඩංගුවට  ගනු ලබන්නේ ඔටුන්න   හිමි කුමාරයා වන මොහමඩ් බින් සල්මාන් විසින් දියත්කොට ඇති දුෂණ විරෝධී ක්‍රියාන්විතයක්  යටතේය . ඔහු වත්මන් සවුදි  රජා වන සල්මාන් ගේ  පුතාය .


ඔටුන්න  හිමි කුමාරයාගේ  ඥාති  සහෝදරයා ද නිවාස අඩස්සියට  පත් කොට තිබෙන අතර  ඔහුගේ දේපොළ අයිතිය අත්හිටවා  තිබේ.  දහසක  පමණ  පිරිසකගේ  බැංකු ගිණුම්  සව්දි  රජය විසින්  තහනම්  කර  තිබේ.


සව්දි අරාබියට ආවි ආයුධ  මිලදී ගැනීම් වලදී අතයටින් කුමාවරුන්ට ඩොලර්  ලක්ෂ  ගණනින් ආයුධ සමාගම් විසින්  ලබා දී  තිබීම සොයා  ගැනීම් සඳහා  මෙන්ම වෙනත් අයථා මාර්ග වලින්  මුදල්  යටිමඩි  ගැසීම  පිළිබඳව  සොයා  බැලීම සඳහා මෙම  අත්අඩංගුවට  ගැනීම් ඇරඹි තිබේ.  ඇමරිකාවේ  හිටපු සවුදි තානාපති වරයෙකු වන  බන්ඩාර්  කුමාරයා  බ්‍රිතාන්‍යයේ  අක්කර 2000ක ගම්මානයක් කලකට  පෙර  මිලදී  ගෙන තිබුණු   අතර ඒ ගැන සෙවීමේදී ආයුධ  සමාගමක් විසින්  ඔහුගේ ඇමරිකාවේ  බැංකු ගිණුමකට ඩොලර්  මිලියන  30 ක්  දමා  තිබු  බව  හෙළිවිය .


වත්මන්  සවුදි රජුගෙන් පසු රජකම  ලැබීමට  නියමිත  සල්මාන් කුමාරු විසින්  රජපවුලට එරෙහිව අරඹා ඇති මේ දැවැන්ත  ප්‍රහාරය අනතුරු දායක  මෙහෙයුමක් බව විචාරකයන්ගේ  මතයයි. මෙය  සවුදි රජ  පවුලේ අත්තිවාරමට එරෙහිව  එල්ල  කරන  ලද  ප්‍රහාරයකි . මෙය වැරදි  ගියහොත් අල්ලාගෙන  නැති  රාජකුමාරවරු මොහුගේ සහ  පවුලේ  ඥාතීන්ගේ  බෙලි  කැපීමෙන්   මාලිගා විප්ලවය  ආපසු හරවනු ඇත.


රටේ  ජනගහනයෙන්  බහුතරයක් වන  තරුණයන්ගේ ආකර්ෂණය දිනා   ගැනීම  සඳහා  ඔහු කටයුතු කරමින්  සිටින්නේ  ඒ නිසාය . සවුදි අරාබිය  නවීන ඉස්ලාම්ල  රාජ්‍යයක්  බවට  පරිවර්තනය  කරන  බව ඔහු දැනටමත්  කියා  තිබේ.  ලබන වසරේ  මැද භාගයේ සිට සවුදි  කතුනට  වාහන පැදවීමට  අවසර දීමට  දී  තිබෙන අතර කාන්තාවනට  ක්‍රීඩා තරඟ වලට සහභාගී වීමේ  නිදහසද  ලබා දීමටද තීරනය  කර තිබේ.


සවුදි අරාබිය  කොතරම් දුරකට  වෙනස්  කම් කරනු ඇති  තවමත් කිව  නොහැක  තෙල්  විකිණීමෙන් ලබන  ධනය  හැමදාම  ලැබෙන්නේ  නැත. එබැවින්  වෙනත් ආයෝජනවලට  යාමෙන් මිස  සවුදියට  කලාපයේ බලවතෙකු ලෙස  දිගින් දිගටම  පැවතීමට  නොහැකිය. 


සවුදියේ ඇරඹි ඇති මේ විප්ලවය  එහි පවතින රදල සමාජ  ක්‍රමය අවසන් කොට ධනපති සමාජ  ක්‍රමය වෙත පිවිසීමේ ආරම්භයක්  ලෙස  සැලකිය  හැක .




                                                            සවුදි අරාබියේ රියාද්  නගරය 

Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට