Skip to main content

විජේවීරගේ ආණ්ඩුවක් ආවානම් හොඳය.

 

 

දවස  මතක  නැත. එහෙත් අවුරුද්ද  ක්‍රිස්තු වර්ෂ  1989 යි වෙලාව  දහවල් දෙකට  විතර  ඇත.. හමුදා ජීප් රථයක්  පැමිණ අපගේ  හන්දියේ  නැවත්තුවේය. හමුදා භටය න්  කීප දෙනෙකු තුවක්කු අමෝරාගෙන  එලියට  පැන  වට  පිට  සෝදිසියෙන් බැලු  නමුත් සැක  සහිත  දෙයක් ඇස ගැටුනේ නැත. ඔවුන්ගේ හිත  තරමක් සැහැල්ලු  වුනා  විය  හැක.ජීවිතයට  තර්ජනයක්  නැති  බැවින් පාර  අයිනේ  තිබු  ගසකින්  කුරුම්බා  බොමු යි එක්  භටයෙකු  යෝජනා  කළේය. ගස්  නගින්නේ  කවුදැයි ඇසු  කෙනෙක්  නැත. කුරුම්බා වල්ලක් දෙසට තුවක්කුව  මෑණු  භටයෙකු  කොකා ගැස්සුවේය. කුරුබ්බා  ගෙඩි  හත  අටක් කඩා වැටුණු  අතර ඒවා අහුලා  ජීප්  රියට දාගත්  ඔවුහු යන්නට  ගියහ.


*     *      *     *      *     *      *       *     *     *      *     *      *    *     *      *      *      *         *       *

දින  මතක  නැත .අවුරුද්ද 2007 ය.  ප්‍රදේශය  පුදුකුඩුඅරිප්පුවය  .සටනකට  ගිය යුධ  භටයෝ සටන  නිම කොට  ආපසු එමින් සිටියහ .ඉතිරිවී තිබුණු උණ්ඩ සහ බෝම්බ වෙහෙස   නිසා  ඔසොවා  ගෙන ඒමට බැරි  තරමට  බරය.  ප්‍රශ්නයට  විසඳුමක් සොයා  ගත්හ. පාලු  ලිං පතුලට ඒවා  හලනු  ලැබිණ.

*   *     *    *     *     *      *         *        *        *        *       *        *       *       *        *         *       *      *

මගේ  මිත්‍රයෙකු  පසු  ගියදා  පාසලකට  ගියේ  විදුහල්පතිගේ   ඉල්ලීමට  අනුවය.  කාර්යාලයේ තැන  තැන  පරිගණක  දහයක්  පමණ විසිකර  දමා  තිබිණ. ඒ  ගැන  මගේ  මිතුරා විමසු  විට  විදුහල්පති  කීවේ  ඒවා  අබලන් වී තිබෙන බවය. පරිගණක ශිල්පය  ඉගැන්වීමට  උපාධි ධාරි  ගුරුවරියක්  සිටින  අතර ඇය දැන් උගන්වන්නේ  ලැප්ටොප් එකක්  මගිනි.  විසිකර තිබු  පරිගණකයක්  පරීක්ෂා  කර  බැලු මගේ  මිතුරා විනාඩි 10ක්  තුලදී එය  යථා  තත්වයට  පත්  කළේය. පරි  ගණක  ගුරුවරියගෙන්  විමසු විට  ඇය  කිවේ  කැඩුණු ඒවා  හදන්නට  ඇය  නොදන්නා  බවය.

*    *      *       *      *    *      *        *       *       *         *        *         *          *         *        *        *

 රජයේ  සේවයේ  යෙදී  සිටින කාලයේ  මා සේවය  කළ  අධ්‍යාපන  කලාපයේ  ගුරුවරුන්ට  සහ  සිසුන්ට  ප්‍රයෝජන  ගැනීම  සඳහා   ඉංග්‍රීසි  භාෂා   මධ්‍යස්ථානයක්  ආරම්භ  කළෙමි .දම්රෝ  ආයතනයෙන් මනස්කාන්ත  මේස  සහ  පුටුද ලේක් හවුස් පොත්  හලෙන්  ඉංග්‍රීසි  පොත් දහස්  ගණනක්ද , පරිගණක කීපයක්ද  චායා  පිටපත්  යන්ත්‍රයක්ද  තවත්  ඉගැනුම් උපකරණ  ගණනාවක්ද  මිල  දී ගනු  ලැබිණ . වසර  තුන  හතරක්  එම සම්පත් යොදාගනිමින්   ගුරුවරුන්ගේද , සිසුන්ගේද ප්‍රයෝජනය සඳහා  වැඩ  සටහන් රැසක්  ක්‍රියාත්මක  කරනු  ලැබිණ.

මෑතකදී එහි  ක්‍රියාකාරිත්වය   පිළිබඳව  සොයා  බැලු  විට  දෑන  ගන්නට  ලැබුනේ  එහි  සම්පත් වර්ෂාවෙන්ද  මීයන්ගෙන්ද  විනාශ  වෙමින් පවතින  බවය.

*        *         *          *           *           *          *            *            *            *          *          *          *    

ස්ථානය  කළුතර දිස්ත්රික්කයේ  ප්‍රාදේශීය  කාර්යාලයකි. දිනයක් අවුරුද්දක් සඳහන් කළ යුතු  නැත.හේතුව  නිරන්තරයෙන් මේ සිද්ධීන් දැකිය  හැකි  නිසාය. උදේ  සහ දිවා  ආහාර  ගත් පසු  කාර්යාලයේ  නෝනලා  සහ  මහත්තරු  අත  පිස  දමන්නේ  අලුත්  හාෆ් ශීට් කොලවලය. ඒවා නොමැති වූ  විට අලුත්  චායා   පිටපත් කොළ භාවිතා  කරති . තේ  වෙලාවට ගෙනෙන වඩේ, රෝල්  ආදී දෑ  වාඩි  කරවන්නේ   අලුත්  හාෆ්  ශීට් කොළ  මතය .ඇතැම් දිනක සිකුරාදා සිට සඳුදා වන තුරුම  විදුලි පංකා කර කැවේ.  විදුලි  ලාම්පු ද  එසේමය.පරිගණක , චායා  පිටපත්  යන්තර නොකඩවා දින  ගණන්  විදුලිය  සහ සම්බන්ද කර  තිබේ. අකුණු  ගසා විනාශ වුවත් වග කීම  බාර ගන්නට  කෙනෙක්  නැත.

*            *              *                   *                   *                   *                    *                 *                 *

දින කීපයකට  පෙර කෝප් කමිටුවේ  කට්ටිය  කැලණියේ  තිබෙන  අවුෂධ ගබඩාවක්  බැලීමට  ගියහ. කල්  ඉකුත් වූ සහ  කල් ඉකුත් වීමට ආසන්න අවුෂධ   අති   විශාල  ප්‍රමාණයක් එහි  තිබිණ. කෝප්  කමිටුවට  අනුව ඒවායේ   වටිනාකම රුපියල්  කෝටි  100  කට  අධිකය.  රාජිතද  කීවේ විනාශ  කිරීමට  තිබෙන  බෙහෙත් තබන්නේ එම  ගබඩාවේ  බවය.

*            *                 *             *            *              *               *             *                 *                    *

යුද්ධ  කාලයේ  ගෙන්වූ  අවි  ආයුධ සහ  උණ්ඩ  වසර  ගණනාවක් තිස්සේ  වැඩක්  නොගෙන  පල් වෙමින්  තිබෙන අතර  ඒවායින් විශාල ප්‍රමාණයක්  මිලදී  ගනු  ලැබුවේ  චීනයේ නොරින්කෝ සමාගමෙන් ය.ගබඩා  වල පල්වන එම  අවි සහ උණ්ඩ  ආපසු  නොරින්කෝ  සමාගමට  විකිණීම  සඳහා  ඇමති  මණ්ඩලය අනුමැතිය  ඉකුත් අප්‍රියෙල්  මාසයේ  දුන්  නමුත් ඒවා  ආපසු මිලදී  ගැනීමට එම  සමගම අකමැති  බව ස්ථිර  නොකළ  ආරංචි  මාර්ග වලින්  දැන  ගන්නට   තිබේ.. එයට  හේ තුව  වී  තිබෙන්නේ අනාරක්ෂිත  ලෙස ඒවා ගබඩා  කිරීම බව  කියවේ. මේවායේ  වටිනාකම  හෙළිවී  නැතත් කෝටි සිය  දහස්  ගණනක්  බවට අනුමාන  කිරීම  අසාධාරණ  නැත. 

 ගින්නට   බිලිවූ  කොස්ගම  ශාලාව  කඳවුරේ අවි  ආයුධ වල  වටිනාකම   කොපමණදැයි අපි දන්නේ  නැත. කෙසේ  වෙතත් පැය 36  කට අධික  කාලයක්  තිස්සේ  පුපුරන්නට දේවල් එහි  තිබිණ.ඒවායේ  වටිනාකම  කෝටි  දෙතුන්  සිය  ගානක් විය  යුතු  යැයි  හිතා ගත්තට වැරද්දක්  නැත.

*            *              *                 *                    *                   *                 *                   *                  *

ඔය  මා   ලිව්වේ  රාජ්‍ය  සේවයේ  ස්ථාන  කීපයක   පමණක්  සේවය  කරන  නෝනලා  සහ  මහත්තුරු  අපගේ සල්ලි  මකර  කටට යවන හැටිය. එය ඔය  කිව්  ස්ථානවලට  පමණක්  සීමා  නොවන  බව අමුතුවෙන්  ඇඟිල්ලෙන් ඇන කියන්නට  ඕනැ  නැත  පාසල් 10000ක් ,රජයේ  කාර්යාල ඊටත් වැඩියෙන්ද   රට පුරා විසිරී තිබේ. ඔවායින් 50 % ක රජයේ  දේපොළ විනාශ  කරමින්   සහ විනාශ  වෙමින්  පවතින බවට අනුමාන කිරීම සාධාරණය.   ජනාධිපති  කාර්යාලයට වසර කීපයකට  පෙර   මිලදී  ගත්  වාහන අව්වට  වැස්සට  තෙමෙමින් දිරා පත් වන   හැටි පෙන්වන  චායාරුපද  පසු  ගිය  කාලයේ    පළවිය. නැව් නොඑන වාරයක්ද   ගුවන්  යාන  නොඑන  ගුවන් තොටුපලක්ද   හදන්නට  කෝටි  දස  දහස්  ගණනක්   නාස්ති  කළ   රටක   කාර්යාල  සේවකයෝ  හාෆ්  ශීට් එකෙන් අත  පිසදා  ගැනීම මොන  කෙන් ගෙඩියක්  දැයි ඇතැමෙකුට  සිතෙන්නට  පුළුවන. එහෙත්  එම  ස්ථානවල එදා සිට අදත් එමෙන්ම  ඉදිරියටත් නාස්ති   කරන්නේ ආණ්ඩු  අපෙන්  හුරා  කන සල්ලිය. එය  සුළු පටු කොට  සැලකිය  නොහැක.

 ඉවරයක් නැති මේ විනාසය දකින  විට  හිතෙන්නේ  ප්‍රභාකරන්ගේ  හෝ විජේවීරගේ  ආණ්ඩුවක්   ආවා   නම්  හොඳ  කියාය.

එසේ  වූවා නම් රටේ ධනය විනාශ  කරන රාජ්‍ය සේවකයන්  කාර්යාලවලින් එලියට ගෙන තාප්ප වලට තබා වෙඩි  තබනවාට  සැකයක්  නැත. 

මහින්දලා  නම්  කෙසේ හෝ ශේප්  එකක් දමා  ගැනීමට  ඉඩ  තිබේ .  එසේ  බැරි  වුවහොත්  උගන්ඩාවට  යාමට  වත්  පොටක්  පාදා  ගනු  ඇත.

Comments

ඔහේට ඔල්මාදෙ, හාෆ්ශීට් වල අත පිහිදාන්නේත් ජේවීපී කාරයෝම තමයි. ජේවීපී කාරයෝ ආවනම් ඉස්සෙල්ලම මරන්නේ ඔහෙලව ඊළඟට අපිව, ඉතුරුවෙන්නේ හාෆ්ශීට් වලින් අතපිහිදාපුවුන් විතරයි.
Transylvania said…
රාජ්‍ය සේවයේ නාස්තිය උපරිමයි. දේශපාලකයා මෙන්ම රජ්‍ය සේවකයන් බහුතරයද දූෂිතය
Unknown said…
Wijewira socalism man but he litle racism too. Now anurakumara good. He gooder than Wijewira.
Ajith said…
ඉතා වැදගත් අදහස් දැක්වීමකි. මේ ගැන පසුව සවිස්තරව ලියමි.
Nimal said…
අපේ අමත්යන්සයේ දෙපාර්තමේන්තුවේ මිලදීගැනීමේ ලිපිකරුවෙක් සිටියේය. ඔහු වසර පුරාම කරන්නේ මිලදී ගැනීමය.
Manoj said…
මේ නාස්ති වෙන්නේ අපේම සල්ලි කියලා ඔය තැනවල වැඩ කරන උන් තේරුම් ගන්නකම් ඔව්වා ඔහොම තමයි.මේ වගේ නාස්තිකාර වියදම් වලට ඒ ඒ ආයතන ප්‍රධානින් වගකීම දරන්න ඕනේ නැතිද?
kumara said…
ආන්ඩුවේ කන්තෝරු වල ඉන්න වැඩි හරියක් දෙනා හිතාගෙන ඉන්නේ ඔය නාස්තිවෙන දේවල් ඒ අයගේ නෙමයි කියලයි.ලංකාවට වෙලා තියන ලොකුම වින්නැහිය ඔය රජයේ සේවය.ඕකට ගියහම වැඩ නොකලත් පඩිය හම්බ වෙනවා.ඒ වගේම පෙන්ශන් එකත් ලැබෙනවා.ඉතින් මොන මගුලටද වැඩ කරන්නේ. ලංකාවේ රජයේසේවකයන්ට වැඩකරන්න ටාගට් එකක් දෙන්නඕනෑ. පිටරටවලත් ඔය පබ්ලික් සර්විස් එකේ අයට එහෙම ටාගට් තියනවා. දවසක් තුල කරපු දේවල් රෙකෝඩ් එකක් දෙන්න ඕනෑ.එහෙම නොකර ඉන්න බෑ. ඒ වගේ ක්‍රමයක් ලංකාවෙත් කලොත් ගොඩ.ඔය ඒ මහත්තය අද නෑ වෙන දවසක එන්න වගේ උත්තර දෙන්න බෑ එතකොට.
Cyril said…
බුලත් පයියට හෙන ගැහුවට පස්සෙ හුණු කිල්ලෝටය ගැන කථාකර පලක් නැත.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා