Skip to main content

Posts

Showing posts from March, 2017

හොරගොල්ලේ පොල්ගහ

බණ්ඩාරනායක මහතා හොරගොල්ල වලව්වේ ඉදිරිපස එහාට මෙහාට සක්මන් කළේ අසහනනයෙන් සහ කේන්තියෙනි . එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා තමන් වුවත් ඩි . එස්. සේනානායකගෙන් පසු පක්ෂයේ නායකයා බවට ඩඩ්ලි සේනානායක පත් කිරීමට රහසිගත කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව බණ්ඩාරනායක මහතා දැන ගත්තේ හෝරා දෙකකට කලිනි. කිසිවෙකු තමන්ගේ හිසට පිස්තොලකින් වෙඩි තැබුවාක් මෙන් ඔහුට දැනිණ. බොහෝ වෙලාවක් සක්මනේ යෙදුණු ඔහු කීප දෙනෙකු සමග දුරකතනයෙන් කතා කොට අවසන් නිගමනයකට පැමිණියේය.   " You  fucking bastards ! I'll teach you a fucking lesson   " කියා හොරගොල්ල වත්තේ  සිට   මහපාරට ඇසෙන්නට  කැ  ගැසූ   බණ්ඩාරනායක  මහතා  පසුදා  සිට පන්සල්   චාරිකාවක් අරඹා අලුතෙන් ආරම්භ  කරන  පක්ෂයට භික්ෂුන් වහන්සේලාගේ  සහයෝගය ලබා  ගත යුතු  යැයි තීරණය  කළේය.  චාරිකාව  අරඹා  තුන්වන දිනයේ කැලණිය රජමහා විහාරයටද  ගොඩවිය . එහි අධිපතියාවූ බුද්ධරක්ඛිත ඔහු  සාදරයෙන් පිළිගෙන  විස්කි සංග්‍රහයක්ද  කළ අතර තමන්  අභිනවයෙන් පිහිටුවීමට  යන  දේශපාලන  පක්ෂයට සම්බන්ධවන  ලෙස  බුද්ධරක්ඛිත  උන්නාන්සේට  ආරාධනා  කළේය.

නරියෙකුගේ කතාව

                                                  කපටි සුත්තර  කාර දේශපාලකයෙකු වූ   ජේ  ආර් . ජයවර්ධන මහතාට   old fox කියා නමක්  දැම්මේ ලංකාවේ   ඉංග්‍රීසි  පත්තරවිසිනි   . ජේ ආර් . ජයවර්ධන  මහතා  නාකි  නරියෙක්   ලෙස  නම් කරමින්  පත්තර  කාරයන් ලීවද  ඔහු එය තුට්ටුවකටවත්  ගණන්  ගත්තේ  නැත.  වර්තමාන දේශපාලකයන් අතර  වීරවංශ  මහතාද   නරියෙකු  බව  බොහෝ අයගේ  මතයයි.  විමල් වීරවංශ වනාහි නිකම්ම  නරියෙකු  නොව දේශප්‍රේමී  නරියෙකු  බව  කියන්නෝද සිටිති.   මා  ලියන්නට  යන්නේ  ජේ.ආර්. ජයවර්ධන  ගැන  නොව වීමල් වීරවංස  මන්ත්‍රී  තුමා  ගැනය. එතුමා දක්ෂයෙකි . දේශප්‍රේමී  පෝස්ටරය ම්නිස්සුන්ගේ ඔලුවේ අලවා ඔවුන්ගේ  සාක්කුවට විදීමට දක්ෂ  කීප දෙනා  අතර ඔහු  පළමුවෙනියා නොව දෙවෙනියා  බව සැලකුවාට වැරද්දක්  නැත   . බයිසිකලයෙන්  දේශපාලන අරඹා කෝටි 4 ක් වටිනා වාහනයක අයිති  කරුවෙකු විය  හැක්කේ දක්ෂයෙකුට පමණි.  කුඩා  නිවසකින් ජීවිතය  ඇරඹු ඔහු අද  ජීවත්වන්නේ  අඩි 10ක් 12 ක් උස  තාප්පයකින් වට  කරනු  ලැබූ  මහල් ප්‍රාසාදයකය .දේශප්‍රේමයට  කප්  ගැසූ ජවිපෙට  මන්ත්‍රී  කම් 6ක්   පමණක්  ලැබෙද්දී දේශප්‍රේමී ගුලිය