Skip to main content

Posts

Showing posts from December, 2016

විජේවීරට අභියෝග කළ මස්සිනා

රෝහණ විජේවීර  මහතා , සිරිමා +එන්.එම්+පීටර් කේනමන් ආණ්ඩුවෙ  පැවැත්මට  1971 දී අභියෝග කිරීම නඩු අසා හිරේට  යැවූ  පසු ඔහු  නිදහස්  කර  ගැනීම සඳහා උද්ඝෝෂණය  කළ සංවිධාන  අතර  ලංකා  ගුරු  සංගමයද විය. එහි  නායකයෙකු වූ එච්. එන්. ප්‍රනාන්දුද ජවිපෙ  හා සම්බන්ධව  සිටීම  හේතු  කොට  ගෙන  සිරගත  කළ අතර ඔප්පු  කළ  හැකි  චෝදනාවක්  නොවුයෙන් 1973 දී  නිදහස්  කරනු  ලැබීය. ඔහු  සංගමයේ   සභාපති  තනතුරට  තෝරා   පත් කරගනු  ලැබුයේ ඔහු  හිරගෙදර සිටියදීය. 1972-77 සමයේ  හොර  රහසේ  ක්‍රියාත්මක වූ  ජවිපෙ  තම  කටයුතු සඳහා  යොදාගත් කොළඹ මධ්‍යස්ථානය  වුයේ  ලංකා  ගුරු සංගමයේ ප්‍රධාන  කාර්යාලය යි. එවක එය  පැවතුනේ කොල්ලුපිටියේ ෆේවරිට් ගොඩනැගිල්ලේය. රෝහණ විජේවීර 1977 දී  නිදහස්  කරනු  ලැබීමෙන්  පසු පැවැත්වූ පළමු  ජවිපෙ  රැළියේදී   තම  කතාවේ  මුල්  කොටස වෙන්  කළේ ජවිපෙ  සිරකරුවන්  නිදහස්  කරගැනීම  සඳහා උද්ඝෝෂණය  කළ සංව්ධාන වලට ස්තුති  කිරීමටය. ඔහු  ස්තුති  කළ සංවිධාන අතරට  ලංකා  ගුරු සංගමය  මෙන්ම  ලෝක  පරිමාණයේ  NGO සංවිධානයක් වන ජාත්‍යන්තර  ක්ෂමා සංවිධානයද  විය. 1971 සිරගත කළ සිටි ජවිපෙ කැරලිකරුවන්ගේ සැප දුක

මෛත්‍රී +රනිල්+ මහින්ද එකගෙයි කෑම

කලකට  පෙර  උඩරට  නිලමෙලා , මැණිකෙලා , බණ්ඩාරලා එක ගෙයි  කෑහ. අනාදිමත්  කාලයක  සිට  මෑතක් වන  තුරුම පැවති මේ සිරිතට අනුව පවුලක  සිටින සියලු සහෝදරයන්  වෙනුවෙන්  කැන්දාගෙන ආවේ  එකම අඹුවකි.  එක්  සහෝදරයෙකු ඇයගේ සයනය  කොතරම්  සුව  පහසුදැයි  පරීක්ෂා කර   බැලීමට යන්නේ  ඔහුගේ අමුඩ ලේන්සුව ඇගේ  කුටියේ දොරෙහි එල්ලා  බව  කියති . එම සංඥාව දකින අනිත් සහෝදරයෝ  තමන්ගේ වැඩක්  බලාගන්නවා  මිස ඒ අහලකටවත්  යන්නේ  නැත. ඔවුන් එහි  ඇතුළුවන්නේ අමුද  ලේන්සුවක්  නැති වෙලාවක්  බලාය. උඩරට  ඇත්තෝ එම  සිරිත   පවත්වාගෙන ආවේ පවුලේ දේපොළ බෙදී  යාම අඩුකරගන්නටය. මේ  සිරිත  තවමත් ඇතැම් උඩරට  නෝනා  මහත්වරු අනුගමනය  කරන්නේ  දැයි දැනගන්නට  නැත. එසේයැයි වාර්තා  තිබෙතොත්  දන්නා  පාඨකයෝ කොමෙන්ටු ලෙස  ලියත්වා . මෙය සවුත්තු සිරිතක්  ලෙස  ඇතැමෙකුට  පෙනී  යා   හැක . එසේ  සිතෙන්නේ  අවුරුදු  500කටත් වැඩි  කාලයක සිට  පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසි  ජාතිකයන්  යටතේ  ජීවත්වූ අපි , එක් මිනිහෙකු එක්  ගැහැනියක්  සමග  පමණක් පවුල් කැ  යුතුයයි  ඔවුහු අපට  දේශනා කොට නීති පොතේ ලිව්ව  නිසාය.   එහෙත් එය සි