Skip to main content

රෝහණ විජේවීර හමුවීම (දෙවන කොටස)

විජේවීර  සමග මිත්‍රත්වය.


1989 දිනක   රාත්‍රී දහයට පමණ  අපි විජේවීර  හමුවූවේ අංගොඩ  කොහිලවත්තේ ජවිපෙ  මුද්‍රණාලයට  යාබද  ස්ථානයකදීය. නියමුවා  පත්තරයට  ලිපි ලිවීම  පිළිබඳව  පැවති මෙම සාකච්චාවේදී විජේවීරත් නායකයෙකු වූ දයා   වන්නි ආරච්චිත්  පළමුවෙන්ම  කතා  කරමින් පත්‍රයට  ලිවිය යුතු  ලිපිවල ස්වරුපය  පැහැදිලි  කර දුන්හ.( ඇත්තෙන්ම  නියමුවා පත්තරයේ  ලේඛන ශයිලියට  හා  එහි   ලිපි ගැන මගේ  පැහැදීමක් තිබුනේ  නැත ඒවා හුදෙක්  දේශපාලන  කරුණු අමු අමුවේ  ලියන ලද  ලිපි පමණක් විය.).ඉන් පසු පැමිණ සිටි අය අතර අදහස්  හුවමාරු විය.ලිපි ලියාගෙන පැමිණෙන  ලෙස  උපදෙස්  දී තිබුනද  ලිපියක් ලියාගෙන  ගොස්  තිබුණේ  මා   පමණි.මා  ලියගෙන  ගිය  ලිපිය  ඉල්ලා ගත්  විජේවීර එය  කියවන්නට  පටන් ගත්තේය.

පොල්පොට් පාලනය ගැන ලිපියක් 

මා   ඒ  ලිපියේ  ලියා   තිබුනේ 1975 කාම්බෝජයේ  බලය අල්ලාගත්  පොල්පොට් පාලනය  ගැන NEW TIMES සඟරාවේ  පළවූ ලිපියක් ඇසුරෙනි .1989 වන විට  වියට්නාම් හමුදා කාම්බෝජයට ගොස් පොල්පොට් හමුදා පරදවා බලය අල්ලාගත් අතර  මොස්කව්  හිතවාදී  පාලනයක් එහි ස්ථාපිත  කර තිබුණි.
NEW TIMES පළකරන්නේ  මොස්කව්  නගරයේය. මා වසරකට  මුදල් ගෙවා තිබුණු බැවින් සතිපතා එය  මා අතට  පැමිණේ.පොල්පොට් කාම්බෝජය  පාලනය  කළ  සමයේ  අමුතු සමාජවාදයක්  එහි ක්‍රියාත්මක  කරන්නට ගොස්  විශාල වශයෙන් මිනිසුන්  ඝාතනය  කළේය. මුදල් අවලංගු  කොට  නගර වනසා දමා නාගරික  මිනිසුන් ගම්වලට දැක්වූ අතර  විශාල  ආහර  හිඟයක්ද  ඇතිවීය.  එයට විරුද්ධවූ  මිනිසුන් ලක්ෂ 30 ක් මරා  දැමු බව  එම  සඟරාවේ  සඳහන්  විය.
ලිපිය   කියවා අවසන් කල  විජේවීර  මෙය  පළ කල නොහැකි බවත්  මෙය සෝවියට් ඔත්තු සේවය (KGB)  ගෙන  යන බොරු ප්‍රචාරයක් බවත් KGB ලයින්  ජවිපෙට  ගෙන  නොඑන  ලෙසත්  විජේවීර  සිනහ සෙමින් මට  කීය.එදා සිට විජේවීර හමුවූ  අවස්ථාවලදී   ඔහු මා   ඇමතුවේ  KGB කියාය.

පස් පාටියේ පෙරමුණ 


දිනක් ගුරු සංගමයට  පැමිණි විජේවීර  මගේ  අතින් අල්ලාගෙන " KGB line පක්ෂයට  රැගෙන  අවොත් මරනවා " යැයි සිනා මුසු මුහුණින් මට  කීය.   විහිළුවක් ලෙස සලකා මම එය  බැහැර  කලෙමි.
මේ  කාලය වනවිට  LTTE සංවිධානයක් තිබුනේ  නැත. එහෙත්  JR පාලනය විසින් 'ත්‍රස්තවාදය  වැළක්වීමේ පනත' නමින් පනතක් පාර්ලිමේන්තුවට  ගෙන  අවුත්  තිබුන  අතර මෙයට විරෝධය  පලකිරීමේ  අරමුණෙන් තවත් පක්ෂ 4ක් එකතු කරගෙන ජවිපෙ  මුල්වී පෙරමුණක් ගොඩ නැගුවේය.එම  පක්ෂ  හතර  නම් ලංකා සම සමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, වාසුදෙවගේ  විප්ලවකාරී සමසමාජ පක්ෂය සහ බාල තම්පෝ නායකත්වය දැරූ දේශපාලන  පක්ෂයයි ( එහි නම මතක  නැත.)
එම පෙරමුණ  ගොඩ නැගීමේ  සාකච්චා පැවතුනේ  මැලේ වීදියේ  තිබුණු අපේ ගුරු සංගමයේ  කාර්යාලයේය.. එතෙක් කාලයක් වමේ  පක්ෂවලට  ද්‍රෝහීන්  කියා  බැන වැදී සිටි විජේවීර  මෙම සාකච්චා වලදී තම්පෝ  සමග  හැර අන් නායකයන් සමග අඩු වශයෙන්  සුහද ලෙස  හිනහ වුවේවත් නැත.නිල සාකච්චා වලට  පෙර  හෝ  පසුව  ඔවුන් සමග වචනයක්වත් විජේවීර  කතා  කලේ නැත.තාවකාලික  පෙරමුණක් තනා   ගත්තද ඔවුන් සතුරන් ලෙස  විජේ වීර සැලකීය.
එම පෙරමුණේ  පළමු රැළිය පැවැත්වුයේ  හයිඩ් පිටියේය.විජේවීර වේදිකාවට  නැග්ගේ ඔහුගේ  කතාවට  ඔන්න මෙන්න  කියාය. එතෙක් ඔහු වේදීකාව  පසු පසට වී ඇවිදිමින් සිටියේය.ඔහුගේ  කතවට  පෙර   සමසමාජ පක්ෂයේ  නියෝජිතයා  රැස්වීම අමතමින්   සිටින අතරතුර   විජේවීර  වේදිකාවට  ගොඩවුවද  ඔහුගේ  වාරය එනතුරු පත්තරයක්  කියවමින් සිටියා මිස වේදිකාවේ  සිටි අනිත් පක්ෂවල  නායකයන්ගේ  මුහුනවත් ඔහු බැලුවේ  නැත.
ඔහු කතාව  පටන් ගත්   විගසම වාගේ  ශරීරය   හතර  අතටම නවමින් ,. අතපය  විසිකරමින් විජේවීර  අන් කතිකයනට වඩා  සිත් ඇදගන්නා  පරිදි කතා  කරන්නට මහත් වෙහෙසක් දැරීය.පැමිණ සිටි  ජවිපෙ  සාමාජිකයන් අත්පොලසන් දුන්නේද  විජේවීරට  පමණය.
රැස්වීම අවසන් වන විට රාත්‍රී 7 පමණ වන්නට ඇත.විජේවීර කතාව  අවසන්  කල පසු ඔහු සමග  ආපසු  යන්නට  මා   සිත ගෙන  සිටි නමුත් ඔහු සොයා ගැනීම  නොහැකි විය. මා හයිඩ්  පිටියේ  සිට  කොම්පඥඥ වීදියේ සංගම්  කාර්යාලයට පා  ගමනින් එහෙත් වේගයෙන්  ආවේ විජේවීර  එහි ඇත  යන  බලාපොරොත්තුවෙනි. මා  සිතු පරිදිම  ඔහු එහි සිටියේය. ඔහු ඉතා  වේගයෙන් පා ගමනින් පැමිණ තිබුන  අතර අධික ලෙස  දහදිය  දමමින් තිබු නිසා කමිසය  ගලවා පුටුවක  එල්ලා තිබුනේය.ඔහු සමග ඒමට මමද  උත්සාහ  කල බව ඔහුට  කී විට " කොහොමද  අද මගේ  කතාව?" කියා  විජේවීර  මගෙන් ඇසුවේය.එදින  කතාව මගේ  සිතට අල්ලා  නොතිබුන බැවින් " අද සහෝදරයා නැවුන වැඩියි"  කියා  කීවෙමි. විජේවීර  වෙනත් කිසිවක් මගෙන් ඇසුවේ  නැත.වෙහෙස  නිවා ගත් ඔහු  තම ආරක්ෂකයා  සමග  පිටවී ගියේය. උස මහතා පුද්ගලයෙකු වූ එම  ආරක්ෂකයාගේ  නම පතිරණය, ඔහු පසුව  ජවිපෙ  අතහැර එජාපයට  ගිය අතර 87-89  භීෂණ සමයේ ජවිපෙ  තුවක්කු  කරුවෙකු  විසින් ඔහු මරා  දැමු බව පුවත්පත්වල  පලවිය.
(ඉතිරි කොටස මී ළඟ  ලිපියෙන් බලාපොරොත්තු වන්න.)









Comments

දාහංකො ෆලොවර්ස් ගැජට් එක... මරු සයිට් එකක් නෙ.
followers gadget දාලා තියෙන්නේ මචන්
විජේවීර කියන්නේ ශ්‍රී ලංකාවේ පොල්පොට් වෙන්න හිටපු පුද්ගලයා
GB line පක්ෂයට රැගෙන අවොත් මරනවා " යැයි සිනා මුසු මුහුණින් මට කීය.// මේක නම් විහිලුවක්ම නෙමෙයි. පොල්පොට්ගෙ අපරාධ සාක්ෂි සහිතව ඔප්පුකලත් ජේවීපී කාරයො ඒවට මොකක් හරි හිනා යන සුරන්ගනා කතාවක් හදල ඇති. විජේවීර පසුකාලෙක මිනීමරපු විදියට ඔහු තමා ලංකාවෙ පොල්පොට් වෙන්න හිටියෙ. විජීවීර හැත්තැගනන්වල මරුනනම් හෝ ජේ ආර් ඔහුව නිදහස් නොකර සිටියානම් හොදයි කියල මට හිතෙන්නෙ. විජේවීර කියන්නෙ වල් මුර්ගයෙක්. ඔහුගෙ කුඩා කල අමිහිරි අත්දැකීම් වල පීඩනය 71 දී හා 89 දී සමාජයට මුදා හැරියා.

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා