Skip to main content

රතු කමිස නවක වදය සහ විශ්ව විද්‍යාල පෙළපාලි

කැලෑ නීතිය 


ඊයේ  සිට  කැලණිය විශ්ව  විද්‍යාලයේ  ආචාර්යවරු ජෙෂ්ට  සිසුන්ට  ඉගැන්වීම අත් හිටවූ බව වාර්තා විය.හේතුව නවක සිසුන්ට  නොකඩවා නවක වදය දීම සහ එය වලක්වන්නට  ගිය  ගුරුවරුන්ට ජෙෂ්ට සිසුන්  විසින්  තර්ජනය  කිරීමය.
මේ ගැන මම ඊයේ ෆේස්බුක් සටහනක් තැබූ අතර අති බහුතරයක් දෙනා නවක වදය හෙලා දකිමින් අදහස්  පළ කර තිබිණ.මානසික  සහ  ශාරීරික හිංසා පීඩා කරමින් මාස  ගණනාවක් පැවැත්වෙන  මේ අමන ක්‍රියාව නැවත්වීමට නීතියෙන් තවමත්  නොහැකි වී තිබෙන  බැවින් එය වැළක්විය  හැක්කේ බහුතර සමාජයේ  බලවත් විරෝධය අඛණ්ඩව  පල  කිරීමෙන් යැයි ම විශ්වාස  කරමි.මා ඒ ගැන නැවත ලියන්නේ ඒ නිසාය.

බිහිසුණු බෝවෙන රෝගයක්

ආණ්ඩුවේ ප්‍රධාන  පාසල් දක්වා පැතිරී තිබෙන මේ රෝගය නතර කිරීමට නීතියෙන් තවමත් හැකිවී නැත.1998 සම්මත  කරන  ලද  පනතකින් නවක වදය  නීති විරෝධී කළද තවමත් එය පවතින්නේ මහජන විරෝධය ප්‍රමාණවත් අන්දමින් ප්‍රකාශවී නැති නිසාත්  ලංකාවේ සරසවි සිසුන්ගේ  නොදියුණු   මානසිකත්වයෙන් යුක්ත නිසාත්  යන්න මගේ  අදහසයි
.අහිංසක  මුව  පැටියෙකු  කොටියෙකුට  අසුවූ විට එක විටම මර දමන්නේ  නැත. සෙල්ලම් බඩුවක් මෙන් එහෙ මෙහෙ වීසි  කර මරා දමන්නේ  අන්තිමටය.  මේ  වද හිංසා පැමිණවීම ඒ  හා  සමානය. පිරිසක් වට  කර  ගත්කල  නවක සිසුන් මහත් අසරණ භාවයට පත්වෙති. භික්ෂුන් පවා ජෙෂ්ට  භික්ෂුන්ගේ  නවක වදයට ලක් වෙති.
 සිසුන්ගේ  මානව  අයිතීන් උල්ලංඝනය කෙරෙන නවක  වදය  අඛණ්ඩව  පවත්වාගෙන  යන්නේ විශ්ව විද්‍යාලවල  තිබෙන  ශිෂ්‍ය සංගම්වල අනුග්‍රහය නිසාය. ඒවායේ  බලය  අල්ලාගෙන සිටින්නේ බොහෝ විට  පෙරටු ගාමින්ය  නැත්තම් ජනතා විමුක්ති පෙරමුණය.

රතු කමිස  කාරයන් නවක වදය පවත්වා ගෙන යන්නේ  ඇයි?

නවක වදය  නැවත්වීමට උවමනානම් පෙරටුගාමින්ට සහ  ජනතා  විමුක්ති පෙරමුණට පුළුවන.එහෙත් ඔවුන් එය  නොකරන්නේ නවක සිසුන් බියපත් කොට  තම ග්‍රහණය යටතේ  තබා ගැනීමට ඇති උවමනාව  නිසාය.සමාජවාදය ,යුක්තිය , ප්‍රජාතන්ත්‍රවාදය  ගැන ගැන රට පුරා දේශන  පවත්වන ඔවුහු විශ්ව  විද්‍යාල  තුල පවත්වාගෙන  යන්නේ එකාධිපත් වාදයකි.ඔවුන්ට එරෙහිව නැගිටීමට උත්සාහ  කරන සිසුන් මර්දනය කිරීම සඳහා  යකඩ  පොලු ,සහ චෙන් වුවද නොපැකිලව  පාවිච්චි කරති.ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ  සමන්ත විතානගේ ,ශිෂ්‍යයා නවක වදයට විරුද්ධව  නායකත්වය  ගැනීම  නිසා ජවිපෙ රතු  කමිස  කාරයන් විසින්  පොලු වලින් පහර දී ,වීදුරුකටු  වලින් ඇන, පරිගණක මොනිටරයක්    හිසට හෙලීමෙන්   2002 දී   මරා දමනු  ලැබීය. මොනිටරය හිස මතට හෙළුවේ  ජවිපෙ  නායකත්වය දෑරු ශිෂ්‍ය  සංගමයේ   සභාපති වූ සුජිත් කුරුවිටය.

ලිංගික වද හිංසා

ලිංගික වද  හිංසා නවක වදයේ අනිවාර්ය  කොටසකි.රූපා  රත්නසීලි නමැති නවක සිසුවියකගේ  යෝනියට ඉටිපන්දමක් ඇතුළු  කිරීමට ජෙෂ්ට සිසුන්  තැත් කිරීම නිසා  එයින් ගැලවීමට පේරාදෙණිය සරසවියේ  රාමනාදන්  ශාලාවේ උඩුමහලින්   බිමට පැනීමේ ප්‍රතිපලයක් ලෙස   ඇයගේ ඉගනීම  අවසන් වූ අතර ඉන්පසු  රෝද පුටුවකට  සීමාවී වසර  ගණනක්  වද විඳ  බලාපොරොත්තු  සියල්ල කඩවු ඇය 2002 දී  දිවි නසා ගත්තාය.
නවක වදය  නිසා තවත් කීප දෙනෙකුද  මරණයට  පත් වූ අතර තවත් අය සදාකාලික  අබ්බගාතයන් වී සිටිති.නවක වදය දරා  ගැනීමට  නොහැකි ව ඇතැමෙකු සරසවි අධ්‍යාපනය අත් හැර  දැමුහ. සමහරු නවක වදයට බියේ  සරසවියට ආවේම  නැත.
පුද්ගලික විශ්ව විද්යාලයකින් හෝ උසස් අධ්‍යාපනය  ලැබීමේ සිසු  අයිතියට  විරුද්ධ් වන්නේ  මෙවැනි මිනිස්සුය.
21 වන සියවස  වනාහී මිනිසුන්ගේ මානව  අයිතීන්ට ප්‍රමුඛත්වය  දී තිබෙනවා පමණක් නොව සතුන්ගේ  අයිතීන් ගැන පවා කතා  කරන  සියවසකි..එහෙත්  මානව  දයාවෙන් ඉතිරී පැතිරී යනවායි  කියන පුබුදු ජාගොඩලා අනුර  කුමාරලා හිංසාව  තුලින් සිය  ආධිපත්‍ය  සරසවි තුල පවත්වාගෙන  යාම් සඳහා පුර්ණ  අනුමතිය දී තිබේ.
කාට හෝ වද   හිංසා  කිරීමට කිසිවෙකුට  අයිතියක්  නැත.පොලීසිය  සහ ත්‍රිවිධ  හමුදා විසින්  කරන  වද හිංසාවලට අපි විරුද්ධ වන්නේ  ඒ නිසාය.වදයට භාජනය වන්නේ  දෙමළද මුස්ලිම්ද සිංහලද යන්න  අපිට වැදගත්  නැත. සියල්ලන්ටම වේදනාව  දැනේ  විශ්ව විද්‍යාලවල සිදු  කරන වද  හිංසාවන්ට අපි විරුද්ධ  වන්නේද  ඒ  පදනමේම සිටිමිනි.වද දෙන්නේ යුනිෆෝර්ම් අඳින අයද නැත්තම් රතු  කමිස  අඳින  අයද යන්න  අපිට  වැදගත් නැත.
 























































Comments

Unknown said…
නවක වදය කියන දේ ගැන අපේ කියවීම ටිකක් වෙනස්. අපි හොදට රැග් වුණා. රැග් කරා. ඒත් එදා ඒක ලොකු පාලනයක් යටතේ සිද්ධ වුණ දෙයක්. අද ඒ ක්‍රමය ගරා වැටිලා. මේවායේ අතුරු ප්‍රතිඵල ළගදීම විශ්ව විද්‍යාල වලින් පේන්න ගනියි.
api thopi said…
ඕවා ගැන දන්නේ නැත එහෙත් ශාරීරික අපහසුතාවන් සිදුකිරීම අනුමත කරන්න බෑ.
නවක වදය රොමැන්තික කිරීම තමයි නරකම දේ...

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා