Skip to main content

රවිට ඇදුනු බොන්ඩි ලොතරැය්ය






   විපක්ෂයේ නොහොරුන්ට සහ  හොරුන්ට මේ දිනවල  රස  කෑමක් ලැබී  තිබේ.ඒ  රවී කරුණානායකය. මොනාක්  මහල්  මන්දිරයේ  (Monarch Residencies ) නිවසක්  ඔහුගේ  නෝනා  සහ දුව  විසින් මිලදී  ගැනීම  සහ  එයට  මුදල් යෙදවූ හැටි බැඳුම්කර  කොමිසම  ඉදිරියේ  හෙළිවීම  විපක්ෂයට   ඉතා  තලුමරමින්, සුප්පු කරමින්  කෑ  හැකි   කෑමක්  බවට  පත්ව  තිබේ. එය  තවත් මාස  කීපයක්   යන  තුරු විපක්ෂය විසින් රස  කරමින් කන  බවට සැකයක් නැත. 

 මේ  නිසා විදේශ ඇමතිවරයාට එරෙහිව  විශ්වාස  භංග  යෝජනාවක්ද  පාර්ලිමේන්තුවට  එන  ලකුණු  පහල වී  තිබේ 


ඉතත  චෝදනාවන් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට රවී කරුණානායක  මහතා ඊයේ   බැඳුම් කර  කොමිසම  හමුවට  ගියේය .මොනාක් ගොඩනැගිල්ලේ  නිවසක්  මිලදී  ගෙන  තිබෙන්නේ  තමන් නොව  තම  බිරිඳ  සහ දුව  බවත් තමන් එයට සම්බන්ධ  නැති බවත්   තමන් ඒ  පිළිබඳව  කිසිවක් දන්නේ  නැති බවත්  ඔහු කියා  තිබේ  . පර්පෙචුවල් සමාගම දුන් මුදල්  ඔවුන්ට  ආපසු  දුන් බවත් ඊට අදාළ රිසිට් පත්  ඉදිරිපත් කළ  හැකි බවත් ඔහු කොමිසමට  වැඩි දුරටත් කියා තිබේ..

 

  මොනාක්  මන්දිරයේ  නිවසක් රවී  පවුලේ අය  මිලදී ගැනීම  පිලිබඳ  හුටපටය  දැනගැනීමට  අපගේ  පාඨකයන් රුචියෙන් සිටින  බවට සැකයක් නැත . එබැවින් ඒ පිළිබඳව කෙටියෙන් ලිවීම උචිතය 


මොනාක්  මහල්  නිවාස  මන්දිරය  තිබෙන්නේ  කොල්ලුපිටියේය . සල්ලි  තිබේනම් ඔබටද  එහි නිවසක්  කුලියට  හෝ  සින්නක්කරව  අයිති  කර  ගත  හැකිය . එහි වෙබ් අඩවියට අනුව  නිදනකාමර දෙකක් සහිත  නිවසක   මසක  කුළිය රු.250000   සිට රු.300000 වේ. 










විදේශ  කටයුතු ඇමති රවී  කරුණානායක  මහතාට  විශාල නිවසක්  කෝට්ටේ  පාර්ලිමේන්තුව ආසන්නයේ  තිබේ . එහි අලුත්වැඩියා  කටයුතු කරන  කාලය  තුළ  නැවතී  සිටීම සඳහා ඔහුගේ  පවුලේ අය  කොළඹින් නිවසක් සෙවූ  අතර මොනාක් රෙසිඩන්සිස් නමැති තරු පහේ  පහසුකම් තිබෙන   බව  කියන  මහල් ගොඩනැගිල්ලේ නිවෙසක්  බද්දට දීමට  තිබෙන  බව ආරන්චි විය .  අයිතිකරු වුයේ ව්‍යාපාරික  කාන්තාවක් වන අනිකා විජේසුරියය. ඇය එහි  නිවාස දෙකක්  මිලදී  ගෙන එම නිවෙස් දෙක  එකක් බවට  පත්කොට වැඩි දියුණු  කර තිබිණ .  නිවෙස  බැලීමට රවිගේ  බිරිඳ  පැමිණි අතර ඇය  එහි සිට දුර  කතන  ඇමතුමක් දී අර්ජුන් ඇලෝසියස්  මහතා ගෙන්වා    ගත් අතර  දෙදෙනා සමග  නිවසේ ඇවිද  බලා  ගණන්  හිලව්  කතා  කොට  ගත්  අතර පසුව අර්ජුන්  ඇලෝසියස්  මහතාගේ   පර්පෙචුවල් සමාගම   රු.මිලියන 7.3 චෙක් පතක්   සහ මුදලින් රු.14 ලක්ෂයක්  අනිකා විජේසුරියට  ගෙවමින්  නිවස  6 මසකට    අර්ජුන් අලෝසියස්ගේ  නමට  බදු ගනු ලැබීය . පසුව    කරුණානායක  පවුල 2016  ජනවාරි මාසයේදී  පැමිණ එහි පදිංචි වුහ 


වැඩිපුර අත්තිකාරම් මුදල් ගෙවා  තිබුණු බැවින්  වැඩිදුර  තවත් දෙමසක්  ඔවුන් එහි ගත  කළ අතර එම  නිවස  මිලදී  ගැනීමට කරුණානායක බිරිදට අවශ්‍ය විය .අවසානයෙදී රු.මිලියන් 165 කට ගණදෙනුව  කතා  කරගත් අතර   සෙලාන් බැංකුවෙන් රු.මිලියන 150  ණය  මුදලක් ලබා  ගත් ඔවුහු එම  මුදලින්  නිවස  මිලදී  ගත් අතර වාරික  15 කින් බැංකු  ණය  මුදල  ගෙවීමට එකඟ වී  තිබුණි .නිවස  කුලියට දී  ලැබෙන  මුදල බැංකුවට  හරවන  බවට  පොරොන්දු වී  තිබුණු  නමුත් නිවස  කිසිවෙකුට  කුලියට  නොදී  කරුණානායක  පවුල  පදිංචිව  සිටි බැවින්  බැංකුවට  ණය වාරික ගෙවන්නේ  කෙලෙසදැයි යන  ප්‍රශ්නය  මතු විය  . මේ  පිළිබඳව  සමාගමේ මුදල් කළමනාකරු වූ සින්නය්යා  මහතා රවිගේ දුවක් වූ ඔනෙලා  ගෙන් විමසු විට ඇය උපදෙස්  දී  ඇත්තේ  සමාගමේ සේප්පුවේ  තිබෙන  මුදල්වලින්  වාරික ගෙවන  ලෙසය  . සේප්පුවට මුදල් ලැබුණු ආකාරය  බැඳුම්කර  කොමිසම  ඔහුගෙන් විමසු විට  ඔහු කියා සිටියේ  සමාගමේ සභාපතිවන ලක්ෂ්මි කාන්තන්  බ්‍රිතාන්‍යයේ සිටින  බවත් ඇය විසින් දෙවරකට රුපියල් මිලියන 145 ක් ගෙනවුත් සේප්පුවට  දැමු බවය .මෙම  මුදල ඇයට  ලැබුනේ  කෙසේදැයි  කීමට  ඔහු  නොදැන සිටි අතර සමාගමේ  පොත්පත් වල එම  මුදල්  පිළිබඳව  සටහන් කොට නැති බවද ඔහු කොමිසමේ  ප්‍රශ්නකිරීම් වලට පිළිතුරු  ලෙස  කියා සිටියේය.


අපට ඇති ප්‍රශ්න  මෙසේය 


* අර්ජුන් ඇලෝෂියස් මහතා  මහතා රු.ලක්ෂ 87 ක්  ගෙවා  නිවස  බදු ගෙන රවී කරුණානායක  පවුලට පිනට පදිංචිවීමට ඉඩ දීමට  හේතුව  කුමක්ද ? එම  පවුල් දෙක අතර  මිත්‍ර  කම  පමණක් එයට  හේතු විය හැකිද?


*  රවී කරුණානායක  මහතා එම නිවසේ  පදිංචි වූ  නමුත් නිවස   බදු  ගැනීම  සඳහා  ඇලෝසියස් මහතා ,     ලක්ෂ 87 ක්  ගෙවූ  බව රවී  කරුණානායක  මහතා අවුරුද්දක් හමාරක් යන  තුරු නොදැන  සිටියේ ඇයි? ඔහුගේ  බිරිඳ ඔහුට ඒ  බව  නොකීවේ  ලක්ෂ 87  යනු  රු 87 ක් වැනි සුළු මුදලක් යයි ඇය  කල්පනා  කළ නිසාද?


*  අර්ජුන් ඇලෝසියස් සහ රවී එකම දිනවල 13  වතාවක්  සිංගප්පුරු ගියේ ඇයි? 


* අර්ජුන් ඇලෝසියස්  තමන්ගේ  හිතවතෙකු නම් මුදල් ඇමතිවරයා ලෙස  තමා  කටයුතු  කරමින් සිටින අතරවාරයේ මහා බැංකු  බැඳුම් කර මිලදී  ගැනීමට ඇලෝසියස් ට ඉඩ දීම නොහොඹිනා කටයුත්තක් බව  ඔහු නොදන්නේ  මන්ද?


* රවී  පවුලේ සමාගමක සභාපති වන  ලක්ෂ්මි කාන්තන් ගෙන  ආ  රු.මිලියන 145  සමාගමේ  පොත්  පත්වල සඳහන් නොකළේ   කළු සල්ලි  සල්ලි සුදු කර  ගැනීමටද?  එසේත්  නැත්තම්  ලක්ෂ්මි  කාන්තට  යෝෂිත  රාජපක්ෂගේ ඩේශි ආච්චිට  මෙන්  කිසිවෙකු  මැණික් මල්ලක් ගෙනත්   දුන්නේද? මිලියන 145 ඒ මැණික්   විකුණා  ගත්  මුදල්ද ?




  බැඳුම් කර කොමිසමේදී රජයේ නීතිඥයා  අනුකම්පා විරහිතව රවිගෙන්  ප්‍රශ්න  කිරීමෙන් පෙනෙන්නේ  රවී බේරා  ගැනීමට කටයුතු  කරන  ලෙස ආණ්ඩුව උපදෙස් දී  නැති බවය  .එය සාධනීය  ලක්ෂණයකි . ආණ්ඩුවේ  නීතිඥයා ආණ්ඩුවේ  ජෙෂ්ට ඇමතිවරයෙකු ගෙන් දැඩි ලෙස  ප්‍රශ්න  කිරීමක් මෙයට  පෙර  මේ රටේ  සිදුවී නැත . වෙනදා  සිදුවන්නේ  ඇමතිවරයා  බේරා  ගැනීමට ආණ්ඩුව  කටයුතු කිරීමය .නීතිපති දෙපාර්තමේන්තුවට ස්වාධීනව  කටයුතු කිරීමට ආණ්ඩුව  ඉඩ දී  තිබේ.   එය  පැහැදිලිවම  යහපාලන  ලක්ෂණයකි .


 කෙසේ වෙතත්  මේ බරපතල සිද්ධිය ආණ්ඩුව දෙදරවා   තිබෙන බවට සැකයක් නැත .  රවී  කරුණානායක  මහතා  කොමිසමට දුන්  උත්තරත් කොමිසමෙන් පිටතට  පැමිණ  මාධ්‍යයට   කළ ප්‍රකාශත්   රවී  කෙරෙහි පැවතී සැකය  තව දුරටත් වැඩි කර  තිබේ .කොටින්ම ඔහුගේ  පිළිතුරු ඇත්ත  ලෙස,  මොලේ ඇති  කිසිවෙකු  පිළිගන්නේ  නැත .එබැවින් ඇමති කමින්  පමණක් නොව  මන්ත්‍රී  කමෙන්ද  ඉල්ලා  අස්වී ගෙදර  යන  ලෙස  රවී කරුණානායක  මහතාට අපි යෝජනා  කරමු .  කරුණානායක  ඉල්ලා අස් නොවන්නේ  නම් ඉල්ලා අස්වී  ගෙදර  යන  ලෙස කියන්නට අගමැතිවරයා ට  ධයිර්ය තිබිය   යුතුය. එසේ  නොවුනහොත්  ජනාධිපතිවරයා  සහ අගමැති අතර නොහොඳ  නෝක්කාඩු ඇතිවී ආණ්ඩුවේ  ප්‍රධාන  පාර්ශ දෙක අතර බරපතල ගැටුමක් ඇතිවී   යහපාලන  ආණ්ඩුවේ පැවැත්මට  බලවත් අභියෝගයක් ඇති විය  හැක .


ගිය ආණ්ඩුවේ  හොරු  ඇඟිලි ගනිමින් බලා සිටින්නේ ද , අගමැතිවරයාත්  ජනාධිපතිවරයාත්  පොලු හරස්  කර  ගන්නා   තුරුය. 


රවී කරුණානායක මහතාණනි !  එබැවින්  පවු  නොදී වහා  ඉල්ලා අස්වන  ලෙස  නැවතත්   ඔබෙන් ඉල්ලා සිටිමු.



 








Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා