Skip to main content

යහපාලනයේ හොරු ගස් බඳීව් !

 

 

 

මිනිස්සු  එක්සත්  ජාතික  පක්ෂය  නැවත  බලයට පත් කර ගත්තේ ඔවුන් බොධිසත්තයන් නිසා නොවේ. රාජපක්ෂලාගේ සහ ඔවුන්ගේ ආවතේව කරුවන්ගේ දුෂ්ට පාලනයෙන් හෙබ්බත්  උන  නිසාය.  1977-94 කාලයේ එක්සත්  ජාතික  පක්ෂ ආණ්ඩුව කළ  හරිය ඇසුවොත් බල්ලන් බත්  කන්නේ  නැත. 77 බලය  ගත්  විගස  යු එන් පි. කාරයෝ  විරුද්ධවාදීන්ගේ ගෙවල් දස  දහස්  ගණනකට  පහර දී අලාභ  හානි කළහ. 'ඕන  තරම්  ගහපියව් ' කියා  JR සතියක් දෙකක්ම ඇස්  පියාගෙන  සිටියේය. 77-80 අතර ඇතිවූ  කම්කරු විරෝධතා ව්‍යාපාර වලට පහර දීමට මැරයන් එව්වේ බයිසිකල් චේන්, යකඩ පොලු  ආදියෙන් සන්නද්ධ  කොටය. එකල ඔවුනට නායකත්වය දුන්නේ දැන් මහින්ද  සමග බුදියන  ගාමිණී ලොකුගේය. දවසක වැටුප රු.10 කින් වැඩි  කරන ලෙස ඉල්ලා  1980 වැඩ වර්ජනය  කළ රජයේ සේවකයන් 40000ක්  ගෙදර යැව්වේ JRගේ  ආණ්ඩුවය. 1983 දෙමල මිනිසුන් දහස්  ගණනක් මරා  ඔවුන්ගේ  කෝටි දහස්  ගණනක දේපොළ  ගිනි තිබ්බේද , මංකොල්ල කැවේද  unp ආණ්ඩුවේ  නායකයන් විසින් මෙහෙයවූ මැරයන්ය. යාපනයේ පුස්තකාලය  ගිනි  තිබ්බේ  UNP  නායකයන් කීප දෙනෙකුගේ  මෙහෙයවීමෙනි. කොටින්ම 1983 වන විට  60  ගණනක් පමණක් සිටි කොටි සංවිධානය දහස්  දහස්  ගණනක් බවට  පත්  කළේ JR ජයවර්ධනය.

 

ගිය අවුරුද්දේ මහා මැතිවරණයේදී එක්සත්  ජාතික  පක්ෂයට වැඩි  ආසන  ගණනක්  ලැබුනේ UNP  කාරයන් වැඩිවී ඇති  නිසා නොව මහින්ද එපා වීමත්  මෛත්‍රී කෙරෙහි මහජන විශ්වාසයක් ඇති වීමත් සහ  සිවිල්  ජනයාගේ  ව්‍යාපාර  නිසාත්ය. ආරම්භක  සමයේ සිල් ගෙන  සිටි  UNP  සිල් රෙදි ගලවා  දැන් දැන්  තම හෙළුව  ප්‍රදර්ශනය කරන්නට  පටන් ගෙන  තිබෙන බවක් පෙනේ. ( හොඳ වැඩද  කළ බව  කියන්නට  මා  පසු බාන්නේ නැත 19 ව්‍යවස්ථා සංශෝධනය සහ කොමිෂන් සභා පත් කිරීම , අධිකරණය ස්වාධීන  කිරීම  තොරතුරු දැන ගැනීමේ  පනත සම්මත  කිරීම, රාජ්‍ය  සේවක වැටුප් වැඩි  කිරීම  ආදිය ප්‍රසංශා  කටයුතුය. එහි ගවුරවය මෛත්රීටද  හිමිය.)

 

මහබැංකු බැදුම්කර සිද්ධියේදී  වංචාවක් සිදු වී ඇතැයි  පිළිගන්නට මුලදී මගේ  හිත  නොදුන්නත් දැන් නම් පෙනෙන්නේ මේ මහා වංචාව පිටුපස  UNP ලොක්කන්  සිටින  බවය. විගණකාධිපති විසින් බැඳුම් කර  ගනදෙනුවෙන්  රටට දැවැන්ත  මුදල් සම්භාරයක් අහිමි වී ඇති  බව තහවුරු  කිරීම   කිසිවෙකුට  නොසලකා හැරිය  නොහැකිය.ඔහුගේ වාර්තාවෙන් කලබලයට  පත් UNP ලොක්කන් විගනකාධිපතිට  එරෙහිව පොලු  මුගුරු අතට  ගැනීම  අපට සිහි  කරන්නේ 'පුහුල් හොරා  කරෙන් දැනේ ' යන  කුමාරෝදයේ  තිබු  කතාවය.

 

බස්නාහිර  පළාතේ  මාවත් සංවර්ධනය  කිරීම  සඳහා රු.බිලියන 3.6   කොන්ත්‍රාත්තුවක්   UNP අමාත්‍ය දයා  ගමගේ පුතාගේ   ඔලිම්පස් නැමැති කොම්පැණියකට දීම   රාජපක්ෂලාගේ  ගැහිලි වලට දෙවෙනි වන්නේ  කෙසේදැයි   UNP    කාරයන් අපිට  කියා දෙන්නේ  නම් හොඳය.

 

නොරොච්චෝලේ  විදුලි  බලාගාරයට ඉදිරි  අවුරුදු  තුන සඳහා ගල් අඟුරු සැපයීමේ කොන්ත්‍රාත්තුව  අඩු  මිල  ඉදිරිපත්  කල සමාගමට  නොදී වැඩි මිල  ඉදිරිපත්  කල සමාගමට දීම  පිටුපස  සිටින්නේ  එක්සත්  ජාතික  පක්ෂයද ශ්‍රී ලංකා  නිදහස්  පක්ෂයද  කියා  තවමත්  පැහැදිලි  නැති  බැවින් ඒ  ගැන පසුවිටෙක ලිවීමට  කල්  තබමි. ( විදුලි බල ඇමති ශ්‍රී ලංකා  කාරයෙකි.)

 

දැනට  පෙනෙන්නේ  නම් UNP  ගහන්නට  පටන්  ගත්තා  පමණකි  යන්නය.   එක්සත්  ජාතික  පක්ෂය (මහින්දගේ  පාලන සමයේ) මුදල් අතින් වැලේ වැල්  නැතිව  සිටියේය. පක්ෂයට අයත්  ඉඩමක් පවා  විකුණන්නට එජාපයට සිදුවුයේ  ඒ  නිසාය. සියලු  ජාවාරම් කාරයන් තමාගේ පරණ හාම්පුතා අමතක  කොට  මහින්ද වටා එකතුව  සිටීම  UNPය  මුදල් අතින්  බංකොලොත්  ගැහීමට  හේතු  විය. ඒ  කාලයේ  එක්සත්  ජාතික පක්ෂය නඩත්තු  කිරීමට දයා   ගමගේ  මහතා සැහෙන  මුදලක් වියදම්  කළ  බැවින්  මහින්ද ඔහුගෙන්   පලි  ගත්තේ දයා  ගමගේ විසින්  ධනය යොදවා දියුණු  කොට තිබු පැල්වත්ත සීනි සමගම ආණ්ඩුවට  පවරා  ගැනීමෙනි. බංකොලොත්  ගසා  සිටි  එක්සත් ජාතික පක්ෂයට ඉකුත් මහා  මැතිවරණයේදී  අත දිග  හැර වියදම්  කරන්නට සල්ලිය බාගය හිටි  හැටියේ  ප්රාතුර්භුතවී  තිබිණ.  සමහරු  කියන්නේ  මහ  බැංකු  බැඳුම් කර   ගනදෙනුවෙන් කොටසක් සිරිකොත භාණ්ඩාගාරයට ගිය  බවය.

 

මාක්ස්වාදය  කියන්නේ  ධනපති  ක්‍රමය වනාහි  හොරකම හැර අන්  යමක්  නොවන බවය. එහෙත්  'උනුත් හොරු ,මුනුත්  හොරු ' කියමින්  රතු  කොඩි  අරගෙන  යන අය දෙස මහජනයා  තවමත් බලන්නේ  නැත්තේ ඒ  අයගේ  පරණ කැරැට්ටුව මතක් වන විට ඔවුන්ගේ  පපුව "ඩිග් " " ඩිග් " ගා  ගැහෙන  නිසාය.

 

ඒ  නිසා  මහජනයා වන  අපට තිබෙන්නේ  කට වහගෙන  සිටීම  නොවේ. මහින්ද  යලි ගෙන්නා   ගැනීමද  නොවේ.  ආණ්ඩුවේ වැරදි වැඩ  හෙළි  කිරීමය. විවේචනය  කිරීමය .  පොරොන්දු  ඉටු කරන ලෙස  බලකිරීමය. යහපාලනය පිහිටුවීම සඳහා අවශ්‍ය  නීති රීති සම්මත  කරන ලෙසය.    හොරු අල්ලා  අවුරුදු 20  කටවත්  හිරේ    යවන  ලෙසය . ඒ සඳහා විශේෂ අධිකරණයක්  පිහිටුවා ඉක්මන් කොට  නඩු අසා ආයිත් දේශපාලනයට  එන මං අහුරන  ලෙසය. 

එහෙත් ඒ  ටික  කරයිදෝ  යන්න  සැක  සහිතය. හේතුව  නම් UNP සහ ශ්‍රී ලංකා පක්ෂ දෙකේම  ඉන්නේ  ඒකෙන් මේකටත් මේකෙන් ඒකටත්  මාරු වූ නායකයන්ය. මේ  අය  නැවතත්  මෙහෙන් එහෙටත් එහෙන් මෙහෙටත්  තමන්ගේ  සාක්කුව වෙනුවෙන්  මාරුවෙනු  ඇත. තාවකාලිකව පස මිතුරු වුවද  ඔවුන් අතර ඩීල්  තිබිය  හැක. එබැවින්  විස්වාශය තැබිය  යුත්තේ මේ  පක්ෂ දෙකේ  නායකයන්ගේ  කතන්දර  මත නොව සිවිල්  ජනයාගේ බලපෑම්   මතය. එබැවින් පුරවැසියන්ගේ  වගකීම  වන්නේ තමන්ගේ  සංවිධාන  දෙවුන්දර තුඩුවේ  සිට  පේදුරු තුඩුව  දක්වාම  ගොඩ  නගා  "දුන් පොරොන්දු ඉටුකරනු! "  කියා කෑ ගසා  කීමය.

 

සිවිල්  ජනයාගේ සංවිධාන ශක්තිමත්  කිරීම අවශ්‍ය  වන්නේ ඒ  නිසාමය .

Comments

77 ජේ ආර් ටිප් ටොප් වැඩ ගාණනාවක් කළා, රජයේ ආයකන වල පැල් බැඳගෙන වුන් එවුන් වන්නියට එළවා දෑමීමත්, ස්ට්‍රයික් කරපු වුන් රොත්ත බුරුත්ත පිටින් ගෙදර යැවීමත් ටිප්ම ටොප්ය, වන්නියේ අටපාස් මොට්ටරාලලා අරක්ගෙන හිටි ඉස්කොල වලට ගුරුවරු ලැබිලා ළමයි කැම්පස් යන්න පටන්ගත්තේ ඉන් පස්සෙයි. හැබැයි ඉතින් උන් (අපි) තොග පිටින් කැම්පස් ගියා කියල වන්නියට වුන සෙතක් නම් නැත්, වුනේ අටපාස් වෙනුවට උපාධි ඇති මොට්ටරාලලාගෙන් ඉස්කොල පිරිීයාමත්, පුංචි මිනිස්සුන්ගේ රීරිමාසේ හුරංකන ඉංග්‍රීසිවලට බය ගොඩේ පෙරකදෝරුවෝ බිහිවීමත් විතරක්ය, ලිව්වේ අපේ ගම ගැනයි.
DE said…
// මහබැංකු බැදුම්කර සිද්ධියේදී වංචාවක් සිදු වී ඇතැයි පිළිගන්නට මුලදී මගේ හිත නොදුන්නත් දැන් නම් පෙනෙන්නේ මේ මහා වංචාව පිටුපස UNP ලොක්කන් සිටින බවය
. //

your cock is exposed mate!

:D
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාර පිරිසිඳුයි නේ.... ඔය ඔක්කෝම හොරකම් පරාදයි සිරිසේනත් හිටපු රාජපක්ෂ ආන්ඩුවෙන් කරපු දේවල් වලට...
Manoj said…
උනුත් හොරු -මුනුත් හොරු කියලා සද්ද නැතුව හිටියොත් යසට හිටි.
තනි අරගලවලට වඩා සිවිල් ජනතාව සංවිධානය වෙලා කරන අරගල තුලින් හොඳ බලපෑමක් කරන්න පුළුවන්.මේ ආණ්ඩුව බලයට ගෙන එන්න එවැනි සිවිල් සංවිධාන විශාල කාර්යභාරයක් කෙරුවා.ඒ සිවිල් සංවිධාන කාර්ය එතනින් නිමවී නොතිබීම අගය කලයුත්තක්.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා