Skip to main content

Posts

Showing posts from November, 2016

රෝහණ විජේවීර බුද්ධිමතෙක්ද

 රෝහණ විජේවීර මහතා  ඝාතනය  කොට අදට අවුරුදු 27ක්  පිරේ. ඔහු  පිළිබඳව ලියවී  ඇති ග්‍රන්ථ සංඛ්‍යාව  සිය  ගණනක්  බවට  සැකයක්  නැත. ඔහු  පිළිබඳව  ලියවී  ඇති  ලිපි සංඛ්‍යාව  දස  දහස්  ගණනක්  බවටද  කිසිදු  සැකයක්  නැත. ලංකා දේශපාලන වේදිකාවේ  රඟ  පෑ දේශපාලකයන්  අතරින්  වැඩිම සාකච්චාවට  භාජනය වූ පුද්ගලයන් අතර  රෝහණ  විජේවීර ද එක්  අයෙකු  බවට  සැකයක්  නැත. රෝහණ  විජේවීර  සුවිශේෂ  පුද්ගයෙකු  බව  අමුතුවෙන්  කිව  යුතු  නැත.  ජවිපෙ  සිටි  හොඳම  සංවිධායකයා  මෙන්ම හොඳම  කථිකයාද වුයේ    ඔහුය. බොහෝ  දේශපාලන  පක්ෂවල නායකයනට  එම දක්ෂතා   දෙකම  පිහිටා  තිබුනේ  නැත. පොත  පත  වෙනුවට   යුක්තිය  වෙනුවෙන් තුවක්කුව  අතට  ගැනීමට කුමන හෝ  පීඩනයකට පත්ව  සිටි  බොහෝ  තරුණයන් සුදානම්  කිරීමට  විජේවීරට  හැකි වීම  සුළු  පටු  දක්ෂතාවයක්  නොවේ. රෝහණ  විජේවීර සිය දැක්ම  වෙනුවෙන්  ඉතා  අවංකව කටයතු  කළේය. ස්ටාලින්  පන්නයේ සමාජවාදී  රාජ්‍යයක් බිහිකිරීම ඔහුගේ අරමුණ වූ  බව  ඔහු  අධ්‍යයන  කිරීමෙන් එළඹ  හැකි  නිගමනයයි . ඒ  සඳහා  ඔහුගේ  කැප  කිරීම  ලංකාවේ  අනෙකුත්  වමේ  පක්ෂ  වල  නායකයන්  හා  සැසඳීමේදී  ඉහලින්ම