Skip to main content

කොටි නැගිටියිද?


                   චාවකච්චේරියේදී මරාගෙන මැරෙන  ඇඳුම්  කට්ටලය සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය  අසුවීමෙන්  අලුත් වූ ඉව පාර දිගේ  ගොස්  ගිය පොලීසිය    කොටි සංවිධානයේ හිටපු ජෙෂ්ටයන් තිදෙනෙකු වූ රාම් (හිටපු අම්පාර  නායක ), නගුලන් ( චාල්ස් ඇන්තනි බලකායේ අණදෙන  නිලධාරී), තලේරාසන් ( ත්‍රීකුණාමලයේ  බුද්ධි තොරතුරු අංශයේ  නායකයා )  අත්අඩංගුවට  ගෙන තිබේ.. 

එයට අමතරව සිවකාරන් නමැත්තෙක්  අත්අඩංගුවට  ගෙන ඇත.. ඔහු වර්තමානයේ ඉලන්ගෙය් තමිල් අරසු  පක්ෂයේ (ITKA)  තරුණ  අංශයේ නායකයාය . ITKA යනු TNA සංවිධානයේ  හවුල්කාර  පක්ෂයකි.

එඩ්වඩ් ජුලියන් නමැති හිටපු LTTE සාමාජිකයෙකු මෙයට පෙර  අත්අඩංගුවට  ගැනු ලැබු අතර ඒ චාවකච්චේරි බෝම්බ පාර්සලයට  කිසියම් සම්බන්ධකමක් තිබීම නිසාය.

LTTE සංවිධානය යළි ගොඩ ගැනීමට මොවුන් උත්සාහ කරමින් සිටින්නේ  යැයි ඇතැමුන් විස්වාස  කරන  අතර එය ඇත්තක් හෝ  බොරුවක් හෝ  විය  හැකිය. 

 ඇතැම් විටෙක තවමත් හෙළි නොවූ සමහරෙකු  යළි LTTE සංවිධානය  කිරීමට උත්සාහ  කරමින් සිටිය  හැක. එසේත් නැත්තම් වෙනත් නමකින්  සංවිධානය වෙමින් සිටිය හැක. 

එයට හේතුව යුද්ධයෙන් ආණ්ඩුව දිනුවද දෙමල මිනිසුන්ට සුවිශේෂවූ  ප්‍රශ්න ඉතිරිවී තිබීම නිසාය. ඒ ප්‍රශ්නවලට සාර්ථක විසඳුම් ලැබෙන තුරු දෙමල මිනිසුන් අතර සිටින ඇතැමෙකු අවි ආයුධ අතට  ගෙන සටන් කිරීම  හැර වෙනත් මගක් නැතැයි සිතීමට  ඉඩ තිබේ. ඉගනීමට  මුල් තැන දුන් දෙමල තරුණ  තරුණියන් ආයුධ අතට ගත්තේ  ඊට බලපෑ  බරපතල  හේතු  තිබු  නිසා යැයි අපි  පිළිගත  යුතුය. පිලි නොගන්නේ  අමුම අමු මැට්ටන් පමණි 

1971 තරුණ ජීවිත දස දහස්  ගණනක් විනාශ  කොට  ජවිපෙ යටපත්  කළද රහසිගතව  ඔවුන් යලි සංවිධානය වූ අතර 1977  දී විජේවීර නිදහස ලැබූ පසු   රටපුරා රැස්වීම් පැවැත්වුයේ  රහසින් වැඩ කොට කිසියම් පදනමක් ගොඩ  නගා  ගෙන සිටි නිසාය.1983 දී  ජවිපෙ  යලි  තහනම් කළත් රහසිගතව  වැඩ  කොට 1988 යලි  කැරැල්ලක් ගැසුහ. එම කැරැල්ලෙන් දහස් දහස්  ගණනක් මරා  දැමුවද ජවිපෙ  මරා  දැමීමට  හැකි වුයේ  නැත. එයින් කියවෙන්නේ    කිසියම් පිරිසකට  අසාධාරණයක්  දිගින් දිගට  පවතින විට තුවක්කුවෙන්  යටපත්  කළ නොහැකි බව  මිසක් වෙන  කුමක්ද?

බුදු බණෙන්  කීවොත් හේතුව   නැති  නොකොට ඵලය නැති  කළ නොහැක. නැවත  නැවත මිනිසුන් උපදින්නේ මිනිසුන් තුළ තිබෙන කෙලෙස්  නිසාය. ඉපදීම  නැවැත්විය හැක්කේ කෙලෙස්  නැති කිරීමෙනි . හේතුව කෙලෙස්ය. ඉපදීම  ඵලයය. බුදුහාමුදුරුවෝ කීවේ  එසේය. 

එහෙත් කණගාටුවට  කරුණ  නම් බුදුන්ගේ  ශ්‍රාවකයෝ  යැයි හන ගසා  ගෙන සිටින අය හේතුව නැති කිරීම වෙනුවට  ඵලය නැති  කරන්නට  කියා කෑමොරසන් දීමය. 

විග්නේශ්වරන් ෆෙඩරල් ඉල්ලන්නේ නිකම් නොවේ. දෙමල ප්‍රශ්නයට හරි  විසඳුමක් නොලැබුනොත් දෙමල කොල්ලන් කෙල්ලන් යම් දිනක  යළි අවි අතට  ගැනීමට  ඉඩ  තිබෙන බවට ඔහු විස්වාස  කරන  නිසාය.. එසේ  වුවහොත්  උතුර  නැගෙනහිර  යළි ලේ විලක් වීමට ඉඩ තිබෙන බව විග්නේශ්වරන්ලා සම්බන්ධන්ලා දනීති.

එය විනාශ  කිරීමට සිංහල හමුදාවනට හැකි විය  හැකිය. නොහැකි විය  හැකිය.  27 අවුරුද්දක් යුද්ධ කොට අන්තිමට සිදුවූ පරාජයෙන්   දෙමල  තරුණයන්ද  පාඩම් ඉගෙන ගෙන  ආයිත් නොපරදින්නට කළ යුත්තේ  කුමක්දැයි සියවරක් නොව දහස් වරක්    කල්පනා  කරනු ඇත.

අද ලෝකය 2009  තිබු ලෝකය නොවේ. එදා ISIS තිබුනේ  නැත.   ඇමරිකාව , බ්‍රිතාන්‍යය, ප්‍රංසය, රුසියාව ආදී  බලගතු  රටවල් එක්ව  සහ වෙන්ව  පහර  දුන්නද තවමත් ISIS  අවසන්  කරන්නට හැකිවී නැත.  යුරෝපය, අරාබිය  සහ  ආසියාව එක් කොට  ඉස්ලාම්  රාජ්‍යයක් ගොඩ නැගීමේ ISIS ඉලක්කය, ලොව පුරා  මුස්ලිම් මිනිසුන්  ISIS වටා එකතු  කළහැකි  ආකර්ශනීය සටන් පාඨයකි.  අනාගතයේ දවසක ISIS අපේ  රටට ඒමට  ඉඩ  නැත්තේ  නොවේ. උතුරේ අනාගත  සටන් කරුවන් සහ නැගෙනහිර ISIS සටන් කරුවන් අතර  ගිවිසුම් ඇති විය  නොහැකි  යැයි කිව  හැකිද? එවැනි    එසේ  වුවහොත්  තත්ත්වය  වඩාත්  භයානක නොවේද?. දකුණේ  යළි පෙරට වඩා බෝම්බ පිපිරවීමට ඉඩ  නැද්ද?

එබැවින් ,   සිංහලයන් කල යුත්තේ   සම්බන්දන්ලාට  විග්නේශ්වරන්ලාට  හකීමලට විරුද්ධව යුධ  ප්‍රකාශ කිරීමද ? නැතහොත් ඔවුන් සමග එකතුව අලුත්  පාරක්  කපා ගැනීමද? 



















































Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට