Monday, November 27, 2017

ආණ්ඩුව පෙරලන්නේ මෛත්රිද ? රනිල්ද? මහින්දද?




    

යහපාලන ආණ්ඩුවට චන්දය  දුන් කවුරුත් පාහේ   මේ දවස්වල  ඉන්නේ  තිගැස්සීමෙනි. කම්මුල් දෙකේ අත් තබාගෙනය .  කුමන වින්නැහියක්  වෙන්නට  යන්නේදැයි  හිතා  ගැනීමටත්  නොහැකිවය .


මෛත්‍රී  +UNP  ආණ්ඩුව වෙනුවට  මෛත්‍රී+මහින්ද ආණ්ඩුවක් ඒවිද? 


නැතහොත්  UNP+ TNA  ආණ්ඩුවක් පැමිණේද? 


ජනවාරි 8  පොරොන්දු  මෛත්‍රී  පොළොවේ  ගසා  කුඩුපට්ටම් කරාවිද ? 


නව ව්‍යවස්ථාව  ඉපදීමටත්  පෙර අවසන් ගමන් යාවිද? 


හොරු ඇල්ලීමේ  පොරොන්දු  අපි පුංචිකාලයේ  සුන්දර  ලෝකයකට  ගෙන  ගිය   සුරංගනා  කතාවක්  බවට  පමණක්  පත්වේද ? 


කොටින්ම  62 ලක්ෂයක්  ජනතාවට  මෛත්‍රී  කොකා  පෙන්නාවිද?




යහපාලනයට  චන්දය  දුන් බහුතරයක්  මිනිස්සුන්ට  මේ දිනවල සිතන්නට බළකොට  තිබෙන්නේ එවැනි ප්‍රශ්න  ගැනය . ජනවාරි  8  දා  හැට දෙලක්ෂයක්  මිනිස්සු මෛත්‍රීට   චන්දය  දුන්නේ  මහත් බලාපොරොත්තු ඇතිව  බව  අමුතුවෙන් කිව  යුතු නොවේ.  එහෙත් දුන් පොරොන්දු වලින්  ආණ්ඩුව  තවමත්  ඉටු කර  ඇත්තේ කීපයක් පමණි. ඇතැම් ඒවා  ඉටු කළේ එතරම්ම  උනන්දුවකින්ද  නොවේ.


මයිත්‍රී +UNP  හවුල හෙල්ලෙන්නට  පටන් ගත්තේ බැඳුම්කර  කොමිසම  ඉදිරියේ  හොරකම එළිවෙන්නට වූ විටය .රවී  කරුණානායක මහා  පරිමාණ  ගැහිල්ලක් කරන්නට  ඉහලින්ම සම්මාදම් වී  තිබෙන  බව කියන්නට ආර්ථික  විශේෂඥ දැනුමක් අවශ්‍ය  නැත.  බැඳුම්කර මිලදී  ගැනීම  සඳහා  අඩු ලන්සු තබන්නට  කියා ආණ්ඩුවේ  බැංකුවලට රවී විසින්  උපදෙස් දී  තිබීම  පමණක් ප්‍රමාණවත්ය  . රනිල්  විසින් තව දුරටත් රවී කරුණානායක  UNP යේ  තබා  ගනිමින්  ඔහුට වගකීම්  පවරා  තිබීම  පැහැදිලි කරන්නේ බැඳුම්කර  ගැහිල්ලට එක්සත් ජාතික  පක්ෂයේ  නොමඳ ආශිර්වාදය  ලැබුණු  බව  මිස  වෙන  කුමක්ද?


එක්සත් ජාතික  පක්ෂයේ  ලොක්කන් අවංක  නම්   කළයුතුව  තිබුණේ  රවී  කරුණානායක සහ  හිටපු මහබැංකු ලොක්කාව  තව දුරටත්  හුරතල් කිරීම නොවේ. රවී  පක්ෂයෙන් දොට්ට  දැමීම සහ රනිල් දුන් උපදේශක   තනතුරෙන්  මහේන්ද්‍රන්ව අස් කර දැමීමය .එය නොකර  මෛත්‍රීට  බැන වැදීමෙන් සිද්ධ වන්නේ   හොරකම  ඔප්පු වීමත්  විරසකය  තව  දුරටත් උග්‍ර වීමය. එහි කෙලවර  කුමක් වේ දැයි  කීම  පහසු නැත .එහෙත් එකක් පැහැදිලිය.  මණ්ඩලේ කචල් කරගෙන  පොරොන්දු ඉටු කරන්නට  හැකි වන්නේ  නැත එවිට  මහජනයා  ඉදිරියේ  වැඩියෙන් පච වන්නේ එක්සත් ජාතික  පක්ෂයය . යලිත් බොහෝ කාලයකට  මැතිවරණයක් දිනා  ගැනීමට එයට  හැකි වන්නේ  නැත .


මෛත්‍රී විසින් වෙනදාට වැඩියෙන්  සද්දය  දාන්නේ  නිකම්ම නිකම්  නොවේ.එය  තේරුම් ගැනීමට එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයන්ට  නොහැකි  වී  තිබේ . ඉදිරියේ  පැවැත්වෙන  පලාත්පාලන  මැතිවරණයේදී තමන්ගේ  ශක්තිය වැඩි කරගැනීම  මෛත්‍රීට අත්‍යවශ්‍යය . මැතිවරණයෙන්  ඔහුගේ අපේක්ෂකයන් විශාල වශයෙන් පරාජයට  පත්වුවහොත් මේ මොහොතේ ඔහුට   සහය  දෙන  ශිලංකා  ඇමතිවරු   ආණ්ඩුවෙන් ඉල්ලා  අස්වී මහින්ද සමග එකතු වීමට  බෙහෙවින් ඉඩ තිබේ.  එබැවින්  එක්සත් ජාතික  පක්ෂයට දිගින්  දිගට  බැන වැදීමෙන් ශ්‍රී ලංකා  කාරයන්  තමන් වෙත  ඇද ගැනීමට   ඔහුට අත්‍යවශ්‍යය .  යුඑන්පි  කාරයන්ට   කනේ ඇඟිලි  ගසා  ගැනීමට  හොඳවායින්  හත  අටක්  කිව්  ශ්‍රීලංකා  කාරයන් චුන් වී  ඔහුගේ  අපේක්ෂයකයන්ට  චන්ද දෙනු ඇතැයි    ඔහු ගණන්  බලා ඇති බවට සැකයක් නැත. මෛත්‍රීට  පක්ෂය තුල ශක්තිමත්  අධිකාරිත්වයක්    තබා  ගැනීමට  නම් එක්කෝ  මහින්ද  පිල සමග  චන්දයේදී  හවුලක් හදා ගෙන  තමන්ට  පක්ෂපාත  මන්ත්‍රීවරු  සෑහෙන  ප්‍රමාණයක්  ජයග්‍රහණය  කරවා  ගත  යුතුය  එය  ඉටු නොවෙන්නේ  නම්  UNP යට පස් පඩංගුවේ   බැන වදිමින් ශ්‍රී ලංකා  චන්ද  තමන්ගේ අපේක්ෂයන්ට  ලබා  ගැනීමට  උත්සාහ  කළ යුතුය . මහින්ද  ඇතුළු  ඔහුගේ  පිලේ  බොහෝ අය  ජනාධිපතිවරයා  වර්ණනා  කිරීමට දැන් සිටම අරඹා  තිබීම  මෛත්රිගේ  උපක්‍රමයේ  සාර්ථකත්වය  පෙන්නීමක්  ලෙස  සැලකිය  හැක 


කෙසේ වෙතත්  මෛත්රිගේ  දේශපාලන   උපක්‍රම  රනිල් තේරුම් ගෙන තිබෙනවාට සැකයක් නැත. එබැවින් ඇතිවී තිබෙන  නොහොඳ  නෝක්කාඩුව  උග්‍ර වීමට  ඔහු ඉඩ  නොදෙනු ඇත. මෛත්රිගේ සහය  නොමැතිව  රනිල්ට ආණ්ඩුවක් පවත්වාගැනීම  පහසු නැත .TNA සහය  ලබාගෙන  ආණ්ඩුවක්  හදන  බවට ඇතැම් UNP  කාරයන්  කරන  ප්‍රකාශ  කරන්නේ  එක්කෝ ගොන් කමටය . එක්කෝ  තමන්ගේ  මිනිසුන් රඳවා  ගැනීමට සහ  පාක්ෂිකයන්ගේ  මොරාල් එක  ඉහලින් තබා  ගැනීමටය. 


 දෙමල  ජාතික සන්ධානය ආණ්ඩුවක  කොටස්  කාරයන් වීමට  මේ අවස්ථාවේ  සුදානම් යයි සිතීමට  කිසිදු කාරනාවක් නොමැත . එය  විවිධ  මත දරන  පක්ෂවල සන්ධානයකි . ඔවුන් අතර විවිධ ආරවුල්  තිබේ.  ආණ්ඩු කරන්නට  ගොස්  ඉගෙනගත්  කටුක  පාඩම්  ඔවුන් අමතක  කර  ඇතැයි සිතිය  නොහැක .  1965 බලයට  පත්  ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩුවට ෆෙඩරල් පක්ෂය  හවුල් වුයේ   තමන්ගේ  ඉල්ලීම් ලබා දෙන  බවට   ඩඩ්ලි සේනානායක  මහතා  පොරොන්දු වීම නිසාය. එහෙත් ඩඩ්ලි ඒ  පොරොන්දුව  කඩා  දැමීම නිසා ෆෙඩරල් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් විය . ආණ්ඩුවකට  හවුල් වීමෙන් සිදුවන්නේ  දෙමල  ජනයා අතර  TNA  සංවිධානය අප්‍රසාදයට  පත්වීම  පමණක් නොව සම්බන්ධන්ලාට එරෙහිව උතුරු නැගෙනහිර  රැඩිකල්  බලවේග ශක්තිමත් වීම  බව   අපට වඩා දන්නේ  ඔවුන්ය .


TNA විපක්ෂයේ  සිටිමින් මේ ආණ්ඩුවට සහය දෙන්නේ  ප්‍රධාන වශයෙන්ම  නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්  හරහා දෙමල  ජනයට  බියෙන් සැකෙන්  තොරව  ජීවත්වීමට අවශ්‍ය  පසුබිම  නිර්මාණය  කර  ගැනීමටය . UNP+ TNA ආණ්ඩුවක්  හරහා  නව ව්‍යවස්ථාවක් හදා  ගන්නට  පුළුවන් කමක් නැත. ඒ සඳහා  මෛත්රිගේ  ශ්‍රීලනිපයේ මෙන්ම  මහින්දගේ  කණ්ඩායමේද  සහය අවශ්‍ය වේ. UNP+ TNA ආණ්ඩුවක් හදාගැනීමට දායක වීම තුලින් වෙන්නේ  ඔවුන්ගේ අපේක්ෂා  සුනු විසුනු වීම  පමණි.  එබැවින් ආණ්ඩුවක කොටස්  කාරයන් වීමට TNA   ඉදිරිපත් වේයැයි  සිතීමට  තරම් කාරණා  නැත  .


UNP  කාරයන්  ස්ථිර  ලෙස විරසක  කරගැනීමෙන් සිදුවන්නේ තමන් දේශපාලන  කාන්තාරයක  හුදෙකලා වීම  බව  වටහා  ගැනීමට  නොහැකි  තරමට  මෛත්‍රී මන්ධ  බුද්ධිකයෙකු බව  සිතීමට   හේතු නැත . මෛත්‍රී නොමැතිව  UNP යටද අනාගතයක් නැති බව නොදැනීමට  තරම්ම  රනිල්   දේශපාලන  මෝඩයෙක් නොවේ. එබැවින් රනිල් සහ මෛත්‍රී  යහපාලන ආණ්ඩුව  කඩා වැටීම වැලක්වීමට අවශ්‍ය සියල්ල  කරන  බවට  සැකයක් නැත .


  එහෙත්  පළාත් පාලන චන්දය  අවසන්වන  තුරු   මේ දෙගොල්ලන්  එකිනෙකාට  චීන  පටස්  පමණක් නොව දුම්  බෝම්බද  දමා  ගසනු ඇත 


Sunday, November 19, 2017

සවුදි අරාබියේ මාලිගා විප්ලවයක් -500 ක් අත් අඩංගුවට



                                              ඔටුන්න  හිමි  මොහමඩ් බින් සල්මාන්  කුමරු 


                      තවමත්  නවීන  ලෝකයට  පිවිස  නැති සවුදි අරාබියේ   රජපවුලේ  අඬු  කැඩීමේ    ප්‍රහාරයක් එහි ඔටුන්න  හිමි කුමාරයා විසින් අරඹා  තිබේ.


     කලින් සිටි  සවුදි රජු වූ අබ්දුල්ලාට  හිතවත්  රජ කුමාරවරු , සව්දි ආණ්ඩුවේ ඇමතිවරු  සහ  ප්‍රාදේශීය  නායකයන්  සහ ව්‍යාපාරිකයන්  අත්අඩංගුවට   ගෙන තිබේ .ඇතැම් රජ  කුමාරවරුන්ට  අත් අඩංගුවේ  සිටියදී වද  හිංසා  කොට කට  උත්තර  ලබාගෙන  තිබේ . ඔවුන්ට  වද  හිංසා  පමුණුවා ඇත්තේ  ඔවුන්ගේ  බැංකු  ගිණුම් පිලිබඳ  විස්තර  ලබා  ගැනීමටය .


සවුදි  රජපවුලේ බලකණු හතරේ දරුවන්  දුර්වල කිරීමේ අරමුණෙන්  මෙම අත් අඩංගුවට ගැනීම අරඹා ඇතැයි විචාරකයෝ කියති .1964 දී  හිටපු සවුදි රජෙකු  බලයෙන් පහකිරීම සඳහා  ඔහුගේ සහෝදරයෙකු  ආරක්ෂක හමුදා  යෙදවීමේ  සිද්ධියෙන්  පසු  සවුදි  රජපවුලේ  මෙවැනි  ඉහල මට්ටමේ  අත්අඩංගුවට ගැනීම් සිදුවූ  පළමු වතාවය .


 පළමු වටයේදී ලේඛකයන් , පුජකයන්   ආර්ථික විද්‍යාඥයන් සහ  ප්‍රසිද්ධ  පුද්ගලයන් අත් අඩංගුවට  ගනු ලැබිය . 


දිනපතාම  අත් අඩංගුවට  ගැනීම සිදුවන  අතර  මේ වන විට  500  කට අධික  පිරිසක් අත් අඩංගුවට  ගෙන තිබේ. ඇතැමෙකු  නිවාස  අඩස්සියට  පත් කොට  තිබේ.



                     අත්අඩංගුවට  ගත් සවුදි කුමාරවරුන්ට  පුටු උඩ සහ  බිම  නිදාගැනීමට සිදුවිය     


මෙසේ  අත්අඩංගුවට  ගනු ලබන්නේ ඔටුන්න   හිමි කුමාරයා වන මොහමඩ් බින් සල්මාන් විසින් දියත්කොට ඇති දුෂණ විරෝධී ක්‍රියාන්විතයක්  යටතේය . ඔහු වත්මන් සවුදි  රජා වන සල්මාන් ගේ  පුතාය .


ඔටුන්න  හිමි කුමාරයාගේ  ඥාති  සහෝදරයා ද නිවාස අඩස්සියට  පත් කොට තිබෙන අතර  ඔහුගේ දේපොළ අයිතිය අත්හිටවා  තිබේ.  දහසක  පමණ  පිරිසකගේ  බැංකු ගිණුම්  සව්දි  රජය විසින්  තහනම්  කර  තිබේ.


සව්දි අරාබියට ආවි ආයුධ  මිලදී ගැනීම් වලදී අතයටින් කුමාවරුන්ට ඩොලර්  ලක්ෂ  ගණනින් ආයුධ සමාගම් විසින්  ලබා දී  තිබීම සොයා  ගැනීම් සඳහා  මෙන්ම වෙනත් අයථා මාර්ග වලින්  මුදල්  යටිමඩි  ගැසීම  පිළිබඳව  සොයා  බැලීම සඳහා මෙම  අත්අඩංගුවට  ගැනීම් ඇරඹි තිබේ.  ඇමරිකාවේ  හිටපු සවුදි තානාපති වරයෙකු වන  බන්ඩාර්  කුමාරයා  බ්‍රිතාන්‍යයේ  අක්කර 2000ක ගම්මානයක් කලකට  පෙර  මිලදී  ගෙන තිබුණු   අතර ඒ ගැන සෙවීමේදී ආයුධ  සමාගමක් විසින්  ඔහුගේ ඇමරිකාවේ  බැංකු ගිණුමකට ඩොලර්  මිලියන  30 ක්  දමා  තිබු  බව  හෙළිවිය .


වත්මන්  සවුදි රජුගෙන් පසු රජකම  ලැබීමට  නියමිත  සල්මාන් කුමාරු විසින්  රජපවුලට එරෙහිව අරඹා ඇති මේ දැවැන්ත  ප්‍රහාරය අනතුරු දායක  මෙහෙයුමක් බව විචාරකයන්ගේ  මතයයි. මෙය  සවුදි රජ  පවුලේ අත්තිවාරමට එරෙහිව  එල්ල  කරන  ලද  ප්‍රහාරයකි . මෙය වැරදි  ගියහොත් අල්ලාගෙන  නැති  රාජකුමාරවරු මොහුගේ සහ  පවුලේ  ඥාතීන්ගේ  බෙලි  කැපීමෙන්   මාලිගා විප්ලවය  ආපසු හරවනු ඇත.


රටේ  ජනගහනයෙන්  බහුතරයක් වන  තරුණයන්ගේ ආකර්ෂණය දිනා   ගැනීම  සඳහා  ඔහු කටයුතු කරමින්  සිටින්නේ  ඒ නිසාය . සවුදි අරාබිය  නවීන ඉස්ලාම්ල  රාජ්‍යයක්  බවට  පරිවර්තනය  කරන  බව ඔහු දැනටමත්  කියා  තිබේ.  ලබන වසරේ  මැද භාගයේ සිට සවුදි  කතුනට  වාහන පැදවීමට  අවසර දීමට  දී  තිබෙන අතර කාන්තාවනට  ක්‍රීඩා තරඟ වලට සහභාගී වීමේ  නිදහසද  ලබා දීමටද තීරනය  කර තිබේ.


සවුදි අරාබිය  කොතරම් දුරකට  වෙනස්  කම් කරනු ඇති  තවමත් කිව  නොහැක  තෙල්  විකිණීමෙන් ලබන  ධනය  හැමදාම  ලැබෙන්නේ  නැත. එබැවින්  වෙනත් ආයෝජනවලට  යාමෙන් මිස  සවුදියට  කලාපයේ බලවතෙකු ලෙස  දිගින් දිගටම  පැවතීමට  නොහැකිය. 


සවුදියේ ඇරඹි ඇති මේ විප්ලවය  එහි පවතින රදල සමාජ  ක්‍රමය අවසන් කොට ධනපති සමාජ  ක්‍රමය වෙත පිවිසීමේ ආරම්භයක්  ලෙස  සැලකිය  හැක .




                                                            සවුදි අරාබියේ රියාද්  නගරය 

Tuesday, November 14, 2017

විජේවීර පරාජය වුයේ ඇයි?

 



         රෝහණ විජේවීර මහතා  මා  පළමුවෙන් දුටුවේ  1971 පෙබරවාරි  මස අග  දිනකදීය . ඒ  හයිඩ්  පිටියේ  ජවිපෙ  රැළියේදීය. 71  කැරැල්ලට  පෙර  ජවිපෙ පැවැත්වූ අවසාන රැළිය එය  විය  යුතුය . රැළියට පැමිණි පිරිසගෙන්  හයිඩ්  පිටිය මුලුමනිනුත්  අවට  මාවත්  යම් තරමිකිනුත්  පිරි තිබිණි . බහුතරය  තරුණ  තරුණියෝ වුහ. හවස     හතර වන  විට ඇරඹුණු රැස්වීම රාත්‍රී  හත අට වන  තුරු ම වාගේ  පැවතින. එම රැස්වීමේදී ජවිපෙ වෘත්තීය සමිතියක් වෙනුවෙන්  කවුරුදෝ පන  නැති  කතාවක්  කළේය.  ඒ ,ගුණසේකර  නම් පුද්ගලයෙක් විය  යුතුය.   ශිෂ්‍යයන්  නියෝජනය  කරමින් විද්‍යෝදය (ජයවර්ධනපුර ) විශ්ව විද්‍යාලයේ  ශිෂ්‍ය  නායකයා වූ   මහින්ද විජේසේකර  සිත්  වශිකරන කතාවක් කළ  බව  මට  ඉතා  හොඳින් මතකය .ඔහු එකළ කෙසඟ  සිරුරකින්  යුක්ත විය .( පසු කාලයේ  ඔහු ඇමතිවරයෙක් වූ  කළ  කෙසඟ  කම ආගිය අතක් නැති විය ). විජේවීර  කතාව ආරම්භ  කළේ  සවස  5 ට  විතරය . මා සිටියේ වේදිකාවට  ආසන්නවය.එබැවින් විජේවීරගේ සැම ඉරියව්වක් වාගේම දැක  ගැනීමට  මට  හැකි විය .  එකල  පැවතී ශ්‍රීලංකා + සමසමාජ+ කොමියුනිස්ට්  ආණ්ඩුවට  බනිමින් පැයක්  පමණ  රැස්වීම  ඇමතු ඔහු පක්ෂයට  මුදල් අවශ්‍ය බැවින් මුදල්  හෝ මුදල් කරගත  හැකි ද්‍රව්‍ය වලින් ආධාර  ලබා දෙන  ඉල්ලු ඔහු තමා දැන් වේදිකාව  ඉදිරිපසට එන බවත්  ඔහු අතට ආධාර  ගෙනවුත්  දෙන  ලෙසත්  ඉල්ලා සිටියේය. එසේ   කි විජේවීර වේදිකාව ඉදිරියට පැමිණ දෙපා  පහලට  සිටින සේ වේදිකාව මත වාඩිවිය.   තරුණ  තරුණියන්  පනහක් හැටක්  පමණ  පිරිසක්  පැමිණ මුදල්  , අත්ඔරලෝසු (එකල අත් ඔරලෝසු දුලබ වූ අතර  මිල අධික සුඛෝපභෝගී  භාණ්ඩයක් විය ) කරාබු , මාල  ආදිය    විජේවීර  අතට  දුන්නෝය . ඉන් පසු නැවතත්   රැස්වීම ඇමතු ඔහු  රාත්‍රී  හත  පනින  තුරුද  කතා  කළේය . ඔහුගේ වචන  තරුණ අප  තුල ඇති කළේ  බලවත් විප්ලවාදී  හැඟීම්ය . විජේවීර  කී  ඇතැම්  වදන් තවමත් මට  මතකය . 



" සමහරු අහනවා  කවදද අපි විප්ලවය  කරන්නේ  කියල. අපි ධනපති  පන්තියට  කියනව , උඹල  අපිව  කවදද  මහා  පරිමාණයෙන්  අපිව  මර්ධනය  කරන්නේ . අන්න එදාට  මේ රටේ විප්ලවය  සිද්ධ වෙනවා  කියල ."


 ඔහු  කි කරුණු  බොහොමයක්  දැන් මට අමතකය .ඔහු   කතාව අවසන්  කළේ  'කම්කරුවන්ගේද  , ගොවියන්ගේද , ශිෂ්‍යන්ගේද, සෙබලුන්ගේද  විප්ලවයට   ජයවේවා . ලංකාවේ  විජයබා  නැව අවුරෝරා  නැවක් වේවා ." කියමිනි .


( ඔහුගේ  කතාවෙන්  පසු  රහස්  පොලිසිය විජයබා  නැවට ගොස්  ප්‍රශ්න කිරීමෙන් අනතුරුව නාවික  භටයන් කීප දෙනෙකු අත් අඩංගුවට  ගත්  බව 71  මහ  නඩුව අතර  තුර  හෙලිදරව්  විය .)


ඉන්පසු  යලි  මා විජේවීර  දුටුවේ   1977 දිය . ඒ  77  මහා  මැතිවරණයෙන් ජය ලැබූ ජේ .ආර් ආණ්ඩුව  ඔහු ඇතුළු පිරිස   නිදහස්  කිරීමෙන්  පසු කොළඹ  නගර  සභා  පිටියේ පැවතී  ජවිපෙ රැළියේදීය. එම රැළියට  50 දහසක්  පැමිණ සිටි බව මට මතකය  එතක මෙතක් කලක්  මා  දුටු විශාලතම ජන ගංගාව එය විය  .රැලිය සංවිධානය  කර  තිබුනේ  කෙලි සේනානායකගේ මුලිකත්වයෙනි. රැස්වීමේ මෙහෙයවූවේ  ලයනල්  බෝපගේ විසිනි .කල්  යල් ඇතුව  ගිය  බැවින්    වේදිකාව ආසන්නයේ සිට  කථිකයන්ට සවන්දීමට මට  හැකි විය .


හොඳටම  රැවුල වවාගෙන සිටි විජේවීර හිර ගෙදරදී  හොඳටම   කෙට්ටු වී  තිබිණි . රැලිය අතර තුරදී වේදිකාවට නගින පඩිපෙළ අසලට  ගිය  මවක් සමග  තරුණියක්  කිසිවෙකු අත  පණිවිඩයක්  යැවූ විට වේදිකාවේ වාඩිවී  සිටි විජේවීර වේදිකා  පඩිපෙළ  මතට    පැමිණ තරුණිය  සමග කතා  කරන්නට  පටන් ගත්තේය. එතනට  දුවගෙන ආ  පත්තර  චායාරුප ශිල්පියෙකු වහා ඔවුන්ගේ  පින්තුරයක්  ගත්තේය .විජේවීර  චායාරුප ශිල්පියා  දෙස  බැලුවේ  චායාරුප  ශිල්පියා දැවී අළුවී  යන තරම් සැර  බැල්මකිනි.  මහත් අපහසු තාවයට   පත්  චායාරුප ශිල්පියා වහා  පසු බැස්සේය .


විජේවීර  පැය දෙකකට අධික  කාලයක් කතා  කළේය.  ශ්‍රී ලංකා  නිදහස්   පක්ෂයටත්  සමසමාජ  පක්ෂයටත්  කොමියුනිස්ට්  පක්ෂයටත් පලු පැලෙන්න  බැන්නේය.. ජේ.ආර්ගේ ආණ්ඩුව  ගැන  කළ එකම විවේචනය යුඑන්පි කාරයන් දැන් කසාය  බීපු ගොළුවන් බවට  පත්ව ඇත  යන්න  පමණය . ලයනල්  බෝපගේ  හිරගෙදර සිටියදී දාස්  කැපිටාල් ග්‍රන්ථය  නිදිමරමින් සිංහලට  පරිවර්තනය  කළබවද  එය ඉක්මනින් මුද්‍රණය  කරන බවද  වීජේවීර ඔහුගේ  කතාවේදී  කිවේය. එමෙන්ම  71  කැරලි කරුවන් නිදහස්  කරන  ලෙස  ඉල්ලා දිගින් දිගටම  උද්ඝෝෂණය කළ සංවිධාන වලටද  ඔහු ස්තුති කළේය  ස්තුති කළඅය අතර බාල  තම්පෝ , ලංකා  ගුරු සංගමය සහ ඇම්නස්ටි ඉන්ටනැෂනල්  නමැති ජාත්‍යන්තර රාජ්‍ය  නොවන සංවිධානයද විය


ඉන්පසු  මා ජවිපෙ  හිතවතෙකු  බවට  පත්වීමත්, එකල  බලවත්ම  ගුරු සංගමය වූ   ලංකා  ගුරු සංගමයේ  මධ්‍යම  කාරක සභිකයෙකු  බවට  පත්වීමත් නිසා විජේවීර  හඳුනා  ගන්නට  අවස්ථාව  මට  ලැබිණ . දහ පාලොස් වරක් ඔහු සමග  කතා  බහ  කරන්නට  හැකි වීම  නිසා   ඔහු සහ මා අතර  තරමක කිට්ටු සම්බන්ධයක්  ගොඩ  නැගුනේය .වරක්  ඔහු  මට  නමක්ද  පට බැන්දේය  . නම  KGB විය.  KGB යනුවෙන් හැඳින්වුයේ  සෝවියට් දේශයේ  ඔත්තු  සේවයයි . ජවිපෙ  පත්තරවලට  ලිපි ලියන්නට මට ආරාධනාවක් ලැබුණු විට  මා  පළමුවෙන්ම  ලියාගෙන  ගොස් විජේවීර අතට දුන් ලිපිය  වුයේ  කම්පුචියාවේ ( කාම්බෝජයේ ) පොල්පොට්  පාලනය විසින්  30 ලක්ෂයක්  මිනිසුන්  මරා දැමීම   ගැනය . එය  කියවූ විජේවීර මෙය  පළකළහොත්  මිනිසුන් බියට  පත් වෙන  බවත් මෙහි තිබෙන්නේ  KGB  ඔත්තු සේවය විසින්  ගොතන  ලද  බොරු බවත් එබැවින් එය පළකළ නොහැකි බවත්  කිය.    " පක්ෂයට KGB ලයින්  ගෙනාවොත්    මරනවා " යයි  ඉන්පසු දවසක සිනහවෙමින් විජේවීර  මට  කිව්වේය . මා එය සිනහවකින්  නොසලකා  හැරියද  මගේ  බිරියට එය  කි විට එය  බරපතල  ප්‍රකාශයක් සහ තර්ජනයක්  ලෙස  ඇය සැලකුවාය.



1980  ජුලි මහා වැඩ වර්ජනයේදී  ජවිපෙ එය  කඩාකප්පල් කිරීමට  රහසිගත  මෙහෙයුමක් කළ බැවින්  1980 ජුලි  මාසයේ ජවිපෙ ඉවත් වීමට මට සිදුවිය.වැඩ වර්ජනය  සාර්ථක වුවහොත් එහි ජයග්‍රහණය අත් වෙන්නේ වමේ  පක්ෂවල වෘත්තීය සමිති නායකයන්ට බැවින් ඔවුන් කම්කරුවන් අතර  තව දුරටත්  ජනප්‍රිය වෙනු  ඇතැයි  විජේවීර  බියට  පත් විය . වර්ජනය  කඩා  කප්පල් වුවහොත් වෘත්තීය  සමිති  නායකයන්ගේ රැකියා අහිමි වූ විට     එම සමිතිවල සිටින  ජවිපෙ හිතවතුන් මගින්  වෘත්තීය සමිතිවල බලය අල්ලා  ගැනීම  විජේවීරගේ සැලසුම විය . ප්‍රසිද්ධියේ වර්ජයට සහය දුන්  ජවිපෙ  ,  වර්ජනයට සහභාගී නොවන  ලෙස සිය  හිතවතුන්ට  රහසිගතව උපදෙස්  දුන් අතර වර්ජනය  කළ  තම හිතවතුනට වර්ජනයෙන් ඉවත්ව  නැවත සේවයට  යන ලෙස උපදෙස් දුන්නේය . ලංකා  ගුරු සංගමයේ සිටි ජවිපෙ ට දැඩි  හිතවත් කම් දැක්වූ අයටද එවැනි උපදෙස්  දුන් බව සංගමයට වාර්තා වීම නිසා ජවිපෙන් ඉවත් වීමට  ගුරු සංගමය  තීරණය  කළේය.  එවක  ගුරු සංගමයේ   නායකයා වුයේ විජේවීරගේ  බිරිඳගේ අය්යා වූ එච්. එන්. ප්‍රනාන්දුය .


විජේවීර  දක්ෂ  සංවිධායකයෙක් ,  දක්ෂ  කතිකයෙක් සහ  දක්ෂ  ලේඛයෙක් බවට    කිසිදු සැකයක් නැත  තම  පක්ෂය  ගොඩ නැගීම  සඳහා   ඔහු  තරමට කැපවූ  වෙනත් වමේ  නායකයෙකු  නැති තරම්ය. සමාජවාදී  පාලනයක්  ඔහුගේ  ජීවිත  කාලය  තුල ලංකාවේ  පිහිටුවීම  ඔහුගේ එකම ඉලක්කය විය . ඔහු සිහිනෙන් දුටුවේත්  සමාජවාදය  මිස වෙන  යමක් නොවන බවට  කිසිදු සැකයක් නැත .ඔහු තරම් දක්ෂ  සංවිධායකයෙකු ලංකා  දේශපාලනයේ   සිටියේ   නම් ඒ  ජේ ආර්  ජයවර්ධන පමණය . 


එහෙත් රාජ්‍ය බලය අල්ලාගැනීම සඳහා  ඔහු  ගත් තීරණ අදුරදර්ශී විය .1970  බලයට  පැමිණි ආණ්ඩුව  1971 අප්‍රේල් මාසයේදී පෙරලන්නට  යාම ගැන  මැදහත්ව  සිතන අයෙකු එය  පිළිගනු ඇත.1971 වන විටත් සිරිමා  බණ්ඩාරනායකගේ   ආණ්ඩුව  මහජනයා අතර  ජනප්‍රිය විය. එබැවින් 71  කැරැල්ල  පරාජය  කිරීමට ආණ්ඩුව සමග  මහජනයා අත්වැල්  බැඳ ගත්හ. පැනයන  කැරලි කරුවනට වතුර  ටිකක් දීමටවත්  මහා ජනයා  කැමති වුයේ නැත .ඔවුන් අල්ලා දීමට  මිනිස්සු ආණ්ඩුවේ  හමුදාවනට සහ  පොලිසියට  සහය වුහ .


1987  දෙවෙනි  කැරැල්ල අරඹන විට මහජනයාගෙන්   බහුතරයක්  ජේ. ආර්ගේ ආණ්ඩුවට  විරුද්ධව  සිටි බවට  නිගමනය  කිරීම සාධාරණය. එහෙත් 1989 වන විට රටේ  ජනගහනයෙන්  90%ක් ජවිපෙට  විරුද්ධ විය. සමසමාජ  පක්ෂය කොමියුනිස්ට් පක්ෂය  ,  විජය කුමාරතුංග  නායකත්වය දැරූ මහජන  පක්ෂය , වාසු දේව  සහ  වික්‍රමබාහු  කරුණාරතන  නායකත්වය දරු නව සම සමාජ  පක්ෂය  ආදී පක්ෂවල ඇතැම් නායකයන්ද   ක්‍රියාකාරීන්ද  මරා දැමීම නිසා  ඔවුන්  ජවිපෙට කිසිදු අනුකම්පාවක්  නොදැක්වූ  අතර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් සහ  යුඑන්පි  කාරයන්  මරා දැමීම  නිසා ඔවුන්ද  ජවිපෙට විරුද්ධ වුහ  . වමේ  කුඩා  කණ්ඩායමක් වූ  කම්කරු මාවත  දේශපාලනය  කළ  කමකරුවන්ටද ,ජවිපෙ  දේශපාලන කොට  ඉන්   ඉවත්ව වෙනත් දේශපාලනයක්  කළ අයටද  ජවිපෙ තුවක්කුව එල්ල විය . තුවක්කුවේ  බලය යොදා  නොකඩවා වැඩ වර්ජන  මෙහෙයවීම  නිසා   රටේ එදිනෙදා  කටයුතු  නිරන්තරයෙන්ම අඩපණ වීම  නිසාත් , විජය කුමාරතුංග  වැනි  ජනප්‍රිය  මිනිසුන් ඝාතනය  කිරීම  නිසාත්  මධ්‍යස්ථ  මත දරන්නන්ද  ජවිපෙට විරුද්ධ සිටගත්හ  . මේ  නිසා  1989 අවසානය වන විට  ජවිපෙ  සන්නද්ධ ව්‍යාපාරය  මුළුමනින්ම  විනාශ  කිරීමට  ප්‍රේමදාස ආණ්ඩුවට  පහසු විය..


ජවිපෙ , වමේ  මිනිස්සුන්ට  තුවක්කුව  ඉස්සුවේ  ඔවුන් ජවිපෙට එරෙහිව  තුවක්කු එල්ල  කල නිසා  නොවේ.  ඉන්දු ලංකා  ගිවිසුම  යටතේ  පිහිටවූ පළාත් සභාවලට  පක්ෂ වූ නිසාය   එක දිගට  වමේ  මිනිසුන්  මරන්නට වූ විට  එයට  යටවී  ජීවිත  නැති කරගන්නවාද  නැතහොත්  තුවක්කු අතට  ගෙන එයට  මුහුණ දෙනවද  යන  ප්‍රශ්නය ඔවුන්ට  තීරණය  කරන්නට සිදුවිය.  ප්‍රා සංවිධානය  හැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙසය . ප්‍රා සංවිධානය,   ජවිපෙ  තුවක්කු කරුවන් තමන්  වෙත ඒමට පෙර ඔවුන්  සොයා  ගොස්  මරා දැම්මේය . තුවක්කුවත් අතට  ගත්  පුද්ගලයා  තව දුරටත්  සාමාන්‍ය මිනිසෙකු නොවේ.  ඔහු ලේ දැකීමේ ආශාවෙන් පෙලෙයි  . ඔහුගේ  ආශාව  හැකි පමණ සතුරන් වැනසීමය. ප්‍රා සංවිධානයේ හැසිරීමද එසේ  විය . ඔවුහු ජවිපෙ  සාමාජිකයන් අල්ලාගෙන  වද  හිංසා  පැමිණවූ බව  කියනු ලැබේ .



කැරැල්ල  උග්‍රව  පැතිරෙමින් තිබුණු සමයේ  ප්‍රේමදාස  ආණ්ඩුව සාම සාකච්චා  කිරීමට  ජවිපෙට ආරාධනා  කළ විට  ජවිපෙ එය  පිළිගත්තේ  නම් දස  දහස්  ගණන් ජවිපෙ  සාමාජිකයන්ගේ  ජීවිත  ආරක්ෂා  කරගැනීමට  හැකිවෙනු නොඅනුමානය . එතෙත්  ජවිපෙට  තමන්ගේ ශක්තියත් ආණ්ඩුවේ  ශක්තියත් පිළිබඳව  නිවැරදි  තක්සේරුවක්  කර  ගැනීමට  තරම්  බුද්ධියක් නොතිබුණු බැවින් සාම සාකච්චා  ප්‍රතික්ෂේප  කළේය. ආණ්ඩුව සමග  මහජනයා  හිටගත් බැවින් ආණ්ඩුවේ  හමුදා හතර වටෙන්ම  ජවිපෙ  වටකරගත් විට  ඔවුන්ට සහය  දෙන්නට  කිසිවෙකු නොසිටියේය. හැංගි පන බේරා  ගන්නට   වර්ග සැතපුම් 25000 ක් වූ  භුමිය  තුල  ඔවුන්ට ඉඩ  කඩ  තිබුනේ  මහපොළොව  යට  පමණි .



ජවිපෙ සාමාජිකයනට එවැනි ඛෙද  ජනක  ඉරණමක් අත් වීම අතිශයින් කනගාටු දායකය .  විජේවීර ඇතුළු නායකත්වය  එජාප විරෝධී  මිනිසුන් අමනාප  නොවන  පරිද්දෙන්  කැරැල්ල  මෙහෙයවූවේ  නම්     සැලකිය  යුතු අන්දමින්   හානි අඩු කරගත    හැකි වෙනු නිසැකය .  ප්‍රභාකරන් සේම  මස්   රාත්තලම  ඉල්ලු බැවින්   විජේවීරට ඇතුළු  නායකයන්ට  හා දස දහස්  ගණන් තරුණයන්ට අතිශයින්ම ශෝක  ජනක  ඉරණමක් අත්විය.


රටේ  චන්ද දායකයන්ගෙන්  5% ට වඩා  කැමැත්තක්  ජවිපෙට අද වන තුරු  ලබා  ගැනීමට  නොහැකි වී  තිබෙන්නේ   1987-89  ජවිපෙ  හැසිරීම   නිසාය.  එහෙත් ඔවුහු එයින් පාඩම්  ඉගෙන  ගෙන  තිබේදැයි සැක සහිතය .   ඔවුහු අදත් විජේවීරට  වන්දනා  මාන  කරති. 1971 දී  තරුණයන් පහළොස් දහසකටත් 87-89 සමයේ තවත්  හතලිස් දහසකට අධික  ජවිපෙ  සාමාජිකයනටත්   මරණය  අත් වුවේ  විජේවීර  ප්‍රමුඛ  නායකත්වය  විසින්  ගන්නා  ලද අංක එකේ  මෝඩ  තීන්දු  නිසාය. ජේ ආර්ටත් ප්‍රේමදාසටත් ජවිපෙ විනාශ  කිරීමට  හැකි වුයේ ඒ මෝඩ  තීන්දු  වලට  පින්සිදුවන්නටය .








Wednesday, November 8, 2017

කොස් ඇටයක්වත් නොලැබුණු උපවාසය




      හුණු  බිජ්ජකින් පමණක් සෑහි  ' මාරාන්තික' උපවාසය නවතා දැමීම  ගැන උපවාසයට සහභාගී වූ  පස්  දෙනාට පමණක් නොව අන්තරේට ද පෙරටුගාමී සහෝදරවරුන්ටද  ජනතා විමුක්ති පෙරමුණේ  නායක  කාරකාදින්ටද අපි මුව  නොසැහෙන සේ ස්තුති කරමු .හුණු බිජ්ජ  නම් වෙන යමක්  නොව   හර්ෂද සිල්වාගේ ලිපියයි .එම  ලිපියෙන්ද  හර්ෂද  සිල්වා  කිව්වේ වෙන කිසිවක්  නොව   2017 -10-29  දින ප්‍රවුර්ති දෙපාර්තමේන්තුව  නිකුත් කළ  නිවේදනයෙන් ආණ්ඩුව  කියා  සිටි කි දේමය . සයිටමය  අහෝසි කොට මුදල් අය  කරන  එහෙත් ලාභ අපේක්ෂා  නොකරන ආයතනයක්  පිහිටුවන  බව එදා  ආණ්ඩුව  කිවේය . හර්ෂද  සිල්වා ගේ  ලිපියෙන්  යලි තහවුරු  කළේ ද එයමය. එකම වෙනස  නම්  කලින්   නිකුත්  කළ දීර්ඝ  ලිපිය  ප්‍රවුර්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ  ජනරාල් වරයා අත්සන් කර  තිබිම වන අතර මේ  කෙටි ලිපිය හර්ෂද  සිල්වා  නියෝජ්‍ය ඇමතිවරයා අත්සන් කර  තිබීමය 




                                                             හර්ෂ ද සිල්වා ගේ ලිපිය 

    

                                     ප්‍රවුර්ති අධ්‍යක්ෂ ජනරාල් වරයා  නිකුත්  කළ නිවේදනය 


 උපවාසය ආරම්භ  කළ විට  මා  කිවේ  මස් රාත්තලම  ඉල්ලන්නට ගොස් විජේවීරත් ප්‍රභාකරනුත්  කෙලවා  ගත් බවය .  එබැවින් අන්තරේ  විසින්  මස් රාත්තලම  ඉල්ලන්නට  යාම පරාජයට මාවත  බවය . වෛද්‍ය සංගමය  ආණ්ඩුවේ  ස්ථාවරය  පිළිගෙන  නිහඬ වුයේ මස් රාත්තලම  ඉල්ලන්නට  ගොස්  තියෙන දෙකත් ගැලවෙන්නට ඉඩ තිබෙන බව දැන සිටි නිසාය .එහෙත් කොල්ලන්ට එවැනි බුද්ධියක් නැත . උන්ට උවමනා වන්නේ  සටන්ය. දවාලයේ  පෙළපාලි ගොස් හැන්දෑවට  ගෙදර  ගිය  විට  බත් පිඟාන  මේසය  මත තිබේ. අඳින්නට  කමිසය අම්මා විසින් සෝදා  තිබේ.  සපත්තු දෙක  නංගිට  කියා  පොලිෂ් කරගත හැක .පසුදා පෝස්ටර් අලවන්නට    යන්නට  රුපියල් දෙතුන් සීයක්  ඉල්ලා  කෙඳිරි ගෑවීට බැනුම්  කප්පරක්  සමග   තාත්තාගෙන්   එය ලැබෙන්නේය . තේ  බොන්නට දවල්ට  කන්නට  මහා පොළ ශිෂ්‍යත්වයෙන්  ගතමනාව  ලැබෙන්නේය . එබැවින් ඔවුහු  ඉගනීම දෙකට දමා තමන්ගේ  පක්ෂ  නායකයන් හෝ ශිෂ්‍ය  නායකයන්  කියන  කියන  දේ  කරන්නට  සැදී පැහැදී සිටිති .


ඔවුන්ට  මොලේ  පෑදෙන්නේ ගෙදර  බත් පිඟාන  නැතිවූ දවසටය .


උපවාසයක් ඇරඹුවද ඊට  මහජන සහය නොමැති බව අන්තරේ ලොක්කන්ටත්,  පෙරටුගාමින්ටත් , ජවිපෙටත් තේරුම් ගන්නට හැකිවුයේ දවස්  දෙකක් ගත වීමෙන් පසුවය . එබැවින් ඔවුන්ට  ඕනා වුයේ උපවාසය  නවත්තන්නට කුමක් හෝ  ගැලවිජ්ජාවකි . ආණ්ඩුවේ  ස්ථාවරය අලුත් වචන වලින්  ලියා  හර්ෂද සිල්වා දුන් විට එය  බාර ගෙන  ජාම් බේරා  ගන්නවා  හැර වෙනත් විකල්පයක් ඔවුන්ට  නොවිය.


සයිටමය ජනසතු  කරන තුරු සටන් කරන්නට  ගොස්  සටන අවසන් උනේ එසේය . මාස එකොළහක් තිස්සේ  පන්ති වර්ජනය  කළ සිසුන්ට සිදුවූ පිරිමැසිය නොහැකි පාඩුවට වග  කියන්නට  කිසිවෙකු නැත .  රටට  සිදුවූ  හානියට වග කියන්නට කෙනෙක් නැත  .දොස්තර වර්ජන නිසා  මිය ගිය  රෝගීන්ට   පන දෙන්නට  කෙනෙක් නැත 

 එහෙත් එක  ශිෂ්‍ය  ජීවිතයක්  හෝ  අහිමි නොවී මෙය මෙසේ අවසන් වීම සියලු පාර්ශවයන් ලැබූ  ජයග්‍රහණයකි .

තුවක්කුවට විශ්‍රාම දුන් කර්නල් රත්නප්‍රිය සහ ගෝටා

     කර්නල් රත්නප්‍රිය බන්දු  නමැති මනුස්ස  හමුදා  නිලධාරියා  කවුදැයි සොයන්නට මා වෙහෙසුනෙමි .ඔහු ගැන කිසිදු විස්තරයක්  ඉංග්‍රීසි බස...