Skip to main content

සිංහල පත්තරේ එතු මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලේ



දක්ෂිණාංශික  කුමන්ත්‍රණයක්ද?

චාවකච්චේරියේ නිවසක තිබී හමුවූ  මරාගෙන  මැරෙන  ඇඳුම්  කට්ටලය  සහ වෙනත් පුපුරන ද්‍රව්‍ය  සම්බන්ධයෙන්  නිගමනයකට  එළඹීමට තවමත් කල් වැඩිය. එහෙත් සැක උපදවන  කාරණාද  තිබේ.

ColomboTelegraph   හී  පළකොට  තිබු පින්තුරයේ  දැක්වෙන්නේ  පෙරේද ( මාර්තු 28) අසුවූ  මරාගෙන  මැරෙන ඇඳුම් කට්ටලයේ  පින්තුරය  නම්  එම ඇඳුම සිංහල  පත්තර  කඩදාසි වල  ඔතා තිබුනේ  මන්ද?

දෙවෙනි සැක  සහිත  ප්‍රශ්නය වන්නේ මෙය සහ  තවත්  බෝම්බත්  චාවකච්චේරියට මන්නරමේ  සිට  ගෙන එන විට අතරමගදී අසු නොවුනේ  මන්ද? උතුරේ  හැම තැනකම හමුදා සිටින බැවින් මෙය අසාධාරණ  ප්‍රස්නයක් නොවේයැයි සිතමි.

ආරක්ෂක ලේකම් වරයා  මෙය ඒ තරම් ලොකු සිද්ධියක් ලෙස ගණන් නොගත්තේ  ඇයි? හැංගී තිබෙන සත්‍යය  ඔහු දන්නා  නිසාද?

උතරෙන්  හමුදාව  අඩු  කරනවාට, හමුදාව  යටතේ  තිබු සිවිල් වැසියන්ගේ  ඉඩම් ආපසු දෙනවාට  විරුද්ධ  පිරිසක්  හමුදාවේ  සිටිති. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටලය  සමග  බෝම්බ  හමුවීම  තව  කාලයක් උතුර  හමුදා අධිකාරිය   යටතේ  තබා  ගැනීමට   කවුරු හෝ   කළ කුමන්ත්‍රණයක්ද?

එසේත් නැත්තම් එක්සත් ජාතීන්ගේ  මානව අයිතීන් පිලිබඳ  කවුන්සලය අපට  පනවන  ලද කොන්දේසි  ඉටු   නොකර සිටීමට   ආණ්ඩුව විසින් පොටක් පාදා  ගැනීමක්ද? 

ITN කතාව.

ITN රුපවාහිනි ප්‍රකාශයකට   අනුව මරාගෙන මැරෙන  ඇඳුම සමග  ක්ලේමෝ බෝම්බ  හතරක්ද තවත් පාර්සල් තුනක කිලෝ 12 ක් බර  TNT පුපුරන ද්‍රව්‍යද, උණ්ඩ පාර්සල් දෙකක්ද, ක්ලේමෝ බෝම්බ  පුපුරවන බැටරි කට්ටල දෙකක්ද තිබී ඇත. ඇතැම් විටෙක මේවා යුධ  සමයේ  ගෙනවුත් තිබු දේවල් විය  හැකි යැයි පොලීසිය කිව  බවද එම ප්‍රවුර්තියේ  සඳහන් වෙ.

අළු ගසා කොටි නැගිටීමේ වෑයමක්ද?

එසේත් නැත්ටම්    LTTE සංවිධානය යලි සංවිධානය  වෙමින් සිටිද?.මාධ්‍ය  කියන හැටියට මේවා  චාවකච්චේරියට ගෙනවුත් තිබෙන්නේ  හිටපු  කොටි සාමාජිකයෙකි. එසේ  නම් ඔවුන් යලි සංවිධානය වෙමින් සිටින්නේද යන්න   කල්පනා කිරීම  ඉතා අවශ්‍යය.

යාපනේ  තරුණ  තරුණියන් 1983 ට පෙර  නම් ඉගැනුමට  මුල් තැන දුන් පිරිසකි. දෙමල මිනිසුන් අතර  උගතුන් රැසක් බිහිවූයේද  ඉහල රැකියා  කරන  අය දහස්  ගණනින් බිහිවූයේද  ඒ නිසාය. එසේ  සිටි පිරිසක් අවි ආයුධ  ගත්තේ  ඇයි?

දෙමල මිනිසුන්ට දෙමල වීම නිසාම තිබු ප්‍රසන වලට   විසඳුම නොදී හමුදාවේ  සහ  පොලීසියේ  හය්ය පෙන්නා  ඒවා  යටපත් කිරීමට ආණ්ඩු ක්‍රියා  කල නිසා  LTTE සංවිධානය සහ තවත් විවිධ සන්නද්ධ  කණ්ඩායම්   බිහිවූ බව  විස්තර කොට  නැවත කිවැ  යුතු  නැත.

 මේ  ආයුධ  හමුවීම  කියන්නේ නැවතත් කොටි සංවිධානය වැඩ අරඹා   තිබෙන බව   නම්  එයින් නැවත වරක් ඔප්පු වන්නේ  රාජපක්ෂ  ආණ්ඩුවට   LTTE සංවිධානය  පරාජය  කරන්නට  හැකි වී නැති බවය. වෙනත් වචන වලින් කියතොත් LTTE  සාමාජිකයන් තොග පිටින් මරා දැම්මත් පලක් වී නැති බවය.

එසේ  නම් වැඩ බැරි  මහින්ද ගෙන්නා  ගෙන ඇති පලේ  කුමක්ද?

ජනවර්ගයකට බරපතල ප්‍රස්නයක් ඇති විටෙක තුවක්කු ලක්ෂයකිනුත්  එය  විසඳිය  නොහැකි බව  ඔප්පු නොවන්නේද?

 එසේ  නම්  ඉතිරි වී ඇත්තේ  එකම  විසඳුමය . ඒ  ඔවුන් තෘප්තිමත් වන දේශපාලන විසඳුමකි.

  2015 ජනවාරි 8 වනදා  මෛත්රීව බලයට  පත් කලේ  මහින්ද එය  නොකළ නිසාය.  එබැවින් මෛත්‍රී ලවා එය කරවීමට  අපිට  කළ  හැකි දේ  කරමු.






Comments

මම මේක බුකියේ ෂෙයා කොරනවා මහත්තයෝ....
Niranjan said…
කලකට පෙර පුත්තලම සිටි කොළඹ කොටුව දක්වා වූ දුම්රිය ස්ථාන බොහොමයක සේවය කළේ දෙමළ දුම්රිය ස්ථානාධිපතිවරුන් බව වැඩිහිටියෝ පවසති. පසුව සිංහලයන් අතරින් මෙයට සුදුසුකම් ඇති අය පත් කරන ලදී. මෙයට දෙමළ දුම්රිය ස්ථානාධිපතිවරුන් තුළ කැමැත්තක් තිබුණේ නැත. දෙමළ වීම නිසා ඔවුන්ට සිදුවූ එක් ‘අසාධාරණයක්“ මෙය මැයි ද අපේ වැඩිහිටියෝ පසුකාලයේ පැවසූහ.
Unknown said…
හොද දේශපාලන විග්‍රහයක් කුකුළෝ.........................
බොහොම ස්තුතියි සෑර්
හිතේ කහටක් නැතිව කිව්වා එකම වටිනවා
නියමයි කුකුළා
යලි හිස එසවීමක් ගැන නගන තර්කයට ඔබට උත්තර නෑ නේද.
දේශපාලන විසදුම් දුන් පලියට ත්‍රස්තවාදය පරාජය කරන්න බෑ. දැන් යුරෝපයේ අයි එස් ත්‍රස්තවාදය ඊට හොද පිළිතුරක්.
ඉන්දියාවේ ප්‍රාන්ත පාලනයක් තිබුනත් නැක්සලයිට් වැනි ත්‍රස්තවාදයන් තිබෙනවා.
ජාතික ආරක්ෂාව ගැන සැලකිලිමත්වීම වැඩබැරිකමක් ලෙසද ඔබ දකින්නේ
දේශපාලන විසදුම් දිය යුතුයි.නමුත් ත්‍රස්තවාදය මතුවෙන එක එයින් වලකින්නෙ නෑ.
මහින්දගෙන් පසු ජාතික ආරක්ෂාව දුර්වල වීමෙන් ත්‍රස්තවාදය හිස ඔසවන බවට ඒකාබද්ධ විපක්ෂය නගන තර්කය ගැනයි මම කීවේ.
මහින්ද යලි ගෙන ඒම විසදුම නෙමෙයි. එය ප්‍රායෝගිකත් නෑ. ඒත් ත්‍රස්තවාදය ගැන විමසිල්ලෙන් සිටීම අවශ්‍යයි. දේශපාලන විසදුම යන්නෙන් ඔබ ඊලම අදහස් කලාද දන්නෙ නෑ. දෙමලාගේ පිපාසය ඊලමයි කියා වමේ ස්ලෝගන් එකක් තිබුනා. ඒත් ඉන්පසුත් ශ්‍රී ලංකාව හා ඊළම අතර ගැටුම් පවතීවි.
Lalith said…
කොටි නැවත එනවානම් මහින්ද නඩය කැමතිවෙයි.
ඔබේ ඇගයීම ලොකු සතුටක්.
සාර්ථක දේශපාලන විසඳුමක් දුන් විට ත්‍රස්තවාදය හුදෙකලා වෙනවා.ක්‍රමයෙන් එය අභාවයට යාම ස්ථිරයි.
විසඳුම ඊළම නොවේ. එක්සත් ශ්‍රී ලංකාවක් තුල 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉක්මවා යන ස්වයන් පාලන බලතල දෙමල ජනයාට දීම අවශ්‍යයි.එයත් ප්‍රමාණවත් නොවන සුළුතරයක් තව දුරටත් සිටිය හැකියි. නමුත් ඔවුන් දෙමල ජනය තුළ හුදෙකලා වීම ස්තිරයි.
ඔවුන්ගේ ප්‍රාර්ථනාව එයයි.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා