Skip to main content

Posts

Showing posts from April, 2016

දේශපාලක තුමාගේ මැයි දින පණිවිඩය

  විරුද්ධ පක්ෂයේ ගල්මුසල දේශපාලනඥයන්ට නම් මැයි දිනය තවත් දිනයක් පමණක් වුවාට  මට  නම් එසේ  නොවේ..  ඔබව ඔවුන්ට මතක් වන්නේ අද දිනයේ  පමණි. මා  නම් එවැනි දේශපාලකයෙකු නොවේ .මන්ද  වැඩ  කරන  ජනතාවගේ වටිනාකම   අඩුවශයෙන් අවුරුද්දකට දෙවරක් වත් මට  මතක් වෙන  නිසාය. මේ  රටේ වැඩ  කරන ජනතාවට   නම්  කිසි දිනක මා   අමතක  නොවන  බව  හොදින්ම  දනිමි. එයට  හේතුව  නම්  මමද කළකට පෙර මාසික වැටුප් ලබන සේවකයෙක්ව  සිටිමින් ඔබ සමග  අයිතිවාසිකම් දිනා   ගැනීම  සඳහා උරින් උර  ගැටෙමින් සටන් කළ  නිසාය.  මා  ඔබ සමග එඩිතරව  සටන් කිරීම  නිසා  මා   ඔබගේ   වෘත්තීය  සමිතියේ  නායකයා බවට  අවුරුදු 20 ට  පෙර පත්  කර  ගනු  ලැබීය. සමහර වෘත්තීය සමිති  නායකයන් මෙන් මා සටන් පාවා  නොදුන් බැවින් අපේ  පක්ෂයේ  සියලුම  වෘත්තීය  සමිති සහ සම්මේලනවල  නායකයා බවට  මා  තෝරා ගැනීමට අපගේ  පක්ෂයේ  නායකයා  නිර්දේශ  කළ බවත්   .  ඒ  අනුව   සියලු සාමාජිකයෝම එක  හඩින් එය  අනුමත   කර මා  තෝරා  පත්  කර ගත්  බවත් කෘතඥතා  පුර්වකව අද වැනි ශ්‍රේෂ්ට දිනයක  සිහිපත්  කිරීමට  කැමැත්තෙමි.   රට  පාලනය  කළේ  අපේ  විරුද්ධ වාදීන්  බැවින් කම්කරු  පන්ත

වරෙව්! වරෙව්! මෙහෙට වරෙව් ! කිරුලපනේ යන්න වරෙව් !

  කිරුලපනේ  මැයි රැළියට  යාමට දැන් සිටම  අමුඩේ  ගසා ගෙන සිටින අපේ  ගමේ පොරක් මා  හමුවීමට ඊයේ  ( අප්‍රේල් 29 ) පැමිණ පෙළපාලියේදී කීම සඳහා  සුපිරි සටන් පාඨ ටිකක් හදා දෙන ලෙස  මගෙන් ඉල්ලීමක් කළේය. සන්තෝසමක් ලෙස ගමේ නිෂ්පාදිත අරක්කු බෝතලයක්ද ඔහු මට ප්‍රදානය  කළේය. පැය ගානක් තටමා  අගනා සටන් පාඨ ටිකක් හදා දුන් අතර එය  කියවා බලා මුව  නොසෑහෙන සේ   ස්තුති කළ ඔහු  ආපසු  ගියේ මහත් සන්තෝෂයෙනි.. ඔබත් කිරුලපන මැයි පෙළපාලියට  යාමට බලාපොරොත්තුවන්නේ  නම් පහත දැක්වෙන සටන් පාඨ දැන් සිටීම පාඩම්  කර ගන්නා ලෙස  රෙකමදාරු  කරමි. අපි යන්නේ  කොයි පාරේ  මුකලානේ  මැද      පාරේ අප්පච්චි  යන          පාරේ  අපි යන්නේ  කොයි පාරේ  ඌරු වංස       යන පාරේ අපි යන්නේ  කොයි පාරේ  ගෙම්බන්පිල     යන පාරේ අපි යන්නේ   කොයි පාරේ   දිනෙස් මුත්ත    යන පාරේ අපි යන්නේ කොයි  පාරේ   පඛා  දේව        යන පාරේ  අපි යන්නේ  කොයි පාරේ  KPය්යා යන           පාරේ  දියව්! දියව් ! අපිට  දියව්! දාහතරේ කෙල්ලෝ දියව්! දියව් !දියව්! අපිට දියව්! කොන්ත්‍රාත්තු අපිට  දියව්! දියව් !දියව් ! අපිට  දියව්! ගසා  කන්න

කොටි නැගිටියිද?

                   චාවකච්චේරියේදී මරාගෙන මැරෙන  ඇඳුම්  කට්ටලය සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය  අසුවීමෙන්  අලුත් වූ ඉව පාර දිගේ  ගොස්  ගිය පොලීසිය    කොටි සංවිධානයේ හිටපු ජෙෂ්ටයන් තිදෙනෙකු වූ රාම් (හිටපු අම්පාර  නායක ), නගුලන් ( චාල්ස් ඇන්තනි බලකායේ අණදෙන  නිලධාරී), තලේරාසන් ( ත්‍රීකුණාමලයේ  බුද්ධි තොරතුරු අංශයේ  නායකයා )  අත්අඩංගුවට  ගෙන තිබේ..  එයට අමතරව සිවකාරන් නමැත්තෙක්  අත්අඩංගුවට  ගෙන ඇත.. ඔහු වර්තමානයේ ඉලන්ගෙය් තමිල් අරසු  පක්ෂයේ (ITKA)  තරුණ  අංශයේ නායකයාය . ITKA යනු TNA සංවිධානයේ  හවුල්කාර  පක්ෂයකි. එඩ්වඩ් ජුලියන් නමැති හිටපු LTTE සාමාජිකයෙකු මෙයට පෙර  අත්අඩංගුවට  ගැනු ලැබු අතර ඒ චාවකච්චේරි බෝම්බ පාර්සලයට  කිසියම් සම්බන්ධකමක් තිබීම නිසාය. LTTE සංවිධානය යළි ගොඩ ගැනීමට මොවුන් උත්සාහ කරමින් සිටින්නේ  යැයි ඇතැමුන් විස්වාස  කරන  අතර එය ඇත්තක් හෝ  බොරුවක් හෝ  විය  හැකිය.   ඇතැම් විටෙක තවමත් හෙළි නොවූ සමහරෙකු  යළි LTTE සංවිධානය  කිරීමට උත්සාහ  කරමින් සිටිය  හැක. එසේත් නැත්තම් වෙනත් නමකින්  සංවිධානය වෙමින් සිටිය හැක.  එයට හේතුව යුද්ධයෙන් ආණ්ඩුව දිනුවද දෙමල මිනිසුන්ට සුවිශේෂවූ

රුපියලකින් කැරැල්ලක් ගැසුවෙමි.

ඉස්සර  මැයි දිනයේ  මම ගෙදර  හිටියොත් ගමේ  අයට ප්‍රශ්නයකි. කොතැනට  ගියත් අසන්නේ "පෙළපාලි ගියේ  නැද්ද ?" කියාය.  මම පළමු වරට  මැයි දින  පෙළපාලියක් බලන්නට  ගියේ 1970 ය. පුංචි බොරැල්ලට  ගොස් සමගි පෙරමුණේ  පෙළපාලිය එන තුරු බලා  සිටියෙමි. සමගි පෙරමුණ සැදී තිබුනේ ශ්‍රී.ලනිපය සමසමාජ සහ කොමියුනිස්ට් යන පක්ෂ තුනෙනි. පෙළපාලිය එන්නට තිබුනේ බොරැල්ලේ සිටය. යන්නේ  මරදාන  පැත්තටය. හිටිහැටියේම  ඇස් වාට්ටුව පැත්තේ සිට    පුංචි බොරැල්ලට වැටී තිබෙන  පාර දිගේ කාර්පෙළක් ඇවිත් පුංචි බොරැල්ලෙන් මරදාන  පැත්තට හැරෙව්වේය. සමගි පෙරමුණේ  පෙළපාලිය  එන තුරු බලා  සිටි මහා සෙනග මහා හය්යෙන් හු  කියන්නට පටන් ගත්හ. හු කියන්නේ  ඇයිදැයි  විමසු විට ළඟ  සිටි කෙනෙකුගෙන් විමසු විට  ඔහු කීවේ ඒ   ගිය  කාර් පෙලේ හිටියේ  JR ජයවර්දන කියාය. ඔහු ගියේ  UNP පෙළපාලිය අරඹන සුගතදාස ස්ටේඩියම් දෙසටය. ටික වෙලාවකින්  පෙළපාලිය පුංචි බොරැල්ලට  ආවේය. ඉදිරියෙන් ගමන් කලේ  අනුර බන්ඩාරනායකය. එකල ඔහු ඉතා කඩවසම්  තරුණයෙකි.  අත් ඔසොවා සටන් පාට කියමින්  යන  අනුර දෙස  කවුරුත් බලා සිටියේ  ලංකාවේ අනගත අගමැති වෙන්නේ මේ  තරුණය  නොවේද  

මෛත්‍රීගේ කරුණාව සහ රජතුමාගේ වෛරය. .

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කැඩී හමාරය. මේ සම්බන්ධයෙන්  යු. එන්. පී. කාරයන් නම් සිටින්නේ අමානන්දයෙන්ය. එහෙත් එය පෙන්නන්නේ  නැත්තේ මෛත්‍රීගේ  හිත  නරක් කරන්නට  බැරි  නිසාය.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  කැඩීමට ඒ  කාලයේ උවමනාව තිබුනේ  එක්සත්  ජාතික  පක්ෂයටය. බණ්ඩාරනායක මැතිනියගේ  ප්‍රජා අයිතීන් අහෝසි  කිරීමට  JR පියවර  ගත්තේද ඒ නිසාය. . රෝහණ විජේවීර  මහතාටද ඒ  උවමනාවම     තිබුණි. 'ගමනක අවසානය ' නමින් දේශනා  මාලාවක් 1977 හිරෙන් එලියට  පැමිණි  විජේවීර  මහතා රට පුරා තබාගෙන  ගියේද  ඒ  නිසාය. අනිත්  කාරණාව  නම් බණ්ඩාරනායක මහත්මියගේ  ආණ්ඩුව 71  කැරැල්ල  සමතලා  කිරීම  නිසා  ශ්‍රීලනිපය කෙරෙහි විජේවීර  තුළ තිබු දැඩි  කෝපයයි.  එමෙන්ම  ශ්‍රීලනිපය  කැඩුනොත් තමන්ට ලොකු පක්ෂයක් බවට  පත්වීම  පහසු වනු ඇතැයි ඔහු  සිතීමයි. කෙසේ වෙතත්  ශ්‍රී ලංකා  නිදහස් පක්ෂයට  77 සිට 94 දක්වාම සිටින්නට වුයේ විපක්ෂයේය. ඒ  කාලය තුල පක්ෂය කලි කීපයකට කැඩී ගියත්  ජවිපෙට ලොකු  පක්ෂයක් බවට  පත්වන්නට  නොහැකි විය.චන්ද්‍රිකා බණ්ඩාරනායක  මහත්මිය  රාජපක්ෂගේ  බලාපොරොත්තු  කඩමින් පක්ෂය ගොඩ  ගන්නට වැඩ  කිරීම  මහ

විග්නේශ්වරන්ගේ බෝම්බය

කොරියන් කෙල්ලෝ දෙන්නා සහ ලාංකික  තරුණයා  ඊය්යේ  පෙරේද  මට ලස්සන කොරියන් කෙල්ලන් දෙන්නෙක්ද  ඔවුන් දෙදෙනා සමග ගමන් බිමන් යන   හැඩ වැඩ   ලාංකික  තරුණයෙක්ද මට හමු විය. ලාංකිකයා දකුණු කොරියාවේ අවුරුදු  ගණනක් රැකියාවක්  කොට  ආපසු  පැමිණි අයෙකි. 'කොහොමද එහෙ තත්ත්වය? උතුර කොරියාවයි දකුණු කොරියාවයි ගහගනිවිද?"  තේ  කෝප්පයක් බොන  ගමන්   තරුණයාගේ  ඇසීමි. " මොන පිස්සුද සර්!  කිම් ජොන් උන් දකුණු කොරියාවට  යුධ  තර්ජන කරන හැම විටෙකම දකුණු  කොරියාවේ  මිනිස්සු බය වෙනවා වෙනුවට  හිනාවෙනව.  ඔය මිනිහට  සල්ලි ටිකක් ඕන වෙලා" කියල තමයි දකුණු  කොරියාවේ මිනිස්සු  කියන්නේ " . . එහි  ඇත්තක්ද  තිබිය  හැකය. දකුණු කොරියාවේ  මිනිස්සුන්ට  හොරෙන්  එහි ආණ්ඩුව  උතුරු කොරියාවට   සල්ලි ගෝනි  තුන  හතරක්  බය කරන  කරන  පාරට  දෙනවා විය  හැක. මන්ද   රටරටවල ආණ්ඩු  තමන්ගේ  පුරවැසියනට හොරෙන්  කරන දේවල් ඕනෑ තරම් තිබේ.  අපේ  රටෙන්ම උදා හරණයක් දෙකක් කීවොත්  ප්‍රේමදාස ආණ්ඩුව  LTTE ට  රහසිගතව  ආයුධ  දීම  සහ   කළ ගුණ සැලකීමක් ලෙස මහින්ද විසින්   RADA නම් ආයතනයක් අටවා   ඒ හරහා  LTTE ට   මුදල් දී

ටයි කෝට් වෘත්තීය සමිති ලොක්කා

  කිරුළපනට ලක්ෂ දෙකක් කම්කරුවන් ගෙනෙන බව පියදාස ඊයේ  කිව්වේය.පියදාසලා වැහි වැහැලා ඉන්න  ලංකාවේ ලක්ෂ දෙකක් අරන් එන  පියදාස කවුදැයි ඔබ  හතර අතේ  කල්පනා කරනවා  නිසැකය. මා  මේ  කියන්නේ අද  පත්තරේක  පළවූ පියදාස කෙනෙක් ගැනය. ඔබට  තාමත්  නිච්චි නැතිව ඇති. මේ  කියන පියදාස  ඊයේ  පුවත්පත් සාකච්චාවක් පවත්වමින්  කිරුලපොන මැයි රැලියට  ලක්ෂ දෙකක් කම්කරුවන් ඒමට නියමිත   බවත් එයින් ලක්ෂයක් ගෙනෙන්නේ තමන් නායකත්වය  දරන රාජ්‍ය සේවා වුර්තීය සමිති සම්මේලනයෙන් බවත් කියා තිබුණි. එහෙත් මු   මොකාදැයි ඔබ නොදැනීම  පුදුමයක් නොවේ. මන්ද මොහුගේ  නම හෝ ඔහුගේ වුර්තීය සමිතිය  හෝ ඔහු මෙහෙයවූ    සටනක් ගැන ගතවූ අවුරුදු දුසිම තුලදී  ලංකාවේ  මිනිස්සුන්ට  නම්  අසන්නට  නොලැබුණු නිසාය. අඩු වශයෙන් පත්තරෙක  ඇතුළු  පිටුවක මුල්ලකවත් කරපු සටනක් ගැන නොව  කරන්නට  යෝජනා  කළ සටනක වාර්තාවක්  වත්  2005 න් පසු දක්නට  ලැබුනේ  නැත. රාජපක්ෂ හමුවීමට පාර්ලිමේන්තුවට  මේ  පුද්ගලයා ඉස්සර    ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ ටොප් පොරකි.එම පක්ෂයේ  මධ්‍යම  කාරක සභාවේද  එමෙන්ම  පක්ෂයේ  ලේකම් මණ්ඩලයේද   සාමාජිකයෙක් ලෙස සැලකිය යුතු කාලයක්

හිතට වැදුණු චිත්තර පටියක්

මට පුතුන් දෙදෙනෙකු සිටින  අතර ඔවුන් දෙදෙනාටම මා ආසා  කරන   එක් විෂයක් තදින්ම  පිහිටා  තිබේ. එය  නම් දෙවන  ලෝක  යුද්ධය ගැන ගැන ඉගනීමට ඔවුන්ට  තිබෙන  දැඩි රුචියයි. එක් දිනක් ලොකු පුතා ගෙදරට ආවේ හිට්ලර්ගේ  අවසාන  දින 12 ගැන අකුරටම පෙන්නන  චිත්‍රපටයක් රැගෙනය.  පුළුල්   පර්යේෂණයකින් පසු ජර්මනියේ නිපදවන ලද මෙය චිත්‍රපටය , Downfall නමින්  ඉංග්‍රීසි  බසට  හරවා තිබේ. හිට්ලර්ගේ  අවසන් දවස්  පිළිබඳව ලොව   නිෂ්පාදනය  කරන   ලද හොඳම   චිත්‍රපටය මෙය  බව ලොව පුරා  ච්ත්‍රපට විචාරකයන් පිළිගෙන  තිබේ. හිට්ලර්ගේ  ජීවිතයේ අවසන් දින 12 සෑම අවස්ථාවකම ඉතා නිවැරදි ලෙස දැක්වෙන  පරිදි මෙය  නිපදවා තිබේ. චිත්‍රපටය ඇරඹෙන්නේ  හිට්ලර්ගේ  උච්චතම සමය වූ 1943 අවුරුද්දේ  එක්තරා  දිනක  හිට්ලර් විසින්  ලේකම් වරියක් තොර ගැනීම සඳහා  පවත්වෙන සම්මුඛ පරීක්ෂයකින්ය. ට්‍රෝඩ්ල් ජන්ග් ( Traudl Junge ) නමැති රූමත් තරුණිය ඒ සඳහා තෝරා ගන්නා  ලබනු අතර  ඇය හිට්ලර් දිවි නසා ගන්නා   තෙක්ම ඔහුට සේවය  කරන්නීය. ඉන්පසු  චිත්‍රපටියේ දැක්වෙන්නේ  1945 වසරේ  හිට්ලර්ගේ  අවසාන  දින 12 තුලදී ඔහු  බර්ලිනයේ බංකරයක් තුළ සිට කරන කියන දේවල්ය .

මා ආදරය කළ නිළිය

එකල චිත්‍රපටියක් බලන්නට සිනමා  ශාලාවකටම  යා  යුතුය. රුපවානිනිය පැමිණ තිබුනේද  නැත. සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටි නැරඹීම තරුණයන්ගේ  ප්‍රධාන  විනෝදාංශයක් විය. ගැලරි ටිකට්ටුවක් ශත 55ක් වූ අතර දෙවන පන්තියේ  ප්‍රවේශ පත්‍රයක් රුපියලකුත් ශත  දහයක් විය. බොහෝ විට ශත  55 ක් ගෙවා  දෙවන  පන්තියේ  භාග ටිකට්ටුවක් මිලදී ගෙන චිත්‍රපටි නැරඹීම මගේ  සිරිත විය. ' හන්තානේ  කතාව ' මා නැරඹුවේ නොමිලේය. පේරාදෙණිය සරසවියට  ගිය විටෙක මගේ  මිත්‍රයෙකු   නුවර  සිනමා  හලකට  මා   හැන්දෑවේ එක්කරගෙන ගොස් 'හන්තානේ  කතාව ' මට පෙන්නුවේය. 'හන්තානේ  කතාව ' සරසවි ජීවිතය පාදක  කරගෙන  ගෙතු අගනා  චිත්‍රපටයකි. එම චිත්‍රපටිය නැරඹීමෙන් ලද  ආශ්වාදය අදත් මගේ  සිතෙන් ගිලිහී නැත. එහි රඟ පැ ස්වර්ණා මල්ලවාරච්චි , විමල් කුමාර් කොස්තා ,සහ  අමරසිරි කළන්සුරිය කෙරෙහි මා   සිත  තුළ  ඇති වුයේ  දැඩි ඇල්මකි. විජය  කුමාරතුංග සහ  ටෝනි රණසිංහ එහි රඟ පෑ නමුත් ඔවුන් දෙදෙනා ගැන ඒ  අවස්ථාවේදී මගේ  සිත  ගියේ  නැත. එම  චිත්‍රපටය  මා  නැරඹුවේ  එක  වතාවක් වුවත් එහි ඇතැම් දර්ශන තවත් මා සිත  තුළ තැන්පත්ව  පවතී.  ප්‍රතිවි

නැන්දම්මා

දඬුවම... දවසක් දා එක මිනිහෙක් - සිය බිරිඳයි නැන්දම්මයි සමග ට්‍රිප් එකක් යන්නට - එළියට බැස්සා ඒ ට්‍රිප් එක හරි අමුතුයි - බෝට්ටුවෙන් යා යුතු වෙයි නවමු අත්දැකීමකි ඒ - හැමටම ලැබෙනා ඒත් කරුමයක් පළදී - කවුරුවත්ම නැති තැනකදි බෝට්ටුවේ ඇන්ජිම - නැවතී ලෙඩ දුන්නා අමාරුවෙන් හබල් ගසා - එහා ඉවුරෙ ගොඩ බැහැලා රට ඇතුළට කැලේ මැදින් - තිදෙනා යන්නා අහෝ දෛවයේ සරදම - මේ තිදෙනා වට කොරාන ගෝත්‍රිකයො රැළක්  - සැනින් කඩාන පැන්නා තොපි මොකදැයි මෙහෙ කොරන්නෙ - අපෙ නිජබිම හරහ යන්නෙ ගෝත්‍රයේ නායක තැන - දැන් විමසන්නා අනේ අපිට සමාවෙන්නෙ - අතරමංව මෙහෙට වැටුණෙ අපෙ මිනිහා හැකි තරමට - තේරුම් කෙරුවා උඹල අතරමං වුණු බව - ඇත්තක් බව පෙනී යන්නෙ ඒත් දඬුවමක් නොමැතිව - අපි යවන්නෙ නෑ එක එකාට කසෙන් පහර - සීය බැගින් දැන් දෙනවා ඇත්ත කිව්ව හින්දම එය  - ලිහිල් කොරඤ්ඤං උඹල කැමති දෙයක් පිටේ - බැඳගන්නට අවසර ඇත එනව හොඳයි පළමු එකා - මෙතනට විගසින් කොට්ටයකුත් ඉල්ලාගෙන - ඒක පිටේ බැඳලාගෙන බිරිඳ මුලින් කස පහරට - පිට දික් කෙරුවේ අන්තිම හරියේ දඬුවම - කොට්ටෙ පැළී කස පහරට ටිකක් වැදී ලේ පෙරාන - බිරිඳ පැමිණුනා ඒක දැකපු නැන්දම්මා - කොට්ට තුනක් ඉ

බෙන්ගමුවේ ආලවක! එන්න සැතපෙන්න. (හෙඩිම මාතලන්ගෙන් ණයට ගන්න ලදී.)

සියළු සත්වයෝ නිවන් දකිත්වා.... නාලක....එන්න සැතපෙන්න සාටකේ පොරවගන කොච්චරනම් සනීපද....සිවුරට වඩා සාටකේ..... තුරුල්වෙන්න තව ඩිංගක් කියන්න පොඩි රහසක්.... සෝහිත, ශානි, ෆොන්සෙකා, රණවිරුවෝ..... ඔවු....ඔවු....ඒක තමයි ප්‍රෙස් කොන්ෆරන්ස්....හෙට උදේ 11ට නොවැරදීම ඇවිත් ඉන්න....මතකයිනේ ඔක්කොම ටික ලියල එවන්නද පන්සලටම.... ඔවු....ඔවු....එපා නාලක සැක හිතන්න කෙලෙහිගුණ.... මම තරම් දන්නවද මේ රටේ කවුරුවත්.... ධම්මේ.... නෑ....නෑ....මේ මම....පැටියගේ අම්මා නෙමෙයි ඒකි මරලා කොයි කාලෙද..... අතේ තවම ලේ නේද.... එන්න පිහදාන්න සාටකෙන්....නොපෙනෙන්න බලන්න කොච්චර සනීපද සාටකේ....ගෑවෙනකොටත් පැච්වර්ක් සිවුරටත් වඩා කීයක් එකතුවුනාද මචෝ....දහයේ කාසි එකක්වත් නෑ....!!!! ඒ කියන්නේ උඹත් අනාතද....මම වගේම හරියන්නෑ ඔහොම ඉඳලා....ප්ලෑනක්නම් තියනවා ඕකනේ කියන්නේ....බබා වෙන්න හදනවනේ.... මල්වත්තටත් බෝම්බ ගහන්න හැදුවට ඔයා තාම ලාමකයිනේ.... ඔවු....ඔවු....සෝභිත තමයි අර අපි හප්පලා මරන්න හැදුවේ.... හරිනේ එහෙනම්....හෙට උදේ 11ට වැඩ්ඩොතින් වැඩිල්ලක් එක අලියට අලි දහයක් දාලායනවා අසපුවේ අම්මපා.... ඇල්ලේ....මම....මම.... මොකෝ මේ සද්ද නැත්තේ.

මහින්ද සමග අරලියගහ මන්දිරයේදී

කාල වකවානුව  2005 මුල් සමයයි.. මහින්ද  කල්තියාම  ජනාධිපතිවරණයට  සුදානම් වෙමින් සිටියේය. සති අන්තවලදී දේශපාලන  පක්ෂවල මධ්‍යම  කාරක සභිකයන්  අරලිය  ගහ මන්දිරයට  කැඳවා සාකච්චා  කිරීම ආරම්භ  කර තිබිණ. මා   එකල ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම  කාරක සභිකයෙකු වීමි. මහින්ද  හමුවීමට  එන  ලෙස පක්ෂයටද  ආරාධනාවක් ලැබිණ. ඒ අනුව නියමිත  දිනයේ සවස  5 ට පමණ ඩිව් ගුණසේකර ඇතුළු අපි 50 කට ආසන්න පිරිසක්  අරලිය  ගහ මන්දිරයට  ගියෙමු. ඒ වන විට  අරලියගහ මන්දිරය සුන්දර  ස්ථානයකි. පැරණි ගොඩනැගිලි සිත් කලුය. ( මහින්ද  ජනාධිපති වූ පසු අලුතින් විවිධ ගොඩනැගිලි තැනීමෙන් එය අසුන්දර  ස්ථානයක් කලේ  යැයි මම සිතමි.) 1977 දක්වා කැබිනට් රැස්වීම් පැවැත්වූ  ශාලාවේ  දිගු මේසයක් වටා අපි අසුන් ගත්තෙමු. ශාලාවේ කෙළවරක තිබු  නෙස්කැෆේ යන්ත්‍රයෙන් අවශ්‍ය  අයට නෙස් කැෆේ බීමට  පහසුකම් සපයා  තිබිණ. අපි එහි ගොස්  විනාඩි 15ක් ගතවන විට මහින්ද රාජපක්ෂ  මහතා  පැමිණ  අප පිළිගෙන  සාකච්චාව  ඇරඹීය. අප සමග සිටි  අයට  මහින්දගෙන් ඇසීමට   බොහෝ ප්‍රසන  තිබිණ.  'ඔහු  ජනාධිපති වුව හොත් ජාතික  ප්‍රශ්නයට ඔහු දෙන  විසඳුම කුමක්දැ&

එදා පෙම් කළ හැටි.

 අනුන්ගේ  ප්‍රේමයකට  මා   දුන් අමුතුම  ජාතියේ උදව්වක් ගැන  හාස්‍ය  ජනක සිද්ධියක් මෙහි ලිවීමට  පෙර  එදා පෙම් කළහැටි   සහ අද  කාලයේ ආදරය   ගැන  පුංචි විස්තරයක්  ලිවීමට  මට ඉඩ දෙන්න.  1960 ගණන්වල සහ එයට පෙර, අද තරුණ  තරුණියන්ට මෙන් පෙම් කිරීමේ පහසුකම් තිබුනේ  නැත . පාසැල, පෙම් කරන්නන්ට  පහසුවක් සැලසුවද එය  හෙලිවුවහොත්  ඇතිවෙන ගැටළු නිමක් නැත. ඇතැම් විටෙක  පාසල් ගමන එතැනින්ම  අවසන් වීමටද  ඉඩ තිබිණ. පාසලේ  ගුරුවරකුයෙකුට/ගුරුවරියකට  සිසුවෙකුගේ සෙනෙහෙ කොලයක් අසු වුවහොත්   විදුහල්පති විසින් අදාළ අය  කැඳවා  නඩුව  විභාග කරන තරමට එය බරපතල වැරද්දක් විය..පන්සලේ  පින්කම් දිනද  පෙම් සම්බන්දකම් ඇරඹීමට  මෙන්ම  පෙම්වතුන්ට   හමුවී වචන දෙක  තුනක් කතා  බහ  කිරීමට  යොදා ගත හැකි කදිම  අවස්ථාවක් විය.. එහෙත් එයද  මහත් දුෂ්කරතා  මධ්‍යයේය. එකල පෙම් සබඳකම් ,අවිවාහක  ලිංගික සම්බන්ධකම් දක්වා දිවෙතොත් ඉතා  කලාතුරකිනි. තරුණියකගේ  අතින් ඇල්ලීම  වුවද  කරන  ලද්දේ හොඳ හැටි පෙරුම් පිරීමෙන් පසුවය.එයද  ඉතා රහසිගතවය. තම පෙම්වතිය  හමුවීම  තරුණයෙක