Skip to main content

Posts

Showing posts from August, 2016

පාද යාත්‍රාවෙන් පසු මහින්දගේ සහ රනිල්ගේ පස්ස

    පාද  යාත්‍රාව අවසන්ය.  සංවිධායකයනට අනුව එය අති සාර්ථකය.  පාද  යාත්‍රාවේ  ප්‍රධාන සංවිධායක  මහින්දානන්ද අලුත්ගමගෙට  අනුව  සහභාගී වූ සංඛ්‍යාව ලක්ෂ  විස්සකි. ගීතා කුමාරසිංහට අනුව කෝටි දෙකකි. එහෙත් ඩිලාන්  පෙරේරාට සහ මහින්ද අමරවීරට   අනුව  50 දහසකට අඩුය. පාද  යාත්‍රා  සංවිධායකයන්  මුලින්  කියා  සිටියේ  ලක්ෂ  දහයක් සමග  කොළඹට  පැමිණ ආණ්ඩුව  පෙරලන  බවය.  නායකත්වය  ගත්තේ බැසිල්  රාජපක්ෂය. එය සාර්ථක  කර  ගැනීම  සඳහා ඉහල මට්ටමේ  සාකච්චා දුසිම්  ගණනක්ද ප්‍රාදේශීය  මටටමේ  පාක්ෂික සාකච්චා සිය  ගණනක්ද  පවත්වනු ලැබිණ.. එහෙත් බැසිල්ට පළමුවෙන් රිමාන්ඩ් හිර  ගෙදරටත් දොස්තර  මහත්තුරුන්ගේ  උදව්වෙන්  දෙවනුව මහා රෝහලේ  ගෙවන වාට්ටුවටත්  යාමට සිදුවීම  නිසා එය සංවිධානය කිරීමේ වගකීම අන් අයට  පැවරිණ.   එකාබද්ධ විපක්ෂයේ  මුළු  බර  යොදා පා ගමන සංවිධානය  කළද පළමු දිනයේ  එයට සහභාගී වුයේ දස  දහසක් වැනි  පිරිසක්  පමණි .අවසන් දිනයේ  සහභාගිත්වය  15  දහස  ඉක්මවුයේ  නැත. මෙසේ  වුයේ  ඇයි? මහින්දට වර්ග දෙකක   මිනිස්සු සිටිති. එක් වර්ගයක් වන්නේ සිංහල  බවුද්ධයන්ට  පමණක් මේ රට  අයිතිය  යන මතය දරන්නන්ය . අ