Skip to main content

Posts

Showing posts from June, 2017

බෙල්ල යන සයිටම් ගෝරිය

                   කොල්ලෝ  මෙන්ම  කෙල්ලන්ද ආවේග ශීලිය . . එමෙන්ම  ඔවුහු බොහෝ දුරට දේශපාලනික වශයෙන් අවංකය .තරුණ  කම  නිසා   ගෝරියටද  බරය. ත්රිලට  කැමතිය .ආණ්ඩුවට අභියෝග  කිරීමෙන් ලැබෙන්නේ  පොඩි පහේ  ත්‍රිලක් නොවේ . රාජිතගේ අමාත්යංශය අල්ලා ගන්නට සමහර සිසුන්  ගියේ ඒ  මගින් හොඳ ත්‍රිලක්  ලැබෙන  නිසාය  .තවත් අය  ගියේ  සයිටමය නිසා නිදහස් අධ්‍යාපනයට කෙලවෙනු ඇතැයි අවංකම  සිතු  නිසාය . ඇතැමෙකු  ගියේ ධනපති  ආණ්ඩුවට  එරෙහිව  සටන් කොට කවදා හෝ සමාජවාදී  ආණ්ඩුවක්  පිහිටුවා  රටට  කිරියෙන්  පැණියෙන්  උතුරවන්නට  තිබෙන  උවමනාව නිසාය. උසාවිය විසින් තහනම් නියෝගයක්  පනවා  තිබියදී එයද පසිසෙකටවත්  මායීම්  නොකොට  සවුඛ්‍ය අමාත්‍යංශයේ  ගේට්ටුද  කඩාගෙන ඇතුලට පැන්නේ ඒ  නිසාය    එහෙත් පොලීසියෙන්   ඔය  තරමට  නෙලනු ඇතැයි සිසුන්ගේ  බහුතරය  සිතන්නට නැත . එහෙත්   අන්තරයේ   බොස්ලාත්  අන්තරේ බොස්ලාගේ  බොස්ලාත් කොල්ලන්ට  හොඳ  කෑමක් කන්නට වන  බව  කලින්ම අනුමාන  කරන්නට ඇත .  සවුඛ්‍ය අමාත්යංශය  යනු ඉඩ  කඩ  තිබෙන   ලොකු ගොඩනැගිල්ලක් නොවේ. එක විදිහකින්  හිර  ගෙයක් වැනි තැනකි. එයට  බලහත්කාරයෙන් රිංගු අයට  

දේශපාලුවන්ගේ රෙදි ගැලවූ ගංවතුර

   ගිය  සතියේ බ්‍රහස්පතින්දා  (25) රාත්‍රියේ  සිට ගලන්නට  පටන්ගත්  ගංවතුර  හේතුකොට  ගෙනද,   අධික වර්ෂාව නිසා ඇතිවූ නාය  යාම් නිසාද  මැරුණු  ගණන කොපමණදැයි  තවමත්  අපි හරියටම දන්නේ නැත . ආණ්ඩුව දන්නේද  නැත  . ගංවතුර සහ නාය යාම් නිසා කී දෙනෙකුගේ නිවාස  විනාශ වුයේ දැයි අපි  හරියටම දන්නේ  නැත .ආණ්ඩුව  දන්නේද  නැත . ආපදා  කලමනාකරණ මධ්‍යස්ථානය ඉහත  කරුණු සම්බන්ධයෙන් ඊයේ  උදේ කිව් ගණන් හිලව්  දවල්වන විට වෙනස්  විය .දවල් කිව්  ගණන් හවස් වන විට  වෙනස් විය .හවස  කිව්  සංඛ්‍යා ලේඛණ අද  උදේ වෙනවිට  යලිත් වෙනස් විය  . හවස එය නැවතත් වෙනස් විය  හොඳ අතට  නොවේ. නරක අතටය . පෙරේද උදේ(මැයි 30)  කීවේ  ආපදාවන්ට පත්ව  ඇති පිරිස ලක්ෂ  5 ට  මදක් වැඩි බවය .  පෙරේදා සවස 6 ට නිකුත්වූ වාර්තාවට  අනුව එය  604713 විය.  ඊයේ හවස වන විට එම සංඛ්‍යව 630082ක් දක්වා  ඉහල  ගොස් තිබුණි   අද  (ජුනි 1 ) උදේ 9 ට නිකුත්  කළ වාර්තාවට අනුව එම සංඛ්‍යාව 629704 කි. එය ඊයේට වඩා  378 කින් අඩුවී තිබේ.  එහෙත් අද දවල් 12 ට නිකුත්  කළ සංඛ්‍යා ලේඛන අනුව පුද්ගලයන්  646596ක් ආපදාවන්ට  ලක්වී  තිබේ.