Skip to main content

බුද්ධ පුත්තරයන්ගේ යුද්ධය

බුදුහාමුදුරුවෝ දේශනා  කළේ ප්‍රාණඝාතයෙන් වළකින්නටය. මිනිහෙක් නොව   කොඳුරුවෙක් මැරුවත් පාපයකි. බණ  පොතට  අනුව නම් මිනීමරුවෙකුට යලිත් මනුස්සයෙක් වී උපදින්නට තවත්  කල්ප  ගානක් බලා  සිටිය  යුතුය. මිනිස්බව  ලබා   උපදින්නට  බොහෝ පින් තිබිය යුතු  බව හාමුදුරුවරු  බණට  කියති. උපමාවට  කියන්නේ  විය සිදුරෙන් කණ කැස්බැවෙකුට  අහස  දකින්නට දුෂ්කර තරමටම  මිනිස් බව ලබා  උපදින්නට දුෂ්කරය කියාය.


  භික්ෂුවක් විසින් ගසක  අත්තක්  කැඩීමත් ඇවතක් ලෙස දෙසු  බුදුන් වහන්සේ යුද්ධයේදී මිනී  මැරුවාට  පව් සිද්ධ  වන්නේ  නැත  කියා   කිව්  බවක්  නම් දැන  ගන්නට නැත. උන්වහන්සේ ධර්මය  පදනම් වී තිබෙන්නේ අවිහිංසාව  මතය. එහෙත් ප්‍රාණඝාත කිරීමට අණදුන් අය වීරයන් සේ අපේ රටේ  බුද්ධ පුත්තරයෝ සලකති. මේ වෙසක් මාසයේ  18 ට  දිනට යෙදෙන  ප්‍රාණඝාත කිරීමේ   සංවත්සරය  දිනය  සැමරිය යුතු යැයි මුරුත්තෙට්ටුවේ  බුද්ධ පුත්තරයාද  ඇතුළු පුත්තරයෝ කියති   ආණ්ඩුව එය සැමරීමට  කටයුතු  නොකිරීම  ගැන දොස්  පවරති.


එයට  හේතුව  නම් අපේ රටේ  නිර්මල  ථෙරවාද  බුද්ධාගම තිබෙන නිසා වෙන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ  නම් අසරණයන්ට පිහිට වුහ. සුනීතට, සෝපාකට , පටාචාරාවට මහත් කරුණාවෙන් සැලකුහ. එහෙත් අපේ බුද්ධ පුත්තරයෝ  නම් එසේ  කරන අවස්ථා නම්  ඉතා විරලය.සුනීතල  සෝපාකලා පටාචාරලා  ලක්ෂයක් හමාරක් 27 අවුරුදු යුද්ධයේ  ප්‍රතිඵල ලෙස උතුර  නැගෙනහිර දැකිය  හැක.එහෙත් ඒ පැත්තට ගොස්  ඔවුන්ට  උදව්  කළේ ඉතා අල්පයක් බුද්ධ පුත්‍රයන් පමණකි.


එයට  හේතුවත් නිර්මල ථෙරවාද  බුද්ධාගම අපේ රටේ  තිබෙන නිසා වන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ, කුල වසයෙන් මිනිස්සු බෙදීම අනුමත  කලේ  නැත. කෙනෙකු උසස්  හෝ පහත්  වන්නේ උපතින් නොව ක්‍රියාවෙන්  බව උන්වහන්සේ  කීහ. ඒ  අවුරුදු 2500 කටත් පෙරය. එහෙත් අපේ  රටේ  නම් මහන කරන්නේ කුලය  හොඳ හැටි සොයා  බලාය. සියම් නිකායේ ගොවිගම කුලයෙන් පිට එකෙකුට නම් ඉඩක් නැත. මා   සමග  විවුර්තව  කතා  බහ කරන ,අමරපුර  නිකායේ ,අනු   නිකායක,   නායක තෙර  නමක් සමග  එයට  විරුද්ධව  මා   අදහස්  දැක් වූ  විට  උන්වහන්සේ  මට  දුන් පිළිතුර  නම් "අපි  මහන  කරන්නෙත් අහවල්  කුලයේ  අය  පමණක්ය '' කියාය.හේතුව විමසු විට කිව්වේ " අපේ  පන්සල් වෙන  කුලවල  අයට අයිති වන එක  වලක්වන්නට ඕන  නිසා " කියාය.


ඒකට  හේතුවත්  අපේ  රටේ  නිර්මල   ථෙරවාද බුද්ධාගම  තිබෙන  නිසා  වෙන්න  ඕනෑය.

  චුලොධර  සහ  මහෝධර නම් නා රජවරු  දෙදෙනෙකු  සේනාවන් සමග පැමිණ මැණික් පුටුවක් අයිති  කරගැනීම  සඳහා  මහා සංග්‍රාමයකට  ලක ලෑස්තිවන විට බුදුන් වහන්සේ  ලංකාවට වැඩම  කොට යුද්ධය  යනු බිහිසුණු අපරාධයක් බව  දේසනා කොට යුද්ධය වැලක්වූ බව  බණ පොතේ  සඳහන් වේ.  ශාක්‍ය  කෝලිය යුද්ධය  නවත්වන්නට ද බුදුන් වහන්සේ  මැදිහත් වූ බව  මා අසා තිබේ. තමන් සාඛ්‍ය වංශයේ  නිසා " කෝලිය වංසයේ  එවුන්ට  කට උත්තර  නැති වෙන්නට  සබ්බුව  දීපියව් " කියා  උන්වහන්සේ  දේශනා  කරේ  නැත.අපේ රටේ 27 අවුරුදු  යුද්ධය නිසා  මහා මිනිස් සංහාරයක්  සිදුවුණු  නමුත් අපේ බුද්ධ  පුත්‍රයෝ   නම් එය වලක්වන්නට අබ මල් රේණුවක  තරම් දෙයක් වත්  කල බවක් දැනගන්නට නැත. ඒ වෙනුවට  වෙඩි තැබීමට, බෝම්බ  ගැසීමට , පිහියෙන් ඇනීමට , බෙල්ල  කැපීමට ,කාල තුවක්කු වලින් වෙඩි තැබීමට , උඩින් බෝම්බ අතැරීමට  හමුදා භටයන්ට ධයිර්ය  දීම  සඳහා   ඇතැම්  බුද්ධ  පුත්තරයෝ  යුධ බිමට වැඩියාහ.


එයට හේතුව  වන්නට  ඇත්තෙත් අපේ රටේ    නිර්මල  ථේරවාදී බුද්ධාගම තිබෙන  නිසා  වෙන්නට  ඕනෑය..

දිනක් බුදුන් වහන්සේ ආනන්ද හිමියන් සමග  කුඹුරක් පසු  කර  යමින් සිටින විට හොරුන් අතින්  කුඹුරට වැටී තිබු සල්ලි  මල්ලක් දැක " ආනන්ද ! සර්පයා දුටුවාද ?" කියා ඇසුහ.. ආනන්ද හිමියෝද " එසේය. භාග්‍යවතුන් වහන්ස " කියා  පිළිතුරු දුන් සේක.

එහෙත් අපේ  රටේ  ගිහි පින්වතුන් බුද්ධ  පුත්‍රයන්  බන කිව් පසු පිරිකර සමග සර්පයන්ද පුජා   කරති.සර්පයන් අඩුවී තිබුනොත් , පිරිකර පුංචි වුවහොත් බන කිව් බුද්ධ පුත්‍රයාගේ  මුහුණ දික්වේ. පන්සලේ  අටපිරිකර  අඩු වසයෙන් විසි  තිස්වාරයක් වත් සර්පයන් වෙනුවෙන් හුවමාරුවේ.එසේ  ලබා  ගන්නා අට පිරිකර නැවත  නැවත  පන්සලට  පුජා  කිරීමෙන්  ලැබෙන  මහත්වූ පුණ්‍ය  මහිමයේ  බලයෙන් මිය ගිය  ඥාතියාට දිව්‍ය  ලෝක  මනුස්ස  ලෝක  සැප සම්පත් හිමිවෙන  බව පන්සලේ  හාමුදුරුවෝ දේශනා  කරති.


සර්පයන් පුජා  කිරීමෙන් මහත් ඵල  මහානිසංස  ලැබෙන්නේත් ලංකාවේ  තිබෙන නිර්මල ථෙරවාද  බුද්ධාගම  නිසා වෙන්නට  ඕනෑය.

බුදුන් වහන්සේ අවුරුදු 2500 කට  පෙර  තම ශාවකයනට දේශනා  කළේ  භික්ෂුවක්  කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටිය  යුතුය  කියාය. වෙනත් වචන වලින් කියතොත් භික්ෂුවකට පාත්‍රයත් , සිවුරකුත් අඳන  කඩ  දෙකකුත් පමණක්  තිබීම  ප්‍රමාණවත්  කියාය.   දේපොළ හොරු ගනීවිදෝ කියා හිතේ  බරක් නොමැතිව , ධර්මය දේශනා  කරමින්  ගම්  නියම්ගම් වල  භික්ෂුන්ට  චාරිකා  කළ  හැක්කේ  එවිටය.එහෙත් අපේ  රටේ  ඇතැම් බුද්ධ  පුත්‍රයන්ට  නම්   ඉඩකඩම්   පමණක් නොව කාර්  බාර්ද  තිබේ. සමහරුන්ට පන්සල් තුන  හතර  අයිතිය . එපමණක් නොව පන්සල්වල  අයිතියට  සන්ඩු සරුවල්  කරගෙන අන්තිමට උසාවියටද වැඩම  කරති.




ඒකටත් හේතුව  නිර්මල ථෙරවාද  බුද්ධාගම අපේ රටේ තිබීම නිසා  වන්නට  ඕනෑය.

සසර දික් වන්නේ තණ්හාව  නිසා  බවත්  නිවන් දැකීමට නම් තණ්හාව  නැති  කළ යුතු බවත් බුදුන් වහන්සේ දේශනා  කළහ. ලංකාවේ  බුද්ධ  පුත්තරයොත් ගුවන් විදුලි  බනේදීත් , රුපවාහිනී බනේදීත්  පන්සලේ ලවුඩ්ස්පීකර බනේදීත් එයම දෙසති. තණ්හාව  නැති කිරීම සඳහා පන්සල්වලට  දානයද ,පිරිකරද, මුදල්ද  ඇතැම් විටෙක  ඉඩකඩම්ද පුජා  කරන  ලෙස ගිහියනට  අනුශාසනා  කරති. උන්වහන්සේලාගේ අනුසාසනා  හිස් මුදුනින් පිළිගන්නා  ගිහි බවුද්ධයෝ ඒ අනුව කටයුතු  කරති. සිරීපාදයට  , දළදා මැදුරට , බෙල්ලන්විලට, අනුරාධපුරයේ  අටමස්ථානයට සහ අනෙකුත් පොහොසත් පන්සල්වලට වාර්ෂිකව  කෝටි  ගණනින් මුදල් පුජා කිරීමට බවුද්ධයෝ පෙළඹෙති .  බුද්ධ පුත්තරයෝ  ඒ මුදල් බැංකුවල තැන්පත් කරති. තේ වතු ,පොල් වතු මිලදී ගනිති. හයිබ්‍රිඩ් ද ගනිති.

ඒකටත් හේතුව වෙන  කිසිවක් නොව  ලංකාවේ  නිර්මල ථෙරවාද බුද්ධාගම  තිබීම  නිසා වන්නට  ඕනැය.















Comments

Pra Jay said…
ධර්මයකට හෝ දර්ශනයකට සංස්කෘතික, ජාතික, කුල, දේශීය, ප්‍රාදේශීය, දේශපාලනික ලක්ෂණ ඇතුලත්වූ විට එය වෙනස්වේ
Anonymous said…
මමත් මෙි ගැන බුද්ධ පුත්තරයෙක් ලෙස කතා කලා නමුත් වැඩකි නෑ අපේ දිව කපන්න හදනව අපේ ඈයොම කල්ලිවාදය සාසනේ හැම තැනම.ලාබ සත්කාර මත ගිජුවො බවට පත් වෙලා...ඒ මදිවට සමාජයේ විවෘත දේශපාලනය කල යුතු භික්ෂුව පිල් බෙදිල අර පස්ස මේ පස්ස කියාගෙන ඒකෙ ඇයොන්ටත් සර් මැඩම් කියාගෙන බෝම අවලස්සන දිවියක් ගතකරන්නෙ.විලිලැජ්ජයි මක් කරන්නද අනේ මන්ද...වැඩේ කියන්නෙ ඒ සෙට් එක මැරෙද්දි තවත් සෙට් එකක් ඒ වෙනුවෙන්ම එනවනෙ
Aruna Perera said…
බුදු හාමුදුරුවනේ
දකිනු මැන මේ වනේ...
ඔබ වහන්සේගේ එඩිතර පිළිතුර මා ඉතා ඉහලින් පිලිගන්නවා. සංඝ ශාසනයේ කළු පැල්ලම් සෝදා හැරීම සඳහා ඔබ වහන්සේ වැනි භික්ෂුන් 100ක් ක් එකතු කර ගැනීමට කටයුතු කරන්න. එය කළ හැකියි. ඔබ වහන්සේ වැනි හොඳ භික්ෂුන් 100ක් 200ක් මේ රටේ සිටිනවා කියා මා විස්වාස කරනවා.
Unknown said…
There no thing to talk about monks today. Today monks no fallow buddism. Some they very raskals.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට