The Indian Express පුවත් පතේ ප්‍රධාන කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ කැරැල්ල උග්‍රව තිබු 1989 දිනක ප්‍රේමදාස උඩුගම්පොල හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා විස්තර කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි .එයට අමතරව ඔහුගේ ලිපි ගොනුවකට යටින් කොමාන්ඩෝ පිහියක් ද විය .' ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් ) "ඔබ ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල ඇසීය . ෂෙකර් ට අනුව , එම දිනයේ උඩුගම්පොලගේ අ
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත
Comments
දේශපාලන විසදුම් දුන් පලියට ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ. දැන් යුරෝපයේ අයි එස් ත්‍රස්තවාදය ඊට හොද පිළිතුරක්.
ඉන්දියාවේ ප්‍රාන්ත පාලනයක් තිබුනත් නැක්සලයිට් වැනි ත්රස්තවාදයන් තිබෙනවා.
ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම වැඩබැරිකමක් ලෙසද ඔබ දකින්නේ
දේශපාලන විසදුම් දිය යුතුයි.නමුත් ත්‍රස්තවාදය මතුවෙන එක එයින් වලකින්නෙ නෑ.
මහින්ද යලි ගෙන ඒම විසදුම නෙමෙයි. එය ප්‍රායෝගිකත් නෑ. ඒත් ත්‍රස්තවාදය ගැන විමසිල්ලෙන් සිටීම අවශ්‍යයි. දේශපාලන විසදුම යන්නෙන් ඔබ ඊලම අදහස් කලාද දන්නෙ නෑ. දෙමලාගේ පිපාසය ඊලමයි කියා වමේ ස්ලෝගන් එකක් තිබුනා. ඒත් ඉන්පසුත් ශ්‍රී ලංකාව හා ඊළම අතර ගැටුම් පවතීවි.