Skip to main content

නව ව්‍යවස්ථාව රට බෙදන උගුලක්ද?




ගොබෙල්ස්   වීරවංස ගහන  පදයට  මහින්ද  නටනවාද නැතහොත්  මහින්ද  ගහන  පදයට ගොබෙල්ස්  වීරවංස  නටනවාද  කියා තවම  පැහැදිලි  නැත. කෙසේ  වෙතත්  බලය  නොමැති වීම  නිසා බලවත්  හිතේ    අමාරුවෙන්  සිටින  ඔවුන්     හදන්නට   යන නව ව්‍යවස්ථාව  පිළිබඳව මිනිසුන් ගොනුන්ට ඇන්දවීම  සඳහා  මහා බේගල් ව්‍යාපෘතියක් දියත්  කර  තිබේ.


ලියාගෙන යන  ව්‍යවස්ථාවෙන්  රට  කෑලි කෑලි  වලට කැඩී  යන  බව කියන්නට  පලමුමෙන් දෙසන්නට   පටන් ගත්තේ වීරවංසය ඊට  ටික  දිනකට  පසුව  මහින්ද ද  එම  බේගලයම  පතුරුවන්නට  පටන් ගත් අතර  ඔවුන්ගේ  ගෝලයන්ද  ගිරව් මෙන් එයම   කියන්නට  පටන් ගෙන  තිබේ.

.

නිල කොළ රතු දේශපාලකයන් මෙන්ම අන්තවාදී  ශ්‍රමණ  මුන්ඩකයෝද  1956 සිට ලංකාව  වල  පල්ලට  ඇද්දෝය. බණ්ඩාරනායක විසින් සිංහල රාජ්‍ය  භාෂාව කිරීම  නිසා  අසහනයට පත් දෙමල  ජනයා    ෆෙඩරල් පාලනයක් ඉල්ලා     උද්ඝෝෂණය  කළ අතර 1957  බණ්ඩාරනායක-චෙල්වනායගම් ගිවිසුම  අත්සන් කරනු ලැබුවේ  එමගින් ෆෙඩරල්  වෙනුවට  ඉතා  අඩු  බලතලවලට එකඟවෙමිනි. එයට එක්සත්  ජාතික  පක්ෂය සහ  ඥානසාරගේ අප්පලා විරුද්ධ  වීම  නිසා බණ්ඩාරනායක එය  ඉරා   වීසි  කළේය. 1965 දී  ඩඩ්ලි සේනානායක  චෙල්වනායගම ගිවිසුම අත්සන්  කළ අතර  එය බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුමටත්  වඩා බලතල අඩු ගිවිසුමක්  විය . එයට ශ්‍රීලංකා නිදහස්  පක්ෂය පමණක්  නොව සමසමාජ සහ  කොමියුනිස්ට්  පක්ෂ විරුද්ධ වුහ . සුපුරුදු  පරිදි ඥානසාර  පරම්පරාවද එයට  විරුද්ධ  විය . එම  ගිවිසුමටද  අත් වුයේ  කලින් ගිවිසුමට අත්වූ ඉරණමය.


LTTE සංවිධානය   කඩවුණු  සිංහල පොරොන්දුවල ප්‍රතිඵලයයි. එය  පාලනය  කිරීම  අරමුණෙන්  ජේ ආර්  ජයවර්ධන  ආණ්ඩුව  විසින් 1987 අත්සන් කළ  ඉන්දු - ලංකා ගිවිසුම  හරහා  පළාත්  සභා   පිහිටවූ  නමුත් එයටද  සුපුරුදු  පරිදි  ශ්‍රීලනිපය විරුද්ධවූ අතර ජනතා විමුක්ති  පෙරමුණ ,පළාත් සභා  මගින් රට  කෑලි අටකට  කැඩෙන  බව  කියමින් ආණ්ඩුවට  මෙන්ම එයට  පක්ෂපාත  සිංහලයනට එරෙහිව ගල් කටස් අතට  ගත්තේය. .එමගින් රට  කැඩෙන බව  ජවිපෙ කී  නමුත්  දෙමල  කොටි  පළාත් සභා  විසඳුමට විරුද්ධ  වුයේ  එමගින් දෙමල  ජනයාගේ අපේක්ෂා  ඉටු  නොවන  බව  කියමිනි. ප්‍රතිඵලය ලක්ෂයකට අධික  ජීවිත   අහිමි කළ යුද්ධය අවුරුදු 27ක් දක්වා දිගු වීමය.

 

උතුරේ  ප්‍රශ්නයට විසඳුම යුද්ධය  නොවන  බව හොඳින් වටහාගෙන  සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය 2000 අගෝස්තු මස නව  ව්‍යවස්ථාවක්  පාර්ලිමේන්තුවට  ඉදිරිපත්  කළේ එමගින් ප්‍රාදේශික  ඒකකවලට බලය  බෙදීමේ අරමුනෙනි. අවසාන  මොහොතේ එක්සත්  ජාතික පක්ෂය විරුද්ධ වීම  නිසා  එයටද  අත්වුයේ කලින්  ගිවිසුම් වලට අත්වූ  ඉරණමමය.


යුද්ධයෙන් LTTE සංවිධානය  පැරදුනේය. දෙමල  ජනයා තෘප්තිමත්  කිරීම සඳහා  කදිම අවස්ථාවක්  මහින්දට  උදාවු  නමුත් ඔහුටත් ඔහු වටා සිටි  කල්ලියටත් දුර දැක්මක්  නොතිබූ  බැවින්   දෙමල   මිනිසුන්ගේ තුවාල තව  දුරටත්  ඔඩු  දිව්වේය . හමුදා  කඳවුරු  තව  දුරටත්  තබා  ගනිමින් දෙමළුන්  බැඳ  තැබීමෙන් රට එක්සත් කල  හැකිය  යනු ඔවුන්ගේ දැක්ම  විය.

 

මහින්ද  ගෙදර  යැවීමට සිංහලයන් සහ  මුස්ලිම් මිනිසුන්  සමග  දෙමල  මිනිසුන්ද එකතු වුයේ ඔවුහු විඳිමින් සිටි  දුක්  කන්දරාවෙන් ගොඩ ඒමට  හැකිවෙනු  ඇතැයි  සිතු  බැවිනි.  ආත්ම  ගරුත්වයක් ඇතිව  අනෙකුත්  ජනවර්ග සමග සමගියෙන්  ජීවත් වීම සඳහා ඔවුන්ගේ සුදානම  ප්‍රකශ  කොට  තිබෙන අතර කෙටුම්පත්  කරගෙන  යන  නව  ව්‍යවස්ථාව  මගින් ඊට  ඉඩ  ප්‍රස්ථා  සලසා  දෙන දෙමල ජනයා    ඉල්ලා  සිටිති. ෆෙඩරල් බලතල තව  දුරටත්  ඔවුන් ඉල්ලන්නේ  නැත. එහෙත්  13 ව්‍යවස්ථා  සංශෝධනයෙන් එපිටට  ගිය  විසඳුමක් අවශ්‍ය  බව ඔවුහු  කියා  සිටිති.


ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිත  ව්‍යවස්ථාව  මගින් රට  කැඩෙන  බවට බේගල් පතුරවන්නේ 13 වැන් ව්‍යවස්ථා  සංශෝධනයෙන්  එහා  ගිය  විසඳුමක් දීමට  ඉන්දියාවට  පොරොන්දු  දුන් මහින්ද  සහ එකල එයට  විරුද්ධ  නොවූ වීරවංසලාය 


මොවුහු මෙම  බේගලය  රට  පුරා  පතුරුවන්නේ එමගින් රට  නොකැඩෙන  බව හොඳින්ම  දැනගෙනය.  සිහල  ජනයා කුපිත  කොට ආණ්ඩු විරෝධයක් ඇති  කොට එමගින්  නැවත වරක් බලයට  එම  ඔවුන්ගේ  දුෂ්ට අරමුණ  බව ඉතා  පැහැදිලිය.


මේ  රටේ ජනවර්ග අතර  තිරසාර සාමයක් ඇතිකිරීමට  උදාවී   ඇත්තේ  ඉතා අනගි  අවස්ථාවකි. එක්සත්  ජාතික  පක්ෂයේ   සහ ශ්‍රීලනිපයේ   හවුල් ආණ්ඩුවක්  තිබීම එයට  හේතුවයි. මෙයට  පෙර අවස්ථාවලදී දෙමල  ජනයාගේ  ඉල්ලීම් ඉටුකිරීමට  යාමේදී එම උත්සාහයන් අසාර්ථක  වීමට බලපෑ ප්‍රධානතම  හේතුව මෙම  පක්ෂ විපක්ෂයේ  සිටියදී එම උත්සාහයන්  කඩා  කප්පල් කිරීමට  කටයුතු  කිරීමය. එහෙත් වර්තමානයේ එම  පක්ෂ දෙකම එක්  ආණ්ඩුවක්  පිහිටුවා තිබෙන  බැවින්ද දෙමල  ජනයාගේ  සහය ආණ්ඩුවට  ලැබී   තිබෙන  බැවින්ද නව  ව්‍යවස්ථාවක් මගින් දෙමල ජනයාගේ  අපේක්ෂාවන්  ඉටු  කොට  යලි  යුද්ධයක් ඇතිවීම වැලක්වීමට ස්වර්ණමය අවස්ථාවක් දැන්  උදා වී  තිබේ.


 මහින්දගේ ගොබෙල්ස් විපක්ෂය උත්සාහ  කරන්නේ  එම ස්වර්මය අවස්ථාව  මේ  රටට  අහිමි  කිරීමටය. එය මේ රටේ  වත්මන් පරපුරටත්  අනාගත  පරන්පරාවන්ටත් කළ  හැකි ලොකුම කොඩිවිනයයි.   ඔවුන්ගේ  තුච්ච්  බලපෑමට  යටවී 1948  සිට  වසර  70  වකට පසු  උදාවු මේ දුර්ලභ අවස්ථාව මග  හරිනු  ලැබුව හොත්  තවත් අවුරුදු 70 කටවත් එවැනි  අවස්ථාවක් යලි උදා  නොවෙනු  ඇතැයි සිතීම අතිශයින් සාධාරණය.


මේ රට දිනෙන් දින  ගමන් කරන්නේ ප්‍රපාතයකට  බව තිබෙන ණය  කන්දරාව සනාථ කොට තිබේ. රටේ  වාර්ෂික  ආදායමෙන් 96%ක්   ණය සහ  පොලී ගෙවෙන ලංකාව  මේ  නරා  වලෙන්  ගොඩ  ගැනීමට  තිබෙන  ප්‍රධානම   මග විදේශ  ආයෝජයකයන් දහස්  ගණනෙන් මේ රටට  ගෙන්වා  ගෙන අපනයන  නිෂ්පාදන ඇති  කිරීමය .ජපානය , සිංගප්පුරුව , රතු චීනය  වියට්නාමය , දකුණු  කොරියාව , තායිවානය , හොංකො දේශය ,මලයාසියාව ගොඩ  ආවේ  විදේශ  ධනපතියන් එම  රටවල ඩොලර්  ආයෝජනය  කොට අපනයන  කර්මාන්ත ඇරඹීමෙන්  අත්  කර  ගත් සමුර්ධිය   නිසාය .


 ආයෝජකයන්  සල්ලි  යොදවන්නේ දීර්ඝකාලීනව ව්‍යාපාරයන් වල යෙදී  ලාභ  ලබන්නටය  . ඒ  සඳහා රටතුල ස්ථාවර භාවයක් තිබිය  යුතුය.  රටේ වසන  මිනිසුන් එකිනෙකා  සතුරන් ලෙස දකින්නේ    නම්  ආයෝජකයන් මෙහි එන්නේ  නැත.     ලැබී   තිබෙන  මේ  අනර්ඝමය අවස්ථාවෙන්    උපරිම ප්‍රයෝජන  ගනිමින්  නව ව්‍යවස්ථාව   මගින් දේශපාලන    ස්ථාවරත්වයක් සඳහා පදනම  දමා  ගත  යුත්තේ ඒ  නිසාය.

 

එසේ  නොවුවහොත් තවත් දශක  කීපයකදී ලංකාව  බංගලි දේශයටත් වඩා දුප්පත්  රටක්  බවට  පත්වීම ඉරහඳ  සේම ස්ථිරය.



                                                    ( දකුණු කොරියාවේ අග නුවර )









Comments

Ajith Dharma. said…
හොඳ බ්ලොග් එකක් නේ. අද තමයි දුටුවේ. දිගටම එන්නම්
ඔබේ බ්ලොග් අඩවියේ පලවු ලිපි නෙලුම් යාය බ්ලොග් සම්මාන උළෙලේ දෙවනි වටයට තේරි ඇති අතර , තරගයට ඔබේ බ්ලොග් අඩවියේ ලිපි ඉදිරිපත් කිරිම ගැන අකමැත්තක් ඇත්නම් කරුනාකර atampahura@gmail.com වෙත ඊමෙල් පනිවිඩයක් මගින් දැනුම් දෙනමෙන් කාරුනිකව ඉල්ලා සිටිමි , 2017-03-12 දින පෙරවරු 6 ට බ්ලොග් සටහනක් මගින් තරග කරන බ්ලොග් අඩවි ප්‍රකාශයට පත් කරන බැවින් ...ඊට ප්‍රථමව අකමැත්තක් ඇත්නම් දැන්වුවහොත් අපහට මහත් අස්වැසිල්ලකි . ස්තුතියි ....නෙලුම්යාය වෙනුවෙන් ...අටමා

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා