Skip to main content

කොටි අඩවිය හරහා යාපනයට ගියෙමි.

යාපනයට ගිය කතා.



පළමු ගමන.

පළමු වරට  මා  යාපනයට  ගියේ 1980 තට්ට  තනියමය. එකල මා අන්තර් ගුරු විද්යාල කමිටුවේ ලේකම් වූ බැවින් පලාලි ගුරු විදුහලේ සිසුන් හමු වී සාකච්චා  කිරීම එහි අරමුණ විය.මේ  ගමන සඳහා එක්වීමට  කීප දෙනෙකු පොරොන්දු වී තිබිණ. ඉන් එක් අයෙකු වුයේ ලංකා ගුරු සංගමයේ  සභාපතිවු (රෝහණ විජේවීරගේ  මස්සිනා)  H.N.ප්‍රනාන්දුය. ලංකා ගුරු සංගමයේ  යාපනයේ සාඛාවක් තිබු අතර එහි සහයෙන් ගමනේ  අරමුණ  ඉටු  කර  ගැනීම  අපේක්ෂාව  විය.
පාන්දර 5 ට යාපනය බලා  යන දුම්රියට ගොඩවී H.N.ටද අසුනක් වෙන් කරගෙන බලා සිටි මුත් ඔහු ආවේ  නැත. පොල්ගහවෙලදී  දෙමල ගුරුවරයෙකු මේ  ගමනට සම්බන්ධ  වීමට පොරොන්දු වී සිටියේ  නමුත් ඔහුද  ආවේ  නැත, මැදවච්චියේදී  දෙමල බස  දන්නා  සිංහල ගුරුවරයෙකු එක්වීමට සිටි බැවින් තරමක සහනයක් තිබිණ. එහෙත් මැදවච්චිය දුම්රිය පොලින් ඔහුද  දුම්රියට ගොඩ  උනේ  නැත.
 දෙමල  බස නොදන්නා බැවින්ද  යාපනයට  යන පළමු  ගමන බැවින්ද  කරන්නේ  කුමක්දැයි  කල්පනා  කරමින් දිගටම දුම්රියේ  ගමන් කලෙමි..යාපනයේ  දිස්ත්‍රික්කයේ  මා  දෑන සිටි එකම  පුද්ගලයා දේවරාජ  පමණි. ඔහු ලංකා  ගුරු සංගමයේ යාපනය  දිස්ත්රි ලේකම් වූ අතර අපි එන බව  දන්වමින් මා  ඔහුගේ  පාසල් ලිපිනයට     ලිපියක් යවා   තිබු  බැවින් ඔහු සොයාගත  හැකි වෙතයි මා තුල විශ්වාසයක් තිබිණ. මල්ලාකම් හින්දු විද්‍යාලය සොයා ගන්නා   හැටි දුම්රියේ  ගමන්  කළ දෙමල මහතෙකු මට  කියා  දුන්නේය.යාපනය දුම්රිය පොලින් බැස ලංගම බස්  රථයක නැගී  යාපනය  බස්  නැවතුම් පොලට  යන ලෙසත් එහි  ලංගම කාර්යාලයෙන් උපදෙස් අසා ගෙන කන්කසන්තුය  බලා   යන බසයක  නැග  මල්ලාකම් හන්දියෙන් බසින  ලෙසත් ඔහු මට උපදෙස් දුන්නේය.

ගුටි කන්නට වෙතැයි බියක්

මා   මේ වන විට  තීරණය  කර තිබුනේ දේවරාජා සහෝදරයා  සොයා  ගැනීමට  බැරි වුවහොත් ආපසු දුම්රියපොළට  පැමිණ රාත්‍රී දුම්රියෙන් ආපසු  කොළඹ එමටය. කෙසේ වෙතත් දුම්රිය  මගියාගේ  උපදෙස් අනුව  ම  කටයුතු  කලෙමි.එහෙත් මා   තුල බියක්ද  තිබිණ. එයට හේතු වුයේ  ඉකුත් වසරේදී (1979) දකුණේ  දෙමල මිනිස්සුන්ට  පහර දී තිබුණු අතර  යාපනයේ  සිංහල මිනිස්සුන්ටද එහි ප්‍රතිපලයක් වශයෙන් පහර දී තිබුණු  බැවින් මා  සිංහලයෙකු බව දැන ගත් විට  මටද ගුටි  කන්නට වෙණු ඇතැයි සිතීමය.
එහෙත් හැම දෙමළ මිනිසෙකුම මට උදව්  කළා මිස ගහන්නට ආවේ  නැත. යාපනය බස්  නැවතුම්පොලින් කන්කසන්තුරය බසයට  නැගී විට  මල්ලාකම්  හන්දියෙන්  මා බැස්සවීමට මගීන් මට උදව් කළහ.
බසයෙන් බැස්සද පාසල තිබෙන  තැන සොයා  ගැනීමට මා  නොදන්නා  අයගෙන් උදව්  ලබා ගැනීමට සිදුවිය. තරුණ ගැටවර වයසේ  දෙමල හාදයෙක් මගේ  පිහිටට ඉදිරිපත් විය .ඔහු ඉංග්‍රීසි දන්නේ නැත  ඔහු සිංහල තරමක් දෑන හිටියද .ඔහුගේ සිංහල උච්චාරණය මට තේරෙන්නේ  නැත.කෙසේ වෙතත් ඔහු මාව මල්ලාකම් හින්දු විදුහල වෙත කැඳවා ගෙන ගියේය.

අතරමං වී

අභාග්‍යක  මහත. එදින ඉරිදා දිනයක් වූ බැවින් පාසල වසා තිබුණු අතර ගේට්ටුවට ඉබ්බෙක් දමා වසා තිබුණු  බැවින් අතරමන් වෙණු ඇතැයි බියක්ද  ඇති විය.එහෙත් මා   සමග සිටි දෙමල ගැටයා කීප දෙනෙකු  සමග  කතා  කොට  පාසලේ  විදුහල්පතිගේ  නිවස  සොයා  ගත්  අතර  ඔහු මා  එහි  කැඳවා ගෙන  ගියේය. ඔහු අපව සාදරයෙන්  පිළිගෙන තේ  පැන් සංග්‍රහයක්ද  කොට දෙවරාජගේ  නිවාස  තිබෙන්නේ ඉනුවිල් හී බව කී අතර බස් නැවතුමට  පැමිණි ඔහු මා   ඉනුවිල් වලින් බස්සන  ලෙස බස් රථයක් එන තුරු සිටි  තරුණයෙකුට  කීවේය. නාඳුනන  තරුණයා ඉංග්‍රීසි දෑන සිටි බැවින් ඔහු  සමග  කතා  බහ  කළ හැකි විය. ජීවිතයේ  පළමු වරට  හමුවූවද   යලිත් මා   හමු වීමට ඉඩක්  නොවුවද  එම  තරුණයා මට බස්  ටිකට් පතක් ඔහුගේ  මුදලින් මිලදී ගත්  අතර ඉනුවිල් හන්දියෙන් මා  බැස්ස වුවේය.

දේවරාජා සොයා ගැනීම 

ඉනුවිල් හන්දියෙන් බැස දේවරාජගේ  නිවස කීප දෙනෙකුගේ සහයෙන් සොයා  ගතිමි. එහෙත් ඔහු එහි සිටියේ නැත. ඔහු රතුළුණු කොටුවට  ගොස්ය. ඔහුගේ  බිරිඳ  මා   සාදරයෙන් පිළිගෙන සංග්‍රහ කොට දේවරාජා  එන තුරු කතා කරමින් සිටීමටද  කෙනෙකු  ගෙනවුත් දුන්නාය.
පැයකට  පමණ පසු දේවරාජා  පැමිණි අතර පසුව වට පිට ඇවිද එහි රාත්‍රී ගත කලෙමි.

පලාලි ගුරු විදුහලට  යාම.

උදේ ඇහැරෙන  විට H.N.පැමිණ සිටියේය. පාන්දර කෝච්චිය වැරදීම නිසා ඔහු පැමිණ තිබුනේ රාත්‍රී දුම්රියේය. පලාලි හමුදා කඳවුර එකල කුඩා කඳවුරක්  පමණක් වූ අතර දෙවරාජාත්  H. N. ප්‍රනාන්දුත් මමත් පලාලි ගුරු විදුහලට ගොස් විදුහල්පති හමුවීමු. ඔහු අපව පිළිගෙන ගුරු සිසුන් කැඳවා දුන් අතර අපි රැස්වීමක් පවත්වා ගුරු ප්‍රසන  කතා  කළෙමු. දිවා ආහාරයෙන්ද විදුහල්පතිවරයා  අපට සංග්‍රහ  කළ අතර  ඉන්පසු කන්කසන්තුරයේ  දුම්රිය  පලට අපි පැමිණි අතර දේවරාජා  ඔහුගේ නිවාස  බලා යාමට අපෙන් සමුගත්තේය.

 කොළඹ එන  දුම්රිය  කන්කසන්තුරෙන් පිටත් වුයේ සවස 5 ටය.අපි දෙදෙනා ගුරු ප්‍රස්නත් දේශපාලනයත් කතා  කරමින් එළිවෙන තුරු දුම්රියේ  ගමන් කළෙමු.උදේ  6 වන විට දුම්රිය කොටුවට  පැමිණි අතර එහිදී අපි වෙන් වූයෙමු.එහෙත් ගෙදර  යාමට  මට නිදහසක් තිබුනේ  නැත.
පේරාදෙණිය  සහ ගම්පොල ගුරු විදුහල්වලට යාමට පසු දින  යාමට  යොදා ගෙන  තිබුණු  බැවින් එදිනම පෙරවරුවේ  තවත් දුම්රියක නැගී මා නුවර බල ගියෙමි.

(කොටි (LTTE) අඩවිය පසු කොට යාපනයේ  ගිය දෙවෙනි ගමන මී ලඟ ලිපියෙන් )






Comments

W3 Lanka එක හරහා ආවේ. ඔබේ රසවත් අත්දැකීම අප සමග බෙදා ගත්තට ස්තුතියි.
Manoj said…
රසවත් අත්දැකීම් ගොන්නක්ම ඇති හැඩයි.උතුරු,දකුණු විදියට වෙන් වෙන්න කලින් කොච්චර ලස්සන රටක්ද තිබ්බේ.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා