Skip to main content

සුදු කුකුලාගේ කතාව

මගේ  අලුත් බ්ලොග් එක.

මින් පසු  ෆේස් බුක් එකට  මගේ අලුත් බ්ලොග් එක වන  'සුදු  කුකුළා ' හරහා  ලියන්නටයි  තීරණය කළේ. මා  මිත්‍ර අජිත්  පැරකුම් ජයසිංහ වරක් දෙවරක්ම  මට  කීවේ  බ්ලොග් එකක් හරහා  ලියන ලෙසයි. බ්ලොග් එක හැඩ වැඩ  කරන්නට  මා තවමත් දන්නේ  නැති  නිසා එයට  ඔබ සැම මට  උපදෙස් දෙන්නේ  නම් ඒවා  භාර ගැනීමට  මා සුදානම්.

සුදු කුකුලා/white cock 

බ්ලොග් එකකට සිත් ගන්නා   නමක්ද  අවශ්‍යය  යන්න මගේ  විශ්වාසයයි.කෙසේ වෙතක් මා   මේ  නම තෝරා  ගැනීමට හේතු කීපයක්  තිබෙනවා.ඉන් එක  හේතුවක් මෙහි ලියන්නට මා කැමතියි.

සුදු කුකුලාගේ   කතාව.

ඒ 1979 අවුරුද්ද.බැඳලත් වැඩි  කලක්  නැහැ.ඒ  කාලේ  නෝනා කියන  ඕන දෙයක්  ඕන  කෙනෙක් කරනවා. කුකුළු  පැටවූ වෙළදාමේ ආපු කෙනෙකුගෙන් කුකුළු  පැටවූ අරගෙන  ආදායම් මාර්ගයක්  හදා ගම්මු  කියල  මගේ බිරිඳ  යෝජනා  කළා. ඉතින් අපි කුකුළු පැටවුන්  හත් අටදෙනෙක්  මිලදී ගෙන පෙට්ටියක  දාල  කාමරේ  ඇතුලෙන් තියල   හදා වඩා ගන්න පටන්  ගත්ත.ටික දවසක්  යනකොට කුකුළු  පැටවුන් එකෙන් එකා  අතුරු දහන් වෙන්න පටන්  ගත්ත.විමසිල්ලෙන් හිටියම තේරුනා ගෙදර  හිටපු පුසා කුකුල්  මස්   කන්න  පටන් අරන්  කියල. ඉතුරු හතර පස්  දෙනා  පරිස්සම්  කර  ගත්තත් එකෙක්වත්  කිකිලියෝ  හැටියට  ලොකු  මහත් උනේ  නැහැ. ටිකක් උස් මහත් උනාම අපි උන්ව මිදුලට දැම්ම  දවල්  කාලෙට. නමුත් අපේ  කුකුළු ෆාම් එක  සිහිනයක් කරමින් අවට  ඉන්න  හෝතම්බුවෙක්  උන්ව  අපෙන්  උදුරාගත්ත .ඉතුරු උනේ  එකම  එකයි.

අපේ  හුරතලා

ඉතුරු උන  කුකුළා  ටික ටික  ලොකු  මහත් උනා. ඌ රැට නිදා ගන්නේ මගේ   පාගන බයිසිකලය  උඩ. දවල්  කාලයටත් නිතරම් වගේ  ගෙදර  කෙනෙකු සමගමයි ඉන්නේ. කඩේට  යනකොටත් ඌ අපේ  පස්සෙන් එනවා.සීය  බුලත් විට  කොටන  කොට  ලඟට වෙලා  බලන් ඉඳල කෙටිල්ල නවත්තපු  ගමන්ම බුලත් වංගෙඩියට  හොට  දාල  බුලත් විට  කනවා.අන්තිමට කුකුළා ගෙදර  හුරතලා  බවට  පත් උනා.නමුත් 
හැමදාමත්  ගේ  ඇතුලේ  තිය ගන්න බැරි  නිසා රැ  කාලය  ගසක ඉන්න  අපි ඌට පුරුදු  කළා.

කුකුලාගේ අවසානය.

දවසක් රැ  12ට  විතර අපිට  ඇහැරුනා අම්ම  කෑ  ගහන සද්දයක් ඇහිලා.අම්ම  කැගැහුවේ "කුකුලව හොරු  ගෙනියනෝ" කියල. ඒ  කාලේ  විදුලිය  ඇවිල්ල  තිබුනෙත්  නැහැ.කොහොම  උනත්  අපි විගහට  එලියට  පැන්න හොරාව  අල්ල  ගන්න  කියල  හිතාගෙන. ප්‍රධාන දොර  ළඟ සුදු පිහාටු  ගොඩක්  තිබුන. ඌ ජීවිතේ  බේරා  ගන්න ගේ  ඇතුලට එන්න  උත්සාහ  කරලා  තිබුන  කියන එක  ඒකෙන්  පෙනුන.පොල්ලකුත් අරගෙන  මම පාරට ආව. පාර දිගේ  පිහාටු  තිබුන. මන් මීටර් 1000ක් විතර පාර දිගේ  ඇවිදගෙන  ගියා. පිහාටු බල  බලා. තැන තැන  පිහාටු තිබුනත් තව  දුර යන  කොට  පිහාටුත් නැ. කුකුලත් නැහැ  හොරුත් නැහැ.

 පොලීසි  යාම.

අපි  කාටත්  තද  බල  හිතේ  මාරුවක් ඇති උනේ  කුකුල්  සුරතලාගේ  ඉරණම  ගැන.හොරුන් අල්ලළ  උසාවි ගෙනියන්නයි අපිට  ඕන  උනේ. මේ  නිසා පසුවදා උදෙන්ම  මන් පොලීසියට  ගිහින්  පැමිණිල්ලක් දැම්ම. නමුත් එකෙන්  පලක් උනේ  නැහැ.

අල්ලා දෙවියන්ට  නඩුව  කීම

ඒ  කාලේ  මන් දෙවියන්ව  තරමක් විශ්වාස  කළා. බේරුවල  තියෙනවා කිච්චිමලේ  පල්ලිය කියල එකක්. අහල  පහල  අය  කිව්වා  එතන  හොඳ  තැනක් හොරුන්ගෙන්  පලි ගන්න. එතනට  ගිහින්  කිව්වම  හොරුන්ට  දඬුවම් ලැබෙනවා  කියල. ඉතින්  මමත් පල්ලියට  ගිහින් එහි පුජකයට  කිව්වා  කාරණාව.. රු.10ක්  ගාස්තුව  හැටියට.අය  කරගෙන  ඔහු මේ  ගැන දෙවියන්ට කිව්වා.අපි ආපසු  අවා හොරුන්ට  දඬුවම්  ලැබෙයි  කියල  හිතාගෙන  සතුටින්.
හොරු  කවුද  කියල  අද වෙනකම් හොයා  ගන්න  බැරිවුණත්  හිතේ  අමාරුව  යනකම් විවධ දේ  කරපු  නිසා අපේ  හිත් සැහැල්ලු  උනා. ඉතින්  අපේ  හුරතල් සුදු  කුකුලා  නැවත  නැවත  මතක් වෙන්න  ඕන  නිසාත්   තවත්  කාරණා  නිසාත් මගේ  බ්ලොග් එකකට සුදු  කුකුලා කියා  දැම්මා.

අරමුණ

මේ බ්ලොග් එකේ  අරමුණු කුකුලව මතක් කර  කර  ඉන්න නම්   නොවෙයි. දේශපාලන  පක්ෂෙකට සම්බන්ධ  නැති , මගේ  අදහස්  ඔබ වෙත  ඉදිරිපත්  කරමින් යුක්ති  ගරුක  රටක්  දිනා  ගැනීම  සඳහා අරගලයේ දිගින් දිගටම  නිරත වීමටයි.. කියවූ  ඔබට ස්තුතියි.

Comments

This comment has been removed by a blog administrator.
vimukthi said…
ඔබට ජය වේවා!
සුදූ කුකුළාට ජය!
Dayal Bathee said…
Congratulations for a long journey, you will be a shining star in the Sinhala Bloshere.
සාදරයෙන් පිළිගනිමු.
Unknown said…
අද තමයි ඉස්සෙල්ලා ම මේ පැත්තට ආවේ..
දිගට ම ලියන්න.
ජයවේවා..!!!

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා