Skip to main content

Posts

Showing posts from September, 2016

දොස්තර සංගමයට ස්කෝතුයි.

    දවස්  දහයක් දොළහක් තිස්සේ  GMOA හෙවත් දොස්තර  සංගමයේ  ලොකු මහත්තරු  අම්ම  මුත්තා  කාලේ වත්  නොකාපු හොඳ පරිප්පුවක් කමින් සිටින  නිසා  බඩ  සෑහෙන්න අප්සැට් එකේ සිටින බැවින්   ඔවුන්ට  ඉස්කොතුවක් දී  ගොඩ වෙදකමක්   කරන්නටයි   මා  කල්පනා  කළේ. මා එසේ  ඉස්කෝතුවක් දෙන්නේ  වෙන  කිසිවක්  නිසා  නොව   පාසල්වලට  ළමුන් ඇතුලත්  කිරීම  පිළිබඳව ලොකු  මොළ, පුංචි  මොළ, බුරු මොළ  සහ  කුණු  මොළ  තියන කාගේත් ඔලු  කට්ට  අස්සට   හිතන්න  උගන්වන   සංවාදයක්   GMOA   ලොකු මහත්තුරු ඇති  කළ නිසයි.     අධ්‍යාපනය ගැන  කැක්කුමක් තියෙන අපි වගේ අයගේ  ලේ  කෝප කරන සිද්ධියක්  තෙවරප්පෙරුම  මන්ත්‍රීවරයා මීට  මාස  කීපයකට   පෙර   ඇති  කළා. තෙවරප්පෙරුම උන්නැහැ උපවාසයක්  හා දිවි නසා  ගැනීමේ විගඩමක්  රඟ  පෑවේ  චක්‍රලේඛ  ඉරා දමා  ප්‍රදේශයේ ජනප්‍රිය  පාසලකට  ළමුන්  ඇතුලත්  කරන්න  කියමිනුයි.. ඒ වෙලාවේ  බොහෝ  අය  ඔහු වීරයෙක්  කොට සැලකුවේ. ඔහු වැරදි  බව  කියමින්  මා  ෆේස් බුකියේ  සහ  'සුදුකුකුලා ' හී  ලිව්  විට ලොකු  මොළ , පුංචි  මොළ , කුණු  මොළ  සහ හිස්  කබල අස්සේ   බුරු  මොළ තිබෙන සියල්ලෝම වාගේ මට කුණුහරුප ,උ